සිසුවෙක් බෝලයක් යැයි සිතා අත්බෝම්බයක් අහුලාගෙන

සිසුවෙක් බෝලයක් යැයි සිතා අත්බෝම්බයක් අහුලාගෙන


සිසුවෙක් බෝලයක් යැයි සිතා අත්බෝම්බයක් අහුලාගෙන

(21.07.2025 – hirunews.lk)

පාසල් සිසුවෙකු කැලෑබද ඉඩමක තිබී අහුලාගත් අත්බොම්බයක් අම්බලන්ගොඩ පොලිසිය විසින් සිය භාරයට ගනුලැබ තිබෙනවා.

මාදම්පාගම, දේවගොඩ සිරි රතන මාවතේ නිවසක පාසල් දරුවෙක් නිවසට යාබද කැලෑ බද ඉඩමකට කිතුල් අතු කපා ගැනිමට ගිය අවස්ථාවේ කුණුගොඩක තිබු බෝලයක් වැනි යමක් අහුලාගෙන තිබෙනවා.

එම සිසුවා අද (21) දහවල් එය දැක ඇති අතර, ඔහුගේ ඥාතියකු එය අත්බොම්බයක් බවට හදුනාගෙන අම්බලන්ගොඩ පොලිසිය දැනුවත්කර ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ අම්බලන්ගොඩ පොලිස් නිලධාරින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් කැඳවා එම බෝම්බය අක්‍රීය තත්ත්වයට පත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බෝම්බය අහුලාගත් දරුවාගෙන් හා නිවැසියන්ගෙන් වැඩිදුර ප්‍රශ්නකර ඉදිරි විමර්ශන කිරිම සඳහා අක්‍රිය කරන ලද අත්බොම්බය පොලිස් භාරයට ගෙන ඇති අතර, පාසල් දරුවාට මෙහි තිබූ අවදානම පිළිබඳව අවවාද කර තිබෙනවා.

බොලයක්යැයි සිතා අහුලාගත් අත්බොම්බය ගැලවිමට උත්සාකර ඇතත් ඒය ක්‍රියාත්මක නොවිම දරුවාගේ වාසනාවක් බව පොලිසිය පවසනවා.

කිසිවෙකුත් මේ සම්බන්ධව අත්අඩංගුවට ගෙන නොමැති අතර, බලපිටිය මහෙස්ත්‍රාත් වෙත කරුණු ඉදිරිපත් කිරිමෙන් අනතුරුව බොම්බය නිෂ්ක්‍රිය කරන බව පොලිසිය පවසනවා.

+


13 හැවිරිදි දැරියක් ස්පර්ශ කළ පොලිස් කොස්තාපල්ට වැඩ වරදී

(21.07.2025 – hirunews.lk)

දෙහිවල ප්‍රදේශයේ නිවසකට රාත්‍රී කාලයේ හොර රහසේ ඇතුළු වී නිවසේ නිදා සිටි 13 හැවිරිදි දැරියක් ස්පර්ශ කර ඇයට අතවර කිරීමට තැත් කළ පොලිස් කොස්තාපල්වරයෙකු දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් රථවාහන කොට්ඨාශයට අනුයුක්තව රාජකාරී කරමින් සිට විශේෂ රාජකාරී පදනම මත දෙහිවල පොලිසියට අනුයුක්ත කර සිටි පොලිස් කොස්තාපල්වරයෙක්.

සැකකාර කොස්තාපල්වරයා ඊයේ (20) අලුයම ඉහත නිවසට ඉදිරිපස දොරින් ඇතුළු වී එම නිවසේ නිදා සිටි දැරිය ස්පර්ශ කර ඇයට අතවර කිරීමට තැත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

දැරියගේ කෑ ගැසීම ඇසී නිවැසියන් අවදිවී සැකකරු අල්ලා ඔහුට පහර දී පොලිසියට දැනුම් දී තිබෙනවා.

දෙහිවල පොලිසියේ ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී සැකකරු පොලිස් කොස්තාපල්වරයකු බවට හඳුනාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සැකකාර කොස්තාපල්වරයා එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

නිවසියන්ගේ පහර කෑමෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර දෙහිවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා ෴


කහවත්තේ වෙඩි තැබීමේ සිද්ධියට ඇල්ලූ වෙඩික්කරු රඳවාගෙන ප්‍රශ්න කෙරේ

(21.07.2025 – hirunews.lk)

කහවත්ත ප‍ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්සවා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් වෙඩික්කරු මේ මස 28 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය බස්නාහිර, උතුර අපරාධ කොට්ඨාසය වෙත අවසර ලබාදුන්නා.

ඒ, සැකකරු අද (21) පස්වරුවේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය ජූනි 30 වන දින කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයක් සමඟ අද (21) උදෑසන මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඒ විශේෂ කාර්ය බළකාය විසින් අද (21) අලුයම 04:30 ට පමණ සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර, ඔහු සන්තකයේ තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 12 ක්ද සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, මෙම පුද්ගලයා කහවත්ත සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු බවයි.

මොහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හෝමාගම ‘හඳයා’ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

කහවත්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරුවන් කිහිප දෙනෙකු සහ අපරාධයට යොදාගත් වාහන (යතුරුපැදියක් ද ඇතුළුව) අත්අඩංගුවට ගෙන තිබුණද, ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, මෙම මස 28 වැනි දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබෙනවා.

+


‘හොර සීයා’ මුදලාලිගේ ඇස් වහලා දෙන ගේම.. රු.20 රු.500 වෙන හැටි… (21.07.2025)

+


ශානිවයි රවීවයි ඒ තනතුරුවලට දාන්න කිව්වේ කාදිනල් හිමි ඇතුළු නායකයෝ ? (21.07.2025)

+++

පාස්කු ප්‍රහාරය ගැන කතා කළාට කවුරුත් ඊබ්‍රහීම් ගැන කතා කරන්නේ නෑ (21.07.2025)

+++

ආණ්ඩුවේ ඊළඟ බොරුව ගැන කියන දොලවත්ත – “කරුණාකරලා කාදිනල්තුමාගෙන් සමාව ඉල්ලන්න” (21.07.2025)

+


ශිෂ්‍යත්ව විභාගයට දින නියමකරයි

(21.07.2025 – hirunews.lk)

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව ලබන අගොස්තු මස 10 වැනි ඉරිදා එම විභාගය පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

එම විභාගයේ 02 වන පත්‍රය පෙරවරු 09:30 සිට 10:45 දක්වාත් පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11:15 සිට 12:15 දක්වාත් පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ ෴


සීදූවේ වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

(21.07.2025 – hirunews.lk)

සීදූව, රාජපක්ෂපුර, 4 වන මාවතේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු (1) රෝහල් ගත කල බව යි ෴

සීදූව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ කටුනායක – සීදුව නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙකුගේ පියා බව පොලිසිය පවසනවා.

තුවාල ලැබූ පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවද පොලිසිය සඳහන් කළා ෴


ලංවිම වෘත්තිය සමිති රැසක් හෙට (22) ලෙඩ වෙන ලකුණු

(21.07.2025 – 19:27 +0530 – sinhala.adaderana.lk)

යෝජිත විදුලි බල පනත හකුලාගන්නා තෙක් අඛණ්ඩව සටන්වැදීමට සූදානම් බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි.

අද (21) ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් සඳහන් කළේ විරෝධයේ පළමු (1) අදියර හෙට (22) ආරම්භ කරන බවය.

අසනීප නිවාඩු වාර්තාකරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති 28 ක නියෝජිතයින් හෙට (22) විරෝධතාවක් සිදුකිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ඒ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇතුළත් අරමුණින් ගෙනා 2024 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධන සහිතව යළිත් සම්මත කරගැනීමට වත්මන් ආණ්ඩුවේ සූදානමක් ඇති බවට පවසමින්ය.

මේ අතර හෙට (22) වෘත්තීය සමිති ගැනීමට නියමිත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දක්වන බව ‘ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය’ නිවේදනය කර තිබේ ෴


විමල් වීරවංශ ඇරඹූ ‘කර්මාන්ත පුනරුදය’ ආපස්සට ! ඊනියා ‘පුනරුද ආණ්ඩුව’ට කර්මාන්තකරුවන්ගෙන් ‘පැසසුම්’ ? (21.07.2025)

+


දියවැඩියා රෝගය බරපතළ තත්ත්වයක (21.07.2025)

+


සිවිල් ක්‍රියාකාරීන් කුපිත වී මහ පාර මැද ඩෙගා නටයි (21.07.2025)

+


Hiru TV Salakuna Live | Udaya Gammanpila | Episode 489 | 2025-07-21

+


පාස්කු මහ මොළකරු ජූඩ් ප්‍රනාන්දු පියතුමා..? ගම්මන්පිලගෙන් හෙළිදරව්වක් (22.07.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *