බූස්ස බන්ධනාගාරය තුළ දී රැඳවියෙක් ඝාතනය වෙයි

බූස්ස බන්ධනාගාරය තුළ දී රැඳවියෙක් ඝාතනය වෙයි


බූස්ස බන්ධනාගාරය තුළ දී රැඳවියෙක් ඝාතනය වෙයි

(04.04.2025 – 13:28 +0530 – hirunews.lk/sinhala)

බූස්ස බන්ධනාගාරයේ වාට්ටුවක් තුළ සිටි රැඳවියෙකුට තවත් රැඳවියන් පිරිසක් විසින් සිදුකරනු ලැබූ පහරදීමකින් අදාළ රැඳවියා මියගොස් තිබෙනවා.

අදාළ රැඳවියාට පහර එල්ල කර ඇත්තේ උල් ආයුධයකින් බවයි වාර්තා වෙන්නේ.

සිද්ධියෙන් මියගිය රැඳවියාගේ දේහය ගාල්ල ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා ෴

+

+


ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලූ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

(04.04.2025 – 14:33 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය ඇප මත මුදාහරින ලෙස කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට (2) පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව විසා නිකුත් කිරීමේ පැරැණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා ෴


හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍‍රාල් ඇතුළු පිරිසකට එරෙහි ‘ග්‍රීක බැඳුම්කර නඩුව’ කැඳවීමට දින නියම කෙරේ

(04.04.2025 – 15:24 +0530 – hirunews.lk/sinhala)

2012 වසරේ ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.8 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබිරාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට (4) එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ම නඩුවේ මියගොස් සිටින චන්ද්‍රසිරි ජයසිංහ නමැති විත්තිකරු මියගිය බව තහවුරු කිරීම සඳහා සාක්ෂි මෙහෙයවීම සිදුකෙරුනා.

ඉන් අනතුරුව විත්තිකරුවන්ට අදාළ චෝදනා පත්‍රය අල්ලස් කොමිසම විසින් සංශෝධනය කරනු ලැබුවා.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙසත් නියම කෙරුණා.

2012 වසරේ ග්‍රීසිය ආර්ථිකය අර්බුදයකට ලක්වී තිබෙන බව දනිමින් මෙ රට මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8 කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා ෴


කමිටුවකින් එළියට ආ අධිවේගී මාර්ගයේ දුබලතා

(04.04.2025 – 15:33 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ගවල සිදුවන රථවාහන අනතුරු අවම කරගැනීමට යෝජනා සෞඛ්‍ය අංශ විසින් ඉදිරිපත් කර ඇති බව බෝනොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීම හා නිවාරණ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග පැවසුවා.

එම යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ග අනතුරු පිළිබඳ තාක්ෂණික කමිටුවට ඉදිරිපත් කර ඇති බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම කටුනායක සිට මත්තල දක්වා අධිවේගී මාර්ගයේ ඇත්තේ එක් (1) සැපයුම් මධ්‍යස්ථානයක් බවත්, මේ නිසා රියදුරන් අධික වෙහෙසට පත් වුවහොත් විවේක ගැනීමට ගැටලු මතුවන බවත්, ඔහු පැවසුවා.

තවද, නිදිමත, වෙහෙසකර බව සහ මාර්ගයේ පවතින මීදුම් තත්ත්වය මෙන්ම වෙනත් බාහිර කරුණු නිසා රියදුරන් අපහසුතාවයට පත්වන බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

එම නිසා අවම වශයෙන් කිලෝමීටර් 50 කට හෝ එක් ස්ථානයක් විවේක ගැනීම සඳහා ස්ථාපිත කර තිබීම වැදගත් බවත්, අධිවේගී මාර්ගවල පමණක් නොව වෙනත් මාර්ගවල ද රජයෙන් නඩත්තු කරනු ලබන මෙවන් ස්ථාන ස්ථාපිත කර තිබීම වැදගත් බවත්, වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා ෴


අනුරාධපුර නගරය ආශ්‍රිතව අනිද්දා විශේෂ රථවාහන සැලැස්මක්

(04.04.2025 – 16:16 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරය හේතුවෙන් අනිද්දා පෙරවරු 07:30 ත් 10:30ත් අතර කාලයේ අනුරාධපුර නගරය, ජය ශ්‍රි මහා බෝධිය සහ අනුරාධපුර දුම්රිය පොළ ආශ්‍රිත ප්‍රධාන මාර්ග වරින් වර වසා තැබීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.

ඉන්දීය අග්‍රාමත්‍යවරයා අද (04) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත අතර, ඒ අනුව අද (04) පස්වරු 06 ත් 10 ත් අතර කාලය තුළ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා දැමීමට සිදුවන බවයි පොලිසිය සදහන් කළේ.

මීට අමතරව හෙට (05) දිනයේදී කොළඹ ගාලුමුවදොර, නිදහස් චතුරශ්‍රය ආශ්‍රීත ප්‍රදේශය මෙන්ම, බත්තරමුල්ල අපේගම පරිශ්‍රය ආශ්‍රිත මාර්ග ද වරින් වර වසා තැබෙනු ඇති ෴

+

+

+

+

+


මියන්මාරයේ විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් ත්‍රිවිධ හමුදා කණ්ඩායම් තුනක් හෙට (05) පිටත්ව යයි

(04.04.2025 – 18:22 +0530 – hirunews.lk/sinhala)

මියන්මාරයේ සහන සේවා කටයුතු සඳහා එක්වීම සඳහා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් තුනක් හෙට (05) විශේෂ ගුවන් යානයකින් මියන්මාරය බලා පිටත්ව යන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එමෙන්ම, මියන්මාරයේ ඇති වූ භූකම්පනය හේතුවෙන් විපතට පත් ජනතාවට වෛද්‍යාධාර ලබාදීම සඳහා වෛද්‍ය කණ්ඩායමක්ද පිටත්ව යාමට සූදානම් බව එම නිවේදනයේ සඳහන්.

විපතට පත් ජනතාව වෙනුවෙන් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් යුතුව රැස් කර ගන්නා ලද මානුෂීය ආධාර ද හෙට (05) දිනයේ මියන්මාරය බලා රැගෙන යාමට නියමිත බවයි ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදන‍යේ සඳහන් වන්නේ ෴


බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට ‘වැඩබලන පොලිස්පතිවරයා’ විසින් ලබා දුන් ස්ථාන මාරුව අත්හිටුවීමට ‘පොලිස් කොමිසමෙන්’ නියෝග

(04.04.2025 – 18:41 +0530 – hirunews.lk/sinhala)

බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට ‘වැඩබලන පොලිස්පතිවරයා’ විසින් ලබා දුන් ස්ථාන මාරුව අත්හිටුවීමට ‘පොලිස් කොමිසමෙන්’ නියෝග කර තිබෙනවා.

ඒ අනුව, ක්‍රියාකර, නොපමාව ‘ජාතික පොලිස් කොමිෂන් සභාව’ ලිඛිතව ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසයි ‘වැඩබලන පොලිස්පතිවරයා’ට නියෝග කර ඇත්තේ.

‘වැඩබලන පොලිස්පතිවරයා’ විසින් ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ’ අනුමැතියක් ලබා ගැනීමෙන් තොරව සහ ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ’ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් තොරව බිංගිරිය පොලිස් ස්ථානාධිපති ක්ෂණිකව ස්ථාන මාරු කිරීමට කටයුතු කර ඇති අතර, එමඟින් ‘ජාතික පොලිස් කොමිෂන් සභාවෙහි’ පොදු තීරණයට පටහැනිව කටයුතු කර ඇති බවයි එම කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක බඳවා ගැනීම්, උසස් කිරීම්, ස්ථානමාරු කිරීම් සිදු කිරීම සඳහා ‘මැතිවරණ කොමිෂන් සභාවේ’ එකඟතාවය ලබාගත යුතු බවට ‘මැතිවරණ කොමසාරිස් ජනරාල්’ විසින් නිකුත් කර ඇති අංක LAE/2025/06 දරණ 2025.03.03 වන දිනැති චක්‍ර ලේඛයේ සඳහන්ව තිබියදී, ‘වැඩබලන පොලිස්පතිවරයා’ විසින් ඉහත ස්ථානමාරු වීම සිදු කර ඇත්තේ එකී චක්‍රලේඛයේ ප්‍රතිපාදනවලට පටහැනි බවත් එම නිවේදනයේ සඳහන් ෴


GSP+ අහිමි වෙයිද?

(04.04.2025 – 19:47 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාව ඇතුළු GSP+ සහනය හිමිවන සියලු‍ම රටවලට එය අහිමිවීමේ අවධානමක් පවතින බව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඔහු අද (04) කොළඹ කැදවා තිබූ සාකච්ඡාවකදී මේ බව කියා සිටියා.

අමෙරිකාව විසින් ලොව ඉහළම තීරු බදු පැනවූ රටවල් 05 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්.

මේ අතර, ඇමෙරිකාව පනවා ඇති තීරුබදු සම්බන්ධයෙන් රජය කඩිනමින් සාකච්ඡා කළ යුතු බවයි ලංකා භාණ්ඩ හා ප්‍රවාහන සංගමයේ ලේකම් ඉනාම් කෆූර් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ ප්‍රකාශ කළේ.

අමෙරිකාව පැනවූ තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ කණ්ඩායමක් ඉදිරි දින 2 ක තුළ අමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිත බවයි නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයින්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු කියා සිටියේ ෴

+++

ට්‍රම්ප් පැනවූ තීරුබද්ද ගැන අමෙරිකාව සමග සාකච්ඡා කරන්න සූදානම් – මුදල් අමාත්‍යාංශය

(04.04.2025 – 21:03 +0530 – hirunews.lk/sinhala)

වෙළඳ ශේෂය සාධාරණ අයුරින් කළමනාකරණය කිරීම සඳහා කඩිනමින් අමෙරිකානු පරිපාලනය සමඟ සම්බන්ධ වන අතර, වෙළඳාමට සහ ආයෝජනයන්ට අදාල බදු සහ බදු නොවන බාධා සැළකිය යුතු ලෙස අඩු කිරීමටත් සූදානම් බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාව 2023 මාර්තු මාසයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකමක නිරතව සිටින අතර, වැඩසටහනේ තුන්වන සමාලෝචනය සාර්ථකව නිම කර ඇති බව එම නිවේදනය මගින් පවසනවා.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට සහය දැක්වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය විසින් ලබා දෙන ස්ථාවර සහයෝගය, විශේෂයෙන් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් සඳහා දක්වන සහයෝගය අගය කොට සලකන බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ෴

+


රේගුව විසින් නිෂ්කාශනය නොවී ලියාපදිංචි කළ වාහන 12 ක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා භාරයට

(04.04.2025 – 20:19 +0530 – hirunews.lk/sinhala)

රේගුව විසින් නිෂ්කාශනය නොවී ලියාපදිංචි කළ වාහන 12 ක් අධිකරණ නියෝග අනුව වැඩිදුර පරීක්ෂණ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව, මිට්සුබිෂි ජිප් රථයක්, මිට්සුබිෂි මොන්ටේරෝ ජිප් රථ 06 ක්, ටොයෝටා ජිප් රථ තුනක් (03), ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ ජිප් රථ 04 ක් නිශාන් ඩබල් කැබ්රථයක් (01) එලෙස සිය භාරයට ගත් බවයි එම කොමිසම සඳහන් කළේ.

මෙම දුෂණ අක්‍රමිකතාවයන් සිදු වූ ආකාරය සහ එයින් රජයට ඇති වූ අලාභය පිළිබඳව විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රම වේද මඟින් මේ වනවිට කොමිෂන් සභාව විසින් පරීක්ෂණ මෙහෙයවමින් පවතින බවයි එම කොමිෂන් සභාව නිකුත්කළ නිවේදනයේ සඳහන්.

+


ඇල්පිටියේ වෙඩි තැබීමක්

(04.04.2025 – 20:57 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය ඌරගහ ප්‍රදේශයේ දී අද (04) වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එහිදී පුද්ගලයෙක් (1) තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ ෴

+


කිව්වනේ පුර්ණ රාජ්‍ය අනුග්‍රහය කියලා… | මේක මට තනියෙන් කරන්න බැහැ | මිහින්තලේ හිමි ආයෙත් සැරටම අමතයි (04.04.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *