ඉෂාරා සෙව්වන්දි බෝට්ටුවකින් ඉන්දියාවට පැනලා ද?

ඉෂාරා සෙව්වන්දි බෝට්ටුවකින් ඉන්දියාවට පැනලා ද?


ඉෂාරා සෙව්වන්දි බෝට්ටුවකින් ඉන්දියාවට පැනලා ද?

(03.03.2025 – 09:20 +0530 – lankacnews.com)

අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී ‘ගනේමුල්ලේ සංජීව’ ඝාතනය කිරීමේ සැලසුම මෙරට සිට මෙහෙය වූ මහමොලකාරිය ලෙස සැලකෙන ‘ඉෂාරා සෙව්වන්දී’ නම් තරුණිය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස් ඇතැයි සැකයක් මතුව තිබේ.

ඇයට රටින් පිටව යාමට ඇති සියලු මාර්ග අවහිරකර ඇතත් යම් හෝ සුළු හිඩැසකින් බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලායාමට ඇති හැකියාව සලකා බලමින් ඇය සම්බන්ධයෙන් සියලු තොරතුරු ඉන්දීය ආරක්ෂක අංශ වෙත ලබාදීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර තිබේ.

ඉන්දියාවේ රැඳී සිටින මෙරටට අවශ්‍ය අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට භාර දීමට ඉන්දියාව කටයුතු එකඟ වී තිබෙන බවත් මීට පෙරද එවන් පුද්ගලයන් මෙරටට භාරදී ම ඇත.

කෙසේ නමුත් ඇය මේ වන විට ඉන්දියාවට ගොස් ඇති බවට තහවුරු වී නොමැති අතර ඇය සොයා ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් තිබේ ෴

+

මවගේ අනියම් පුරුෂයා අතින් ‘ගැහැනියක්’ වූ සෙව්වන්දිගේ රටම නොදන්න කතාව පළමුවරට එළියට | මේකි නම් වැඩකාරියක් (02.03.2025)

+

‘ගනේමුල්ලේ සංජීව ඝාතන කුමන්ත්‍රණයේ’ මාධ්‍යයෙන් සැඟ වූ කතාව. කජ්ජා, සංජීව මේ ඔක්කොම ඝාතන මෙහෙයෙව්වේ එක තැනකින්ද? (02.03.2025)

+


ගතවූ පැය 48 ඉන්ධන ඇණැවුමක් නෑ.. ඉන්ධන බෙදුම්කරුවෝ කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියට රැස්වෙති

(03.03.2025 – 11:20 +0530 – lankacnews.com)

රට පුරා ඉන්ධන බෙදුම්කරුවන් මේ වන විට කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියට රැස්වී සිටී.

ඒ අද (03) දිනයේ ජනාධිපති අනුර දිසානායක මහතාට සංදේශයක් බාරදීම සඳහායි.

ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ තමන්ට ලබා දුන් ‘ඉන්ධන කොමිස් මුදල’ ලබාදෙන ලෙසයි.

‘ඛණිජ තෙල් නීතිගත සංස්ථාව’ විසින් අදාළ කොමිස් මුදල අහෝසි කිරීම මත මේ වන විට මතබේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.

මේ අතර ගතවුනු පැය 48 තුළ කිසිදු ඉන්ධන ඇණවුමක් සිදු නොකළ බව ‘ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය’ පවසයි.

තමනට සාධාරණ විසඳුම් ලබාදෙන තුරු ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බව සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා කියා සිටී ෴

+

මෙන්න දැන් ලැබුණු පුවතක් – මාධ්‍ය ප්‍රකාශ සිදුකළ ඉන්ධන බෙදුම්කරුවන්ට වැඩ වරදී – CIDය වැඩ අරඹයි (03.03.2025)

+

දෙකෙන් එකෙක් බේරා ගන්න තෙල් බෙදුම්කරුවෝ ජනපති හමුවෙන්න එති (03.03.2025)

+


මාර්තු 05 රට පුරා වෛද්‍ය වර්ජනයක් ? – GMOA අනතුරු අඟවයි

(03.03.2025 – 12:55 +0530 – sinhala.adaderana.lk)

‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව’ අද (03) කොළඹදී රැස්විය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදුව සම්බන්ධයෙන් මෙහිදී විරෝධය පළ කර ඇති අතර ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් රජයේ පාර්ශවයෙන් නොලැබුණෙහොත් එළැඹෙන මාර්තු 07 දින සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයකට යාමට ‘රජයේ නිලධාරීන්ගේ සංගමය’ අද (03) දින තීරණය කර තිබේ.

“2025 අයවැය හරහා වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි යෝජනාව මූලික වැටුපෙන් 1/80 සහ නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20 ක කියන අගයත් කප්පාදු කරලා. 1/80 වෙනුවට 1/120 ලබාදෙන බවත්, නිවාඩු දින දීමනාව 1/20 වෙනුවට 1/30 ලබාදෙන බවටත් තීන්දු තීරණ අරන් තියෙනවා. වෛද්‍යවරුන්ට හිමි අමතර රාජකාරි දීමනාව 1/80 නැවත ලබා දිය යුතුයි. නිවාඩු දින දීමනාව 1/20 නැවත ලබා දිය යුතුයි.” යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.

මෙහිදී ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ මාර්තු 05 වන දින වන විට මෙම නිවැරදි කිරීම සිදුනොවුවහොත් මාර්තු 07 දින සිට දැඩි තීන්දු තීරණ ගැනීමට ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ තීරණය කර ඇති බවය.

“06 වෙනිදා වන විටත් මේ නිවැරදි කිරීම කරන්න, 07 වෙනිදා ඉඳන් අපි දැඩි තීන්දු තීරණ ගැනීමට නියමිතයි. 07 වෙනිදායින් පසු රජයට නැවත වරක් දෙවරක් සිතන්න වෙයි සෞඛ්‍ය සේවා පවත්වා ගන්නේ කොහොමද කියලා.” යනුවෙන් ලේකම්වරයා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය.

+


බුද්ධි අංශ ප්‍රධානින් බෑන්ඩ් ගහන්න යවයි – බුද්ධි අංශ දිය කරන මාලිමා කුමන්ත්‍රණයක් (03.03.2025)

+

ඇස්, ඉස්, මස්, ලේ දන් දී රට රැකගත් හමුදාවක් වෘත්තීමය හමුදාවක් නොවන්නෙ කොහොමද? – විමල් අනුර ගෙන් අසයි! (03.03.2025)

+


‘කේබල් කාර් ව්‍යාපෘතිය’ට බාධා කළ ‘ගම්පොළ ප්‍රාදේශීය ලේකම්’ට එරෙහිව ‘රීට් පෙත්සමක්’

(03.03.2025 – 13:17 +0530 – hirunews.lk/sinhala)

අම්බුළුවාව ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතුවලට කිසිඳු ආකාරයකින් බාධා කිරීම හෝ මැදිහත්වීම් සිදුකිරීම වළක්වාලමින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති ‍රීට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළා.

මෙම පෙත්සම අද (03) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, අදාල පෙත්සම ජූනි මස 12 වනදා විභාගයට ගන්නා බවයි.

මෙම පෙත්සම ගොනු කර තිබුණේ අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමක් විසින්.

පෙත්සම්කාර සමාගම අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටින්නේ මෙම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා සියලු රාජ්‍ය ආයතන විසින් අවශ්‍ය අනුමැතිය ලබාදී තිබියදී ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය එම කටයුතුවලට බාධා සිදු කරන බවයි.

මෙම ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ බලයට යටත් වන ප්‍රදේශයක් බවත්, එහි කටයුතුවලට මැදිහත්වීමට ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට කිසිදු බලයක් නොමැති බවත් පෙත්සම්කරු සඳහන් කළා.

මෙම බාධා කිරීම් හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය නියමිත කාල සීමාව තුළ අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, එම ව්‍යාපෘතිය සඳහා බාධා කිරීම් හා අනිසි මැදිහත්වීම් සිදුකිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ගම්පොළ ප්‍රාදේශීය ලේකම්, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය ඇතුළු පිරිසක් කර තිබෙනවා ෴


රුපියල් කෝටි 09 ක කේරල ගංජා සමග තිදෙනෙක් (3) අත්අඩංගුවට

(03.03.2025 – 14:00 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 09 කට අධික වටිනා කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් 3 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.

යාපනය සහ මන්නාරම ප්‍රදේශවලදී සිදුකළ වටලීමකදී මෙසේ කේරල ගංජා කිලෝ 228 ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

යාපනය අනලතිව් දූපත අසල වූ මුහුදු සීමාවේදී අද (03) අලුයම් කාලයේදී උතුරු නාවක විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බොට්ටුවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 78 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 197 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත්තා.

එහිදී සැකකරුවන් සතුව තිබූ බොට්ටුවද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මේ අතර මන්නාරම, මරිච්චකට්ට ප්‍රදේශයේදී මන්නාරම පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පිරිසක් සහ වයඹ නාවික විධානයේ නිලධාරීන් පිරිසක් විසින් ඒකබද්දව ඊයේ (02) සිදුකරන ලද සෝදිසියකදී නිවසක් තුල සඟවා රුපියල් මිලියන 12 කට අධික වටිනා කේරල ගංජ කිලෝ 31 ක් අත්අඩංගුවට ගත්තා.

පසුව නිවසේ හිමිකරු සමගින් කේරල ගංජා ප්‍රවහනයට යොදාගත් බවට සැකකෙරෙන යතුරුපැදියක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මකයි ෴


නිරුවතින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

(03.03.2025 – 16:14 +0530 – hirunews.lk/sinhala)

නිරුවත් වී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු, පොලිසිය විසින් අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කඩුගන්නාව ප්‍රදේශයේදියි.

මාතර – අහංගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මොහු ප්‍රසිද්ධිය ලබාගැනීමේ අරමුණින් නුගේගොඩ සිට සිය යතුරු පැදියෙන් නිරුවතින් ගමන් ආරම්භ කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

එමෙන්ම, ඔහු ආරක්ෂිත හිස් ආවරණයක් පැලදීමකින් තොරව ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, අහංගම සිට පැමිණි මෙම තරුණයා අවස්ථා 03 කදී ඉන්ධන පිරවුම්හල්වෙත ගොස් ඉන්ධනද ලබාගෙන ඇති බව සදහන්.

+

උපන් ඇඳුමෙන් යතුරුපැදියක් පැදවූ තරුණයා හේතුව කියයි

(03.03.2025 – 20:48 +0530 – hirunews.lk/sinhala)

නිරුවතින් යතුරුපැදියක් ධාවනය කළ පුද්ගලයකු කඩුගන්නාව පොලිසිය විසින් මාර්ග බාධකයක් යොදා අද (03) පස්වරුවේ අත්අඩංගුවට ගත්තා.

ඔහු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.

තමුන් වෙත ආකර්ෂණය දිනාගැනීමේ අරමුණෙන් මෙලෙස නිරුවතින් යතුරුපැදියක් ධාවනය කළ බවයි ඔහු කියා ඇත්තේ.

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර දෙසට නිරුවතින් යතුරුපැදියක් පදවාගෙන යන අයුරු වෛද්‍යවරයකු විසින් දැක තිබෙනවා.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දී තිබෙන්නේ ඒ අනුවයි.

පසුව ඒ ගැන මාවනැල්ල පොලිසිය දැනුවත් කිරීමටයි පොලිස් හදිසි ඇමතුම් ඒකකය පියවර ගෙන තිබුණේ.

නමුත් ඒ වනවිට මාවනැල්ල පොලිසියට අදාළ තරුණයා මගහැරී තිබෙන බව පැවසෙනවා.

අනතුරුව ඒ පිළිබඳව කඩුගන්නාව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු කඩුගන්නාව ගලවිදින ලද ස්ථානය පසු කළ අවස්ථාවේදී බස් රථයක් මග හරස් කරමින් මෙම යතුරුපැදිය නවතා තිබෙනවා.

ඒ අවස්ථාවේදීත් සැකකාර පුද්ගලයා නිරුවතින් සිට ඇති බව පැවසෙනවා.

ඉන් පසුව කඩුගන්නාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කලිසමක් හා ටී ෂර්ටයක් රැගෙන සැකකරුට අන්දවා තිබෙනවා.

අනතුරුවයි ඔහු හා යතුරුපැදිය පොලිසිය භාරයට ගෙන ඇත්තේ.

සැකකරුගේ මව වෛද්‍යවරියක බවත් පියා ව්‍යාපාරිකයෙකු බව වාර්තා වනවා.

අලුයම 04 ට පමණයි නුගේගොඩ පිහිටි නිවසේ සිට සැකකරු සිය යතුරපැදියෙන් පැමිණ ඇත්තේ.

සැකකරු යතුරුපැදියේ ගමන් කරන අතරතුර ඇඳුම් ඇඳගත් බොහෝ දෙනකු ගමන් කරනු දුටු බවත් තමා අන් අයට වඩා ආකර්ෂණය දිනාගැනීමට සිතූ බවයි ඔහු පවසා ඇත්තේ.

ඒ අනුව එකින් එක ඇඳුම් ගලවා ගෙන යතුරුපැදිය ධාවනය කළ බව සැකකරු වැඩිදුරටත් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ ෴

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *