බොරැල්ලේ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට – මරණ ගණන 2 දක්වා ඉහළට
බොරැල්ලේ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට – මරණ ගණන 2 දක්වා ඉහළට
(08.08.2025 – hirunews.lk)
බොරැල්ල – සහස්පුර වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු (1) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අනුව මේ වන විට එම වෙඩි තැබීමෙන් දෙදෙනෙක් (2) ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු (2) විසින් T-56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.
මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පාතාල කල්ලි දෙකක් (2) අතර සිදුවූ ගැටීමක් බවටයි පොලිසිය සැකකරනු ලබන්නේ.
අද (08) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලියක සංවිධාන කටයුතු සිදුකරමින් සිටි පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
තුවාල ලැබූ සියලු දෙනා අවුරුදු 21, 22 සහ 23 යන වයස්වල පදිංචිකරුවන් ෴
අත්අඩංගුවට ගන්න හොයන රතන හිමි අතුරුදන්
(08.08.2025 – hirunews.lk)
‘අපේ ජනබල පක්ෂයේ’ මහ ලේකම් ‘වේදිනිගම විමලතිස්ස හිමියන්’ පැහැරගෙන ගොස් උන්වහන්සේ බිය ගන්නා 2020 වසරේදී එම පක්ෂයට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට ‘අතුරලියේ රතන හිමියන්’ අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් උන්වහන්සේ වැඩ සිටින ‘රාජගිරියේ සඳහම් සෙවන’ වෙත ඊයේ (07) රාත්‍රී කාලයේ ගොස් තිබෙනවා.
ඒ යනවිට උන්වහන්සේ එහි රැදී සිට නැති අතර, ජංගම දුරකථනය පවා අක්‍රියකර සැඟව සිටින බවයි කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ‘ගෝඨාභය රාජපක්ෂ’ මෙන්ම සේවයෙන් නෙරපා සිටින පොලිස්පති ‘දේශබන්දු තෙන්නකෝන්’ ප්‍රශ්න කිරීමට නියමිතයි.
මෙම පැහැරගැනීම සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ‘දේශබන්දු තෙන්නකෝන්’ගේ සම්බන්ධයක් ගැන පැමිණිල්ලෙහි පැහැදිලිවම සඳහන් වන බව කොළඹ අපරාධ කොට්ඨාශයේ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
වසර 05 කට පමණ පෙර සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙක් (2) අත්අඩංගුවට ගෙන ඇති අතර, පළමු (1) සැකකරු අත්අඩංගුවට ගන්නේ පසුගිය ජූලි 20 වෙනිදාය.
පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ‘අතුරලියේ රතන හිමියන්’ට ලබාගැනීමට තමාව පැහැරගෙන ගොස් ලිපි ලේඛන කිහිපයකට බලහත්කාරයෙන් අත්සන් ගත් බව පැමිණිල්ලෙහි සඳහන් බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරනවා.
මුලින්ම අත්අඩංගුවට ගත් සැකකරු කටුවන, කිරිමානගොඩ පදිංචිකරුවෙක් වන සැකකරු අවුරුදු 35 ක් වයසැති අයෙක්.
මෙම සැකකරු ‘කටුවන නන්දසීහ හිමි’ නමින් පැවිදි වී සිටි අයෙක් බව විමර්ශන වලින් අනාවරණය වී ඇති අතර, පැහැරගැනීම සිදුකර ඇත්තේ ඔහු සහ අනෙත් සැකකරු විසිනි.
‘අපේ ජනබල පක්ෂයේ’ මහ ලේකම් ‘වේදනිගම විමලතිස්ස හිමියන්’ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්වීම වලක්වමින් උන්වහන්සේ පැහැරගෙන වෙනත් අයෙකු නමි කිරීම සදහා මෙම පැහැරගැනීම සිදුව ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා.
කොළඹ දිසා අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකථන ජාල විශ්ලේෂණයකදී පැහැදිලිවම අනාවරණය වී ඇත්තේ මෙම පැහැරගැනීම සිදුවූ අවස්ථාවේදී සිටම ‘අතුරලියේ රතන හිමි’ සැකකරුවන් සමග දුකරථනයෙන් අසාමාන්‍ය ලෙස සම්බන්ධව සිට ඇති බවයි.
මෙම පක්ෂයේ නායකයා බව සඳහන් ‘සමන් පෙරේරා’ ඇතුළු පස් දෙනෙක් 2024 ජනවාරි 22 දා අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී පාතාලයේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඝාතනය වුණා.
2025 උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කෙරේ
(08.08.2025 – hirunews.lk)
අ.පො.ස. උසස් පෙළ විභාගය – 2024 නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව, එම කාල සීමාව තුළ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට 2025.08.07 දින සිට 2025.08.12 දින මධ්‍යම රාත්‍රී 12:00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දෙනු ලබන බවයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාතත්‍යාංශය සඳහන් කරන්නේ.
එසේම මෙම සහන කාල සීමාව කිසිදු හේතුවක් මත තව දුරටත් දීර්ඝ කරනු නොලබන බවයි එම අමාතත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴
අනුරගේ පාර්ලිමේන්තු කතාව නිසා ඥානසාර හිමි හොඳටම පරල වෙයි | හදිස්සියේම මාධ්‍ය හමුවක් තියලා කියපු කතාව (08.08.2025)
+
කොළඹ වරායේ සිදුවූ අනතුරකින් කන්ටේනර් රථ රියදුරෙකු මියයයි
(08.08.2025 – hirunews.lk)
කොළඹ වරායේ සී.අයි.සී.ටී අංගනයේදී සිදුවූ අනතුරකින් කන්ටේනර් රථ රියදුරෙකු ජීවිත්ෂයට පත් වී තිබෙනවා.
වරාය පොලිසිය සදහන් කළේ, මියගිය පුද්ගලයා කන්ටේනර් රථයකින් බහාලුමක් රැගෙන යන අවස්ථාවේ යාබදව ගොඩගසා තිබූ බහාලුමක් එම රථය මතට වැටී ඇති බවයි.
පසුව ඔහු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴
ලේක්හවුස් මාධ්‍යවේදිනියගේ සේවය අත්හිටුවීම මේ මොහොත් සිට අවලංගු කරන්නැයි අධිකරණ නියෝගයක්
(08.08.2025 – 17:30 +0530 – lankacnews.com)
සිළුමිණ කර්තෘ මණ්ඩලයේ පිටු සැකසුම් අංශයේ සේවකයකුගේ වෛද්‍ය නිවාඩුවක් අනුමත කිරීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටි සිළුමිණ නියෝජ්‍ය කර්තෘ ‘සුමුදු චතුරාණි ජයවර්ධන’ නැවත සේවයේ පිහිටුවන්නැයි කොළඹ ප්‍රධාන දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා අගෝස්තු 07 වැනිදා පස්වරුවේ නියෝග කළේය.
විනිසුරුවරයා වාරණ නියෝගය නිකුත් කරමින් පවසා සිටියේ මේ සේවා අත්හිටුවීම ලේක්හවුස් පරිපාලනය විසින් අසද්භාවයෙන් යුතුව කරන ලද සේවා අත්හිටුවීමක් බව බැලූ බැල්මට පෙනී යන බවයි.
2025 ජනවාරි තුන්වැනිදා (03) දාතමෙන් ජනවාරි 07 වැනිදා ලබාදෙන ලද ලියුමක් ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි සුමුදු චතුරාණී ජයවර්ධන ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියට මාරු කරනු ලැබීය. සිය ජනමාධ්‍ය වෘත්තීය ක්‍රියාකාරීත්වයට සිදුවූ හානිය වෙනුවෙන් ඈ SC/FR/17/2025 අංකය යටතේ මානව හිමිකම් හිමිකම් නඩුවක් ගොනු කළේ ඉකුත් ජනවාරි 30 වැනිදාය.
SC/FR/17/2025 නඩු අංකය යටතේ ගොනු කළ මේ නඩුවේ දී වගඋත්තරකාර ලේක්හවුස් ආයතනය පැමිණිලිකාර සුමුදු චතුරාණී ජයවර්ධන සමඟ සමථයකට එළැඹුමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද ඉල්ලීම ප්‍රකාර ව ඇය යළිත් 2025 ජුනි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සිළුමිණ නියෝජ්‍ය කර්තෘ ධුරයට පත් කරනු ලැබීය.
අනතුරුව සේවා මාරුව ලබාදීමට ප්‍රථමව පවරා තිබූ කාර්ය සාධන විස්තරය (KPI) වෙනුවට ඇයට පාලනාධිකාරිය විසින් නව රැකියා විස්තරයක් (Job Description) ලබා දෙන ලදී. නව රැකියා විස්තරය අනුව ඇයට පුවත්පත් ප්‍රවර්ධන හා අභ්‍යන්තර මාධ්‍යකරණ කටයුතුවලට අමතරව සියලු පරිපාලන පැවරීම් යොමුකර තිබිණි. අසීමිත වැඩ පැවරුම තමා වෙත ද්වේශ සහගත ලෙස පළිගැනීම සඳහා පවරන ලද්දක් බව පවසමින් ඇය ශ්‍රේෂ්ඨාධිකරණ සමථකරණයේ නව දිගුවක් ලෙස SC/FR/144/25 අංකය යටතේ මානව හිමිකම් නඩුවක් ගොනු කර තිබුණේ ඉකුත් ජූලි 11 වැනිදාය.
ඉටු කළ නොහැකි හා දැරිය නොහැකි රාජකාරී පැවරුමක් ලබා දී හිතා මතා අපහසුතාවට පත්කරමින් ද්වේශ සහගත ලෙස දිගින් දිගටම ලේක්හවුස් පාලනාධිකාරිය විසින් ඇයව හිංසනයට ලක් කරන ලද බව වාර්තා වේ.
ඒ අනුව ඉකුත් ජූලි 22 වැනිදා සිළුමිණ පිටු සැකසුම් අංශයේ ‘බිබිලදෙනිය’ නැමැත්තාගේ වෛද්‍ය නිවාඩුවක් අනුමත කිරීම සම්බන්ධයෙන් ඇය වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කෙරිණි. ඒ අනුව සිය වැඩ තහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් සුමුදු චතුරාණී ජයවර්ධන විසින් කොළඹ ප්‍රධාන දිස්ත්‍රික් අධිකරණයේ DSP/258/25 අංකය යටතේ නඩුවක් ගොනු කරනු ලැබීය. අගෝස්තු මස 07 වැනිදා එකී නඩුව කැඳවනු ලැබීය.
පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ලේක්හවුස් ආයතනයේ විනය නීති සංග්‍රහය උපුටා දක්වමින් පවසා සිටියේ පැමිණිලිකාරිය අනුමත කළ වෛද්‍ය නිවාඩුව ඕනෑම ආයතනයක ප්‍රායෝගික නිවාඩු අනුමත කිරීමේ ක්‍රමවේදයේ ප්‍රායෝගික තලය බවත් එය බරපතළ විෂමාචාර ගණයට නොවැටෙන බවත්ය. එමෙන්ම පැමිණිලිකාරිය විධායක ශ්‍රේණියේ නිලධාරිනියක වන බැවින් ඇයට වැඩ තහනම් කිරීමේ ලිපියක් යොමු කරන්නේ නම් එය කළ යුතු වන්නේ සභාපතිවරයා හෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු විසින් වන බවද මේ ලේඛනය උපුටා දක්වමින් හේ වැඩිදුරටත් අවධාරණය කළේය. නමුත් මේ වැඩ තහනම් ලිපියට අත්සන් තබා ඇත්තේ ජ්‍යෙෂ්ඨ මානව සම්පත් කළමනාකරු විසිනි. මෙය ඇය හිතාමතා අපහසුතාවට පත්කිරීමේ අරමුණින් ද්වේෂ සහගතව සද්භාවයෙන් තොරව කරන ලද පළිගැනීමක් බව ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් ගරු අධිකරණය ඉදිරියේ කරුණු පැහැදිලි කරනු ලැබීය.
වෛද්‍ය හේතූන් මත යම් සේවකයකුට නිවාඩු අනුමත කිරීම කිසිසේත්ම බරපතළ විෂමාචාරයක් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් සිය සේවා දායිකාවගෙන් ප්‍රකාශයක් සටහන් කොට මූලික විමර්ශනයක් හෝ නොපවත්වා එලෙස වැඩ තහනමට ලක්කිරීම පලිගැනීමේ චේතනාවෙන් හා ඇය පීඩාවට පත් කිරීමේ චේතනාවෙන් සිදුකර ඇති බවත් පෙන්වා දෙමින් පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එම වාරණ නියෝගය නිකුත් කළේය. එම පෙත්සමේ විත්තිකරුවන් ලෙස සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී වරුෂමාන, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා, මූල්‍ය අධ්‍යක්ෂ චන්න කෙවිටියාගල, නීති අධ්‍යක්ෂ චාමර නානායක්කාරවසම්, මෙහෙයුම් අධ්‍යක්ෂක චාමර පීරිස්, සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල, සිළුමිණ සංස්කාරක උදේනි සමන් කුමාර, නියෝජ්‍ය කර්තෘ තාරක වික්‍රමසේකර හා ජ්‍යෙෂ්ඨ කළමනාකරු ගීතාංග ලක්මාල් රත්නායක නම් කර තිබිණි. එම විත්තිකරුවන්ට පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා අතුරු තහනම් දැන්වීම් හා නොතීසි යැවීමට ද විනිසුරුවරයා නියෝග කළේය.
සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතුවරිය ලෙස රාජකාරි කළ සිය සේවාදායිකාව වසර 22 ක පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක බවත්, ඇයව සිටි හැටියේ මාධ්‍යවේදිනියක ඉටු කළ යුතු කාර්යභාරය පසෙකලා සිළුමිණ පුවත්පතට සම්බන්ධ සෙසු සේවකයන්ගේ නිවාඩු අනුමත කිරීමේ වගකීම ඇතුළු අසීමිත වගකීම් රැසක් පවරා තිබුණත් ඒවා පිළිබඳව නිසි දැනුවත් කිරීමක් හෝ පුහුණුවක් ඇයට ලබාදී නොතිබූ බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය කරුණු දැක්වීම මගින් විනිසුරුවරයාට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
නඩු ගාස්තු ලෙස රුපියල් ලක්ෂයක (100,000) මුදලක් මෙන්ම විත්තිකරුවන් ගෙන් රුපියල් මිලියන 10 ක වන්දියක් ද ඇයගේ වෘත්තිය ජීවිතයට සිදුවූ අගතිය වෙනුවෙන් අයකරදීමට නියෝගයක් කරනා ලෙසටද එමඟින් වැඩිදුරටත් ඉල්ලා තිබිණි. එකී පෙත්සම ලබන අගෝස්තු 21 වැනිදා යළි කැඳවීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය. පෙත්සම්කාරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සාලිය පිරිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ගුණවර්ධන, නීතිඥ ශරින්ද්‍ර ජයවර්ධන, නීතිඥ හිමේෂ් තාරුක ඇතුළු නීතිඥ කණ්ඩායමක් නීතිඥ භාග්‍යා පීරිස් මඟින් පෙනී සිටි අතර විත්තිකාර ලේක්හවුස් ආයතනය වෙනුවෙන් නීතිඥ අමිල පෙරේරා පෙනී සිටියේය ෴

දොස්තර මාරු අවුල් ජාලයක්.. රෝහල් 200 ක් වැහෙන්න ආසන්නයි.. GMOA වැඩ වර්ජනයක්..
(08.08.2025 – 16:40 +0530 – lankacnews.com)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
= මාධ්‍ය නිවේදනය =
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අත්තනෝමතිකව සහ අනීතිකව පල කරන ලද ස්ථානමාරු සහ අනුයුක්ත කිරීමේ ලැයිස්තු වලට එරෙහිව ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවේ පළමු පියවර සම්බන්ධවයි.
මීට ඉහතදි අප විසින් මාධ්‍ය දැනුවත් කල පරිදි සෞඛ්‍ය අමාත්‍යංශයේ අකාර්යක්ෂමතාවය සහ අනීතික ක්‍රියාකලාපය ඔස්සේ ආයතන සංග්‍රහය සහ පවතින නීති රාමුව නොසලකා හැර කටයුතු කිරීම නිසා මේ වන විට වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු, පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම්, දුෂ්කර සේවා ස්ථාන සඳහා වූ ස්ථාන මාරු ලැයිස්තු, තාවකාලික අනුයුක්ත කිරීම්, විශේෂ අභියාචන සඳහා වූ ස්ථාන මාරු යන ලැයිස්තු සියල්ල ඇනහිට ඇත.
මේ හේතුවෙන් දීප ව්‍යාප්තව රෝහල් 200 කට ආසන්න ප්‍රමාණයක් වැසීයාමේ තර්ජනයට ලක් වී ඇති අතර අනිකුත් රෝහල් වල රෝගී සත්කාර සේවා අඩාල වීමේ අවදානමක් ඇති වී ඇත.
මෙහිදි දුෂ්කර සේවා ස්ථාන වල රාජකාරි කටයුතු සිදු කරන වෛද්‍යවරුන්ට සිදු වන අසාධාරණය සහ එම රෝහල් මුහුණ පා ඇති වැසීයාමේ සහ රෝගී සත්කාර සේවා අඩාල වීමේ තර්ජනය සම්බන්ධවත්, පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් පෙර කී අනීතික අනුයුක්ත කිරීමේ ලැයිස්තුව නිසා මුහුණ පා ඇති ගැටළු සම්බන්ධවත් සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද දිනයේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් මුලස්ථානයේදි පැවැත්විණි.
ඒ සඳහා එම කාණ්ඩ නියෝජනය කරමින් 500 කට අධික වෛද්‍යවරුන් සංඛ්‍යාවක් සහභාගි වූ අතර ඔවුන් සියලු දෙනා මේ අනීතික මාරු වීම් ලැයිස්තු වලට එරෙහිව ඔවුන්ගේ බලවත් විරෝධය ඒකමතිකව ප්‍රකාශ කරන ලදී. මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සමඟ ඉහත කාණ්ඩ වලට අයත් රට පුරා වෛද්‍යවරුන් 2000 ක් පමණ සම්බන්ධ වී තිබිණි.
සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඊයේ (07) දින සිට අනීතික ස්ථාන මාරු ලැයිස්තු සඳහා පළාත් හා දිස්ත්‍රික් වෛද්‍ය පරිපාලනයෙන් එකඟතා ලබා ගැනීම සඳහා උත්සහ කරමින් සිටියි.
මෙය වෛද්‍ය සේවා අධ්‍යක්ෂිකාව විසින් වැරදි ක්‍රමවේදයට අනීතිකව සකස් කරන ලද ලැයිස්තුව නිත්‍යානුකූල කර ගැනීම සඳහා ඇය දරණ අසාර්ථක වෑයමක් බව අපට පෙනී යයි. නමුත් නිවැරදි ක්‍රමවේදය වන්නේ මාරු මණ්ඩල තුලින් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාරු මණ්ඩල අනුමැතිය ලද ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීමයි.
මෙවැනි අත්තනෝමතික සහ අනීතික ක්‍රියාකලාපයන් නිසා වෛද්‍යවරුන්, මහජනතාව මෙන්ම රජයත් අපහසුතාවයට පත් කිරීමේ ක්‍රියාවලියක සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් මේ වන විට නියැලි සිටි. එම වැරදි ක්‍රියාවලියට එරෙහිව අද දින ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සාධනීය මැදිහත් වීමක් ලැබෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර අගෝස්තු 11 වැනිදා සදුදා දින පෙ.ව. 08:00 ට පෙර එම විසඳුම් ලබා නොදෙන්නේ නම් අගෝස්තු 11 වැනිදා පෙ.ව. 08:00 සිට දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට 2025.08.05 වැනි දින රැස්වූ ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාව’ තීරණය කර ඇත.
මෙම ක්‍රියාවලිය හරහා බිඳ වැටෙන සෞඛ්‍ය සේවාවන් වල වගකීම සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින් විසින් භාර ගත යුතු බව අප තරයේ අවධාරණය කරන්නෙමු ෴
රු. ලක්ෂ 10 කට මැණික් ගලක් විකුණන්න ආ මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට …
(08.08.2025 – 13:20 +0530 – lankacnews.com)
රු.කෝටි 50 ක වටිනාකමකින් යුත් බව පවසමින් බලපත්‍රයක් නොමැතිව මැණික් ගලක් අලෙවි කිරිමට පැමිණි කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරයෙකු ඇතුලු තිදෙනෙකු (3) නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එම මැණික් ගල මිලදී ගන්නා අයට වාසනාව උදාවන බව පවසමින් සැකකරුවන් තිදෙනා නුවරඑලිය ලබු කැලේ ප්‍රදේශයට පැමිණ නවාතැන්පලක රැදී සිටින බවට නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින්ට ලද තොරතුරක් මත උපාය දුතයෙකු යොදා ගනිමින් මැණික් ගල මිලදි ගැනීමට සැකකරුවන් හා ගණුදෙනු කතා කිරිමේදි රු. කෝටි 50 කට අලෙවි කරන බව පැවසූ මැණික් ගල කේවල් කිරිම හමුවේ රු. ලක්ෂ 10 ක මුදලකට ලබා දීමට සැකකරුවන් එකග වී ඇත.
මඩවල සහ වත්තේගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු (40-50) වන වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුවන් සන්තකයේ තිබි පොලිස් භාරයට ගත් මැණික් ගල ව්‍යාජ එකක්ද නැතිනම් හොද වර්ගයේ මැණික් ගලක්ද යන බව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් වාර්ථාවක් ලබා ගැනීමටද නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් පියවර ගෙන ඇත.
මැණික් ගල් විකිණීම සදහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් නිසි අවසර පත්‍රයක් ලබා ගත යුතු අතර, සැකකරුවන් සතුව නොතිබූ නිසා සැකකරුවන් තිදෙනා නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණවෙත ඉදිරිපත් කරන බවයි නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් කියා සිටියේ ෴
කඩුවෙලදී පොලිස් වෙඩි තැබීමක්
(08.08.2025 – 19:07 +0530 – sinhala.adaderana.lk)
කඩුවෙල කොතලාවල කැකිලිවෙල පාර ප්‍රදේශයේ දී අද (08) පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අදාළ සැකකරු විසින් පොලීසියට කඩුවකින් පහර දීමට තැත් කර ඇති අතර එහිදී පොලීසිය විසින් ආත්ම ආරක්ෂාව පිණිස සැකකරුට වෙඩි තබා ඇති බව වාර්තා වේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මුල්ලේරියාව රෝහලට ඇතුලත් කර තිබේ.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴