හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන අවි ආයුධ තොගයක් සමග අත්අඩංගුවට
හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන අවි ආයුධ තොගයක් සමග අත්අඩංගුවට
(11.03.2025 – 13:22 +0530 – hirunews.lk/sinhala)
බස්නාහිර පළාත් හිටපු සභා මන්ත්‍රි ‘සංජය සිරිවර්ධන’ට අයත් අත්තනගල්ල – වැලිකඩමුල්ල – පෙතියාකන්ද ප්‍රදේශයේ ඉඩමක තිබී ටී 56 වර්ගයේ ගිනිඅවියක් (01), මැගසින් 02 ක්, උණ්ඩ 130 ක් සහ බෝර 12 ගිනිඅවියක් (01) සොයාගෙන තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නගේ උපදෙස් මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ සිදු කළ විමර්ශනයකදීයි මේවා සොයා ගෙන ඇත්තේ.
ඒ අනුව, පොලිසිය විසින් අදාළ ඉඩම හිමි බස්නාහිර පළාත් හිටපු සභා මන්ත්‍රි සංජය සිරිවර්ධන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම, අදාළ ඉඩමේ තවත් ගිනි අවි පවතින බවට ලද තොරතුරුවලට අනුව, බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේගේ මෙහෙයවීම මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය පොලිස්පති සම්පත් ද සිල්වාගේ උපදෙස් මත එම බලකායේ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විට මෙහෙයුමක් දියත් කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
මේ අතර, කඩුවෙල – වැලිවිට ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ආයතනයක අතහැර දැමූ ලිදක තිබී ගිනිඅවි 03 ක් සොයා ගෙන තිබෙනවා.
පිස්තෝල වර්ගයේ ගිනිඅවි තුනක් (03) මෙලෙස හමුවී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
+
සිසුන් පිරිසක් හදිසියේ රෝහල්ගත කරයි
(11.03.2025 – 17:13 +0530 – hirunews.lk/sinhala)
කරදියනාරු ප්‍රදේශයේ පාසලක ළමුන් 50 ක් පමණ හදිසියේම රෝහල් ගත කර තිබෙනවා.
ආහාර විෂ වීමක් හේතුවෙන් මෙලෙස සිසුන් රෝහල් ගත කළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
එමෙන්ම, සිසුන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහල වෙත මාරු කර යවා ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
+
තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි
(12.03.2025 – 07:40 +0530 – hirunews.lk/sinhala)
දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඊයේ (11) උදෑසන පුළුස්සා ඝාතනය කර ඇති බව දඹගල්ල පොලිසිය සඳහන් කරනවා.
මරණකාරිය වයස අවුරුදු 55 ක් වූ කොලොන්කඳපිටිය, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මරණකාරියට තියුණු ආයුධවලින් පහරදී පුළුස්සා ඝාතනය කර ඇති බවට සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 35 ක් වන මරණකාරියගේ පුත්‍රයා, වයස අවුරුදු 30 ක් වන දියණිය සහ වයස අවරුදු 34 ක් වන මරණකාරියගේ ලේලිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෘත ශරීරය මොණරාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දඹගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴
(පුතාට සහ දුවට ආනන්තරිය පාපකර්ම ?
ආනන්තරීය පාප කර්ම පහකි. 1) තම මව මැරිම, 2) තම පියා මැරීම, 3) රහත් උතුමෙකු මැරීම, 4) බුදුරජුන්ගේ ශරීරයේ ලේ වෛරී සිතින් සෙළවීම, 5) සංඝ භේදය සිදුකිරීම (කළහැක්කේ උපසම්පදා භික්ෂුවක විසින් පමණි). ආනන්තරීය පාප කර්ම සිදුකළ තැනැත්තා මියගිය මොහොතේම ඒකාන්තයෙන් ම දරුණු කර්ම විපාකයකට මුහුණදීමට සිදුවේ. එයට අදාළ කර්ම විපාකය නම් මරණින් මතු අවිචී මහා නරකයෙහි ඉපිද දුක් විඳීන්නට සිදුවීමයි. ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය ෴
නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් පිට කිරීමට තැත් කළ රේගු නිලධාරියෙකු ඇතුලු දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(12.03.2025 – 08:27 +0530 – hirunews.lk/sinhala)
රුපියල් අනූ ලක්ෂයක් (90,00,000) වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රේගු නිලධාරීයෙකු ඇතුළු දෙදෙනෙකු (2) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (11) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මෙම දුම්වැටි තොගය මෙරටට ගෙන ආ ප්‍රධන ව්‍යාපාරිකයා සහ ඔහුගේ සහායකයා ඊයේ (11) උදෑසන ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එහිදී රේගු නිලධාරියා සිය රාජකාරී හැදුනුම්පත ඉදිරිපත් කර ගුවන් තොටුපොළ තුළට පිවිස, මෙම දුම්වැටි තොගය, ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේ.
මේ අතර විද්‍යුත් දුම්වැටි නියාමනය සඳාහා පියවර ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මුදල් කාරක සභාවේ දී අනාවරණ වුයේ, ආනයනික දුම්වැටි සඳහ පනවා ඇති බද්ද අප්‍රේල් මස පළමු වනදා (01) සිටි සියයට 45 ක් දක්වා වැඩි කර ඇති බවයි ෴
දේශබන්දු සොයා සී.අයි.ඩිය සාගලගේ මොරවක නිවසත් පිරික්සයි – පෙත්සම සලකා බැලීමත් අද (12)
(12.03.2025 – 09:00 +0530 – hirunews.lk/sinhala)
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සොයා හිටපු ජනාධිපති උපදේශක සාගල රත්නායකගේ මාතර මොරවක පිහිටි නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමකදී හිටපු ජනාධිපති උපදේශක සාගල රත්නායක කියා සිටියේ අදාළ නිවස පරීක්ෂා කිරීමට තමන්ගෙන් අවසර ඉල්ලා තිබූ අතර ඒ අනුව තමන් ඊට අවසර දුන් බවයි.
මේ අතර, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) විවෘත වරෙන්තුවක්ද නිකුත් කළා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුවයි.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි මස 27 වැනිදා නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ, 2023 වසරේ වැලිගම – පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් කොළඹ අපරාධ කොට්ඨාසයෙය් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් නිලධාරියෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාළවයි.
කෙසේ වෙතත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැක සහිත ස්ථාන දහයකට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂා කළ බවත්, තවත් ස්ථාන දහඅටක් (18) සඳහා බුද්ධි නිලධාරින් යොදවා සිටි බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ කරුණු වාර්තා කර තිබුණා.
ඔහු සොයා පොලිස් කණ්ඩායම් 6 ක් විමර්ශන ආරම්භ කළ අතර, ලැබුණු තොරතුරක් මත පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් කොළඹ සිට මාතර මාලිම්බඩ ප්‍රදේශයට ගොස් කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර ගේ මහගෙදර ද පරීක්ෂාවකට ලක් කළේ ඒ අනුවයි.
එවන් පසුබිමක හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය නීතිඥයින් මාර්ගයෙන් අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක්ද ඉදිරිපත් කළ අතර එහි දක්වා තිබුණේ මෙම සිද්ධියේ පරීක්ෂණ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්නගේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ බලපෑම් මත සිදුවන බවයි.
එබැවින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් ලබාදෙන ලෙසට එම රිට් පෙත්සමෙන් ඉල්ලා තිබුණා. එහි වැඩිදුර විභාගය අද (12) පැවැත්වීමට නියමිත නියමිතයි ෴
තම සිසුන් දණ ගස්වා පහර දුන් ටියුෂන් ගුරාට විදෙස් ගමන් තහනමක්
(12.03.2025 – 10:22 +0530 – hirunews.lk/sinhala)
සිසුන් දණ ගස්වා පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සදහා සහය දීමට කැමති වින්දිත දරුවන් සිටී නම් ඒ පිළිබද දැනුවත් කරන ලෙස ‘ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය’ දැනුම් දෙනවා.
1929 දුරකතන අංකය හරහා එම දැනුම් දීම සිදු කළ හැකි බවයි එම අධිකාරිය කියා සිටියේ.
අදාළ උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් ද ලබා ගැනීමට ‘ළමා රක්ෂක අධිකාරිය’ ඊයේ (11) පියවර ගෙන තිබුණා.
ඊයේ (11) පස්වරු දෙක (02:00) වන විට එම අධිකාරිය වෙත පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී තිබූ පසුබිමක ඔහු එහි පැමිණ සිටියේ නැහැ.
එම තත්ත්වය හමුවේ මොහු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ආරම්භ කෙරෙනු අතර පසුව ඔහුගේ නීතීඥවරයා දැනුම් දී තිබුණේ, ලබන 19 වැනිදා ඔහුට ඒ සදහා අවස්ථාව ලබාදෙන ලෙසයි.
මෙම උපකාරක පන්ති ගුරුවරයා පෞද්ගලික කටයුත්තක් සදහා පසුගිය ඉරිදා විදෙස් ගත වූ බව ඔහුගේ නීතිඥවරයා වැඩිදුරටත් දන්වා ඇති අතර 19 වැනිදා ඔහු අධිකාරිය වෙත ඉදිරිපත් කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.
නුගේගොඩ සහ ගම්පහ ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු වන මොහු පන්තිවලට සහභාගිවන සිසුන්ට පහර දෙන විඩීයෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
එම විඩියෝ දර්ශනයට අනුව ඇතැම් අවස්ථාවලදී එම පන්තියේම සිසුවියක ලවා සිසුවෙකුට පහර දෙන ආකාරය ද දක්නට ලැබුණා ෴
ගුවනේ දී මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට හිරහැර කළ අයෙකු අත්අඩංගුවට
(12.03.2025 – 10:25 +0530 – hirunews.lk/sinhala)
ගුවන් යානය තුළ සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට හිරහැර කිරිම හේතුවෙන් එම යානයේම ගමන ගත් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දියාවේ මුම්බායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක සිටියදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ, යාපනය – නාගදීපයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.
අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති මොහු යානය තුළ සිටි මගීන්ට හිරහැර වන ආකාරයට හැසිරී ඇති අතර පසුව එහි සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් කිරිමට ද තැත්කර ඇති බවයි වාර්තා වන්නේ.
යානය ගොඩ බැස්වීමෙන් අනතුරව ගුවන් තොටුපොළ පොලීසිය අදාළ ගුවන් මගියා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි ෴
පවුල් ආරවුල මරණයෙන් කෙළවර වෙයි – බිරිඳට සහ දියණියට බරපතල තුවාල
(12.03.2025 – 11:18 +0530 – hirunews.lk/sinhala)
මඩොල්සිම පොලිස් වසමට අයත් රෝබේරිය ප්‍රදේශයේ පුද්ගලයකු ඊයේ (11) රාත්‍රියේ තම බිරිඳට සහ දියණියට පිහියකින් කොටා බරපතළ තුවාල සිදුකොට, පසුව එම පුද්ගලයාද එළවළු කොටුවේ ගසක ගෙල වැලලා ගැනීමෙන් සිය දිවි හානිකරගෙන තිබෙනවා.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රෝබේරිය වතුයායේ ලයින් අංක නමය 09 පදිංචි පනස් හැවිරිදි (50) පුද්ගලයෙක්.
සිය සැමියා විසින් මන්නයකින් කෙටීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව (47) සහ ඇයගේ දියණිය (24) ඊයේ (11) රාත්‍රියේම රෝබේරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව සදහන්.
පවුල් ආරවුලක් සිද්ධියට මුල් වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴
(තම මානසික රෝගයට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා නම් මෙබඳු විපතක් සිදු නොවනු ඇත – අමරසර)
නිළි රැජින සුවෙන් – පැතිර යන කටකතා අසත්‍යයි
(12.03.2025 – 11:46 +0530 – hirunews.lk/sinhala)
ජනප්‍රිය රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට පැතිර යන කටකතා අසත්‍ය බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
ඇය මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව සඳහන්.
තවත් දින දෙකකින් (2) ඇගේ ප්‍රතිකාර අවසන් වී ඇය නිවෙස වෙත යෑමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය
(12.03.2025 – 12:29 +0530 – hirunews.lk/sinhala)
සූදානමකින් තොරව කාරක සභාව ඉදිරියේ කරුණු දැක්වීමට පැමිණීම පිළිබඳව ‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව’ට ‘කෝපා කමිටුව’ දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.
මේ අනුව ඉදිරි දිනකදී නැවත පැමිණීමට දැනුම්දෙන බවත්, එදින සූදානම් වී පැමිණෙන ලෙසත්, දන්වමින් පැමිණි නිලධාරීන් නැවත හරවා යැවීමටයි සිදුව ඇත්තේ.
මෙසේ නිලධාරීන් හරවා යැවීම සිදුවූයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2020, 2021, 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට ‘රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව’ (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්ගේ සභාපතිත්වයෙන් පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
මෙහිදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පසුගිය රැස්වීම්වලදී ලබාදුන් නියෝග ඉටුකිරීම සම්බන්ධයෙන් විමසා ඇති අතර, විශේෂයෙන්ම රේගු පරිගණක පද්ධතිය සමග සම්බන්ධවීමට ප්‍රථම, සිදුවූ අනීතික වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු 25 ක් පිළිබඳ සිදු කළ පරීක්ෂණ හා එම කටයුතුවලට වගකිවයුතු නිලධාරීන්ට විරුද්ධව ගත් විනය ක්‍රියාමාර්ග ඇතුළු වර්තමාන තත්ත්වය සඳහන් කරමින් කාරක සභාවට වාර්තාවක් ලබා දිය යුතුව තිබූ බවත් එය ලබා දී නොමැති බවත් විගණකාධිපතිවරයා පෙන්වා දුන්නා.
මෙහිදී නිලධාරීන් වාර්තාවක් ලබා දී ඇති බව පැවසුවත් විගණකාධිවරයා එය තමාට ලැබී නැති බවයි පවසා ඇත්තේ.
මෙහිදී ලබාදුන්නේ යැයි පැවසූ වාර්තාවේ පිටපතක් සභාගත කළ අතර එම පිටපත පරීක්ෂා කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බව විගණකාධිපතිවරයා කාරක සභාවට පවසා තිබෙනවා.
මේ අනුව මේ සම්බන්ධයන් දීර්ඝ වශයෙන් කමිටුව කරුණු විමසූ අතර නිලධාරීන් ඒ සඳහා පිළිතුරු ලබාදීමට අපොහොසත් වී ඇති අතර, නිලධාරීන් පෙන්වා දුන්නේ පැරණි තොරතුරු තමන් සතුව නොමැති බවයි.
මේ අනුව කාරක සභාව නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරමින් මෙම ආයතනය නැවත කැඳවන බව දන්වමින් කාරක සභාව අතරමග නැවැත්වීමට කටයුතු කළා.
එසේ පැමිණෙන දින හොඳින් සූදානම්වී පැමිණෙන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබාදීම ද කාරක සභාව විසින් කටයුතු කර තිබෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴