ශ්‍රාවස්තිපුරයේ නිධන් හෑරු DIG බිරිඳ අත්අඩංගුවට – නිධන් හෑරු DIG බිරිඳ ඇතුළු 8 ක් රිමාන්ඩ්

ශ්‍රාවස්තිපුරයේ නිධන් හෑරු DIG බිරිඳ අත්අඩංගුවට – නිධන් හෑරු DIG බිරිඳ ඇතුළු 8 ක් රිමාන්ඩ්


ශ්‍රාවස්තිපුරයේ නිධන් හෑරු DIG බිරිඳ අත්අඩංගුවට

(15.08.2025 – hirunews.lk)

අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ නිධන් හෑරු ‘කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳක්’ ඇතුළු අට දෙනෙකු (8) ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පෙලිසිය පැවසුවේ අනුරාධපුර පොලිසියට ලැබුණු තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

අනුරාධපුර ශ්‍රාවස්තිපුර තිබිරිකඩවල ප්‍රදේශයේ පිහිටි දේවාලයක් ආසන්නයේ පිහිටි ස්ථානයක මෙම නිධන් හැරීම සිදුකර තිබුණා.

ඒ සඳහා කාන්තාවක් ඇතුළු 8 ක් එක්ව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම නිධන් හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් තිබුණා.

එහිදි නිධන් හැරීමේ නිරතව සිටි කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයින් අට දෙනෙකු (8) අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

පොලිසිය පැවසුවේ එලෙස අත්අඩංගුවට පත් වූ සැකකරුවන් බදුල්ල, මාලිගාවත්ත, පදවි ශ්‍රී පුර, ගිරාදුරුකෝට්ටේ සහ වරකාපොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

ඔවුන්ගෙන් වැඩිදුරටත් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අත්අඩංගුවට ගත් කාන්තාව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිදක් බවයි.

ඇය මෙම නිධන් හැරීමේ කටයුතුවල මීට පෙරද නිරතව ඇති බවට තොරතුරු වාර්තාවන බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් කාන්තාව ඇතුළු අට දෙනා (8) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, එහිදි අධිකරණය නියෝග කළේ ඔවුන් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි

මේ අතර, අදාළ කාන්තාව නිදහස් කරන ලෙස බලපෑම් කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බව පවසමින් අනුරාධපුර පොලිසියට දුරකථන ඇමතුම් ලැබී ඇති බවද වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ දුරකථන දත්ත ලබා ගැනීමට නියමිත බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළා.

+++

+++

නිධන් හෑරු DIG බිරිඳ ඇතුළු 8 ක් රිමාන්ඩ්

(15.08.2025 – 13:24 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක ඇතුළු 8 දෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ රත්‍රං දේවාලය අසල පිහිටි ඉඩමක පිරිසක් නිධන් හාරන බවට අනුරාධපුර පොලීසියට පසුගිය 13 වැනිදා තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව එම ස්ථානයට ගිය පොලිසිය මෙලෙස කාන්තාවක් ඇතුළු 8 ක් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් බදුල්ල, මාලිගාතැන්න, පදවි ශ්‍රීපුර, ගිරාඳුරුකෝට්ටේ, වරකාපොල හා අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඇය කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක් බවය.

සිය නිවසට ආරක්ෂාවක් කරගැනීම සඳහා තමන් මෙම ස්ථානයට පැමිණි බව ඇය ප්‍රකාශ කර තිබුණි.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස අතර කපුමහතෙකු ද සිටින බවය.

සැකකරුවන් ඊයේ (14) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි ෴

+++

නිදන් හාරා චෝදනා ලැබූ DIG බිරිඳගේ සැමියා මෙන්න | දක්ෂ නිලධාරියෙක් පොලිසියත් හොල්මන් (15.08.2025)

+++

නියෝජ්‍ය පොලිස්පති ලෙසින් අනුරපුර පොලිසියට බලපෑම් කළ අය සොයා විමර්ශන

(15.08.2025 – hirunews.lk)

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර – තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ ගල් තලාවක් සහිත ඉඩමක නිදන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිය බව කියන කාන්තාවක ඇතුළු සැකකරුවන් හත් දෙනා මුදා ගැනීමට පොලිසියට ඇමතුම් ලබාදුන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු යැයි කියූ පුද්ගලයා පිළිබඳව දුරකතන විශ්ලේෂණ වාර්තා ලබාදෙන ලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් චන්දන වීරකෝන් පෞද්ලික දුරකතන සමාගමකට අද (15) නියෝග කරනු ලැබුවා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් මුදා හරින ලෙසට වැටලීම් කළ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට දුරකතන ඇමතුම් ලබාදුන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව කියන තැනැත්තා සම්බන්ධයෙන් ‍නිශ්චිත තොරතුරු අනාවරණය කර ගැනීම සදහා මෙම වාර්තා ලබා දෙන ලෙසටයි අධිකරණයෙන් නියෝග කරනු ලැබුවේ.

මෙම ඇමතුම් ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අදාළ පුද්ගලික දුරකතන සමාගමට නියෝගයක් නිකුත් කරන ලෙසට, පොලිසිය බී-වාර්තාවක් මඟින් කරුණු ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝග නිකුත් කළා.

මෙම සිද්ධියට අදාළ සැකකාරිය ඇතුළු හත් දෙනා මේ මස 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය නියෝග කර තිබුණේ අද (15) පෙරවරුවේදීයි.

මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් විසින් නිධන් වස්තු සෙවීමේ අරමුණින් කැනීම් කරනු ලැබ ඇති භූමිය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙසටද අධිකරණයෙන් නියෝග නිකුත් කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, වියන්ගොඩ මල්වාන පදිංචි ඩී. ඒ. ඉන්ද්‍රානි කුමාරි දිසානායක, අනුරාධපුර ශ්‍රාවස්තිපුර පදිංචි එච්. එම්. එරන්ද ඉන්දික සිරිවර්ධන, ගිරාඳුරුකෝට්ටේ පදිංචි ආර්. එම්. ගුණරත්න, දැරණියගල විද්‍යාල මාවත, තිහගහවත්ත පදිංචි ආර්. එම්. චම්පික කුමාර, කුරුණෑගල, යන්තම්පලාව පදිංචි කේ. එම්. නිලන්ත රත්නායක, පදවි ශ්‍රි තිස්සපුර පදිංචි ඊ. එම්. අනුර පද්මසිරි, වරකාපොල දම්මලදෙණිය පදිංචි අමීර් මුස්තාන් සහ බදුල්ල, කරදගහමඩආරව පදිංචි එම්. පද්මසිරි දිසානායක යන සැකකරුවන්.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්. එම්. ජයවීරගේ උපදෙස් මත නඩු කටයුතු මෙහෙයුම් අංශයේ උප පොලිස් පරික්ෂක එච්. එම්. හේරත් සහ උප පොලිස් පරික්ෂක වන්නිනායක යන නිලධාරීන් පෙනී සිටි අතර, සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සුසිල් සිරිවර්ධනගේ උපදෙස් මත නීතිඥ සංජය රත්නායක පෙනී සිටියා.

සැකකරුවන් නිධන් හෑරීමට යොදා ගත් උපකරණ කිහිපයක් නඩු භණ්ඩ ලෙස නම් කළ බවද පොලිසිය අධිකරණයට දැනුම් දෙනු ලැබුවා ෴

+++

බිරිඳ අත්අඩංගුවට ගන්නා විට නියෝජ්‍ය පොලිස්පති සිටි තැන සොයා විමර්ශන

(15.08.2025 – hirunews.lk)

නිධන් හෑරීමක් සම්බන්ධයෙන් සැකපිට නියෝජ්‍ය පොලිස්පති බිරිඳ අත්අඩංගුවට ගන්නා විට නියෝජ්‍ය පොලිස්පතිවරයා රැඳී සිටියේ කොහේද යන්න සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එසේම මෙම සිදුවීම මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා කල්තියා දැන සිටියේ දැයි සොයා තවත් විමර්ශනයක් පැවැත්වෙන බවද, පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළා.

එහිදී දුරකථන ජාල විශ්ලේෂණයක් මගින් ඒ සම්බන්ධයෙන් ‍කරුණු සොයා බලන බවද හෙතෙම සඳහන් කරා.

සිය බිරිඳ අනුරාධපුර පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, උතුරු මැද පළාතේ ඉහළ පොලිස් නිලධාරියෙකුට ඇමතුමක් දෙමින් සිය බිරිඳ නිදහස් කරන ලෙසට නියෝජ්‍ය පොලිස්පතිවරයා බලපෑමක්ද කර ඇති බව සඳහන්.

එම දුරකථන ඇමතුම ලබාදෙන විට නියෝජ්‍ය පොලිස්පතිවරයා සිටි ස්ථානය දුරකථන කුළුණු විශ්ලේෂණය ඔස්සේ අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිය බිරිඳ නිධන් හෑරීමකට නොපැමිණි බවත්, ඇය පූජාවක් සඳහා පැමිණි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා තර්ක කර ඇති බවද පොලිස් ආරංචිමාර්ග අනාවරණය කළා.

අනුරාධපුරයේ දේවාලයක පූජාවක් සඳහා පැමි‍ණියේ නම් එම දේවාලයේ කපුවෙකුගේ සහාය නොගෙන පිටස්තරින් කපුවෙක් රැගෙන පැමිණීමත්, එකිනෙකා නොහඳුනන විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් මෙම කණ්ඩායමට එක්ව සිටීමත් සැකයට තුඩුදෙන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ වන විට නීතියේ හිඩැස්වලින් ‍රිංගමින් සිය බිරිඳ බේරා ගැනීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා දැඩි උත්සහයක නිරතවන බවද පොලිස් ආරංචිමාර්ග අනාවරණය කළා.

මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා, තමාව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස හඳුන්වා දුන්නද, තවමත් ස්ථිර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නොවන බවත්, වැඩ ආවරණය කරන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් බවත් පොලිස් තොරතුරු සඳහන් කළා.

දැනට ඔහු සේවයේ නිරතව සිටින්නේ ද ‍නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සේවයේ නිරතව සිටිය යුතු ස්ථානයකයි.

මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ (14) උදෑසන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩ භාරගැනීමේ උත්සව අවස්ථාවේද රැඳී සිට ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේද අවධානය යොමුව තිබෙනවා.

පොලිස්පතිවරයා මගින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයෙක් සඳහන් කළා.

එම වාර්තාව පදනම්කරගෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් ඔහු සේවයේ නිරතව සිටින ස්ථානයේ තබාගැනීම සුදුසුද නැද්ද යන්න ගැන තීරණයක් ගන්නා බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා ෴

+++

කොළඹ ඩී.අයි.ජී. උදිත ගේ නිදන නෝනා නිදන් හාරලා… (15.08.2025)

+


ඔඩිසි මැදිරියට ගෙවා විදේශිකයෝ බැගෑපත් වෙති.. ඔඩිසි මැදිරි හිස්..

(15.08.2025 – 17:20 +0530 – lankacnews.com)

උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිට ඇල්ල දක්වා ධාවනය වන ඔඩිසි දුම්රියෙන් ගමන් කිරිමට විදේශිකයින් පිරිසක් පින්සේන්ඩුවන ආකාරය දක්නට ලැබිණ.

සංචාරක ආයතන සහ සංචාරක මග පෙන්වන්නන් විසින් එම සංචාරක ආයතන වල හැදුනුම්පත් අංක යොදා මාර්ග ගත ක්‍රමයට ලබා ගත් දුම්රිය ප්‍රවේශපත්‍ර එම සංචාරකයින් විසින් වැඩි මුදලක් ගෙවා ලබා ගෙන නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ඔඩිසි දුම්රියෙන් යෑමට පැමිණි අවස්ථාවේ එසේ මිලදී ගත් ප්‍රවේශපත්‍රවල විදේශිකයින්ගේ ගුවන් ගමන් බල පත්‍රයේ අංකය සදහන් නොවන නිසා එම දුම්රියේ නියාමකවරුන් විසින් එම විදේශිකයන් දුම්රිය මැදිරිවලට ඇතුලත් කර ගැනිම ප්‍රතික්ෂේප කරනු ලබයි.

පවත්නා තත්වය මත විදේශිකයින් විශාල මුදලක් ගෙවා ලබා ගත් ප්‍රවේශ පත්‍රය අතැතිව තවත් රු. 300 ක් ගෙවා ඇල්ල බලා ගමන් කිරිමට අමතරව ප්‍රවේශපත්‍රයක් ලබා ගෙන සාමාන්‍ය මගී ප්‍රවාහන දුම්රියන්වල තුන්වන මැදිරියේ විදේශිකයින්ට ගමන් කිරිමට සිදු වී ඇත.

වෙන් කරන ලද දුම්රිය මැදිරිවල ආසනවලට විදේශිකයින් ඇතුලත් කර නොගැනීම නිසා ඔඩිසි දුම්රියේ මැදිරිවල ආසන හිස්ව තිබෙන අයුරු ද අප කැමරාවේ සටහන් විය.

(14) දින නානුඔය දුම්රිය ස්ථානයේ සංචායක යෙදුනු මහාමාර්ග, ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා නානුඔය දුම්රිය ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ නානුඔය දුම්රිය ස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට උපරිම සේවාවක් ලබා දීමට පියවර ගන්නා ලෙසයි.

රංජිත් රාජපක්ෂ

+++

+


ස්පා හිමිකාරිනියකගෙනුත් අරන් | SSP සතිෂ්ගේ පැටිකිරිය උසාවියේ දී එකින් එක එළියට (15.08.2025)

+++

පාතාලයට ඔත්තු දී, අල්ලස් ගත් පොලිස් ලොක්කා අත්අඩංගුවට – වජිර අබේවර්ධන ගැනත් හෙළිවේ (15.08.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Sri Lankans involved in ransacking buried treasures. Most of these people are mentally sick. Despite that they might have been born as Budhhists, their mental development is at an very low level, I should say hardly any. They are driven by superstitions, greed and commit associated supplementary criminal activities in the process of getting to their objectives. Allegedly, here we have a wife of a Deputy DIG. I thought at least this woman must be educated to have become a wife of such a high ranking officer, but sadly, she is nothing but another stupid woman driven by greed and superstition. No wonder this country is bankrupt and is full of crime given that there are mentally sick people of this nature. Soon after the war with LTTE, even the youthful sons of the then President was involved in a campaign of robbing buried treasures. This fellow thinks that he will be the next President in this country, whereas people know what sort of an idiot he is going round robbing imaginary caches of buried treasure. Disgraceful conduct!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *