මත්ද්‍රව්‍ය කිලෝ 862 ක් සමග අත්අඩංගුවට ගත් 07 දෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

මත්ද්‍රව්‍ය කිලෝ 862 ක් සමග අත්අඩංගුවට ගත් 07 දෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර


මත්ද්‍රව්‍ය කිලෝ 862 ක් සමග අත්අඩංගුවට ගත් 07 දෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

(06.04.2025 – 16:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (05) මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා රඳවා තබා ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබාදී තිබෙනවා.

බහු දින ධීවර යාත්‍රාවක අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 671 ක් සහ එරොයින් මත්කුඩු කිලෝ 191 ක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත්තා.

එම සැකකරුවන් 07 දෙනකු රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (06) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබාදී ඇත්තේ.

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව මෙම සැකකරුවන් අද (06) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති හෙයින් මෙම සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලිම පිළිගත් අධිකරණය අදාළ සැකකරුවන් පොලිසිය භාරයේ දින 07 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා ෴


රුපියල් 65,760,000 ක කොකේන් සමඟ ඉන්දීය තරුණියක් අත්අඩංගුවට

(06.04.2025 – 15:51 +0530 – sinhala.adaderana.lk)

රුපියල් 65,760,000 ක වීථි වටිනාකමකින් යුක්ත ‘කොකේන් මත්ද්‍රව්‍ය’ තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද (06) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය ඉන්දියාවේ මිසෝරාම් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සූපවේදිනියක් බව සඳහන් වේ.

ඇය මීට පෙර තුන්වරක් (3) මෙරටට පැමිණ ඇති බව ගමන් බලපත්‍ර ඇසුරෙන් සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ඇය අලුයම ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, ඇය විසින් රැගෙන ආ ගමන් බෑගයේ ව්‍යාජ පතුළක, පොලිතින් ඇසුරුම් තුළ ඔතා, මෙම කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 644 ක් සඟවා ගෙන තබු බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය සිදුකළ අනාවරණයක් මත මෙම මත්ද්‍රව්‍ය තොගය භාර ගැනීම සඳහා සූදානම්න් සිටි මෙරට අයිතිකරු, ඇයට නවාතැන් ගැනීම සඳහා සූදානම් කර තිබූ කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක් අසළ රැඳී සිටිය දී අද (06) පස්වරු 01:30 ට පමණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු මාළඹේ ප්‍රදේශයේ පදිංච් 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා, රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව සඳහන් වේ.

+


බුස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්

(06.04.2025 – 17:13 +0530 – hirunews.lk/sinhala)

බුස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ උපදෙස් මත පුළුල් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 04 වනදා පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු ඇනුම් තුවාල සහිතව මිය යාමට අදාළව පොලිස් විමර්ශන සහ බන්ධනාගාරයේ අභ්‍යන්තර විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා.

එමෙන්ම මෙවැනි සිද්ධීන් ඉදිරියේදී සිදු නොවීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ සියළුම විමර්ශන කඩිනමින් අවසන් කර අදාළ කමිටුවට වාර්තා කරන ලෙසයි ෴


වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මියගිය තරුණයාගේ සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ම තීරණයක්

(06.04.2025 – 17:29 +0530 – hirunews.lk/sinhala)

2025.04.01 වන දින රාත්‍රී කාලයේ වැලිකඩ පොලිස් වසමේ නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් නිලධාරීන් විසින් සැකකරු රෝහල් ගත කිරීමෙන් පසු මිය යෑමේ සිද්ධියට අදාළව විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම සඳහා වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන නිර්දේශ 2025.04.06 වන අද දින වැඩබලන පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම සිදුවීමේදී තම රාජකාරිය පැහැර හරින ලද බවට නිරීක්ෂණය වූ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴

+++

වැලිකඩ පොලිස් භාරයේ සිටි තරුණයාගේ මිය යාම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

(05.04.2025 – 22:14 +0530 – sinhala.adaderana.lk)

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාම සම්බන්ධව ‘නීතීඥ සංගමය’ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධව නීතීඥ සංගමයේ දැඩි කනස්සල්ලට හේතුවී ඇති බැවින් මේ සම්බන්ධව ක්ෂණික සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයායෙන් ඉල්ලා සිටින බවය.

එමෙන්ම මේ සම්බන්ධව සිදුවන සිදුවීම් නීතීඥ සංගමය සමීපව නිරීක්ෂණය කරන බවත් සිද්ධිය සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන බව සහ නීතියේ ආධිපත්‍ය සහතික කිරීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක්ද ගනු ඇති බවත් නීතීඥ සංගමය සිය ලිපිය මගින් සඳහන් කර තිබේ.

එමෙන්ම දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන එවැනි සිදුවීම් වැළැක්වීම් සඳහා දැඩි ප්‍රවේශමෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් මෙවැනි සිදුවීම් යුක්තිය පසිඳලීමේ ක්‍රමය කෙරෙහි විශ්වාසය කඩ කිරීම් බවත් නීතීඥ සංගමය සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.

එමෙන්ම අත්අඩංගුවේ පසුවන පිරිස් මරණයට පත්වීමේ සිදුවීම් අඛණ්ඩව සිදුවන බවත් එම සිද්ධීන් හී වරදකරුවන් නීතිය හමුවට පමුණුවා ගැනීම සඳහා කඩිනම් පියවර සහ පියවර ගැනීම් සඳහා බලධාරීන් මන්දගාමී වීම පිළිබඳවද නීතීඥ සංගමය සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.

තවද එවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම සහ ඊට අදාළ පිරිස් වෙත දඬුවම් නොකිරීම පිළිබඳ රජය වෙත චෝදනා එල්ල වන බවත් එම ලිපිය මගින් දක්වා තිබේ.

මේ හේතුවෙන් අත්අඩංගුවේ පසුවන පුද්ගලයින්ගේ මරණ සම්බන්ධව අනුගමනය කළ හැකි පියවරයන්ට නීතීඥ සංගමය සහය දක්වන බවත් ඒ සම්බන්ධව සිය සංගමය ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට සහාය වීමට කැමැත්තෙන් පසුවන බවද නීතීඥ සංගමය සිය ලිපිය මගින් වැඩිදුරටක් සඳහන් කර තිබේ ෴

+++

+++

+


පූජාවක් මුවාවෙන් ඇවිත් කෝටියක රන් බඩු සොරකම් කරලා

(06.04.2025 – 17:46 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට පැමිණි බව කියන තිදෙනෙකු (3) විසින් නිවසක තිබූ රුපියල් කෝටියකට (1,00,00,000) ආසන්න වටිනාකමකින් යුත් රත්‍රං භාණ්ඩ ඉතා කූඨ ලෙස සොරකම් කිරීමේ සිදුවීමක් හලාවත මුන්නේෂ්වරම් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඔවුන් ඒ සඳහා භාවිත කර තිබූ උපක්‍රමය වූයේ නිවැසියන්ට යම් දෝෂයක් පවතින බැවින් එය ඉවත් කිරීමට නම් රන් භාණ්ඩ වළ දමා විශේෂ පූජාවක් කළ යුතු බව නිවැසියන්ට ඇඟවීමයි.

හලාවත මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පිහිටි නිවසක තිබූ රුපියල් තිස්පන්දහසකට (35,000) ආසන්න මුදලක් අස්ථානගත වී ඇති අතර ඒ පිළිබදව යම් තොරතුරක් සොයා ගැනීමට නිවැසියන් ක්‍රමවේදයක් සොයමින් සිට තිබෙනවා.

පසුව අදාළ නිවසේ හිමිකරුට ඉන්දියාවේ සිට පැමිණි බව කියන සාස්තර කියන පුද්ගලයින් තිදෙනෙකු (3) මුණගැසී තිබෙනවා.

අනතුරුව ඔවුන් තිදෙනා (3) නිවැසියන්ට පවසා ඇත්තේ නිවසේ දෝෂයක් පවතින බැවින් එය ඉවත් කිරීමට විශේෂ පූජාවක් පැවැත්විය යුතු බවයි.

ඒ අනුව නිවැසියන්ගේ රන් භාණ්ඩ මුට්ටයක බහා වැළලීමෙන් අනතුරුව දෙවැනි (2) දිනටත් එම තිදෙනා (3) ගෙන් අයෙකු නැවත පූජාවක් සිදුකළ යුතු බව පවසමින් පැමිණි බවයි නිවැසියන් පැවසුවේ.

පූජාව පැවැත්වූ පුද්ගලයා සිකුරාදා දිනයේ නැවත පැමිණෙන බව පවසා තිබුණත් ඔහු නොපැණිම හේතුවෙන් රන් භාණ්ඩ බහා වළ දමා තිබූ අදාළ මුට්ටිය නිවැසියන් විසින් ගොඩගෙන ඇති අතර එහිදි ඔවුන්ට නිරීක්ෂණය වී ඇත්තේ අදාළ මුට්ටිය තුළ රන් භාණ්ඩ කිසිවක් නොමැති බවයි.

+


මීගමුව රෝහලේදී අතවරයට පත් තරුණිය පරීක්ෂා කිරීමට විශේෂ වෛද්‍ය මණ්ඩලයක්

(06.04.2025 – 08:40 +0530 – sinhala.adaderana.lk)

මීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසිය ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

පසුගිය මස 31 වැනි දින අදාළ තරුණිය දත් කැක්කුමකට සහ සමේ රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඇගේ මව සමග මීගමුව මහ රෝහලට පැමිණ ඇති අතර එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් ඇයව ලිංගිත අතවරයට ලක් කළ බවට මීගමුව මහ රෝහලේ අධ්‍යක්ෂ හරහා මීගමුව පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.

ඒ අනුව අදාළ තරුණිය පසුගිය 02 වැනි දින අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ලබා දුන් වෛද්‍ය වාර්තාව සම්බන්ධව අදාළ තරුණිය සෑහිමකට පත් වී නොමැති බවද පොලීසිය පවසයි.

මේ හේතුවෙන් විශේෂ වෛද්‍ය මණ්ඩලයක් යටතේ වින්දිත කාන්තාව පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇතැයිද පොලීසිය නිවේදනයක් මගින් සඳහන් කර තිබේ.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධව ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ද නිවේදනයක් නිකුත් කර තිබුණි.

එහි සඳහන්ව ඇත්තේ මෙම සිදුවීමට අදාළ වෛද්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද අයෙකු බවට තහවුරු වී ඇති බවය.

ඒ ඔහු සිය සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විනය විරෝධීව හැසිරීම හේතුවෙන් වසර කිහිපයකට පෙර සිය සංගමයෙන් ඔහුව නෙරපා හැරිය බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය ලිපිය මගින් සඳහන් කර තිබේ.

කෙසේ වුවත් රජයේ රෝහලක් තුළ සිදුව ඇති මෙම බරපතළ සිදුවීම සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර වහාම නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවද එම සංගමය පවසයි.

ඒ අනුව අදාළ විමර්ශන සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය උපරිම සහාය ලබා දෙන බවත් සෞඛ්‍ය සේවාව තුළ පමණක් නොව සමස්ත සමාජය තුළද කාන්තාවගේ ආරක්ෂාව තහවුරු විය යුතු බවට සිය සංගමය විශ්වාස කරන බවත් ඒ වෙනුවෙන් වඩා ශක්තිමක් ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් ඉදිරියේදී ස්ථාපිත කිරීම වෙනුවෙන් අවශ්‍ය නායකත්වය ලබා දීමටද සිය සංගමය සූදානම් බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ ෴

+++

ස්ත්‍රී දූෂණ සිද්ධියට කොටුවූ වෛද්‍යවරයා ගැන | බෙල්ලනගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (06.04.2025)

+


පෙරටුගාමීන් ආණ්ඩුව පතුරු ගහමින් සියලු රහස් හෙළි කරයි | බොරුනම් බොරු කියන්න, නිකං බයිල ගහන්න එපා (06.04.2025)

+++

ඉන්දීය විදේශ ඇමතිගේ මාධ්‍ය හමුවේ හොඳ හොඳ සෙල්ලම් ගැන අලුත් හෙළිදරව්ව (06.04.2025)

+++

+


ගැහැණිය කලබලේම පනිනවා. ඒ අනතුර දැකලා පිරිමියා බලන්නේ නැතුවම පනිනවා. (බිරිඳ සහ සැමියා)
ස්ථානය : රිය අනතුරු බහුල පොල්ගස්ඕවිට රිලාවල මංසන්ධිය. (05.04.2025)

+


ඉල්ලගෙන කෑම !

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *