රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ‘නිලන්ත ජයවර්ධන’ පොලිසියෙන් නෙරපයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ‘නිලන්ත ජයවර්ධන’ පොලිසියෙන් නෙරපයි
(19.07.2025 – hirunews.lk)
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ‘නිලන්ත ජයවර්ධන’ පොලිසියෙන් ඉවත් කර තිබෙනවා.
‘ජාතික පොලිස් කොමිසම’ විසින් මෙම තීරණය ගත් බවයි සඳහන්.
පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකළ අතර ඒ අනූවයි මෙම පියවර ගෙන ඇත්තේ.
+++
නිලන්ත ජයවර්ධන පොලිසියෙන් දොට්ට (19.07.2025)
+
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනකු ජීවිතක්ෂයට
(19.07.2025 – hirunews.lk)
උඩදුම්බර – මීමුරේ, කරඹකැටිය ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනකු (3) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මරණකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකු (2) ද වන බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර තුවාල ලැබූ තිදෙනෙක් (3) තෙල්දෙණිය රෝහලට ඇතුළත් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
+
කොළඹ නුවර පාරේ අනතුරකින් කාන්තාවක් මරුට
(19.07.2025 – hirunews.lk)
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, මංගලගම, අම්බලම අසලදී අද (19) වූ රිය අනතුරකින් කාන්තාවක් (1) මියගොස් ඇතයි පොලිසිය පවසනවා.
කෑගල්ල දෙස සිට මාවනැල්ල දෙසට ධාවනය වු ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මාවනැල්ල, අළුපත, උස්සාපිටිය ප්‍රදේශයේ කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අද (19) පස්වරු 01:30 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවූ ස්ථානයේදීම එම කාන්තාව මියගොස් තිබුණා.
ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴
පාතාල ඝාතකයකුට නවාතැන් දීපු තිදෙනෙක් (3) අත්අඩංගුවට
(19.07.2025 – hirunews.lk)
කොළඹ ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක වෙඩිතබා කළ මිනිස් ඝාතන කිහිපයකට සම්බන්ධ වෙඩික්කරුවෙකු බව කියන සකකරුවෙකුට රැකවරණය දුන් තිදෙනකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අම්පාර ප්‍රදේශයට රැගෙන ගිය අම්පාර ලංගම ඩිපෝවේ රියැදුරෙක් සහ නවාතැන් දුන් නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ මෙසේ බක්කිඇල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
ගල්කිස්ස, කොටුවවත්ත, වටරප්පල ප්‍රදේශයේදි ද්විත්ව ඝාතනයට (2025.01.07) සහ ගම්පහ, සීදුව ද්විත්ව ඝාතනයට (2024.12.28) මොහු සම්බන්ධ බවයි හෙළිවී ඇත්තේ.
අම්පාර – බක්කිඇල්ල, රජගලතැන්න ප්‍රදේශයේදී ඉකුත් (15) මොහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අම්පාර ඩිපෝවේ රියදුරු විසින් කොළඹ සිට මෙම සැකකරු ලංගම බස් රථයෙන් අම්පාරට රැගෙන විත් එදින රාත්‍රි ඔහුගේ නිවසේ රඳවාගෙන සිට පසුදින ඔහුගේ සහොදරියගේ නිවසේ නවත්වා තිබෙන බවයි පැවසෙන්නේ.
සැකකරු ‘මොහොමඩ් අස්වාන් ෂෙරිප්ඩීන්’ නැමැති අයෙක් වන අතර ඔහු යුද හමුදාවට බැඳී සිට නිත්‍යනුකූලව ඉවත් වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
රාගම, බටුවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ‘ගණේමුල්ල සංජීව’ගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ‘ආමි උපුල්’ නැමැත්තා ඝාතනයට මොහු සම්බන්ධ බවට සැකයක් පවතිනවා.
එමෙන්ම ප්‍රදේශ කිහිපයක සිදුකළ වෙඩි තැබීම් ගණනාවකටත් මොහු සම්බන්ධ බවද සැක පවතිනවා.
මොහු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද හැදුනුම්පත් 04 ක් සහ විදෙස් ගමන් බලපත්‍ර 02 ක් ද සොයාගත් බවද පොලිසිය සඳහන් කළා.
මේ අතර ඔහු සැඟවී සිටි නිවසේ තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ද සොයාගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි හා සබඳතා පවත්වමින් වෙඩි තැබීම් ඇතුළු අපරාධවලට මොහු සම්බන්ධ බවයි අනාවරණය වී ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදුකෙරෙන පසුබිමක කට්ටි පනිමින් සිටි මොහු අම්පාර – බක්කිඇල්ල, රජගලතැන්න ප්‍රදේශයේදී පොලිසියට කොටුවී තිබෙනවා.
ඔහු සිදුකළ අපරාධ සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴
සමගි ජන බලවේග කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා අත්අඩංගුවට
(19.07.2025 – hirunews.lk)
සමගි ජන බලවේග කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ‘ජගත් විතාන’ගේ පුත්‍රයා වන ‘රසික විතාන’ යන අයව අද (19) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ලැබුණු තොරතුරක් මත ‘පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ’ අධ්‍යක්ෂවරයා ඇතුලු නිලධාරී කණ්ඩායමක් විසින් මතුගම ප්‍රදේශයේදී යි.
‘හිරු ප්‍රවෘත්ති’ අප කළ විමසීමකදී ‘වලාන දූෂණ මර්දන ඒකකය’ සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරටට ආනයනය කළ නීති විරෝධී ලෙස එකලස් කරන ලද ‘ලෑන්ඩ් කෲෂර්’ වර්ගයේ ජීප් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව බවයි.
මෙම ජිප් රථය කොටස් එකලස් කළ එකක් බවත්, පසුව ‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ’ ලියාපදිංචි කර ඇති බවත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළා ෴
+++
+
ව්‍යාජ ලේඛන සමග තරුණියක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට
(19.07.2025 – hirunews.lk)
ව්‍යාජ ගමන් බලපත්‍රයක් ඇතුළු ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඩුබායි හරහා ඉතාලියට යාමට පැමිණී යාපනයේ තරුණියක් කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය සතුව ව්‍යාජ ගමන් බලපත්‍රයක්, ව්‍යාජ බෝඩිං කාඩ් පතක් සහ ව්‍යාජ විගමන මුද්‍රාවක් තිබූ බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි (26) හැවිරිදි තරුණියක් බවද පොලිසිය පැවසුවා.
ආගමන විගමන නිලධාරීන්ට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අන්සතු වීසාවක් සන්තකයේ තබා ගැනීම හේතුවෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴
බොරු වාර්තාවකින් ජාවාරම්කරුවෙක්ට ඇප දුන් සිද්ධියකට කොස්තාපල්ගේ වැඩ තහනම්
(19.07.2025 – hirunews.lk)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ පෙර වැරදි සඳහන් නොකර කළුතර මහාධිකරණය වෙත ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කර එම ජාවාරම්කරුට ඇප ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනමට ලක් කර තිබෙනවා.
මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි කොස්තාපල්වරයෙක්.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ජාවාරම්කරුවෙකුට ඇප ලබාදීම සඳහා අධිකරණය මගින් වාර්තාවක් කැඳවා තිබෙනවා.
ඒ අනුවයි සැකකාර පොලිස් කොස්තාපල්වරයා මෙම ව්‍යාජ වාර්තාව අධිකරණ රෙජිස්ටාර්වරයා වෙත ඉදිරිපත් කර තිබෙන්නේ.
සැකකාර කොස්තාපල් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ පෙර වැරදි කිසිවක් එම වාර්තාවේ සටහන් නොකළ බවයි සඳහන්.
කළුතර දකුණ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ නිල මුද්‍රාව එහි තබා, මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වශයෙන් ව්‍යාජ අත්සනක් ද යොදා වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි ඔහු ක්‍රියාකර ඇත්තේ.
එම වාර්තාවට අනුව ඉහත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට මහාධිකරණ විරිසුරුවරයා විසින් ඇප ලබා දී තිබෙනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුවයි කළුතර සහකාර පොලිස් අධිකාරිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ.
එම විමර්ශනය අතරතුර සැකකාර කොස්තාපල්වරයා වැඩ තහනමට ලක් කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ ෴
අයහපත් කාලගුණය ගැන අවධානයෙන් සිටින ලෙස ධීවරයන්ට දැනුම්දීමක්
(19.07.2025 – hirunews.lk)
දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයන්ට අනුව, මෙම මුහුදු ප්‍රදේශ ඉදිරි දින කිහිපය තුළ රළු විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සඳහන් කළේ, ඊයේ (18) පෙරවරු 10 ට නිකුත් කරන ලද කාලගුණ නිවේදනයට අනුව, වෙරළාසන්නයේ ධීවර කටයුතුවල නිරත වන එක්දින කුඩා යාත්‍රා සහ OFRP යාත්‍රා සඳහා නැවත දැනුම් දෙන තුරු පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ ප්‍රදේශවල ධීවර කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දුන් බවයි.
අද (19) දිනට අදාළව නිකුත් කර ඇති කාලගුණ නිවේදනයන් දැක්වෙන්නේ මෙම මුහුදු ප්‍රදේශවල මුහුදේ ස්වභාවය රළු විය හැකි බවයි.
මෙම දැනුම්දීම් නොතකා, ඊයේ (18) සවස් වරුවේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා කිහිපයක් ගැටලුවලට මුහුණ දී ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.
හලාවත ප්‍රදේශයේ එක් (1) ධීවර යාත්‍රාවක් අනතුරට පත්වී ඇති නමුත්, එහි සිටි ධීවරයින්ට කිසිදු හානියකින් තොරව ගොඩබිමට පැමිණීමට හැකි වී තිබෙනවා.
තවත් යාත්‍රා කිහිපයක් නියමිත වේලාවට වඩා ප්‍රමාද වී ගොඩබිමට පැමිණ ඇති අතර, එක් (1) යාත්‍රාවක් තවමත් ගොඩබිමට පැමිණ නොමැත.
කෙසේ වෙතත්, එම යාත්‍රාවද ඉක්මනින් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
කොළඹ ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා ගිය ධීවර යාත්‍රා පහක් (5) පමණ අයහපත් කාලගුණ තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා පෝට් සිටි (Port City) තුළට ඇතුළු කර ඇති බව සඳහන්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි, ඉදිරි දින කිහිපය තුළද අයහපත් කාලගුණ තත්ත්වය පැවතිය හැකියි.
පුත්තලම සිට පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි වීමේ අවදානමක් පවතින අතර, මුහුදු රළ මීටර් 2.5 – 3 දක්වා ඉහළ යා හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා ෴
නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමග පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනට බලපා ඇති තද සුළං තත්ත්වය මේ මස 25 වනදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු මැද පළාත්වලත් පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.
එමෙන්ම, සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා තද සුළං ඇති විය හැකියි.
අද (19) පෙරවරු 08:30 න් අවසන් වූ ගතවූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කැනියන් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඒ, මිලිමීටර 106 ක් ෴
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘ගල් ඉබ්බා’ අත්අඩංගුවට
(19.07.2025 – hirunews.lk)
මතුගම, බෝපිටිය ප්‍රදේශයේදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ගයාන් ප්‍රභාත්’ නොහොත් ‘ගල් ඉබ්බා’ කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ, සැකකරු කලක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති අතර විවිධ චෝදනා මත එරටින් පිටුවහල් කර ඇති බවයි.
ඔහු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදාගත් ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී සොයා ගත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 11 කට ආසන්න බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴
අධික සුළං තත්ත්වය නිසා ගසක අත්තක් කඩා වැටී පුද්ගලයෙකු මරුට
(19.07.2025 – hirunews.lk)
යුකැලිප්ටස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් අද (19) උදෑසන 10 ට පමණ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙළිය පොලිසිය පවසනවා.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ, මස්කෙළිය බ්‍රවුන්සික් වතුයායේ මොටින්හැම් කොටසට අයත් 44 හැවිරිදි රාසමනික්කම් සෙල්වකුමාර් නම් තිදරු පියෙක්.
ජීවිතක්ෂයට පත් පුද්ගලයා පවතින අධික සුළඟ සහ වර්ෂාවත් සමග තේ වත්තේ දර ඇහිලීමට ගිය බවත්, එම අවස්ථාවේ පැවති සුළං තත්ත්වය සමග ඔහුගේ හිස මතට ගසක අත්තක් කඩා වැටීමෙන් ඔහු මියගොස් තිබෙනවා.
මිය ගිය අයගේ සිරුර මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැම්පත් කර ඇති අතර, සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවයි මස්කෙළිය පොලිසිය සඳහන් කළේ ෴
දැඩි සුළඟට හසුවූ ධීවරයෙකු අතුරුදන්
(19.07.2025 – hirunews.lk)
බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් නැවත පැමිණෙමින් සිටි බහු දිනයාත්‍රාවක ධීවරයෙකු (1) මුහුදටට වැටී අද (19) අතුරුදහන්ව ඇතැයි බේරුවල පොලිසිය පවසනවා.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ බේරුවල පැපිලිය ගහලන්ද සුනාමි නිවාස සංකීර්ණයේ පදිංචිවව සිටි ධීවරයෙක්.
සුබ පැතුම් නැමැති බහුදිනයාත්‍රාව ඈත දියඹේ සිට බේරුවල ධීවර වරාය දක්වා පැමිණීමේදී හටගෙන තිබූ දැඩි සුළං හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බවත්, යාත්‍රාව ගොඩට පැමිණි පසු ඒසම්බන්ධයෙන් සෙසු ධීවරයන්ගෙන් ප්‍රකාශ සටහන් කර විමර්ශන සිදු කරන බවත්, බේරුවල පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා සඳහන් කළා ෴
කුරුණෑගල වෙල්යායක දමා ගිය බිළිඳිය ඉල්ලා ඇමතුම් 1000 ක්
(19.07.2025 – hirunews.lk)
කුරුණෑගල – මාවතගම පරගහදෙණිය ප්‍රදේශයේ වෙල්යායක් අසළ කුඹුක් ගහක් යට අතහැර දමාගොස් තිබියදී සොයාගත් දින දෙකක් (2) වයසැති බිළිඳිය දරුකමට හදා ගැනීමට ඉල්ලා දුරකතන ඇමතුම් දහසකට (1000) ආසන්න සංඛ්‍යාවක් ලැබුණු බව මාවතගම පොලිසිය ප්‍රකාශ කළා.
කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, අමෙරිකාව සහ ඉතාලිය ඇතුලු රටවල් කිහිපයක පදිංචියට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් ද මෙලෙස මෙම දරුවා හදා වඩා ගැනීම සදහා ඉල්ලා දුරකතන ඇමතුම් ලබා දී තිබූ බවයි පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
මෙම සිගිත්තිය දරුකමට හදා ගැනීමට ඉල්ලුම් කරමින් දුරකතන ඇමතුම් දුන් සියලු දෙනාටම ඒ සඳහා ගත යුතු නීතිමය ක්‍රමවේදයන් ගැන පැහැදිලි කර දුන් බවයි ඔහු කියා සිටියේ.
පෙරේදා (17) උදෑසන කාලයේදී සොයාගත් මෙම බිළිඳාගේ මව කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරනවා.
දමාගොස් තිබූ මෙම බිළිඳිය දෝතට ගන්නා ලෙස පොලිසිය ඉල්ලීම් කළත් අසල සිටි කාන්තාවන් ඊට මැළිකමක් දැක්වූ අතර කෙසේ වෙතත්, පිරිමි පුද්ගලයෙකු ඒ සඳහා ඉදිරිපත් වුණා.
රැකියාවෙන් රියදුරෙකු ලෙස සේවය කරන පී.ඒ. චන්දන කුමාර ජයවර්ධන නම් ඔහු ඕවත්තවෙල වෑඋඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් කියා සිටියේ මෑත කාලීනව පාසල් සිසුවියන් අතර ගැබ් ගැනීම් ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බවයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴