බාල වයස්කාර දැරියක් ජෝර්දානයේ මෙහෙකාර සේවයට යැවූ වරදකරුට වසර 12 ක සිර දඬුවම්

බාල වයස්කාර දැරියක් ජෝර්දානයේ මෙහෙකාර සේවයට යැවූ වරදකරුට වසර 12 ක සිර දඬුවම්


බාල වයස්කාර දැරියක් ජෝර්දානයේ මෙහෙකාර සේවයට යැවූ වරදකරුට වසර 12 ක සිර දඬුවම්

(10.03.2025 – 14:19 +0530 – hirunews.lk/sinhala)

මවගෙන් හා පියාගෙන් වෙන්ව සිය මිත්තණිය භාරයේ ජීවත් වූ බාල වයස්කාරත් දැරියකට ව්‍යාජ උප්පැන්න සහතික සහ ජාතික හැදුනුම්පත් සකස් කොට ජෝර්දානයේ නිවසක මෙහෙකාර සේවය සඳහා යැවීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය අද (10) බරපතල වැඩ සහිත වසර 12 ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 25,000 ක දඩයක්ද නියම කෙරුණා.

අගතියට පත් තරුණියට රුපියල් ලක්ෂ තුනක (3) වන්දියක් ද ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව වසර එක හමාරක (1½) ලිහිල් සිර දඬුවම් නියම කරන බවයි නියෝග කර ඇත්තේ.

කල්මුණේ ප්‍රදේශයේ පදිංචි අබ්දුල් කාදර් සරීබ් නැමැති 59 හැවිරිදි තිදරු පියෙකුට මෙසේ දඬුවම් නියම වුණා.

බාල වයස්කාර දරුවන් වහල් වෙළඳාමට නතු කොට ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑම බරපතල වරදක් බවත් එය මනුෂ්‍යත්වයට නොගැලපෙන ක්‍රියාවක් බවත් තීන්දුව දෙමින් විනිසුරුවරයා ප්‍රකාශයට පත් කළා.

සිය දරුවන්ගේ මෙන්ම අනෙකුත් දරුවන්ගේ ද ආරක්ෂාව හා සුභසාධනය සහතික කිරීම වැඩිහිටියන්ගේ වගකීම යැයි පෙන්වා දුන් විනිසුරුවරයා විත්තිකරු එම වගකීම පැහැර හැර තිබෙන බවටත් චෝදනා කළා.

අගතියට පත් දැරිය විදේශගත වී මාස දෙකක් (2) තුළ ඇය සේවය කළ නිවැසියන්ගේ වද හිංසාවලට පාත්‍ර වී තිබෙන බවත් පසුව ඇය මෙරටට පැමිණි බවත් පෙන්වා දුන් විනිසුරුවරයා ඇය යළි මෙරටට නොපැමිණියේ නම් මැද පෙරදිග දී ජීවිතය අහිමි කරගත් රිසානා දැරියට අත් වූ ඉරණම මෙම දැරියට ද අත්වීමට ඉඩ තිබූ බවත් සඳහන් කළා.

2008 වසරේ යලි දිවයිනට පැමිණි මෙම දැරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව විත්තිකරුට එරෙහිව මෙම අධි චෝදනා පත්‍රය අධිකරණයට ඉදිරිපත් වන්නේ වසර නවයක් (9) ගත වීමෙන් පසුව බවත් මෙම නඩු තීන්දුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරිය වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා සිය තීන්දුව තුළින් වැඩිදුරටත් නියෝග කළා ෴


තුන් දෙනෙකුට (3) මරු කැඳවූ මාදම්පේ අනතුරේ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට අනාවරණයක්

(10.03.2025 – 15:50 +0530 – hirunews.lk/sinhala)

හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ, ඉරට්ටකුලම ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී බිළිඳියක සහ කාන්තාවන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත් කරමින් සිදුවූ අනතුරේ බස් රථ රියදුරු ‘අයිස් සහ ගංජා මත්ද්‍රව්‍ය’ භාවිත කර සිට ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම, ත්‍රිරෝද රථ රියදුරුද ‘ගංජා මත්ද්‍රව්‍ය’ භාවිත කර සිට ඇති බවට අධිකරණ වෛද්‍ය වාර්තාව මගින් තහවුරු වී ඇති බව පොලිසිය සදහන් කළා.

ඊයේ (09) රාත්‍රියේ හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ, ඉරට්ටකුලම ප්‍රදේශයේ දී සිදුවූ මෙම අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් මව, බිළිඳිය සහ තවත් කාන්තාවක් මියගොස් තිබුණා ෴


කොළඹ – කුරුණෑගල පාරේ අනතුරකින් 9 කට තුවාල

(10.03.2025 – 17:18 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් පාසල් ළමුන් තිදෙනෙකු (3) ඇතුලු 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මේ අනතුර කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ නාල්ල මංසන්ධිය ප්‍රදේශයේදී අද (10) සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

‘ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක්’ සහ ‘බූම් ට්‍රක් රථයක්’ එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

තුවාල ලැබූවන් මීරිගම රෝහලට ඇතුළත් කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ ෴


දඹුල්ලේදී මාරක අනතුරක්

(10.03.2025 – 18:04 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල-බකමූණ මාර්ගයේ දඹුල්ල ප්‍රදේශයේදී අද (10) මාරක අනතුරක් සිදුව තිබෙනවා.

ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ ෴


වාර්ෂික පොල් ඵලදාව මිලියන 300 කින් පහළට

(10.03.2025 – 18:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට වාර්ෂික පොල් ඵලදාව දළ වශයෙන් පොල් ගෙඩි මිලියන 3,000 ක් බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

නමුත් පසුගිය 2024 වර්ෂයේ දී එය මිලියන 300 කින් පමණ අඩුව ඇතැයිද එය පොල් මිළ ඉහළ යාමට හේතු වූ බවද පොල් වගා කිරීමේ මණ්ඩලය පෙන්වා දෙනවා.

එමෙන්ම සතුන්ගෙන් සිදුවන හානි, රටේ පවතින කාලගුණික හා දේශගුණික බලපෑම මෙන්ම පෝෂණ ගැටලු මත පසුගිය වසරවලට සාපේක්ෂව 2024 වර්ෂයේ දී පොල් ඵලදාව කැපී පෙනෙන ලෙස අඩු වීමට හේතු වූ බවයි පැවසෙන්නේ.

මේ අතර තාක්ෂණික මෙන්ම කළමණාකරණ ගැටළු නිසාද පොල් ඵලදාව අඩු වී ඇති බවත් සඳහන් වන අතර ඒවාට කඩිනම් විසදුම් දීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගනිමින් සිටිනවා.

පසුගිය වර්ෂයේදී රිලවුන්, දඬුලේනන්ගෙන් සහ කෘමි උවදුරු හේතුවෙන් පොල් ඵලදාව විශාල ලෙස අඩු වූ බවත් පොල් වගා කිරීමේ මණ්ඩලය හඳුනාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් පොල් ඵලදාව ඉහළ දැමීමේ අරමුණින් මෙම වසර තුළ පොල් පැල ලක්ෂ 25 ක් සිටුවීමට සැලසුම් කර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා ෴

පොල් මිල ඉහළ යාම හා නිෂ්පාදනය අඩුවීම ඇතුලු‍ ගැටළු පිළිබද අවදානය යොමු කරමින් වගාකරුවන් වෙත සහන ලබාදීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම වගාකරුවන්ට අවශ්‍ය පොල් පැළ අඩු මිලට ලබාදීම, අඩු පොලියට ණය ලබාදීම මෙන්ම ගෙවතු වගාකරුවන්ට නොමිලයේ පොල් පැල ලබාදීම ආදි ව්‍යාපෘතින් ඒ සදහා දියත් කර ඇති බවයි එම මණ්ඩලය සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද (10) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද කැඳවා තිබුණා ෴


පාසල් නිවාඩුවට විශේෂ දුම්රිය සේවාවක් ඇරඹෙයි

(10.03.2025 – 18:37 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන පාසල් නිවාඩුවට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කරවීමට නියමිතව තිබෙනවා.

ඒ අනූව 2025 මාර්තු මස පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමය සැලකිල්ලට ගෙනයි මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරෙන්නේ.

ඉදිරි දිනවලදී එම දුම්රියන් ධාවනයට එක්කෙරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර පවසන්නේ ෴


ජනපති අනුර ළඟ මරාගෙන මැරෙන පිරිසක් | පාස්කුවේ මහ මොළකරුවෙකුගේ නමක් එළියට පනී (09.03.2025)

+


බකමූණ සහ නාඋල ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් 04 දෙනෙකුට දිවි අහිමි වෙයි

(11.03.2025 – 07:03 +0530 – hirunews.lk/sinhala)

බකමූණ සහ නාඋල ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් (2), කාන්තාවන් දෙදෙනෙකු (2) ඇතුළු 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

බකමූණ පොලිස් වසමේ නාඋල ඇළහැර මාර්ගයේ අලිකන්ද ප්‍රදේශයේදී නාඋල දෙස සිට ඇළහැර දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ග සංඥා කණුවක ද ගැටී මාර්ගය අසලින් ගලා බසින යෝධ ඇළට පෙරළී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාර් රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවක් මියගොස් ඇති අතර තවත් කාන්තාවක් බකමුණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා තිබෙනවා.

මරණකරු වන රියදුරු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වෙන අතර, මියගිය කාන්තාව හා තුවාලකාරිය නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි මවක සහ දියණියක බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමේ ලේඛන කිසිවක් හමු වී නොමැති අතර කාර් රථය ගොඩට ගැනීමට කටයුතු කරමින් පවතිනවා.

මෘත ශරීර බකමූණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බකමුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

+

මේ අතර අද (11) අළුයම් කාලයේ නාඋල පොලිස් වසමේ නාඋල බකමුණ මාර්ගයේ මොරගහකන්ද ප්‍රදේශයේදී නාඋල දෙස සිට බකමුණ දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක් ඉදිරියෙන් ගමන් කල තවත් ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් කුඩා ලොරි රථයේ රියදුරු (1) හා එහි ගමන් ගත් කුඩා දරුවෙකු (1), පිරිමි පුද්ගලයින් 2 ක් හා කාන්තාවක් (1) බරපතල තුවාල ලබා බකමුණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පිරිමියෙකු (1) හා කාන්තාව (1) මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මරණකරු වයස අවුරුදු 47 ක් වූ අතර මරණකාරිය වයස අවුරුදු 41 ක් වූ රෝහල් හංදිය, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවළක් බව සඳහන්.

මෙම පිරිස කෝන්ගහවෙල ප්‍රදේශයේ පැවති අවමඟුල් උත්සවයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවට සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

අනතුරින් පසු සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු ලොරි රථය සමඟින් පලාගොස් තිබෙනවා.

මෘත ශරීර බකමුණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට නාඋල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


බස් රථයෙන් ඇද වැටී පුද්ගලයෙකු මියයයි

(11.03.2025 – 07:30 +0530 – hirunews.lk/sinhala)

රුවන්වැල්ල, හුඹස්වලාන ප්‍රදේශයේදී රුවන්වැල්ල දෙස සිට දන්නෝරුව දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස පාපුවරුව අසල ගමන් ගත් පුද්ගලයෙකු බස් රථයෙන් ඇද වැටී ඊයේ (10) මියගොස් තිබෙනවා.

අනතුරෙන් බරපතල තත්ත්වයේ පසු වූ ඔහු කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ.

මරණකරු වයස අවුරුදු 64 ක් වන හුඹස්වලාන, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පාපුවරුවෙහි වාඩි වී ඇති බවත්, ඒ සමගම පාපුවරුවෙන් ඇද වැටී ඇති බවත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය කරවනැල්ල රොහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, රුවන්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


ගෙවුණු මාස 5 ට රජය බිලියන 5,000 ක් ණයට අරන්, ගම්මන්පිලගෙන් චෝදනා

(11.03.2025 – 09:21 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව බලයට පත්වී මාස 05 ක පමණ කාලයක් ගතවී ඇති නමුත් එම කාලය තුළ රුපියල් බිලියන 5156 ක් ණය ලෙස ලබාගෙන ඇති බව ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

ඒ, කොළඹ ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

+

+


ප්‍රකාශයක් ලබාදීම සඳහා කිරිවෙහෙර රජමහා විහාරාධිපති CIDයට වඩිති

(11.03.2025 – 09:34 +0530 – hirunews.lk/sinhala)

ප්‍රකාශයක් ලබාදීම සදහා කතරගම – කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් අද (11) පෙරවරුවේ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ වෙත පැමිණියා.

ඒ, එම දෙපාර්තමේන්තුව උන්වහන්සේට කළ දැනුම් දීමකට අනුවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී ඇති බව කියන කතරගම ප්‍රදේශයේ නිවසක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා උන්වහන්සේ මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගෙන් ද ඊයේ (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය තුනකට (3) ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාගත්තා.

+


‘ගනේමුල්ල සංජීව ඝාතනය’ ගැන ‘කමාන්ඩෝ යෝ-යෝ’ ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම්

(11.03.2025 – 10:12 +0530 – hirunews.lk/sinhala)

‘ගනේමුල්ල සංජීව’ට වෙඩි තැබූ තුවක්කුකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ට හඳුන්වා දුන් බවට සැක කෙරෙන ‘කමාන්ඩෝ යෝ-යෝ’ නමින් හැඳින්වෙන පුද්ගලයාගෙන් පොලිසිය මේ වන විට ප්‍රශ්න කරමින් සිටිනවා.

‘බස්නාහිර පළාත් උතුරු පොලිස් අපරාධ කොට්ඨාශය’ සහ ‘බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විශේෂ කාර්ය බලකාය’ එක්ව කළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, විදේශගත වීමට උත්සාහ කරන අතරතුරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *