අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියට ලිංගික හිංසන සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියට ලිංගික හිංසන සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට


අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියට ලිංගික හිංසන සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට

(12.03.2025 – 09:52 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර වෛද්‍යවරියට ලිංගික හිංසන සිදුකිරීමේ සිදුවීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගල්නෑව පොලිසිය විසින්.

මෙම වෛද්‍යවරිය පෙරේදා (10) රාත්‍රියේ රෝහලේ සේවයේ යෙදී සිටියදී, රාත්‍රී ආහාර ලබා ගැනීමේ අරමුණින් රෝහල් පරිශ්‍රයේ පිහිටි සිය කාමරය වෙත ගොස් තිබුණා.

එහි දී එම ස්ථානයට පැමිණි නාදුනන පුද්ගලයෙකු නියුණු ආයුධයක් පෙන්වා වෛද්‍යවරිය බිය ගන්වා ඇයට මරණ තර්ජන එල්ල කර මෙම අපරාධය සිදුකර ඇති බවයි පරීක්ෂණ වලදී හෙලිව ඇත්තේ.

මෙම ආවාසනාවන්න සිද්ධියට මුහුණ පා තිබුණේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන 32 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක්.

කෙසේ වෙතත් මෙම සිදුවීමට සාධාරණයක් ඉල්ලමින් සහ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඊයේ (11) උදෑසන සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.

මෙම වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර සදහා එම රෝහලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබූ බවයි ‘හිරු වාර්තා කරුවන්’ කියා සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (11) පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ අතර එහි දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු හමුදා සේවයෙන් පලා ආ අයෙකු බව්ට හදුනාගෙන ඇති බවයි.

මෙම සිදුවීමට විරෝධය පළ කරමින් අද (12) පෙරවරු 8 සිට දිවයින පුරා පැය 24ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කරනු ලබුවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා ඇති බවයි.

අනුරාධපුරේ රෝහලේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගත්ත ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වැඩවර්ජනය හෙට (13) උදේ 08:00 වන තුරු එලෙසම පවතින බව එම සංගමය පවසනවා ෴

+++

වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු ගැන සියල්ල හෙළිවෙයි

(12.03.2025 – 10:33 +0530 – sinhala.adaderana.lk)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වනවිට තහවුරු වී තිබේ.

‘කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක’ නොහොත් ‘කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක’ වන සැකකරු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස ලබා පැමිණි අයෙක් බවද වාර්තා වේ.

34 හැවිරිදි අදාළ සැකකරු ‘චීවරධාරියෙකු’ ලෙස ද සිට ඇතැයි ද හෙළිව තිබේ.

යුද හමුදා සේවයෙන් පළා ගොස් සිට ඇති අතර සැකකරුව ගල්නෑව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ සැකකරු වෛද්‍යවරියව දූෂණය කිරීමෙන් අනතුරුව ඇයේ දුරකථන දෙකෙන් (2) එකක් (1) රැගෙන පළා ගොස් තිබූ අතර, එනෙක් දුරකථනයෙන් නැතිවූ දුරකථනය තිබෙන ස්ථානය පිළිබඳ ලද සංඥා අනුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර ඇත.

එහිදී අවුකන දුම්රිය පොළ ආසන්නයෙන් දුරකථන සංඥා නැවතී තිබීම හේතුවෙන් පොලීසිය විසින් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙමුම් තිව්‍ර කර ඇත.

එහිදී අදාළ සැකකරු ගල්නෑව, එළබදුගම ප්‍රදේශයේ සැඟව සිටිය දී ගල්නෑව පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් සොයාගැනීමට සමත්ව තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන 32 හැවිරිදි වෛද්‍යවරියක පෙරේදා (10) රාත්‍රියේ සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී සඳහා එම රෝහලේ සේවයට වාර්තාකර තිබුණි.

සිය පොරොත්තු රාජකාරී අවසන් කළ අදාළ වෛද්‍යවරිය රාත්‍රී 7 ට පමණ රෝහලේ සිට ඊට ඉදිරිපසින් පිහිටි විශේෂඥ වෛද්‍ය නිලධාරීන් පමණක් පදිංචි වී සිටින නිල නිවාසය දක්වා ගමන්කර තිබේ.

එහිදී වෛද්‍යවරිය සිය නිල නිවසට ඇතුළුවන අවස්ථාවේ පසුපසින් පැමිණි කිසියම් පුද්ගලයෙකු එක්වරම පිහියක් ගෙලට තබා ඇය බියගන්වා ඇති බව වාර්තා වේ.

අනතුරුව, වෛද්‍යවරියට කෑ ගැසීමට නොහැකි අයුරින් තදින් මුඛය බැඳ, ඇය විසින්ම නිල නිවසේ දොර විවෘත කරවාගත් අදාළ පුද්ගලයා, වෛද්‍යවරිය රැගෙන නිවස තුළට ඇතුළු වී කිසිවෙකුටත් ශබ්දය නොඇසෙන සේ දොර වසා දමා තිබේ.

එහිදී සැකකරු අදාළ වෛද්‍යවරියගේ දෑත් බැඳ, දෑස් වසා, කෲර ලෙස දූෂණයට ලක්කර ඇති බව මේ වනවිට සිදුකළ පරීක්ෂණයෙන් හෙළිවී ඇත.

අනතුරුව සැකකාර පුද්ගලයා පළා ගොස් ඇත්තේ වෛද්‍යවරියගේ ජංගම දුරකථනය ද පැහැරගෙනය.

සිද්ධියෙන් සුළු වේලාවකට පසු වෛද්‍යවරිය යළිත් රෝහල් වාට්ටුවට පැමිණ එහි දුරකථනයකින් සිය පියා අමතා තමන් මුහුණදුන් සිදුවීම දැනුම්දී ඇති බව වාර්තා වුණි.

සැකකරුව අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ගත් ඡායාරූපයක් පහතින් දැක්වේ :

+++

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියගේ සිද්ධියට අදාළ සැකකරුගේ තොරතුරු හෙළිවෙයි

(12.03.2025 – 12:53 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අද (12) පෙරවරුවේ ගල්නෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.

ඒ සැකකරු අත්අඩංගුවට ගැනීමට යොදවා තිබූ පොලිස් කණ්ඩායම් 05 ක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 45 දෙනෙකු සිදුකළ විශේෂ මෙහෙයුමේදීයි.

‘කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක’ නැමැති 34 හැවිරිදි මෙම සැකකරු ගල්නෑව – නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අදාළ වෛද්‍යවරිය දූෂණය කිරීමෙන් අනතුරුව ඇයගේ ජංගම දුරකථන දෙකෙන් (2) එක් (1) ජංගම දුරකථනයක් සොරාගෙන පළාගොස් තිබෙනවා.

වෛද්‍යවරිය සතුව තිබූ ජංගම දුරකථනය සොරාගත් ජංගම දුරකථනය සමග ‘ලොගින් ලයිෆ් ඉන්ෆොමේෂන්’ ඔස්සේ සම්බන්ධ කර තිබී ඇති බැවින් පොලිසිය විසින් වෛද්‍යවරිය සතුව තිබූ දුරකථනය පරීක්ෂා කර ඇති අතර, එහිදී සැකකරු සතුව තිබූ දුරකථනයේ සංඥා පෙන්නුම් කර ඇත්තේ අවුකන ප්‍රදේශයේ නැගෙනහිර දුම්රිය මාර්ගය අවටයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය දුරකථන සංඥා ඔස්සේ ගොස් සැකකරු ගල්නෑවේදී සැඟව සිටිය දී අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු කැකිරාව ප්‍රදේශයේ සිදුවූ රුපියල් ලක්ෂ 40 ක රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් ද කැකිරාව අධිකරණයේ නඩුවක් පවතිනවා.

එමෙන්ම ඔහු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පෙරේදා නිදහස ලබා පැමිණි අයෙක්ද වන බවයි පොලිසිය සදහන් කළේ.

කලක් ඔහු ‘චීවරධාරියෙකු’ ලෙසද සිට ඇති අතර ඔහුගේ ඡායාරූප මේ වන විට සමාජ මාමධ්‍යයේ ද සංසරණය වෙමින් පවතිනවා.

එමෙන්ම ඔහු යුද හමුදාවෙන් පළා ගිය අයෙකු බවටද අනාවරණ වුණා.

එමෙන්ම, සැකකරු නමගිය අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ සිටින අයෙක්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන 32 හැවිරිදි ඇය පෙරේදා (10) රාත්‍රියේ රාත්‍රි ආහාර ලබා ගැනීමේ අරමුණින් රෝහල් පරිශ්‍රයේ පිහිටි සිය කාමරය වෙත ගොස් තිබුණා.

එහිදී එම ස්ථානයට පැමිණ තිබූ සැකකරු තියුණු ආයුධයක් පෙන්වා වෛද්‍යවරිය බිය ගන්වා ඇයට මරණ තර්ජන එල්ල කර මෙම අපරාධය සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (12) අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගොස් රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුලු කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කර තිබුණා.

+++

“හෙට (13) උදේ 08 වනතුරු පෞද්ගලික ප්‍රතිකාරත් නෑ” – GMOA

(12.03.2025 – 13:06 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැණුන ද සංකේත වර්ජනය හෙට (13) පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කරන බව ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ ප්‍රකාශ කළා.

එමෙන්ම හෙට (13) උදෑසන 08 වෙනතුරු පෞද්ගලික ප්‍රතිකාර ද ලබා නොදෙන බවයි එම සංගමය සඳහන් කළේ.

මෙම වැඩවර්ජනය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල, කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, බදුල්ල මහ රෝහල ඇතුලු රෝහල් රැසකම බාහිර රෝගී අංශය ඇතුලු රෝහල් කටයුතු අඩපණ වී තිබෙනවා.

ඒ අනුව එම රෝහල් වල අද (12) සිදුවන්නේ හදිසි අනතුරු සහ හදිසි සේවා පමණයි.

කෙසේ වෙතත් සිය සෞඛ්‍ය සේවා සපුරා ගැනීමට රෝහල් වෙත පැමිණි රෝගීන් අද (12) දැඩි අපහසුතාවට පත්ව සිටි බව ‘හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන්’ සදහන් කළා.

+

+

+

+

+

+


හිරුණිකා – හිරාන්ගේ විවාහය දෙදරයි. ‘තාත්තා අපිට අයිති නෑ පුතා’ (12.03.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *