‘ඩෑන් ප්‍රියසාද්’ ජීවිතක්ෂයට පත් වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

‘ඩෑන් ප්‍රියසාද්’ ජීවිතක්ෂයට පත් වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි


‘ඩෑන් ප්‍රියසාද්’ ජීවිතක්ෂයට පත් වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

(22.04.2025 – 11:24 +0530 – sinhala.adaderana.lk)

අද (22) රාත්‍රියේ වැල්ලම්පිටියේ දී සිදුවූ වෙඩි තැබීමකින් ‘ඩෑන් ප්‍රියසාද්’ නැමත්තා ජීවිතක්ෂයට පත් වූ බවට මීට පෙර වාර්තා වී තිබුණ ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුව පැවසුවේ ඔහු මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

අද (22) රාත්‍රී 09:10 ට පමණ වැල්ලම්පිටිය ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

ඩෑන් ප්‍රියසාද් මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මීට පෙර සඳහන් කර සිටියේය.

කෙසේවෙතත් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුව සඳහන් කළේ වෙඩි වැදුණු ඩෑන් ප්‍රියසාද්, මියගොස් නොමැති බව සහ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු (2) පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය සිදුකරයි.

+

+

+

+

+++

අසාධ්‍යව ප්‍රතිකාර ලැබූ ‘ඩෑන් ප්‍රියසාද්’ ජීවිතක්ෂයට

(23.04.2025 – 06:18 +0530 – hirunews.lk/sinhala)

වෙඩි වැදීමෙන් අසාධ්‍යව ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සමාජ ක්‍රියාකාරී ‘ඩෑන් ප්‍රියසාද්’ අද (23) අලුයම ජීවිතක්ෂයට පත් වුණා.

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කරමින් ඊයේ (22) රාත්‍රියේ පුද්ගලයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ මීතොටමුල්ල ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේදීයි.

සාදයකට සහභාගිවී සිටි අවස්ථාවකදී එම ස්ථානයට පැමිණි අයෙකු (1) විසින් මෙම වෙඩි තැබීම සිදුකරනු ලැබ තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කළ අතර ඉන් සුළු මොහොතකට පසු පොලිසිය විසින් මාධ්‍ය වෙත සඳහන් කළේ ‘ඔහු ජීවිතක්ෂයට පත්වූ’ බවයි.

නමුත් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග විසින් ‘ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්ව නොමැති බවත්, ඔහු දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් පසුවන බවත්’ නැවත ප්‍රකාශ කරනු ලැබුවා ෴

+++

‘ඩෑන්’ව එළොව යවන්න එකට එකතු වෙච්ච පාතාලේ කුඩු ජාලේ සෙට් එක මෙන්න (23.04.2025)

+


ඔත්තුව දීලත් අනුරාධපුරයේ කඩු ඡාවාරම්කරුවන් ඇල්ලුවේ නැතැයි චෝදනා

(22.04.2025 – 20:16 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ප්‍රදේශයේ කුලී රථ සේවා සපයන ආයතනයක් මගින් කුලී පදනම මත ලබා දුන් මෝටර් රථයක් යොදාගෙන මත්ද්‍රව්‍ය ජවාරම් සිදු කරන බවට එම මෝටර් රථයේ හිමිකරුම චෝදනා කරනවා.

ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් කිහිප වතාවක්ම පොලිසිය දැනුවත් කළද මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදු වී නොමැති බවයි.

අනුරාධපුර ප්‍රදේශයේ කුලී රථ සේවා සපයන ආයතනයකින් පුද්ගලයෙකු කූලී පදනම මත මෝටර් රථයක් ලබා ගෙන තිබුණේ තම පුද්ගලික පරිහරණය සඳහායි.

ඔහු එම මෝටර් රථය තවත් පාර්ශ්වයකට ලබා දී ඇති අතර එහිදී ඔවුන් අදාළ මෝටර් රථය යොදාගෙන මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව අදාළ මෝටර් රථයේ හිමිකරු පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තමන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුම දැනුවත් කළ බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔහුගේ ගැටලු‍වට පොලිසියෙන් විසඳුමක් ලැබී නොමැති අතර පසුව අදාළ ව්‍යාපාරිකයා විසින් නිවසක ගාල් කර තිබූ සිය මෝටර් රථය රැගෙන ගොස් තිබුණා.

+


කටානේ වෙඩි තැබීමක්; 1 ක් මියයයි

(22.04.2025 – 20:21 +0530 – hirunews.lk/sinhala)

කටාන ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එහිදී කණ්ඩායම් දෙකක් (2) අතර ඇති වූ ගැටුමකදී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් ඔහුගේ බලපත්‍රලාභී ගිනි අවියෙන් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම පුද්ගලයා විසින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට පිහියකින් පහර දී ඇති බවත්, එම අවස්ථාවේදී ඔහු විසින් ගිනි අවිය ක්‍රියාත්මක කර ඇති බවත් පොලිසිය පැවසුවා.

මෙහිදී තුවාල ලැබූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාද රෝහල් ගත කර තිබෙනවා ෴


මාතර බන්ධනාගාරයේ තත්ත්වය යළිත් උණුසුම්

(23.04.2025 – 00:10 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (22) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් උණුසුම් තත්ත්වයක් පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා තිබෙනවා.

ඒ අනුව හටගත් නොසන්සුන්තාව පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව පාලනය කර ඇති බව පොලිසිය පවසනවා.

මේ වනවිට බන්ධනාගාරයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින ‍රැඳවියන් තිදෙනෙකු (3) වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙන යෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබෙනවා.

එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර, ඒ අනුව තත්ත්වය පාලනය කිරීමට අහසට වෙඩිතබා ඇති බවයි පොලිසිය පවසන්නේ ෴

මාතර බන්ධනාගාරයේ රැඳවියන් කණ්ඩායම් දෙකක් (2) අතර වූ ගැටුම යළිත් ආරම්භ වී තිබෙනවා.

එය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්‍ය බලකාය කැඳවා තිබෙන බවයි පොලිසිය පැවසුවේ ෴

+

+


අයහපත් කාලගුණය හමුවේ පහලට පෙරලී ආ විශාල ගල නැවතුන තැන. (බදුල්ල – වැලිමඩ මාර්ගයේ වැලිමඩ නගර අසාන්නයේ) (22.04.2025)

+


Safety First : හැමවෙලේම තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසගන්න ඕන.
ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේදී (GRAYLINE 1) එහි සේවකයෙකු ගේ අපරික්ෂාකාරී බව හේතුවෙන් දොඹකරයක ටයරයකට හසුවීමෙන් 21 වන දින අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා.

https://www.facebook.com/accident1stofficial/videos/1064168442244997


පාස්කුව පිටිපස්සේ රවියි – ශානියි ? මාධ්‍ය හමුව දෙවනත් කරපු සුගීශ්වර (22.04.2025)

+


මැයි 06 න් පස්සෙ කාදිනල්තුමා පාරට බහීද ? (21.04.2025)

+


අනාරක්ෂිත ළිඳකට වැටී සිටි කුඩා දරුවෙකුගේ සිරුරක් සොයාගනී

(23.04.2025 – 07:52 +0530 – hirunews.lk/sinhala)

අනාරක්ෂිත ළිඳකට වැටී සිටියදී කුඩා දරුවෙකුගේ සිරුරක් සමන්තුරය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සමන්තුරය පොලිස් වසමේ උඩංගා 02 ප්‍රදේශයේ නිවසක පදිංචි අවුරුදු 03 ක දරුවෙක්.

කිසියම් පුද්ගලයෙකු විසින් මෙම දරුවා රැගෙන ගොස් ඇති බවට ලද පණිවිඩයක් මතයි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ.

එහිදී අනාරක්ෂිත ළිඳ නිරීක්ෂණය කිරීමේදී මෙම දරුවා දියේ ගිලී සිටින බවට අනාවරණය වීමෙන් පසු එම දරුවා ගොඩට ගෙන කඩිනමින් සමන්තුරය රෝහලට ඇතුලත්කර තිබෙනවා.

රෝහලට ඇතුළත් කරන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසා සිටියේ.

අසල්වැසි නිවසක පදිංචි වයස අවුරුදු 11 ක දරුවෙකු මෙම මිය ගිය දරුවා සමඟ සිට ඇති අතර එම දරුවා පොලිස් භාරයට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සමන්තුරය පොලිසිය මඟින් සිදු කරනු ලබනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *