රාජගිරියේ උත්සවශාලා ශාලාවක තිබූ චන්දිමාල්ගේ අවුරුදු උත්සවය ගිනි ගනී.. අවුරුදු කුමර කුමරියන් දිව ගොස් බේරෙති..
(06.04.2025 – 09:20 +0530 – lankacnews.com)
රාජගිරියේ පිහිටි උත්සවශාලා ශාලාවක ඊයේ (05) රාත‍්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබීම.
‘රූපලාවන ශිල්පී චන්දිමාල් ජයසිංහ’ විසින් සංවිධානය කරන ලද ‘අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ අවසන් මහා තරඟය’ පැවැත්වෙමින් තිබියදී මෙම ගින්න හටගෙන ඇත.
ගින්න හටගැනීමත් සමග එහි සිටි සියළු පිරිස් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.
ගිනි නිවීමේ ඒකක මැදිහත්වී ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.
+
+
Massive damage as Fire Erupts at Rajagiriya Entertainment Venue pic.twitter.com/4RIKO5tn7J
— NewsWire 🇱🇰 (@NewsWireLK) April 6, 2025
+
+
+
+
+
ජනපති කාර්යාල නම භාවිත කර ලොරියකින් සම්මාදමේ ගිය හිමි නම කොට්ටාවේදී අත්අඩංගුවට
(05.04.2025 – gossiplankanews.com)
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ බවට සාවද්‍ය ලෙස පෙන්වමින් ව්‍යාජ ලේඛනයක් භාවිතා කර ලොරි රථයක ගමන් කරමින් ජනතාව මුළා කොට මුදල් ආධාර එකතු කළ හිමිනමක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු (2) කොට්ටාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් ජනතාව විසින් පරිත්‍යාග කරන ලද මුදල් තැන්පත් කර තිබූ පින් කැටයක් ද රාජ සන්තක කර ඇත.
කොට්ටාව නගර මධ්‍යයේ නවතා තිබූ ලොරි රථයක සිට පිරිත් දේශනා කරමින් සැක කටයුතු ආකාරයෙන් හිමිනමක් ආධාර එකතු කරන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී, ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය යොදාගෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපියක් සන්තකයේ තබාගෙන මෙම වංචනික ක්‍රියාව සිදු කර ඇති බව හෙළි වී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් ලොරි රථයේ සිටි වයස අවුරුදු 76 ක් වූ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි හිමිනමක් සහ අවුරුදු 40 ක් වූ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි රියදුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී, හෝමාගම තලගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින තවත් හිමිනමකගේ මෙහෙයවීම මත මෙම වංචනික ක්‍රියාව සිදු කර ඇති බවත්, එම හිමිනම විසින් මෙම ව්‍යාජ ලිපිය සකස් කර දී ඇති බවත් අනාවරණය වී ඇත.
පරීක්ෂණවලින් අනාවරණය වී ඇති පරිදි, අත්අඩංගුවට ගත් හිමිනම දීර්ඝ කාලයක සිට නගරයෙන් නගරයට ගමන් කරමින් ආගමික භක්තිය ඇති වන පරිදි ලොරි රථය සරසා, එහි වැඩසිට පිරිත් දේශනා කරමින් ජනතාවට පිරිත් නූල් බැඳ, ඔවුන්ගෙන් මුදල් ආධාර ලබා ගැනීමේ ක්‍රියාවලියක නිරත වී ඇත.
අත්අඩංගුවට ගත් හිමිනම සහ රියදුරා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි ෴
කොළඹ මහල් නිවාසයක කාන්තා ඝාතනයේ සැකකරු අල්ලයි
(06.04.2025 – 10:55 +0530 – hirunews.lk/sinhala)
බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කළ සැමියෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසනවා.
සැකකරු විසින් සිය පුත්‍රයාටත් පිහියෙන් පහරදී තුවාල සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ආරුමුගන් අම්බිගා නැමති 57 හැවිරිදි දෙදරු මවක්.
පිහි ප්‍රහාරයට ලක් වූ 22 හැවිරිදි පුතු ද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමක් හේතුවෙන් ඊයේ (05) වැනිදා කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කර තිබෙන බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසනවා.
එහිදී තුවාලකාරිය වෛද්‍යවරුන් පරීක්ෂාවට ලක්කරන අවස්ථාව වන විටත් ඇය මිය ගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ‘මුවදොර උයන’ මහල් නිවාස සංකීර්ණයේ පළමු මහලේ නිවසක පදිංචිව සිටින සැකකරු ඇතුළු පවුලේ සාමාජිකයන්ගෙන් ඝාතනයට ලක් වූ කාන්තාව සහ තුවාල ලද ඇයගේ පුතු එක කාමරයක බිම මෙට්ටයක් දමා නින්දේ පසුවී ඇති අතර යාබද කාමරයේ වැඩිමහල් පුතු සහ සැකකරු රැඳී සිට ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින සැකකරු බිරිඳ නිදා සිටි ස්ථානයට පැමිණ ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව ඇයට පිහියෙන් ඇනීමේදී එය වැළැක්වීම සඳහා මැදිහත්ව තිබූ පුතුට ද සැකකරු පිහියෙන් ඇන පලා ගොස් තිබූ බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටියදීයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ෴
සෙල්ලමේ සිටි දරු තිදෙනෙක් (3) මැදට මෝටර් රථයක් කඩා වැදී දැරියක් මරුට
(06.04.2025 – 12:38 +0530 – hirunews.lk/sinhala)
මෝටර් රථයක්, නිවසක් ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි දරුවන් තිදෙනෙකුගේ (3) ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මහබාගේ, වැලිසර ප්‍රදේශයේ දී ඊයේ (05) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
මෙම අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා (3) රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් (1) දරුවෙක් මියගොස් ඇති බවයි පොලිසිය පවසුවේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 05 ක දැරියක්.
තුවාල ලැබූ අනෙක් දරුවන් දෙදෙනා (2) මේ වන විට බරපතල තත්ත්වයෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සිදුකළ මෝටර් රථ රියදුරු යතුරුපැදිකරුවෙකු පිටුපස හැප්පීම සඳහා හඹා යමින් සිටියදී නිවසක් ඉදිරිපිට සිටි දරුවන් තිදෙනාගේ (3) ගැටී අනතුර සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.
අනතුරුව මෝටර් රථයේ රියදුරු මෝටර් රථය එම ස්ථානයේ දමා පලාගොස් තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි ෴
+
+
සිය විවාහක දියණිය පැහැරගත් පියෙකු වැලිගමදී අත්අඩංගුවට
(06.04.2025 – 13:04 +0530 – hirunews.lk/sinhala)
වැලිගම – බොරාළගම ප්‍රදේශයේ පදිංචි සිය විවාහක දියණිය පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් පියෙකු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පසුගිය මාර්තු 25 වනදා අදාල සිදුවීම වාර්තා වී තිබූ අතර එම කාන්තාව ඊයේ (05) දිනයේ දී සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.
එම කාන්තාවගේ ස්වාමි පුරුෂයාට පියා දැක්වූ අකමැත්ත මත තමන් සිය දියණිය පැහැර ගෙන ඇල්පිටිය ප්‍රදේශයේ නිවසක සඟවා තැබූ බවයි ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.
අදාළ කාන්තාවගේ සැමියා මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී සිටින අතර ඉන් ඉවත් වන ලෙස දැනුවත් කලද ඔහු ඊට සැලකිල්ලක් නොදැක්වීම මත එම කාන්තාවගේ පියා මෙම පැහැරගැනීම සිදු කර ඇති බවටයි වැඩි දුරටත් වාර්තා වුණේ.
මෙම පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට අමතරව එම පවුලේ තවත් ඥාතීන් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගැනුනු අතර ඔවුන් ඇප මත මුදා හැරීමට මාතර අධිකරණය නියම කර තිබෙනවා ෴
දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාවේදී මහනුවරට විශේෂ ආරක්ෂාවක්
(06.04.2025 – 15:33 +0530 – hirunews.lk/sinhala)
දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාව තුළදී මහනුවර නගරය හා ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැකීමේ අවස්ථාවට අද එක්වෙමින්.
එමෙන්ම, අදාළ කාල සීමාව තුළදී ජනතාවගේ යටිතල පහසුකම් වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කළේ.
ඊට අදාළ සාකච්ඡාවක් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (06) මහනුවරදී පවත්වා තිබෙනවා. සිරි දළදා වන්දනාව ලබන 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි ෴
මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට කැඳවීමක්
(06.04.2025 – 16:43 +0530 – hirunews.lk/sinhala)
දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලු රාජ්‍ය නිලධාරීන් ලබන සතියේ කැඳවා තිබෙනවා.
ඒ, රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහායි.
එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ සංස්ථාවල සභාපතිවරුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියමිත බවයි.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.
ඒ අනුව, අද (06) සිට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන් වන තෙක් ඔවුන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මැයි මස 06 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු ලබන 16 වනදා සිට ලබන 29 වනදා දක්වා සිදුකරන අතර ලබන 20 වන ඉරිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර තිබෙනවා.
පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව ඊයේ දිනයේදී පැමිණිලි 06 ක් වාර්තා වී තිබෙනවා.
වත්තල, කැළණිය, රාගම, දඹගල්ල, මැදගම ප්‍රදේශයේවලින් එලෙස මැතිවරණ නීති උල්ලංඝණයට අදාළව පැමිණිලි ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් දිගින් දිගටම අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් ඊට අදාළ පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම කල් යා හැකි බවට පැෆරල් සංවිධානය සඳහන් කළා ෴
+++
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා භාර දීම ඇරඹේ
(06.04.2025 – 16:53 +0530 – hirunews.lk/sinhala)
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා භාර දීම ආරම්භ කළ බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව, අධිකරණ ක්‍රියාමාර්ග නොමැති පළාත් පාලන ආයතන 114 ක් සදහා පමණක් තැපැල් ඡන්ද පත්‍රිකා භාර දීම සිදු කළ බවයි එම කොමිසම සදහන් කළේ.
සෙසු පළාත් පාලන ආයතනවල ගන්නා තීරණය නඩු තීන්දුවෙන් පසුව දැනුම් දෙන බව ද එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියා.
ලබන මස 06 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු ලබන 16 වනදා සිට ලබන 29 වනදා දක්වා සිදුකෙරනවා ෴
+++
පුංචි ඡන්දේ කල්යයිද? | කිසිවෙකු නොසිතූ හෙළිදරව්වක් රෝහණ හෙට්ටිආරච්චිගෙන් (06.04.2025)
+
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර අභාවප්‍රාප්ත වෙයි
(06.04.2025 – 18:00 +0530 – hirunews.lk/sinhala)
‘ජාතික ජන බලවේගයේ’ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ඒ. කෝසල නුවන් ජයවීර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 38 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.
හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙසේ මිය ගොස් තිබෙනවා.

ඔහු කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඡන්ද 61,713 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
දේහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාපාවල යන ගමෙහි උපත ලබා ඇති ඔහු විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක් (?) ද වෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴