ලොව රටවල් රැසකට අමෙරිකාව පැනවූ තීරු බද්දට දින 90 ක වි‍රාමයක් : චීනයට සහනයක් නෑ

ලොව රටවල් රැසකට අමෙරිකාව පැනවූ තීරු බද්දට දින 90 ක වි‍රාමයක් : චීනයට සහනයක් නෑ


ලොව රටවල් රැසකට අමෙරිකාව පැනවූ තීරු බද්දට දින 90 ක වි‍රාමයක් : චීනයට සහනයක් නෑ

(09.04.2025 – 23:39 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් දා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක් එක් රටවලට අදාළව ප්‍රකාශයට පත් කරන ලද තීරුබදු ක්‍රියාත්මක වීම සඳහා දින 90 ක විරාමයක් නිවේදනය කර තිබෙනවා.

නමුත් චීනය සඳහා එම සහනය අදාළ නොවන අතර ඔවුන් සඳහා පනවා ඇති තීරු බද්ද 125% ක්.

අමෙරිකාව යළි පොහොසත් කිරීමේ ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුව මත ක්‍රියාත්මක වූ බදු පැනවීම හරහා ලෝකයේ සියලුම රටවල පාහේ කොටස් වෙළෙඳපොලවල් කඩා වැටීමට ලක්ව ඇති අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පවා ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබෙනවා.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මෙම බදු ඉහළ දැමීමේ ක්‍රියාවලියෙන් පසු චීනයද අමෙරිකානු භාණ්ඩවලට පෙරලා බදු පැනවූ අතර එය 84% ක ප්‍රතිශතයක් දක්වා ඉහළ ගෙනැවිත් තිබුණා.

මේ අතර දැවැන්ත තීරු බදු පැනවීම හමුවේ ලොව බොහෝ රටවල් එම බදු ප්‍රතිශත සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස ට්‍රම්ප් පාලනයෙන් ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් ද ඒ පිළිබඳ ඉල්ලීමක් කළා ෴

+

+


ස්පා කත හොර ලේඛන හදන තැනකට පාර පෙන්නයි

(09.04.2025 – lankadeepa.lk)

බොරලැස්ගමුව‍ සම්බාහන මධ්‍යස්ථානයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවක් සන්තකයේ තිබූ ව්‍යාජ හැදුනුම්පතක් ඔස්සේ සිදුකළ විමර්ශන වලදී වැලිකඩ සුඛෝභෝගී සිව් මහල් නිවසක හිමිකරුවකු තවත් පුද්ගලයකු සමඟ කාලයක් තිස්සේ සිදු කරගෙන ගිය ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු ලිපි ලේඛන සකස් කිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවූ බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරුවන් දෙදෙනා (2) සමඟ පරිගණකයක්, ප්‍රින්ටරයක්, ලැමිනේටින් යන්ත්‍රයක්, ව්‍යාජ ජාතික හැඳුනුම්පත්, ව්‍යාජ ආදායම් බලපත්‍ර, විදේශ වීසා පිටපත්, අධ්‍යාපන සහතික පාඨමාලා සහතික ඇතුළු විවිධ ව්‍යාජ සහතික පත්‍ර තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බොරලැස්ගමුව ප්‍රදේශයේ සම්බාහන ආයතනයක් වටලා අත්අඩංගුවට ගත් කාන්තාවක් සන්තකයේ ජාතික හැඳුනුම්පත් දෙකක් තිබීම සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත සිදුකළ පරික්ෂා කිරීමේදී එක් හැදුනුම්පතක් ව්‍යාජ එකක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරමේ සුල මුල අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසියය කියයි ෴


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රබලයින් දෙදෙනෙක් (2) අත්අඩංගුවට ගැනීමට නියමිතයි | ගම්මන්පිල සියල්ල හෙළිකරයි (09.04.2025)

+


වකුගඩු ජාවාරමට වෛද්‍ය පාදෙනිය සම්බන්ධයි – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන හෙළි කරයි (10.04.2025)

+


කරන්දෙණියේ ඇඟ කිළිපොලා යන සිදුවීමක් – සියල්ල මෝටර් රථයේ ඉදිරිපස කැමරාවේ පටිගත වෙයි (10.04.2025)

+


චාමර සම්පත්, බැංකු ගිණුමෙන් මුදල් ඉවත් කලේ මගේ උපදෙස් මතයි.. එය නිවැරදියි.. – රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්

(10.04.2025 – 14:10 +0530 – lankacnews.com)

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරයි.

චාමර සම්පත් මන්ත්‍රීතුමාගේ පවුලේ සාමාජිකයන් මා මුණගැසුණා. අගමැති ලෙස සිටි සමයේ මෛත්‍රිපාල සිරිසේන ජනපති සමග මගේ අනුදැනුම ඇතිව භාණ්ඩාගාර ලේකම්තුමා එදා චක්‍රලේඛනයක් නිකුත් කළා. පළාත් සභා මුදල් ‘ස්ථිර තැන්පත් ගිණුම්’ වල තැබීමට නොහැකි බවට ඒ චක්‍රලේඛයෙන් කියැවුනා. රජයේ මුදල් මෙන්ම අනෙක් මුදල් ඒ වර්ෂය ඇතුළත වියදම් කරන්නට තිබෙනවා. නැතිනම් මුදල් අමාත්‍යංශයට හෝ පළාත් සභාවේ මුදල් අමාත්‍යංශයට ඒ මුදල් නැවත දෙන්නට තිබෙනවා. ඒ මුදල් ඉතිරි කරගෙන ‘ස්ථිර තැන්පත් ගිණුම්’ වල තබාගෙන එය පසුව වෙනත් ව්‍යාපෘති වල යෙදවීම නීති විරෝධී නිසා අප ඒ පියවර ගත්තා. ඒ අවස්ථාවේ චාමර සම්පත් මහ ඇමැතිවරයා මෙන්ම තවත් මහ ඇමතිවරුන් කිහිප දෙනෙක් මට කතා කළා. එය කරන්නට නොහැකි ඇයි දැයි මම දැනුම් දුන්නා. ඒ අනුව ඔවුන් එම මුදල් ‘ස්ථිර තැන්පත් ගිණුම්’ වලින් ඉවත් කර තිබෙනවා.

ඌව පළාතේ පමණක් නොව සෙසු පළාත් වලද මේ කටයුතු සිදු කෙරුණා. එමෙන්ම චාමර සම්පත් ඇමතිවරයා මට විටින් විට කතා කරනවා. අධ්‍යාපන ආදී වැඩ කටයුතුවලට මා උදව් කළා. නමුත් අප එකල සිටියේ දෙපැත්තක. චාමර සම්පත් මහ ඇමති ලෙස සිටියදී සමන්ත විද්‍යා රත්න වත්මන් ඇමතිවරයා පැමිණිල්ලක් කළා. මෙය මගේ වැඩකටයුත්තක් නොවන බවත් එය අල්ලස් කොමිසම සමග සාකච්ඡා කරන ලෙසත් මා එම කණ්ඩායම් වලට කිව්වා. මහ ඇමතිවරුන්ට පක්ෂව හෝ විරුද්ධව කරන වැඩ කටයුතුවලට මට සම්බන්ධ වෙන්න බැරි බවත් මා කිව්වා.

අල්ලස් කොමිසමෙන් මේ පිළිබඳව විභාග කර තිබෙනවා. ඒ එක විභාගයකින්වත් එතුමා වැරදිකරු ලෙස ඔප්පු වී නැහැ. එතුමා සැකකරුවෙක් ලෙස වත් ප්‍රකාශයට පත් කර නැහැ. මේ විභාග කරගෙන යන්නේ ඒ කාරණා උඩයි. අලුත් චෝදනා හෝ අලුත් සිද්ධි ගැන නොවේ. අනෙක් කාරණය වන්නේ චාමර සම්පත් කට උත්තරය ලබාදෙන විටම ඔහු අත්අඩංගුවට ගත් බවට නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එවැනි දෙයක් කියන්නේ කොහොමද?

චාමර සම්පත් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ නිතර කතා කරනවා. ඔහු ප්‍රබලව විපක්ෂයේ හඬ නගනවා. මේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ එතුමාගේ මැදිහත්වීමට සම්බන්ධ දැයි විශාල ප්‍රශ්නයක් තිබෙනවා. මා සිතන්නේ එතුමා මේ ගැන පාර්ලිමේන්තුවෙන්ද විභාගයක් ඉල්ලා සිටිය යුතුයි. එය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වීමක්දැයි සොයා බැලිය යුතුයි.

+


චන්දිමාල් ජයසිංහගේ රාජකීය අවුරුදු කුමරා කුමරි උත්සවයට ගිනි තැබුවාද ? ගිනි ගත්තාද ? සියල්ල හෙළි කරයි (10.04.2025)

+


‘දෙහි ගෙදර’ ඝාතන ඉවර වුණා නෙවෙයි; දැන් තමයි පටන්ගත්තේ. ‘දෙහිබාලෙ මල්ලි’ චමුදිතට කතා කරලා කිව්ව දේ මෙන්න. (10.04.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *