රුපියල් කෝටි 14 ක් වංචාකළ මෙරට වාණීජ බැංකුවක ‘පාරිභෝගික සබඳතා කළමනාකරුවෙකු’ අල්ලයි
රුපියල් කෝටි 14 ක් වංචාකළ මෙරට වාණීජ බැංකුවක ‘පාරිභෝගික සබඳතා කළමනාකරුවෙකු’ අල්ලයි
(03.08.2025 – hirunews.lk)
සිය ගණුදෙනුකාර සමාගමක් රුපියල් මිලියන 148 ක ණය මුදලක් ලබාගත් ආකාරයට ණය මුදලක් අනුමතකර එම මුදල වංචාකළ මෙරට වාණීජ බැංකුවක ‘පාරිභෝගික සබඳතා කළමනාකරුවෙකු’ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ’ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වංචාව සිදුකර ඇත්තේ අදාල බැංකුවේ ගිණුමක් ඇති මෙරට ප්‍රසිද්ධ සමාගමක් විසින් ණය මුදලක් ලබාගත් ආකාරයටයි.
එම ණය මුදල අදාල සමාගමේ ගිණුමට බැරකිරීමෙන් අනතුරුව එම ගිණුමෙන් ඉවත්කර වෙනත් ගිණුමකට බැරකර ඇති බව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට පැමිණිලිකර ඇත්තේ අදාල සමාගම විසිනි.
එම සමාගම විසින් ලබානොගත් ණය මුදලක් ගිණුම් ප්‍රකාශය තුළින් පෙන්නුම් කිරීම හේතුවෙන් ඒ ගැන අවධානය යොමුකර මේ සම්බන්ධයෙන් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට පැමිණිලි කර තිබෙනවා.
විමර්ශනයේදී අනාවරණය වන්නේ ‘පාරිභෝගික සබඳතා කළමනාකරු’ විසින් ව්‍යාජ ලේඛන සකස්කර අදාල සමාගම විසින් ඉල්ලුම්කරන ආකාරයට ණය මුදල ලබාගෙන ඇති බවයි.
මෙසේ වංචා සහගතව ලබාගෙන ඇති මුදල රුපියල් 148,842,839.56 කි.
අදාල ‘ටයිල් සමාගම’ විසින් කළ පැමිණිල්ලකට අනුව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකරමින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 01 වෙනිදාය.
අත්අඩංගුවට ගත් ‘බැංකුවේ පාරිභෝගික සම්බන්ධතා කළමණාකරු’ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි වියේ පසුවන්නෙක්.
බැංකුව තුළ මෙවැනි ආකාරයේ තවත් වංචා සිදුව තිබේදැයි සොයා බැංකුව විසින් අභ්‍යන්තර විගණනයක් ආරම්භකර කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ ෴
ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පශ්චාත් උපාධි ආයතනයක රුපියල් කෝටි හයක (6) වංචාවකට හිටපු මහාචාර්යවරයා අත්අඩංගුවට
(03.08.2025 – hirunews.lk)
‘ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය’ට අනුබද්ධ ‘කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ ඩුබායි ශාඛාවේ’ සිදුවූ රුපියල් මිලියන 58 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාලව ‘විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්’ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2007 වසරේ ඩුබායි නගරයේ ‘ජාත්‍යන්තර ශාඛාව’ ආරම්භකරනු ලබන අතර, මෙම වංචාව හේතුවෙන් ශාඛාව 2009 සැප්තැම්බර් වසා දමා තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ එකල එම ශාඛාවේ කළමනාකර අධ්‍යක්ෂක ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා වන අතර, මේ වනවිට ඔහු 78 හැවිරිදි වියේ පසුවනවා.
එහි සිදුව ඇති සමස්ථ වංචාවේ තරම රුපියල් 58,200,000 ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
පන්නිපිටියේ පදිංචිකරුවෙක් වන මෙම ජ්‍යෙෂ්ඨ මහචාර්යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 01 වෙනිදාය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (02) ඔහු ඇප මත මුදා හැර තිබෙනවා.
මෙම වංචාව සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා ෴
බීමත්ව බස් රථය ධාවනය කළ ලංගම බස් රථ රියදුරා අත්අඩංගුවට
(03.08.2025 – hirunews.lk)
වැලිමඩ සිට නුවරඑලිය හරහා ධාවනය කල ලංගම බස් රථයේ රියදුරු නුවරඑලිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවුලපිටිය ඩිපෝවට අයත් එම ලංගම බස් රථය ධාවනය කරවන අවස්ථාවේ නුවරඑලිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ සීතා ඇලිය ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි නුවරඑලිය පොලිසියේ රථ වාහන අංශයේ නිළධාරින් බස් රථය නතර කර පරික්ෂා කිරිමේදි රියදුරා අධික ලෙස බීමත්ව සිටින බවට තහවුරු වූ නිසා බස් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ විශාල මගීන් සංඛ්‍යාවක් ගමන් කර ඇති අතර, පසුව නුවරඑලිය පොලිසියේ නිළධාරියෙකු විසින් මගීන් සමග බස් රථය නුවරඑලිය පොලිසිය වෙත රැගෙනවිත් පරික්ෂා කිරිමේදි බස් රථ රියදුරාගේ අසුන පිටුපස නීතිවිරෝධි මත් පැන් (කසිප්පු) සහිත කෑන් එකක් තිබි පොලිස් නිළධාරින් විසින් සොයා ගෙන තිබෙනවා.
බස් රථය ධාවනය කරවන අවස්ථාවේ වතුර බොන මුවාවෙන් රියදුරා මත් පැන් පානය කරමින් බස් රථය ධාවනය කරවන බවට පොලිසිය සැක කරනවා.
එම ඩිපෝවේ වෙනත් රියදුරෙකු නුවරඑලිය වෙත කැදවා බස් රථයේ සිටින මගීන්ව ගමනාන්තය දක්වා රැගෙන යන ලෙසට නුවරඑලිය පොලිසියේ රථාවහන අංශයේ නිළධාරින් විසින් බස් රථයේ කොන්දොස්තරවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරා නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි ෴
සිහිසුන් වී බිම ඇද වැටුණු දැරිය ජීවිතක්ෂයට
(03.08.2025 – 12:17 +0530 – sinhala.adaderana.lk)
හදිසියේ ඇති වූ ක්ලාන්තයක් හේතුවෙන් සිහිසුන් වී බිම ඇද වැටුණු දැරිය ජිවීතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි එකළොස් (11) හැවිරිදි පාසල් සිසුවියෙකි.
අදාල සිසුවිය පාසල නිම වී බස් රථය වෙත පැමිණ ඇති අතර එහිදී ඇති වූ හදිසි ක්ලාන්තයක් හේතුවෙන් ඇය බිම ඇද වැටී ඇත.
එහිදී පාසල් බස් රථයේ සේවකයන් විසින් ඇයව කඩිනමින් කැකිරාව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මිය ගොස් තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අනුරාධපුර මහ රෝහල වෙත රැගෙන ගොස් තිබුණි.
කෙසේ වෙතත් අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මරණ පරීක්ෂණය පැවැත්වුවද මරණයට හේතුව අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.
ඒ අනුව සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යවා මරණයට හේතුවක් සොයා ගැනීමට තීරණය කර විවෘත තීන්දුවක් ලබාදෙමින් දියණියගේ දේහය භාරකරුවන්ට ලබා දී තිබේ ෴
‘ඩුබායි සුද්දා’ගේ ගෝලයකු අත්අඩංගුවට
(03.08.2025 – 11:23 +0530 – sinhala.adaderana.lk)
‘ප්‍රසාද් චතුරංග කෝදාගොඩ’ නොහොත් ‘ඩුබායි සුද්දා’ගේ සමීපතම ගෝලයකු පානදුර කොට්ඨාෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 4,665 ක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
සොරා ගත් තීරෝද රථ දෙකක් (2) සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක දී හෙළි වූ තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
එමෙන්ම පොලීසිය සැක පල කරන්නේ අදාල සැකකරු, ඩුබායි සුද්දා විසින් whatsapp හරහා ‘ඊසිකෑෂ්’ ක්‍රමය යටතේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාලය හා සම්බන්ධ පුද්ගලයෙකු වන බවය ෴
ලංකාවේ වටිනාකමින් වැඩිම NCG Yutong බස් කාගෙද ? | On Topic with Hasitha Wijewardena (03.08.2025)
+
ජයවර්ධනපුර රෝහල වැට උඩ | දයාසිරි සියල්ල හෙළිකරයි | ආණ්ඩුවට සැරටම දොස් කියයි | මෝදි ඇවිත් කරපු හරියක් (03.08.2025)
+
හෙට අනිද්දා වෙද්දී කුළඟන සමිතියටත් මාළිමාවට ගනී | යෞවන සභා අලකලංචිය දයාසිරිව සැරටම කුපිත කරයි (03.08.2025)
+
සෞඛ්‍ය අමාත්‍ය්‍යාශ නිලධාරීන්ට රතු එළියක් | වැරදි පාරෙන් බෙහෙත් ගෙනාවොත් කට්ටියටම වැඩ වරදිවි (03.08.2025)
+
හැටන් නගරයේ කුණු ඔක්කොම මෙතනට ගෙනත් දාලා | මුළු පරිසරයම විනාශයි | දළු කඩන මිනිස්සු අන්ත අසරණයි (03.08.2025)
+
City of Dreams විවෘත කරන්න ආ රිතික් රෝෂන්ගේ තවත් සොදුරු නොදුටු දසුන් මෙන්න | සුපිරි සිහිවටනයකුත් දෙයි (03.08.2025)
+
සෙවනගල සීනි කම්හල වට්ටන්න කරපු පාහර වැඩේ | උක් දඬු අස්සේ මහ ගලක් යන්ත්‍රයට දැම්මා නම් ඉවරට ඉවරයි (03.08.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴