Category «දේශපාලන – මැතිවරණ»

අපේ හමුදාපති ගැන අමෙරිකාවට තියෙන රුදාව මොකක්ද? – ඥානසාර හිමි

(25.08.2019 – 23:35 +0530 – sinhala.adaderana.lk) හදිසි නීතිය ඉවත් කර ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව රට පුරා යෙදවීම පිළිබඳව ඥානසාර හිමි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ස්තුතිය පල කර සිටියි. ත්‍රස්ත ප්‍රහාරය ඇති වීමට පෙර ඒ පිළිබඳ දැනුම් දුන්න ද පසුගිය ආණ්ඩුවෙන් හෝ වත්මන් ආණ්ඩුවෙන් ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වු බවට ද ඒ හිමියන් චෝදනා එල්ල කරයි. …

වත්මන් රජය යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කළා – ගෝඨාභය රාජපක්ෂ

(24.08.2019 – 19:20 +0530 – sinhala.adaderana.lk) අධ්‍යාපනය, රැකියාව, සංවර්ධනය, ආරක්ෂාව, ක්‍රීඩා සහ පරිසරය ආදී අංශ ගණනාවක් සම්බන්ධයෙන් තරුණයින්ට බලපා ඇති ගැටලුවලට ලබා දෙන විසඳුම් පිළිබඳ පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය අදහස් පළ කළේය. ඒ ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ පළමු ජාතික සම්මේලනයට අද පස්වරුවේ එක් වෙමින්. ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ …

ස්වාමීන් වහන්සේලා පිරිසක් දුරකථන රැගෙන පොලිස් මූලස්ථානයට යාමේ දී උණුසුම් තත්වයක්

(23.08.2019 – 21:30 +0530 – hirunews.lk/sinhala) හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පැමිණිලි රැසක් ඉදිරිපත් කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්යක් නොගැනීම පිළිබඳ විමසීමට රාවණා බලය සංවිධානය සහ තවත් සංවිධාන කිහිපයක් අද පොලිස් මූලස්ථානයට පැමිණියා. රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සිය ජංගම දුරකතන රැගෙන පොලිස් මූලස්ථානයට ඇතුළුවීම සම්බන්ධයෙන් එහිදී උණුසුම් තත්ත්වයක්ද ඇති …

දින 89 කින් බන්ධනාගාර ගත වෙන්න බලාගෙන ඉන්න – පියල් නිශාන්ත

(22.08.2019 – 14:10 +0530 – sinhala.adaderana.lk) මුළු රටම අර්බුදයකට ලක් කරපු එක්සත් ජාතික පක්ෂය අද වන විට විශාල අර්බුදයකට ලක්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි. අද (22) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. එක්සත් ජාතික පක්ෂයට දිට්ඨ ධම්මවේදනීය කර්මය පටිසම් දී ඇති බවද පැවසු ඒ මහතා, රට ගොඩනඟනවා යැයි …

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට නඩු තුනක්

(20.08.2019 – 20:14 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට එරෙහිව නීතිඥයින් පිරිසක් අධිකරණය හමුවේ නඩු තුනක් ගොනුකර තිබෙනවා. ඉන් ඉල්ලා තිබෙන්නේ විත්තිකාර ශානි අබේසේකර මහතා සිය රාජකාරි කටයුතු වලදි අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාපටිපාටීන් උල්ලංඝණය කර ඇති බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ …

නුවරඑළියෙන් එළියට එන සහරාන්ගේ වත ගොත …

(20.08.2019 – 19:19 +0530 – sinhala.adaderana.lk) මොහොමඩ් සහරාන් ඇතුළු පිරිස පුහුණු කඳවුරක් ලෙස භාවිත කළ නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ නිවසක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදීත් නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් නුවරඑළිය උසස් පොලිස් නිලධාරීන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවට කැඳවා ප්‍රශ්න කළ යුතු බව නව සිංහල රාවය ජාතික සංවිධානය පවසයි. එහි ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව සඳහන් …

ප්‍රභාගේ දොස්තර අත්අඩංගුවට – මෛත්‍රිට හා ගෝඨාට ගහන්න ස්නයිපර්කරුවන් හොයලා

(20.08.2019 – epaper.aruna.lk) ප්‍රභූ ඝාතනයක් ඇතුළු එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් සඳහා උතුරේ නිද්‍රාශීලී කොටි කණ්ඩායම් මෙහෙයවමින් සිටි බව කියන හිටපු කොටි නායක ප්‍රභාකරන්ගේ වෛද්‍යවරයා වූ සින්නයියා සිවරූබන් යාපනය, පලෙයි රෝහලේදී ඊයේ (19 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. අධිබල සී ෆෝ එකතුකරලා. යුද හමුදාව හා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) ඒකාබද්ධව දීර්ඝ විමර්ශන හයකින් පසුව ඔහු ඊයේ (19 වැනිදා) …

‘බැටික්ලෝ කැම්පස්’ ආයතනය අභ්‍යවකාශ ගවේෂණය මධ්‍යස්ථානයක් කරන්න – පූජ්‍ය අතුරලියේ රතන හිමි

(19.08.2019 – 19:21 +0530 – sinhala.adaderana.lk) බැටික්ලෝ කැම්පස් ආයතනය වහාම රජයට පවරාගෙන අභ්‍යවකාශ තොරතුරු ගවේෂණය පිළිබඳ මධ්‍යස්ථානයක් බවට පත්කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් රජයෙන් ඉල්ලීමක් කරයි. එම ආයතනයට එරෙහිව අද (19) පස්වරුවේ මඩකලපුව නගරයේ පැවති විරෝධතාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය. බැටික්ලෝ කැම්පස් ආයතනය වහාම රජයට පවරාගන්නැයි බල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය …

2015 දී පැරදුණේ වැඩ බැරි ටාසන් කෙනෙකුට – දිලුම් අමුණුගම

(19.08.2019 – 10:51 +0530 – sinhala.adaderana.lk) 2015 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමට හේතුව තරුණයන්ගේ ඡන්ද ගිලිහී යාම බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි. ඇඹිලිපිටියේ පැවති උත්සවයකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. තරුණයන් අතර මහින්ද රාජපක්ෂ මහතා කෙරේ වෛරයක් ඇති කර ඔහු පරාජයට පත් කිරීමට ප්‍රතිවාදීන් ක්‍රියා කළ බවත් එසේ …

ආණ්ඩුව මේ රටට කළ විනාශයට රනිල්-සජිත්-කරු තිදෙනාම වගකිව යුතුයි – උදය ගම්මන්පිළ

(17.08.2019 – mawbima.lk) = උදය ගම්මන්පිළ මහතා සමග කළ සාකච්ඡාවක් = ජනාධිපතිවරණයට තියෙන්නේ තව දින 100 ටත් අඩු කාලයක්, කොහොමද ඒ සඳහා ඔබතුමාලාගේ සූදානම? අපි තරම් ජනාධිපතිවරණයට සූදානම් වුණු වෙනත් පක්ෂයක් ලංකා ඉතිහාසය පුරාම නැතිව ඇති. බොහෝ විට විපක්ෂය තම අපේක්ෂකයා තීරණය කරන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාට පසුවයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට …