දේශබන්දු සම්බන්ධයෙන් විමර්ශනවලට සහය දිය හැකි අයුරු නීතීඥවරයා අධිකරණයට දන්වයි
දේශබන්දු සම්බන්ධයෙන් විමර්ශනවලට සහය දිය හැකි අයුරු නීතීඥවරයා අධිකරණයට දන්වයි
(12.03.2025 – 19:43 +0530 – hirunews.lk/sinhala)
තමන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (12) ප්‍රකාශ කළා.
ඔහු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායකගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා මේ අවස්ථාව වන විටත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන බව කියා සිටියා.
ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ද ඔහු සඳහන් කළා.
“වගන්තිය ප්‍රකාරව වැලිගම පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු වාර්තා කිරීමක් පදනම් කරගෙනයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම වැරදියි. මෙම වගන්තිය යටතේ පොලිසිය විසින් ඉදිරිපත් කරන කරුණු වාර්තා කිරීමක් පදනම් කරගෙන මෙවැනි නියෝගයක් නිකුත් කරන්න බැහැ. ඒ වගේම මෙම නියෝගය නිකුත් කිරීමට පෙර පෙත්සම්කරුගෙන් කිසිදු ආකාරයක ප්‍රකාශයක් සටහන් කරගෙන නැහැ. අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසියක් නිකුත් නොකොට සෘජුවම ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කිරීම වැරදියි.”
මෙහිදී අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් “පෙත්සම්කරුට කෙලින්ම අධිකරණයට ගිහින් පෙනී සිට ප්‍රකාශයක් දෙන්න බැරිද?” යනුවෙන් විමසුවා.
ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙලෙස කියා සිටියා :
“ස්වාමීනී… මගේ සේවා දායකයා ඉදිරිපත් වෙන්න කැමතියි. නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම රිමාන්ඩ් භාරයට පත්වීමේ අවදානමකුත් තිබෙනවා. මාගේ සේවා දායකයා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් ඔහු විමර්ශනවලට සහාය වෙන්න කැමතියි.”
එම අවස්ථාවේදී යළි ප්‍රශ්නයක් මතු කළ අභියාචනාදිකරණයේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් වුණොත් මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරනු ඇති අතර, ඔහුට අධිකරණයට ඉදිරිපත් වෙන්න හැකියාවක් තිබෙනවා නේද? යනුවෙන්.
ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥවරයා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් ඔහු ඉදිරිපත් වෙන්න සූදානම් යනුවෙන් යලි සඳහන් කර සිටියා.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනරාල් දිලීප පිරිස් සඳහන් කළේ වැනි ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බවයි.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙලෙස ප්‍රකාශ කළා :
“මාගේ සේවා දායකයා මේ අවස්ථාවේදීත් පොලිස්පති ධුරයේ කටයුතු කරනවා. ඔහුගේ ලිපිනය සහ දුරකථන අංක කවුරුත් දන්නවා. එසේ තිබියදී ඔහුව අධිකරණයට කැඳවීම සඳහා සිතාසියක් නිකුත් කළ යුතුව තිබුණා. ඒක තමයි නීතිමය තත්ත්වය. එසේ නොකොට ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කිරීම නීතියට අනුකූල නැහැ. ඒ වගේම පොලිසිය ඉදිරිපත් කර තිබෙන කරුණු වාර්තාවක් පදනම් කරගෙන මෙවැනි නියෝගයක් මහේස්ත්‍රාත්වරයාට කොහෙත්ම නිකුත් කරන්න බෑ. මෙම නියෝගය නිකුත් කිරීමේදී මහේස්ත්‍රාත්වරයා නීතිමය වශයෙන් පක්ෂග්‍රාහී භාවයකින් කටයුතු කර තිබෙනවා. එසේම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන බව ඊයේ මාධ්‍යවලින් දැනගන්නට ලැබුණා. මෙවැනි නියෝගයක් නිකුත් කරන්නේ කොහොමද? මේක අධිකරණ බලය අවභාවිතාවට ලක් කිරීමක්. මෙවැනි ක්‍රියා නැවැත්විය යුතුයි.”
ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත් තම සේවා දායකයා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති අතුරු නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් දිවුරුම් ප්‍රකායට අත්සන් කලේ මාතර ද, හෝකන්දර ද, කොළඹ දීද යනුවෙන් ද පෙත්සම්කරැ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වාගෙන් විමසා සිටි වැඩබලන සභාපති විනිසුරුවරයා ඔහුව දුටුවාද කියා වැඩිදුරටත් විමසා සිටියා.
එහිදී ජනාධිපති නීතීඥවරයා විනිසුරුයා නැඟු එම ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් ලබා දුන්නේ නැහැ.
ඉන් අනතුරුව වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.
“පෙත්සම්කරු තවමත් පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කළා. කියන්න ලැජ්ජයි ස්වාමීනී.. මේ පුද්ගලයා පසුගිය 27 සිට මේ දක්වා අධිකරණය මග හැර සැඟවිලා සිටිනවා. ඔහු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහයත් ඉල්ලා තිබෙනවා. ඔහු මේ වන විට අධිකරණය මගහැර සැඟවී සිටින පුද්ගලයෙක්. පෙත්සම්කරු විසින් අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමේ ඔහුගේ නම දේශබන්දු තෙන්නකෝන් යනුවෙන් සඳහන් කර තිබෙනවා. නමුත් ඔහු විසින් ඉදිරිපත් කළ නඩු ගොනුවේ තවත් ලේඛනයක ඔහුගේ නම පී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් යනුවෙන් සඳහන් කර තිබෙනවා. ඇත්තටම මේක කරුණු වසන් කිරීමක්. ඔහු පදිංචිව සිටින හෝකන්දර, ගංගානි මාවතේ පිහිටි නිවස පරික්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් 27 වන දා එම ස්ථානයට ගියා. එම නිවසේ ඔහු සහ පවුලේ සාමාජිකයින් නොමැති බව අනාවරණය වුණා. එහෙත් නිවසට පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදී තිබෙනවා. ස්වාමීනී…. මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගන්න සූදානම් වන්නේ උසාවි නියෝගයක් අනුවයි. මේක පොලිසිය ගත්තු තීරණයක් නෙවෙයි.”
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා මෙලෙස කියා සිටියා :
“2023 දෙසැම්බර් මස 31 වනදා රාත්‍රි 08:30 ට පමණ මෙම නඩුවේ පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගයක් මත කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් කේ.ඩී.එච්. වෑන් රථයකින් මාතර බලා ගමන් ආරම්භ කරනවා. මෙම කණ්ඩායමට කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරු තුන් දෙනකු (3) ඇතුළත් වුණා. මත්ද්‍රව්‍ය සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ වැටලීමක් සිදු කිරීමට ගිය බව තමයි මොවුන් සඳහන් කර තිබුණේ. මෙසේ ගිය කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිස මාතර වැලිගම පැළෑනේ පිහිටි අදාල හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව සාක්ෂි වලින් අනාවරණය වී තිබෙනවා. එම අවස්ථාවේදී ‘යුක්තිය’ මෙහෙයුමේ නිරත යුද හමුදාව සහ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම වෑන් රථය හඹාගෙන ගොස් වෙඩි තැබීම් සිදුකරනවා. ඉන් එම රථය තුළ සිටි අපරාධ කොට්ඨාශය නිලධාරින් දෙදෙනෙකු (2) තුවාල ලබනවා. පසුව වාහනය තුළ සිටි පොලිස් සැරයන් වරයෙකු මරණයට පත් වුණා. වාහනය තුළ තුවාලකරුවන් දෙදෙනෙකු (2) සිටියා. මෙසේ පලා ගිය වාහනය ඉමදූව අධිවේගී මාර්ග පිවිසුමේදී පොලිසිය විසින් නතර කරනවා. ඒ අවස්ථාවේදී වාහනය තුළ තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු (2) සිටින බව නිරීක්ෂණය වුණා. අදාළ වෑන් රථයේ මැද ආසනය ගලවා තිබූ අතර තුවාලකරුවන් බිම තමයි දමා තිබුණේ. වෑන් රථය තුළ සිටි සියලු දෙනාගේ රාජකාරී ජංගම දුරකථන වසා දමා තිබුණා. පසුව පොලිස් නිලධාරින් මැදිහත් වී තුවාලකරුවන් රෝහලට රැගෙන යනවා. මේක ඉතාම සැක කටයුතු තත්ත්වයක්. වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට ඉමදූව අධිවේගී මාර්ග පිවිසුම දක්වා ඔවුන් කිලෝමීටර් දහතුනක් (13) ගමන් කර තිබෙනවා. එසේ පැමිණෙන විට ඔවුන් පොලිස් ස්ථාන තුනක් (3) හා රෝහල් තුනක් (3) පසු කරනු ලැබුවා. තුවාලකරුවන් එම රෝහල් වලට ඇතුළත් නොකළේ ඇයි දැයි සැකයක් මතුවෙනවා. මෙය නීත්‍යානකූල වැටලීමක් නම් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ස් විසින් ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයා සහ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කරන්න තිබුණා. එහෙත් ඔවුන් එසේ කළේ නැහැ. ඒ නිසයි මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති වුණේ.”
“ස්වාමීනී.. මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායම ගිය බව ඔවුන් විසින් ප්‍රකාශ කළත් එය පිළිගන්න බෑ. වෙඩි තැබීමට ලක් වූ W-15 හෝටලයේ හිමිකරු වන ‘මොහොමඩ් නිසාම් ජමාල්ඩින්’ සහ දේශබන්දු තෙන්නකෝන් අතර පැවති පෞද්ගලික ආරවුලක් මත මෙම සිද්ධිය හටගෙන තිබෙන බව පෙනී ගොස් තිබෙනවා. ඉඩමක් සම්බන්ධයෙන් පැවති ආරවුලක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාසයකට රුපියල් ලක්ෂ එක හමාරක (1½) මුදලක් ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව සාක්ෂි වලින් පෙනීගොස් තිබෙනවා. ඒ සඳහා ඔහු තමන් යටතේ සේවය කළ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් යොදවා ගෙන තිබෙන බවත් පැහැදිලි වී තිබෙනවා. පෙත්සන්කරු මේ රටේ පොලිස්පති නම් ඔහු යටතේ මෙවැනි ‘පැරා මිලටරි’ කණ්ඩායමක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද?”
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම පෙත්සම සත්‍ය කරුණු වසන් කරමින් අභියාචනාධිකරණ රීතීන්ට අනුකූල නොවන ආකාරයට ඉදිරිපත් කර ඇති නිසා එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභා කරන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම පිළිබඳ සිය තීරණය ලබන 17 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළා.
+
මිද්දෙනිය ත්‍රිත්ව (3) ඝාතනයේ සැකකරුවෙකු ඩුබායි වෙත පලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට
(12.03.2025 – 22:35 +0530 – hirunews.lk/sinhala)
මිද්දෙනියේ ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන තවත් පුද්ගලයෙකු අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, නීතිවේදී බුද්ධික මනතුංග පවසනවා.
ඒ ඩුබායි වෙත පලා යාමට උත්සාහ කිරීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීයි ෴
හිරුණිකා – හිරාන්ගේ විවාහය දෙදරයි. ‘තාත්තා අපිට අයිති නෑ පුතා’ (12.03.2025)
+
අනුරාධපුර සිදුවීමේ සැකකරුගේ සහෝදරිය අත්අඩංගුවට
(13.03.2025 – 07:24 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධියට සම්බන්ධ සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති ඔහුගේ සහෝදරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබ තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි කාන්තාවක්.
අනුරාධපුර වෛද්‍යවරියට ලිංගික හිංසන සිදු කිරීමේ සිදුවීමට අදාළ සැකකරු ඊයේ (12) අත්අඩංගුවට ගත්තා.
ඒ ගල්නෑව පොලිසිය විසින් ෴
+++
GMOA වර්ජනය උදේ 8 ට අවසන් – අනුරාධපුර රෝහලේ අඛණ්ඩව
(13.03.2025 – 07:19 +0530 – sinhala.adaderana.lk)
වෛද්‍යවරිය දූෂණයට ලක්කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනේ සියලු රෝහල්වල ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (13) පෙරවරු 08:00 න් අවසන් වීමට නියමිතය.
කෙසේවෙතත් අදාළ සැකකරු අත්අඩංගුවට ගත්ත ද අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකෙරේ.
ඒ අදාළ රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරදෙන ලෙසට බලකරමිනි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අද පෙවරුවේ උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව වර්ජනය අණ්ඩව සිදුකරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ‘රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ’ අනුරාධපුර ශාඛාවේ ලේකම් වෛද්‍ය සසික විජේනායක මහතා පැවසුවේය ෴
මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර පහෙන් (5) තුනක් (3) බිඳවැටෙයි
(13.03.2025 – 08:34 +0530 – sinhala.adaderana.lk)
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර පහෙන් (5) තුනක් (3) බිඳ වැටී ඇති බව ‘රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය’ පවසයි.
එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, මේ හේතුවෙන් දෛනිකව රෝගීන් 250 කගේ පමණ විකිරණ ප්‍රතිකාර කටයුතු ඇණ හිට ඇති බවය.
ඒ අනුව අදාළ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට බලධාරින් කඩිනමින් පියවර ගත යුතු බව චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය ෴
දියවන්නාවේ විශාල ශබ්දයක්.. රංවල නිසා අගමැතිනි ලොකු විපතක..
(13.03.2025 – 09:20 +0530 – lankacnews.com)
දේශපාලඥයන්ට පාසල් උත්සව සඳහා නොයන ලෙස කිසිදු නීතියක් පනවා නැති බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.
පාසල් පද්ධතිය දේශපාලනය සඳහා යොදා නොගත යුතු බව පමණක් පවසා ඇතැයිද ඇය පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.
එවන් සීමාවක් පනවා නොමැති බවද පැවසන පැවසූ ඇය මාධ්‍ය විසින් වැරදි ලෙස ප්‍රසිද්ධ කර ඇති බවද සඳහන් කළාය.
ඇය මේ බව කියා සිටියේ රජය විසින් පනවා ඇති සීමා කිරීම් නොතකමින් රජයේ මති ඇමතිවරුන් පාසල් උත්සවයට සහභාගි වන්නේ කෙසේදැයි පාර්ලිමේන්තුවේදී කල ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරිය පැවසූ බවට පසුගිය සැප්තැම්බර් 26 වෙනි දින අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයකින් සඳහන් කළේ දේශපාලඥයන්ට පාසල් උත්සව සඳහා ගෙන්වීම වහා නතර කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට දන්වන ලද බවයි.
+
+
ඇඟ හිරිවැටෙන බටලන්ද වධකාගාරයේ ඇත්ත කතාව (13.03.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴