බටලන්ද ගැන යුධ හමුදා හිටපු ඡායාරූප ශිල්පයාගෙන් ‘හිරු’ට අනාවරණයක්
බටලන්ද ගැන යුධ හමුදා හිටපු ඡායාරූප ශිල්පයාගෙන් ‘හිරු’ට අනාවරණයක්
(12.03.2025 – 21:04 +0530 – hirunews.lk/sinhala)
භීෂණ සමයේදී තරුණයින් ඝාතනය කිරීමට එවකට තරුණ කටයුතු අමාත්‍ය ‘රනිල් වික්‍රමසිංහ’ සම්බන්ධ බවට තොරතුරු වාර්තා වනවා.
එවකට ‘බටලන්ද ඇතුළු වධකාගාරවලදී’ තරුණයින් ඝාතනය කිරීමට ඒ සමයේ හිටපු තරුණ කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බව පවසන්නේ ‘ඉන්ද්‍රාන්ද සිල්වා’ නැමති හිටපු හමුදා නිලධාරියෙකි.
රනිල් වික්‍රමසිංහ ඊට සම්බන්ධ වූ අකාරය තම ඇසින් දුටු බවයි ඔහු පවසන්නේ.
එම ඝාතන සිදුකිරීමට පෙර ඡායාරූප ලබාගත්තේ මෙම හිටපු හමුදා නිලධාරියා බවද පවසනවා.
‘හිරු HARD TALK’ වැඩසටහන සමග එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.
බැවින් මෙම අපරාධ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි ඔහු වඩිදුරටත් කියා සිටියේ.
+
නව පාසල් වාරයට දින නියම වෙයි
(12.03.2025 – 13:27 +0530 – hirunews.lk/sinhala)
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව පළමු (1) පාසල් වාරයේ පළමු (1) අදියර මාර්තු 14 (සිකුරාදා) දිනෙන් අවසන් වීමට නියමිතයි.
පළමු (1) වාරයේ දෙවන (2) අදියර අප්‍රේල් 01 වන දින ආරම්භ වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ ෴
සුඛෝපභෝගී හොර වාහන 2,267 ක් මහ පාරේ
(12.03.2025 – 14:11 +0530 – hirunews.lk/sinhala)
ව්‍යාජ අංක තහඩු යොදාගෙන ධාවනය කළ සුඛෝපභෝගී වාහන 2,267 ක් හදුනා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
කොළඹ නගරයේ සවිකර තිබෙන ආරක්ෂක කැමරා හරහා මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ආරම්භකර ඇති මෙහෙයුම්වලින් මෙම වාහන හඳුනාගෙන තිබෙනවා.
මෙම කැමරා මගින් මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුම ආරම්භ කළේ පසුගිය වසරේ (2024) පෙබරවාරි මාසයේදීයි.
ඒ අනුව ඉකුත් 2024 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රථවාහන නීති උල්ලංඝණය කළ වාහන 12,246 ක් හසුකර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
කැමරාවලින් හදුනාගන්නා වාහන අංකවලට අනුව එහි ලියාපදිංචි හිමිකරු හදුනාගෙන අදාල නීතිය ක්‍රියාත්මක කෙරෙනවා.
මේ අතර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඝෘජුවම මෙම අංශයේ පොලිස් නිලධාරීන්ට සම්බන්ධවීමේ අවස්ථාවද ලැබී තිබෙනවා.
කොළඹ නගරයේ ඇති ආරක්ෂක කැමරාවලට හසුවූ මාර්ග නීති උල්ලංඝනය කළ වාහන 12,246 ක් අතරින් වාහන 2,267 ක් හොර වාහන ලෙස හදුනාගෙන ඇත්තේ එහි ලියාපදිංචි හිමිකරු සොයා යාමත් සමගයි.
මෙම වාහන 2267 න් වැඩි වාහන ප්‍රමාණයක අංක තහඩු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචිකර නොමැති බවයි පැවසෙන්නේ.
ඇතැම් වාහන ලියාපදිංචි හිමිකරුවන් සොයා පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයන්ට එවැනි වාහනයක් තබා යතුරුපැදියක්වත් ගැනීමට වත්කමක් නැති පුද්ගලයින් බවට හෙළිව තිබෙනවා.
ඒ අනුව මෙම වාහන 2,267 ම හොර වාහන බවට සැකකරන බවයි සමීප රූප ආවේක්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ.
එම වාහන අංක දිවයිනපුරා පොලිස් ස්ථානවලට යොමුකොට නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුමක් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ ෴
හිතවතෙකුගෙන් ඉල්ලාගෙන පැමිණි මෝටර් රථය ඇළට පෙරලෙයි
(12.03.2025 – 15:43 +0530 – hirunews.lk/sinhala)
තම දරුවාගේ පාසලේ ක්‍රීඩා උත්සවය නැරඹීමට පැමිණි කාන්තාවක් පැදවූ රථයක් අද (12) දහවල් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය ආසන්නයේ ධර්මාරාම පාරේ පිහිටි ඇළ මාර්ගයකට වැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
රථය පැදවූ මව සහ දරුවා කාර් රථයෙන් බැස මඳ වේලාවකට පසුව මෙම අනතුර සිදුවී ඇති අතර, ‘රථයේ අත් තිරිංග ක්‍රියා විරහිත වීමෙන්’ මෙම අනතුරු සිදුවන්නට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, එම කාර් රථය පදවාගෙන පැමිණි කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ, මෙම කාර් රථය සිය හිතවතෙකුගෙන් තම දරුවාගේ ක්‍රීඩා උත්සවය නැරඹීම සඳහා ඉල්ලාගෙන පැමිණි බවයි.
අනතුරුව, මෙම සිදුවීම පිළිබඳව බම්බලපිටිය පොලිසියට ලද තොරතුරු මත පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ ආපදා රථයක් ගෙන්වා පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ඇළට වැටී තිබුණ කාර් රථය ගොඩ ගෙනා තිබෙනවා.
කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, මෙම ස්ථානයේ නිතර වාහන අනතුරට ලක්වන බවත්, එයට හේතුව ඇළ මාර්ගය හරහා ආරක්ෂිත වැටක් නොමැති වීම බවයි.
+
2025 වසරේ මේ දක්වා කාලය තුළ ‘ළමා ආරක්ෂක අධිකාරිය’ට පැමිණිලි 1,400 ක්
(12.03.2025 – 16:03 +0530 – hirunews.lk/sinhala)
2025 වසරේ මේ දක්වා කාලය තුළ ළමුන්ට සිදුවන විවිධ අඩත්තේට්ටම් සම්බන්ධයෙන් පැමිණිලි 1,401 ක් ලැබී ඇති බව ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරිය’ පවසනවා.
වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ, ළමයින්ගේ භාරකාරත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන්.
එමෙන්ම, ළමයින් කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ද පැමිණිලි 332 ක් ලැබී ඇති බවයි ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරිය’ සදහන් කළේ.
මීට අමතරව ළමයින්ට අධ්‍යාපනය ලබා දීම වැළැක්වීම සම්බන්ධයෙන්ද පැමිණිලි 279 ක් ලැබී තිබෙනවා ෴
අල්ලස් ගත් හැටන් පොලිසියේ සැරයනයෙකු අත්අඩංගුවට
(12.03.2025 – 16:17 +0530 – hirunews.lk/sinhala)
හැටන් පොලිස් ස්ථානයේ සැරයනයෙකු ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නඩු විභාගයක් අවසන් කරන බවට පොරොන්දු වී රුපියල් 15,000 ක මුදලක් ඉල්ලා සිටි බවට ලැබුණු පැමිණිල්ලක් මතයි.
අංගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත් අඩංගුවට ගැනීම ඊයේ (11) දින සිදුකර ඇති අතර, එහිදී, පැමිණිලිකරුට විරුද්ධව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකින් පැමිණිලිකරු සහ ඔහුගේ බිරිඳ නිදහස් කර දී එම නඩුව අවසන් කර දීමට අවශ්‍ය කටයුතු සිදු කර දීම සඳහා රු. 20,000 ක මුදලක් අල්ලස් වශයෙන් මෙම සැකකාර සැරයන් විසින් ඉල්ලා තිබෙනවා.
පසුව එම මුදල රු,15,000 ක් දක්වා අඩුකර ඇති බවයි ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ සඳහන් කලේ ෴
බිග්මැච් සඳහා පොලිසියෙන් උපදෙස්
(12.03.2025 – 17:39 +0530 – hirunews.lk/sinhala)
පාසල් ක්‍රිකට් තරග අතරතුර නීති කඩන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.
ඒ සඳහා පොලීසිය දැඩි විමසිල්ලෙන් පසුවෙන බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්.යූ. වුට්ලර් පැවසුවේ.
එබැවින් සිය පාසලේ ගෞරවය ආරක්ෂා කරගැනීම සියලුදෙනාගේ වගකීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී, එෆ්.යූ. වුට්ලර් :
“මේ දිනවල රටේ පවතින පාසල් ක්‍රිකට් තරගාවලි ඉතාම උණුසුම් ස්වරූපයක් ගෙන තිබෙනවා. ඒ පිළිබඳව ශිෂ්‍යයන්, ආදි සිසුන්, දෙමව්පියන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් අපිට නිරීක්ෂණය වෙනවා. පසුගිය කාලයේ වාර්තා වුණු ඛේදජනක සිදුවීම් අපි කවුරුත් දන්නවා. ජීවිත හානි, බරපතළ රිය අනතුරු, කලහකාරී සිදුවීම් වගේ දේවල්. පොලීසිය මේ ගැන දැඩි අවධානයෙන් ඉන්නේ. ඉදිරි කාලය තුළ අපි බලාපොරොත්තු වෙනවා රථ වාහන පෙළපාලි, බීමතින් රිය පැදවීම්, අපරික්ෂාකාරී රිය පැදවීම්, අනවසර මගීන් ගෙනයෑම වැනි වැරදි ගැන කටයුතු කරන්න. ඒ ගැන ජනතාව දැනුවත්ව සිටිය යුතුයි.”
මේ අතර වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, එවැනි තරග සංවිධායකයින් අදාළ පොලිස් වසමේ පොලිස් නිලධාරීන් හමුවී සංවිධාන කටයුතු සිදුකිරීමට කටයුතු කළ යුතු බවයි.
ඒ හේතුවෙන් බාධාවකින් තොරව අදාල කටයුතු සිදුකරගෙන යෑමට ඉන් අවස්ථාව ලැබෙන බවත් ඒ අනූව පාසලේ ගෞරව නාමය ආරක්ෂා කරගැනීම සියලුදෙනාගේම වගකීමක් බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ ෴
ආනන්තරීය පාප කර්මයක් : ‘අමනුෂ්‍ය දෝෂයක්’ නිසා මොණරාගල පුතෙකු මවට පහර දී පුලුස්සා ඝාතනය කරයි
(12.03.2025 – 20:29 +0530 – hirunews.lk/sinhala)
මිථ්‍යා විශ්වාස නිසා මව් සෙනෙහසට නිගා දුන් පිරිසක් පිළිබද පුවතක් මොණරාගල දඹගල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අවාසනාවකට දරුවන් 06 දෙනෙකුගේ මවක් මෙහිදී ජීවිතයෙන් වන්දි ගෙවා තිබුණා.
මෙම සිද්ධිය පිළීබදව තොරතුරු අණාවරනය වන්නේ, 55 හැවිරිදි සය (6) දරු මවක් පහරදී පුළුස්සා ඝාතනය කර ඇති බවට පොලිසියට ලැබෙන තොරතුරක් මතයි.
මියගිය කාන්තාවට දියණියන් සිව් දෙනෙකු (4) සහ පිරිමි දරුවන් දෙදෙනෙකු (2) සිටිනවා.
සැමියා කලකට පෙර මියගොස් ඇති අතර, ‘ඔහු වරින්වර මෙම මවට ආරූඨ වන’ බවට වන විශ්වාසයක් දරුවන් අතර පැවතුණා.
ඒ හේතුවෙන් පවුලේ ආරවුල් ද හටගත් බවයි වාර්තා වන්නේ.
මෙම මවගේ එක් (1) පුතෙකුගේ බිරිදට දරුඵල නොමැතිව සිට ඇති අතර, ප්‍රතිකාර සිදු කළත් පලක් නොවන නිසා ඔවුන් කට්ටඩියෙකු සොයා ගොස් තිබුණා.
පසුව පුතු සැකකර ඇත්තේ ගැටළු සියල්ලට හේතුව ‘තම මවට ආරූඪ වන මියගිය පියා’ බවයි.
එම විශ්වාසයෙන් ‘පියා මවගේ සිරුරෙන් ඉවත් කිරීමේ අරමුණින්’ ඔහු පසුව කටයුතු කරන අතර, ඒ සදහා ආනමඩුවේ සිටින තම සහෝදරියක සහ ඇයගේ සැමියා ද නිවසට ගෙන්වා ගෙන තිබෙනවා.
පසුව නිවස තුළ සංවිධාන කළ ‘යාතු කර්මය’ට මව ඇතුලු 06 දෙනෙකු සහභාගී වී සිටියා.
එම අවස්ථාවේ ‘නිවසේ විදුලි බල්බ පුපුරා ගොස්’ ඇති අතර, ‘මියගිය පියා’ විසින් එය සිදුකරන්නට ඇති බවටයි පුතු සැකකර ඇත්තේ.
ඒ අනුව ඔහු තම මස්සිනාද සමග එක්ව මව බිම දමා අත් පා ගැට ගසා උදැල්ලකින් සහ මිටියකින් පහර දී නිවසෙන් පිටතත රැගෙනගොස් ගිනිගොඩකට දමා පුළුස්සා තිබෙනවා.
පසුව පොලිසියට මෙම මරණය සැඟවීමේ අරමුණින් පිලිස්සෙමින් සිටි මවගේ සිරුර නැවතත් නිවසට රැගෙන විත් තුවාල සෝදා ඇත්තේ මරණය විදුලි සැර වැදීමකින් සිදූවූවක් බවට හැඟවීමටයි.
පොලිසිය පැමිණෙන විට ‘භූත බලවේගයකට ගොදුරුවූ පිරිසක් ලෙස හැසිරෙන ලෙස’ සැකකාර පුතු නිවසේ සිටි පිරිසට ප්‍රකාශ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ 35 හැවිරිදි පුතා, 30 හැවිරිදි දියණිය සහ 34 හැවිරිදි ලේලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිළිබද තොරතුරු අනාවරණය කර ඇත්තේ අත්අඩංගුවට ගත් දියණියගේ සැමියා විසින්.
මියගිය මවගේ මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර, එහිදී ඇයගේ සිරුරේ තුවාල 19 ක් සහ පිලිස්සුම් තුවාල තිබී ඇති බවත් මරණය අභ්‍යන්තර රුධිර වහනයකින් සිදුව ඇති බවත් හෙලිවී තිබෙනවා.
+
ආනන්තරීය පාප කර්ම පහකි. 1) තම මව මැරිම, 2) තම පියා මැරීම, 3) රහත් උතුමෙකු මැරීම, 4) බුදුරජුන්ගේ ශරීරයේ ලේ වෛරී සිතින් සෙළවීම, 5) සංඝ භේදය සිදුකිරීම (කළහැක්කේ උපසම්පදා භික්ෂුවක විසින් පමණි). ආනන්තරීය පාප කර්ම සිදුකළ තැනැත්තා මියගිය මොහොතේම ඒකාන්තයෙන් ම දරුණු කර්ම විපාකයකට මුහුණදීමට සිදුවේ. එයට අදාළ කර්ම විපාකය නම් මරණින් මතු අවිචී මහා නරකයෙහි ඉපිද දුක් විඳීන්නට සිදුවීමයි. ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴