උසස් පෙළ සහ ශිෂ්‍යත්වයට දින නියම වෙයි (උසස් පෙළ : ඔක්. 12 සිට නොවැ. 06) (ශිෂ්‍යත්ව විභාගය : ඔක්. 11)

(20.07.2020 – 11:44 +0530 – hirunews.lk/sinhala) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තොම්බර් මස 12 වනදා ආරම්භ වී නොවැම්බර් 06 වනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් මස 11 වනදා පැවැත්වෙන බවයි. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පවත්වන දින සම්බන්ධයෙන් අධ්‍යාපන …

‘බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුම’ යෝජනාවලිය අගමැතිට භාරදෙයි

(20.07.2020 – 06:58 +0530 – lankaleadnews.com) = සමස්ත ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරනු ඇතැයි අපි විශ්වාස කරනවා – ‘බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුම’ යෝජනාවලිය අගමැතිට භාර දෙමින් වෛද්‍ය ගුණදාස අමරසේකර කියයි = ‘නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය’ විසින් සකස් කරන ලද ‘බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුම’ යෝජනාවලිය අරලියගහ මන්දිරයේදි අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත …

විල්ගම් වෙහෙර රජමහ විහාර පරිශ්‍රයේ කැනීම්වලින් මෙරට ඉතිහාසය සම්බන්ධ වැදගත් සාක්ෂි කිහිපයක්

(19.07.2020 – 12:46 +0530 – hirunews.lk/sinhala) ඓතිහාසික විල්ගම් වෙහෙර රජමහ විහාර පරිශ්‍රයේ සිදුකළ කැනීම්වලින් මෙරට ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් සාක්ෂි කිහිපයක් සොයා ගැනීමට හැකිවී තිබෙනවා. පුරාවිද්‍යා බලධාරීන් සඳහන් කළේ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කොට තනා ඇති බවට සැක කළහැකි ස්ථූපයක් පිළිබඳවත්, ඒ අනුව කරුණු හෙළිදරව් වී ඇති බවයි. සේරුවිල එක් කෙළවරක පිහිටි ඓතිහාසික විල්ගම්වෙහෙර …

බැඳුම්කර වංචාවට වඩා නාකොටික් ගේම බරපතලද? – ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

(19.07.2020 – divaina.com) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පාතාලය සමග එක්වී තම භාරයේ තිබූ හෙරොයින් බෙදාහැරීම සමාන කළ හැක්කේ මහබැංකු බැඳුම්කර කොල්ලයට පමණි. මහබැංකු වංචා හරහා ජනතාව දෙවරක් කොල්ලකෑ, එජාපය නායකත්වය දුන් යහපාලන රජය කළ ‘හපන්කමට’ පොලිසිය අභියෝග කර තිබේ. මහ බැංකුව කොල්ලකාපු රටක පොලිසිය හෙරොයින් විකිණීම සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස කලබලවීය යුතු නැත. මහබැංකු …

පාසල් අතුරු නිවාඩුව සතියකින් දීර්ඝ කෙරේ – ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග පවත්වන නව දින ප්‍රකාශයට පත් කිරීම අනිද්දා (20)

(18.07.2020 – 14:34 +0530 – hirunews.lk/sinhala) පාසල් අතුරු නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, නැවත පාසල් ආරම්භ කිරීමට ජූලි මස 27 වනදා වඩාත් සුදුසු දිනය බවට අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, එහෙත්, එම සතිය තුළ පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 ශ්‍රේණිවල දූ දරුවන් පමණයි. මහමැතිවරණයෙන් පසුව …

කොරෝනා රාජකාරීවලින් ඉවත් වූ, සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණාත්මක සාකච්ඡාවක

(18.07.2020 – 12:40 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වසංගත පාලනයට අදාළව රාජකාරීවලින් ඊයේ (17) සිට ඉවත් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට මේ වන විට රැස්වී තිබෙනවා. ඔවුන් මෙලෙස එම රාජකාරීවලින් ඉවත්ව ඇත්තේ කොරෝනා රාජකාරීවලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත බලතල ලබා නොදෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරිය සිදුකළ බව කියන ප්‍රකාශයකට විරෝධය පළ කරමින්. මේ අතර, …

මහ බැංකුවට හෙළි නොකළ ETI ගිණුම් ගැන කරුණු අනාවරණය වෙයි

(17.07.2020 – 20:25 +0530 – hirunews.lk/sinhala) ඊ.ටී.අයි. ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවට හෙළි නොකළ ගිණුම් පවත්වාගෙන යමින් ඒවායේ මුදල් ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ හා ඊ.ටී.අයි. සමාගමට අනුබද්ධ ආයතනවල පෞද්ගලික පරිහරණය සදහා යොදා ගෙන ඇති බවට අද (17) කරුණු අනාවරණය වුණා. ඒ ඊ.ටී.අයි. ආයතනයේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයන විශේෂ ජනාධිපති කොමිසමේ …

පොලීසිය දැනුවත් කර තිබියදීත්, දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභාව ඩෝසර් කෙරේ – විමර්ශනයට කමිටුවක්

(17.07.2020 – 13:44 +0530 – hirunews.lk/sinhala) පළමුවරට කුරුණෑගල රාජධානිය කර ගත් දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත කමිටුවක් පත් කරන බව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා. එම රාජ සභාවේ කොටසක් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල පොලීසියට පසුගිය 6 …

නාලක සිල්වා දෙවන දිනටත් පාස්කු කොමිසමේ සාක්ෂි දෙයි

(17.07.2020 – 08:33 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබා ගත්තද ඒ පිලිබදව දිවයිනේ සෙසු පොලිස් ස්ථාන දැනුවත් නොකළ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය භාරව සිට වැඩ තහනමට ලක්වු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඊයේ (16) පිළිගත්තා. ඒ, පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ …

අඟුලානේ පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වය පාලනය කරයි – ආරක්ෂාවට එස්.ටී.එෆ් කැඳවයි

(16.07.2020 – 15:53 +0530 – hirunews.lk/sinhala) අගුලාන පොලීසිය ඉදිරිපිට ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳ හා මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබෙනවා. පසුගියදා මොරටුව – ලුනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරත වූ ප්‍රදේශවාසීන් පිරිසක් අද (16) පස්වරුවේ පොලීසිය දෙසට ගල් මුල් …