විමල් වීරවංශගේ ‘සඳේ ගින්දර – Fire of The Moon’ නවකතාව එළිදකී…

විමල් වීරවංශගේ ‘සඳේ ගින්දර – Fire of The Moon’ නවකතාව එළිදකී…


විමල් වීරවංශගේ ‘සඳේ ගින්දර – Fire of The Moon’ නවකතාව එළිදකී…

(07.03.2025 – facebook.com/WimalWeerawansa.sl/)

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් සිය සත්‍ය ජීවන අත්දැකීම් අළලා රචිත ‘සඳේ ගින්දර – Fire of the Moon’ නවකතාව එළි දැක්වීම ඔහුගේ 55 වන උපන්දිනය යෙදෙන අද දින (මාර්තු 7) පස්වරුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී සිදු කෙරිනි.

සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටවනු ලැබීමෙන් අනතුරුව සම්භාවනීය අමුත්තන් විසින් පොල්තෙල් පහන් සිළු දල්වනු ලැබ උත්සව සභාව ආරම්භ කරන ලදී. අනතුරුව පැමිණ සිටි ආර්ය මහා සංඝරත්නය විසින් අද (07) දින උපන්දිනය සමරන විමල් වීරවංශ මහතාට සෙත් පතා සෙත් පිරිත් ආශිර්වාද සිදු කරනු ලැබීය.

පැමිණි සිටි මහා සංඝරත්නය, තානාපති කාර්යාල නිලධාරීන්, විද්වතුන්, දේශපාලඥයින්, කළාකරුවන් ප්‍රමුඛව සියලු ආරාධිතයින් පිළිගැනීම ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා විසින් සිදු කරන ලදි. ඉන් අනතුරුව ‘විමල් වීරවංශ නම් විප්ලවීය චරිතය’ පිළිබඳව සැකසුණු වීඩියෝ පටයක් ද ප්‍රදර්ශනය කලේය.

අනතුරුව විමල් වීරවංශ මහතා ඔහු විසින් රචිත ‘සඳේ ගින්දර’ කෘතිය ජනගත කරන ලද අතර මෙම අවස්ථාවට විශේෂයෙන් පැමිණ සිටි විමල් වීරවංශ මහතාගේ පාසල් ගුරුතුමිය වූ ‘අප්සරා ගුණවර්ධන ගුරුතුමිය’ට සහ 87-89 වකවානුවේ රාජ්‍ය මර්ධනය හමුවේ ඔහුගේ ජීවිතය රැකගත් ‘රත්නා පතිරණ’ හෙවත් ‘කළුතර අම්මා’ යන මෑණිවරුන් දෙපළට එහි පළමු පිටපත් පිළිගැනුවේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සහ කැලණි විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිමා නිශ්ශංක මහත්මිය යන විද්වත්හු මෙම කෘතිය පිළිබඳව විචාරාත්මක දේශන දෙකක් සිදු කලහ.

අනතුරුව විමල් වීරවංශ මහතා විසින් රචනා කොට, ගායනා කරන ලද ‘තුංග කඳු මඩල පාමුල’ ගීතය එළිදැක්වීමද, ගීතය යූටියුබ් අවකාශය වෙත මුදා හැරීමද මෙහිදී සිදුවිය.

කෘතියේ සඳහන් ඉතිහාස කතාව කෙටියෙන් පැහැදිලි කරමින් කෘතිය එළිදැක්වීම වෙනුවෙන් සහභාගි වූ මහා සංඝරත්නයට සහ ආරාධිත අමුත්තන් ප්‍රමුඛ සියලු දෙනාට සිය ස්තුතිය පුද කරමින් ඔහු පැමිණ සිටි සියලු දෙනා අමතා උත්සව සභාව අවසන් කරන ලදී.

මෙම අවස්ථාවට සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර නාහිමියන්, කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන්, අමරපුර සිරි සද්ධර්ම මහානිකායේ අනුනායක දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ නායක පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන්, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉත්තෑදෙමළියේ ඉන්ද්‍රසාර නාහිමිපාණන්, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිපාණන්, පූජ්‍ය අක්මීමන දයාරතන හිමිපාණන්, පූජ්‍ය පදනංගල ධම්මදේව හිමිපාණන්, පූජ්‍ය තීනියාවල පාලිත හිමිපාණන් ප්‍රධාන වන්දනීය පූජනීය මහා සංඝරත්නයද,

රුසියා සහ චීන තානාපති කාර්යාල නියෝජනය කරමින් තානාපති කාර්යාල නිලධාරීන්ද, ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර ප්‍රමුඛ විද්වතුන්ද, ලාල් කුලරත්න, අජිත් ලොකුගේ ප්‍රමුඛ කලාකරුවෝද, හිටපු අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, ටිරාන් අලස්, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ජී. වීරසිංහ යන මහත්වරුන් ප්‍රධාන දේශපාලන නායකයින්ද, ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු මෙම අවස්ථාවට සුබ පැතුම් එක් කිරීම පිණිස මහජනතාවද පැමිණ සිටියහ.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2024.03.07

+

+

‘Thunga Kandhu Madala’ (‘තුංග කඳු මඬල’) – Wimal Weerawansa (Official Music Video) (07.03.2025)

+

+


මම කළේ මගේ රාජකාරිය – රාජ්‍ය දේපළ හොරකම් කළාට පස්සෙ බල්ලො කපුටෝ විතරක් නෙවෙයි, රිලව් වෙලත් ඉපදෙනවා – ආචාර්ය රෝෂිණී දිසානායක (07.03.2025)

+


මිනිස් ජාවාරමේ මහකප්පිත්තෙක් ගණිකාවක් සමග ගහපු ගේමක් ගැන සංජය හෙළි කරයි | පොලීසියටත් පැමිණිල්ලක් (07.03.2025)

+


කාර් රථයට තැබූ ‘අඩය’ ඉවත් කරන්න ගිය අම්මා රථයට යටවෙයි

(08.03.2025 – 08:25 +0530 – sinhala.adaderana.lk)

කොහුවල පොලිස් වසමේ සුමනාරාම මාර්ගයේදී ඊයේ (07) සිදුවූ මාරක රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගිය කාන්තාව සිය පුතා හා ඔහුගේ බිරිඳ සමග මෝටර් රථයේ ගමන්කරමින් සිටියදී එකවර රථය නතර වී ඇත.

ඒ හේතුවෙන් පුතා, නතර වූ සිය රථයේ ඉදිරිපස රෝදයට ගලක් තබා රථය පණගැන්වීමට උත්සාහ දරා තිබේ.

එම අතරවාරයේ මෝටර් රථය පණගැන්වීම සඳහා මියගිය කාන්තාව සිය ලේලිය සමග ඉදිරිපස රෝදයට තබා තිබූ ගල ඉවත්කර ඇත.

කෙසේ නමුත් රථය බෑවුම් සහිත ස්ථානයක නතර කර තිබූ හෙයින්, රථය එකවර ඉදිරියට ගමන්කර ඇති අතර, එහිදී මියගිය කාන්තාව මෝටර් රථයේ ගැටී කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මෝටර් රථය බෑවුම දෙසට පැමිණීමේදී ලේලිය වහා ඉවත් වුවද, මරණකාරියට ඉවත්වීමට නොහැකි වීමෙන් මෙම අනතුරට මුහුණපා ඇති බව සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මියගිය කාන්තාව වයස අවුරුදු 59 ක් වූ සුමනාරාම පාර, කොහුවල ප්‍රදේශයේ පදිංචි ‘කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්’ බව පොලීසිය පවසයි ෴


අයියා විසින් මල්ලී ඝාතනය වෙයි

(08.03.2025 – 07:02 +0530 – sinhala.adaderana.lk)

ඇලපාත, අළුපත්ගල ප්‍රදේශයේදී වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (07) රාත්‍රියේ සිදු වූ මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක් වූ අළුපත්ගල, උඩනිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

මරණකරුගේ වැඩිමහල් සොහොයුරා සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්, තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම මරණය සිදුව ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

කෙසේ නමුත් මෙම ඝාතනය සිදුකරනු ලැබූ සැකකාර වැඩිමහල් සොහොයුරා ‘මානසික රෝගයකට ප්‍රතිකාර ලබාගන්නා බවට’ මව විසින් ප්‍රකාශයක් ලබා දී තිබේ.

සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇලපාත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴


විශ්‍රාමික මහාචාර්ය යුවළගෙන් කප්පම් ගත් පින්තාරු බාස් අල්ලයි

(07.03.2025 – 21:44 +0530 – sinhala.adaderana.lk)

බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික මහාචාර්ය දෙපළකගෙන් වරින් වර රුපියල් ලක්ෂ පනහක (50,00,000) කප්පම් මුදලක් ලබා ගත් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු ‘තමා අංජුගේ ගෝලයෙකු’ බව පවසමින් අදාළ විශ්‍රාමික මහාචාර්ය දෙපළගෙන් මෙලෙස කප්පම් මුදල් ලබා ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 47 හැවිරිදි කුලී සේවයේ නිරත තිදරු පියෙකි.

මීට වසරකට පෙර පින්තාරුකරුවෙකු ලෙස බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහාචාර්ය දෙපළගේ නිවසෙහි පින්තාරු කිරීමට පැමිණි මෙම සැකකරු විශ්‍රාමික මහාචාර්ය දෙපළ සන්තකයේ මුදල් ඇති බව දැනගැනීමෙන් පසු රුපියල් ලක්ෂ 25, 12, 3, 5 ආදි ලෙස, වරින් වර, අදාළ දෙපළ බියගන්වා මුදල් ලබා ගෙන තිබේ.

පසුගිය පෙබරවාරි මස නැවත සැකකරු රුපියල් ලක්ෂ 8 ක මුදලක් ඉල්ලා සිටි අවස්ථාවේදී අදාළ යුවළ සිය පදිංචි නිවස අතරහැර යාමට සූදානම්ව සිට ඇති අතර සිද්ධිය සම්බන්ධව එම දෙපළ අසල්වාසියෙකුට දැනුම්දී තිබේ.

ඒ අනුව එම අසල්වැසියා මේ සම්බන්ධව බම්බලපිටිය පොලීසියට කරන ලද දැනුවත් කිරීම අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු එසේ ලබා ගත් කප්පම් මුදල් යොදා සූදු ක්‍රිඩාවේ නියැලී ඇතැයිද තවත් මුදල් ප්‍රමාණයක් වියදම් කර තවත් ගෘහ උපකරණ කිහිපයක්ද මිලදී ගෙන ඇතැයිද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (07) දින අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 17 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කර තිබේ ෴

මහාචාර්ය යුවළගෙන් රුපියල් ලක්ෂ 50 ක කප්පම් ගත් පලතුරු වෙළෙන්දා මාට්ටු

(07.03.2025 – lankadeepa.lk)

වයෝවෘද්ධ මහාචාර්ය යුවළකට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදල් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පලතුරු වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

එම සැකකරු එකී මුදලින් රුපියල් ලක්ෂ කීපයක් වියදම් කර මිලදී ගෙන තිබූ සුඛෝභෝගී ඇඳක්, රෙදි සෝදන යන්ත්‍රයක් , ශීතකරණයක් මෙන්ම තවත් විදුලි උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

එම මහාචාර්යවරයා මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකු බවත් ඔහුගේ බිරිඳ කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ හිටපු පීඨාධිපතිවරියක බව පොලිසිය සඳහන් කරයි.

මහාචාර්යවරයා 88 හැවිරිදිය ෴


දෙහිඕවිට සඟවා තිබූ එකලස් කරන ලද සුඛෝපභෝගී ජීප් රථයක් අල්ලයි

(08.03.2025 – 08:57 +0530 – hirunews.lk/sinhala)

දෙහිඕවිට සුසාන භූමිය ඉදිරිපිට හෝටලයක ගරාජයක් තුළ සඟවා තිබූ එකලස් කරන ලද සුඛෝපභෝගී ජීප් රථයක් සමග එම හෝටලයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා’ට ලද තොරතුරකට අනුව ඊයේ (07) මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී මෝටර් රථ ලියාපදිංචි අංක තහඩු 02 ක් ද සොයාගෙන තිබුණා.

අදාළ ජීප් රථය අංක තහඩු ගලවා තිබූ අතර, හෝටල් හිමිකරුට එම ජීප් රථයේ ලිපි ලේඛන කිසිවක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී නැහැ.

ඒ අනුවයි හෝටල් හිමිකරු සහ අදාළ ජීප් රථය එම ස්ථානයට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, සැකකරුවන් දෙදෙනා (2) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහරිනු ලැබුවා.

මේ අතර, සමාන ලියාපදිංචි අංක සහිත මෝටර් රථ දෙකක් (2) පසුගියදා වෙන්නප්පුව පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබුණා.

වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සිය මෝටර් රථයට සමාන අංක ඇති තවත් මෝටර් රථයක් ඇති බවට කළ පැමිණිල්ලක් අනුව අදාල මෝටර් රථ දෙකම (2) පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සදහා ‘හලාවත විශේෂ අපරාධ විමර්ශන ඒකකය’ වෙත භාර දී තිබෙනවා ෴


කිරිබත්ගොඩ ප්‍රධාන පෙලේ රාත්‍රී සමාජ ශාලාවකට ප්‍රහාරයක්

(08.03.2025 – 09:39 +0530 – hirunews.lk/sinhala)

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙලේ රාත්‍රී සමාජ ශාලාවකට අද (08) අලුයම කිසියම් පිරිසක් විසින් පහර දී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, කඩු සහ පොලු මුගුරු රැගත් 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ මෙම සමාජ ශාලාවේ දේපලට හානි සිදු කර ඇති බවයි.

එමෙන්ම ඔවුන් එහි සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධති ද විනාශ කර එහි උපාංග ද ගලවාගෙන ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

පහර දුන් සැකකරුවන් හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට සදහා විමර්ශනයක් ක්‍රියාත්මකයි ෴


අහුවෙන්න කලින් මේ ගැන දැනුවත් වෙලා ඉන්න – ආගමික ආක්‍රමණය (05.03.2025)

https://www.youtube.com/watch?v=LhCP_7N07VE

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *