වෙඩිතැබීමකට අනුබල දුන් පුද්ගලයෙකුව වත්තල, හේකිත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ

වෙඩිතැබීමකට අනුබල දුන් පුද්ගලයෙකුව වත්තල, හේකිත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ


වෙඩිතැබීමකට අනුබල දුන් පුද්ගලයෙකුව වත්තල, හේකිත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ

(20.07.2025 – 06:28 +0530 – sinhala.adaderana.lk)

වත්තල පොලිස් වසමේ හේකිත්ත ප්‍රදේශයේ දෙමල් නිවසක සිටි පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් සිව්දෙනෙකු (4) විසින් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (19) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, හේකිත්ත, වත්තල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

මරකරු මහල් නිවසේ ඉහළ මහලේ කුලී පදනම මත සිට ඇති අතර 2023 වර්ෂයේ මහබාගේ පොලිස් වසමේ සිදු වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබලදුන් පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකු අත්අඬංගුවට ගෙන නොමැති අතර වත්තල පොලිස් ස්ථානය මඟින්‍ හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කොට ඇත ෴


කුරුණෑගල වෙල්යායක දමා ගිය බිළිඳිය ඉල්ලා ඇමතුම් 1000 ක්

(19.07.2025 – hirunews.lk)

කුරුණෑගල – මාවතගම පරගහදෙණිය ප්‍රදේශයේ වෙල්යායක් අසළ කුඹුක් ගහක් යට අතහැර දමාගොස් තිබියදී සොයාගත් දින දෙකක් (2) වයසැති බිළිඳිය දරුකමට හදා ගැනීමට ඉල්ලා දුරකතන ඇමතුම් දහසකට (1000) ආසන්න සංඛ්‍යාවක් ලැබුණු බව මාවතගම පොලිසිය ප්‍රකාශ කළා.

කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, අමෙරිකාව සහ ඉතාලිය ඇතුලු රටවල් කිහිපයක පදිංචියට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් ද මෙලෙස මෙම දරුවා හදා වඩා ගැනීම සදහා ඉල්ලා දුරකතන ඇමතුම් ලබා දී තිබූ බවයි පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

මෙම සිගිත්තිය දරුකමට හදා ගැනීමට ඉල්ලුම් කරමින් දුරකතන ඇමතුම් දුන් සියලු දෙනාටම ඒ සඳහා ගත යුතු නීතිමය ක්‍රමවේදයන් ගැන පැහැදිලි කර දුන් බවයි ඔහු කියා සිටියේ.

පෙරේදා (17) උදෑසන කාලයේදී සොයාගත් මෙම බිළිඳාගේ මව කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරනවා.

දමාගොස් තිබූ මෙම බිළිඳිය දෝතට ගන්නා ලෙස පොලිසිය ඉල්ලීම් කළත් අසල සිටි කාන්තාවන් ඊට මැළිකමක් දැක්වූ අතර කෙසේ වෙතත්, පිරිමි පුද්ගලයෙකු ඒ සඳහා ඉදිරිපත් වුණා.

රැකියාවෙන් රියදුරෙකු ලෙස සේවය කරන පී.ඒ. චන්දන කුමාර ජයවර්ධන නම් ඔහු ඕවත්තවෙල වෑඋඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් කියා සිටියේ මෑත කාලීනව පාසල් සිසුවියන් අතර ගැබ් ගැනීම් ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බවයි ෴

+++

මාවතගම බිලිඳා දරුකමට දෙන්නේ කාටද? “අපෙන් දරුවා ඉල්ලුවාට – අපට මැදිහත් වෙන්න බැහැ” (19.07.2025)

+


ගලමුදුන කනිටු විදුහලට පෑයූ දිසාපාමොක් තරුව “සර් කුසගින්නේ ඉඳලා අපි වෙනුවෙන් වෙහෙසුනා” (19.07.2025)

+


පළ නොකියා පලා බෙදිල්ලක් මේ…| හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට උලපනේ හිමිට හොඳටම මළපනී (19.07.2025)

+

මෙහෙම කොහොමද බුදු දහම රකින්නේ?| හරිනිගේ වැඩේ තවත් ජංජාලයක් වෙයි? (19.07.2025)

+

හරිනිගේ කතාවෙන් ස්ටාලින් ෆයර් වෙයි | ස්ටාලින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩේ උස්සලා පොළවටම සමතලා කරයි (19.07.2025)

+

ඩොලර්වලට බෞද්ධ සංස්කෘතිය වනසන අසිංහල ස්ත්‍රිය (19.07.2025)

+

ඉතිහාසය ඉවත් නොකල බව කියන අගමැති හරිණිගේ අද ප්‍රකාශයට අපෙන් පිළිතුරු (17.07.2025)

+


වාහන ගන්න ඉන්න හැමෝටම මහ බැංකුවෙන් දුන්න සුපිරි චාන්ස් එකේ අවුලක්.? |මහාචාර්ය වසන්තගෙන් අමුතු කතාවක් (19.07.2025)

+


විනාශ කිරීමට ගිය මත්පැන් බෝතල් ඇතුළේ වෙනත් ද්‍රාවණයක්

(19.07.2025 – 13:45 +0530 – sinhala.adaderana.lk)

බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවකින් පොලිස් භාරයට ගත් මත්පැන් බෝතල් තොගයක මත්පැන් වෙනුවට ආදේශක ද්‍රව්‍යයක් තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.

ඒ අනුව අදාළ මත්පැන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගැනුණි.

බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවක තිබී පොලිස් භාරයට ගත් මෙම මත්පැන් බෝතල් තොගය පසුගිය පෙබරවාරි මාසයේදී විනාශ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

අදාළ මත්පැන් තොගය මහේස්‍ත්‍රාත්වරයා ඉදිරියේදී විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ සිදුකළ පරීක්ෂා කිරීමකදී අනාවරණ වී ඇත්තේ, බෝතල් කිහිපයක මත්පැන් වෙනුවට ආදේශක ද්‍රව්‍යයක් යොදා ඇති බවය.

ඒ අනුව ඒවා විනාශ කිරීම නවත්වා ඒවා නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර කෙසෙල්වත්ත පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබුණි.

අනතුරුව ඒ පිළිබඳව විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට පැවරී ඇති අතර අදාළ මත්පැන් බෝතල් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා ඒවා රස පරීක්ෂකවරයා වෙත යොමුකළ යුතු බවට අදාළ කොට්ඨාසය ඊයේ (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කළේය.

ඊට අවසර ලබාදුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි වැඩිදුරටත් නියෝග කළේ, මත්පැන් වෙනුවට ආදේශක ද්‍රව්‍යයක් එක්වූයේ කෙසේදැයි විමර්ශනයක් සිදුකර ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය ෴


‘විජාතික විජායන’ හෙවත් ‘රතු වස්ත්‍රධාරියාගේ’ කථා වස්තුව .. (18.07.2025)

+


නාරම්මල අනතුරකින් සිඟිති දියණියන් දෙදෙනෙකු (2) ඇතුළු 3 කට දිවි අහිමිවෙයි

(20.07.2025 – 07:55 +0530 – sinhala.adaderana.lk)

මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් විරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් රියදුරු (1) සහ කුඩා දැරියන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (19) දහවල් කාලයේදී මෙම අනතුර සිදුව තිබුණේ නාරම්මල පොලිස් වසමේ නාරම්මල ගිරිඋල්ල මාර්ගයේදීය.

මියගිය දැරියන් දෙදෙනා මාස 09 ක් හා මාස 11 වන අතර රියදුරු වයස අවුරුදු 38 ක් වූ දිවුල්ලෑව, මහව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

අනතුරින් බස් රථයේ රියදුරු, කොන්දොස්තර හා මගියෙකු තුවල ලබා දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර වැල්ලව පොලිස් වසමේ වාරියපොළ කුඹුක්ගැටේ මාර්ගයේ කපුහේන ප්‍රදේශයේදී කුඹුක්ගැටේ දෙසට ධාවනය වූ ලොරි රථයක් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුවූ අනතුරකින් එම කානත්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, ගනේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවකි.

මේ අතර කෑගල්ල පොලිස් වසමේ කොළඹ – මහනුවර මාර්ගයේ 85 වැනි කිලෝමීටර් කණුව අසලදී මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් එම දෙසටම ධාවනය වූ යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරුන් බරපතළ තුවාල ලබූ යතුරුපැදිකාරිය කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 50 ක් වූ අස්සාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි ෴


සීගිරියේ රක්ෂිතයක ගැටුමකින් පුද්ගලයෙකු (1) ජීවිතක්ෂයට

(20.07.2025 – hirunews.lk)

සීගිරිය, ඉනාමලු‍ව රජයේ තේක්ක රක්ෂිතයේ කම්කරුවන් රැඳී සිටි වාඩියක ඇතිවූ ගැටුමකින් එක් (1) අයෙකු මියගොස් තවත් අයෙකු (1) බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ ගැටුමෙන් මිය ගිය පුද්ගලයා 55 හැවිරිදි පොල්පිතිගම. මොරොගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අදාළ වාඩියේ පාලකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

මුදල් ආරවුලක් මත ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ආරවුල හටගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *