‘සිරි දළදා වන්දනාව’ට පැමිණෙන සැඳැහැවතුන්ට පහසුකම් සලසන්න QR කේතයක්

‘සිරි දළදා වන්දනාව’ට පැමිණෙන සැඳැහැවතුන්ට පහසුකම් සලසන්න QR කේතයක්


‘සිරි දළදා වන්දනාව’ට පැමිණෙන සැඳැහැවතුන්ට පහසුකම් සලසන්න QR කේතයක්

(22.04.2025 – 07:57 +0530 – hirunews.lk/sinhala)

සිරි දළදා වන්දනාවේ 5 වන දිනය අදයි (22). ඊයේ (21) සිට දළදා වහන්සේ වන්දනාමාන කිරීමට ලබාදී තිබූ කාලය තවත් පැයකින් (1) දීර්ඝ කෙරුණු අතර ඒ අනුව පෙරවරු 11 සිට පස්වරු 05:30 දක්වා දළදා වහන්සේ වැඳපුදාගත හැකියි.

මේ අතර සිරි දළදා වන්දනාවට පැමිණෙන සැඳැහැවතුන්ට අවශ්‍ය තොරතුරු මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක්ද ඊයේ (21) සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව සනීපාරක්ෂක පහසුකම් ඇති ස්ථාන, දන්සැල්, යාවත්කාලින වන නිවේදන, ප්‍රථමාධාර සේවා ඇතුලු අනෙකුත් පහසුකම් මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීම සඳහා ‘කියූආර් කේත’ (QR) ඇතුළත් පුවරු ස්ථාපිත කර තිබෙනවා ෴

+++

https://info.sridaladamaligawa.lk/

+++

සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට සෞඛ්‍ය පණිවුඩයක්

(22.04.2025 – 06:36 +0530 – hirunews.lk/sinhala)

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වී සිටින සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව සිය සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරන ලෙස අදාළ කාර්යංශය එම වන්දනාවට එක්ව සිටින සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

  • විජලනය වළක්වා ගැනීමට නිතර නිතර ජලය පානය කරන්න.
  • ගෙදරින් ගෙන ආ පිසූ ආහාර ඉක්මනින් ආහාරයට ගන්න. නරක් වී යැයි හැඟේ නම් ආහාරයට ගැනීමෙන් වළකින්න.
  • ඔබ දිනපතා ඖෂධ ගන්නා අයකු නම් (මීමැස්මොරය, අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගයක් සඳහා) එම මාත්‍රාව නියමිත වේලාවට ගන්න. තවත් දින කිහිපයක් සදහා සරිලන සේ වැඩිපුර බෙහෙත් ළඟ තබා ගන්න.
  • ඔබ දිගු කාළීන රෝගයකින් පෙළෙන අයකු නම් රෝග විනිශ්චය පතේ හෝ සායන කාඩ් පතේ ඡායා පිටපතක් ඔබ ළඟ තබා ගන්න.
  • ඔබේ දරුවාගේ සාක්කුවේ හෝ ඇඳුමේ ඔබගේ දුරකථන අංකය ලියා රඳවන්න.
  • කිසිඳු විටෙක පෝළිමේ සිටින විට කළබල නොවන්න. එක් අයකු කළබල වුවහොත් බොහෝ දෙනෙකු කළබල වී තෙරපීම් සිදු විය හැකියි. අනතුරු වළක්වා ගනිමු.
  • අත්‍යවශ්‍ය දේ පමණක් රැගෙන යන්න, කැළි කසළ අවම කර ගැනීමට සහය වන්න. හැකි සෑම විටම කසළ නියමිත බඳුන් වලට දමන්න. ඔබේ වගකීම ඉටු කරන්න.
  • ඔබට සෞඛ්‍ය ගැටළුවක් ඇති වුවහොත් පෝළිමේ ගමන් මග රැඳී සිටින නිලධාරින්ගේ හෝ පිහිටුවා ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානවල සහය නොපමාව ලබා ගන්න.
  • දුම්රිය පාපුවරුවේ. ජනේල වල හෝ බඳේ එල්ලි යාමෙන් වැලකී දුම්රිය මගේදී මෙන්ම බිං ගෙවල් තුළින් යෑමේදී සිදුවන අනතුරු වළක්වා ගනිමු.
  • ඔබගේ වාහනය නියමිත වේග සීමාවන්ට යටත්ව අවධානයෙන් පදවන්න. මහමග අනතුරු වළක්වා ගැනීමට වගකීමෙන් රිය පදවන්න.
  • ඔබේ පෞද්ගලික ස්වස්තතාව රැක ගැනීමට කුඩා සබන් කැබැල්ලක් හෝ සැනිටයිසර් දියර (hand sanitizer) රැගෙන යන්න.
  • මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීමට මදුරු විකෂර්ක (පැඟිරි තෙල් වැනි) භාවිතා කරන්න.

‘සිරි දළදා වන්දනාවේ’ 05 වන දිනය අදයි (22).

සිරි දළදා වන්දනාව අද පෙරවරු 11 ට ආරම්භ වන අතර පස්වරු 05:30 දක්වා දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වේ ෴

+++

21-04-2025

+++

දළඳා වන්දනාවට VIP ගේට්ටුවක්? | සමාජ මධ්‍යයේ හුවමාරු වුණු විස්තරේ ඇත්ත හොයන්න ගිය තරුණයෙක් කළ හෙළිදරව්ව (22.04.2025)

+


අනුරකුමාරගේ පෙර භව – අසේල යෝගි – සන්නා – මුතුගල ගැන – ධම්මරාජ මහා බෝසතානන් ගෙන් (2025-04-22)

+


කොළඹ දී මාර්ග නීති කැඩූ රියදුරන් 4,000 කට CCTV කැමරා මඟින් දඬුවම්

(22.04.2025 – 07:06 +0530 – sinhala.adaderana.lk)

‍කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි සිදුකළ රියදුරන් 4,000 කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය පවසයි.

අදාළ රියදුරන්ගේ නිවෙස් වෙත එම රථ වාහන වැරදි සම්බන්ධයෙන් දැනුම් දී නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය පෙන්වා දෙයි.

පසුගිය වසරේ (2024) පෙබරවාරි මස පළමුවන (01) දින සිට කොළඹ නගරය ආශ්‍රිතව ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් රථ වාහන වැරදි හඳුනාගැනීමේ මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව මේ වසරේ (2025) අප්‍රේල් මස 20 වනදා දක්වා කාලය තුළ මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 4,048 දෙනෙකුට එරෙහිව දඩ හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

‍මෙම වැඩසටහන යටතේ නිසි ලෙස අයිතිය පවරා නොමැති රථවාහන 241 කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, වාහනයක් විකිණීමේ දී අයිතිය පැවරීම අනිවාර්යෙන් සිදුකළ යුතු බවය.

මේ අතර මේ වසරේ (2025) ගත වූ කාල සීමාව තුළ මාරක රිය අනතුරු 724 ක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

එම අනතුරුවලින් පුද්ගලයින් 764 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මේ වසරේ (2025) ජනවාරි මස පළමුවන (01) දින සිට මේ දක්වා කාලය තුළ බරපතළ අනතුරු 1,535 ක් සිදුව ඇති අතර සුළු අනතුරු 2,699 ක් සිදුව ඇති බව පොලීසිය පවසයි ෴


Pro Care පිරමීඩේ මිනිසුන්ගේ රු. කෝටි 3000 කට වඩා ගේම දීල. තහනම් කරලත් මුන් ගේම ගහන විදිහ මෙන්න (22.04.2025)

+


PRAHARAYA | නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව (22.04.2025)

+


‘ඔබට ගෙයක් – රටට හෙටක්’ නිවාස වැඩසටහන යටතේ ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට අනුමැතිය

(22.04.2025 – 11:14 +0530 – hirunews.lk/sinhala)

දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණු කර ගනිමින් ‘ඔබට ගෙයක් – රටට හෙටක්’ නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව, එම වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමකම දිළිඳු හෝ අඩු ආදායම්ලාභී එක් පවුලක් ප්‍රමුඛතාව මත හඳුනා ගෙන නිවසක් ඉදිකිරීම / වැඩි දියුණු කිරීම පිණිස ඉදිකිරීමේ ප්‍රගතිය මත පදනම්ව ආධාර මුදලක් පිරිනමනු ලබනවා.

තෝරාගනු ලබන ප්‍රතිලාභියා විසින් අවම වශයෙන් වර්ග අඩි 550 ක නිවසක් ඉදි කළ යුතු අතර, ඒ සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 650,000/- ක ආධාර මුදලට අමතරව ඉතිරි මුදල අදාළ ප්‍රතිලාභියා විසින් දැරිය යුතු වෙනවා.

වැඩසටහන ආරම්භයේදී එක් නිවසක ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,147,000/- ක් වූ නමුත් මේ වන විට එම පිරිවැය රුපියල් 1,764,000/- ක් දක්වා වැඩි වී තිබෙනවා.

රජයේ ආධාර මුදලට අතිරේකව ඉතිරි මුදල දැරීමට තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ගේ ආර්ථික තත්ත්වය අනුව හැකියාවක් නොමැති බැවින් දැනට නිවාස ඒකකයක් සඳහා ලබා දෙන රුපියල් 650,000/- ක් වන රජයේ ආධාර මුදල රුපියල් 1,000,000/- ක් දක්වා වැඩි කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබෙනවා ෴


ජල ප්‍රවාහයන් භාවිත කරමින් සංචාරක හා මගී ප්‍රවාහන කටයුතු ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය

(22.04.2025 – 11:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ජල මූලාශ්‍රයන්ගෙන් සහ ජල ප්‍රවාහයන්ගෙන් පෝෂිත දූපත් රටක් වන බැවින්, සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මෙන්ම නාගරික මගී ප්‍රවාහනය සඳහා ද එකී ජල මූලාශ්‍ර හා ජල ප්‍රවාහ ඵලදායීව යොදා ගැනීමට හැකියාව පවතින බැවින්, මෙරට මුහුදු තීරය මෙන්ම රට අභ්‍යන්තරයේ පවතින ජල ප්‍රවාහයන් භාවිතකරමින් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව, පුත්තලම – කොටුව, කොටුව – ගාල්ල, ගාල්ල – මාතර ආදී වශයෙන් සමුද්‍ර ජල ප්‍රවාහන සේවාවක් ඇති කිරීම සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇති කිරීම මඟින් සංචාරක ප්‍රවර්ධනය සහ මගී ප්‍රවාහනය සඳහා පහසුකම් සැලසීමට අපේක්ෂා කෙරෙන බවයි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ.

අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

හැමිල්ටන් ඇළ, බේරේ වැව, දියවන්නා ඔය හා මාදු ගඟ වැනි විභවයන් භාවිත කරමින් අභ්‍යන්තර ජල ප්‍රවාහන පහසුකම් සැපයීම මඟින් ද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂිත අතර ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමටත්, එහි ප්‍රතිඵල මත පදනම්ව රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ වැඩසටහනක් ලෙස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා දිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමතකර තිබෙනවා ෴


විද්‍යුත් (විදුලි) ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට අනුමැතිය

(22.04.2025 – 11:48 +0530 – hirunews.lk/sinhala)

විද්‍යුත් (විදුලි) මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වන අයුරින් පරිවර්තනය කිරීමේදී විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කිරීම හේතුවෙන් එවැනි මෝටර් ට්‍රයිසිකල්වල (ත්‍රිරෝද රථ වල) තාර බර ඉහළ යාම සිදුවෙනවා.

එම හේතුව මත එකී මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචියේදී මතු වන අර්ථ නිරූපණ ගැටලු නිරාකරණය කිරීම සඳහා මෝටර් ට්‍රයිසිකලයක (ත්‍රිරෝද රථයක) උපරිම තාර බර කිලෝග්‍රෑම් 600 ක් වන ලෙස මෝටර් වාහන පනතේ අර්ථ නිරූපණය සංශෝධනය කිරීම සඳහා 2022-08-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

එහෙත්, එක් ආරෝපණ තත්ත්වයකදී වඩා වැඩි දුරක් ධාවනය කළ හැකි පරිදි බැටරි පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය, වායු සමීකරණ සහිත සුඛෝපභෝගී මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) සඳහා වැඩි ධාරිතාවක් සහිත බැටරි පද්ධතියක අවශ්‍යතාව සහ විදුලි ප්‍රතිරෝධක මගින් ක්‍රියා කරන තිරිංග භාවිතයේදී එකතු වන බර වැනි අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන, විදුලි බලයෙන් ධාවනය කරනු ලබන මෝටර් ට්‍රයිසිකලයක (ත්‍රිරෝද රථයක) තාර බර බැටරි පද්ධතියේ බර ද ඇතුළුව කිලෝග්‍රෑම් 650 ක් නොඉක්මවිය යුතු වන පරිදි අර්ථ නිරූපණය නැවත සංශෝධනය කරන ලෙස දේශීය වශයෙන් විදුලි මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) නිෂ්පාදන හා පරිවර්තන ව්‍යාපාරයේ යෙදී සිටින කර්මාන්තකරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලීම් කර තිබුණා.

ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන යෝජිත සංශෝධනය ඇතුළත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා අමාක්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට තීරණය කර තිබෙනවා ෴


‘ඇයි එච්චර කලබලයක් – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන නිසිපරිදි කරනවා’

(22.04.2025 – 11:48 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ විපක්ෂයේ සිටින, කලින් ආණ්ඩු කළ ඇතැම් පිරිස් පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මෙතරම් කලබල ඇයිද යන්න රජය කල්පනා කරමින් සිටින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ අප්‍රේල් 21 වැනිදා හෙළිදරව් කරනවා යැයි කියූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු පිරිසගේ නම් තවමත් හෙළිනොකළේ ඇයි යන්නයි.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි අදහසක් :

“ඒකට කවුරුත් කලබල වෙන්න ඕනේ නෑ. රනිල් වික්‍රමසිංහ, උදය ගම්මන්පිල වගේ ඇමතිවරු, මම දැක්කා නාමල් රාජපක්ෂත් කලබලා වෙලා එක එක ඒවා කියනවා. මම දන්නවා ඒ අය කලබල ඇයි කියලා. අපිට හම්බ වුණේ අවුරුදු පහ හමාරක කාලයක් විමර්ශන යටපත් කරන්න උත්සාහ කරන තත්ත්වයක්. අපිට ඒ කාල සීමාවත් හම්බ වුණා නම් මෙලෙහකට මහමොළකරුවන් ඇතුළු පිරිස හෙළිකරන්න තිබ්බා. මේ සම්බන්ධයෙන් අලුතෙන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තියෙනවා. ඉස්සරහට කැඳවීම් එයි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ මොහොතේ නිසි විමර්ශන කරනවා.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *