කළුතර බෝධිය ආසන්නයේ කළුතර පාලම යටදී කිඹුලෙකු විසින් මිනිසෙක් ඩැහැගැනේ

කළුතර බෝධිය ආසන්නයේ කළුතර පාලම යටදී කිඹුලෙකු විසින් මිනිසෙක් ඩැහැගැනේ


කළුතර බෝධිය ආසන්නයේ කළුතර පාලම යටදී කිඹුලෙකු විසින් මිනිසෙක් ඩැහැගැනේ

(13.02.2025 – 07:20 +0530 – hirunews.lk/sinhala)

කළුතර බෝධිය ආසන්නයේ කළුතර පාලම යටදී ඊයේ (12) කිඹුලෙක් පුද්ගලයෙකු ඩැහැගෙන ගොස් ඇති බව කළුතර උතුර පොලිස් ස්ථානය සඳහන් කරනවා.

පැමිණිල්ල සිදු කළ පුද්ගලයා කළුතර පාලම මත රැඳී සිටින අවස්ථාවේ, කිඹුලෙක් පාලම යට මුහුණ සෝදමින් සිටි පුද්ගලයෙකු එක්වරම ඩැහැගෙන ගිය බව දුටු බවටයි පවසා ඇත්තේ.

ඒ අනුව පොලිසිය විසින් කළ සෝදිසියේදී කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බවට සඳහන් ස්ථානයේ ගමන් බෑගයක් තුළ තිබී කතරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකුගේ හැදුනුම්පතක ඡායාරූපයක් සහ බැංකු පාස් පොත් දෙකක් (2) සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව ද දැනුවත් කර ඇති අතර, හමු වූ ලේඛන සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴


මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්ට සිතාසි

(13.02.2025 – 07:38 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ නියෝග නොතකා යාපනයේදී විරෝධතාවයක් සංවිධානය කිරීමේ වරදට මල්ලාකම් අධිකරණය හමුවේ හෙට (14) පෙනී සිටින ලෙස ‘දෙමළ ජාතික ජනතා පෙරමුණේ’ නායක ‘ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්’ මන්ත්‍රීවරයාට සීතාසියක් යවා තිබෙනවා.

මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් පිරිසක් ‘යාපනයේ කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරස්ථානය’ ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට කන්කසන්තුරේ පොලිසියට ලැබුණු තොරතුරක් මතයි මෙම අධිකරණ නියෝගය ලබා ගෙන ඇත්තේ.

එහි සඳහන් වූයේ විහාරස්ථානය අයත් ග්‍රාම සේවා වසම තුළ කිසිදු ආකාරයක විරෝධතාවයක් නොපවත්වන ලෙසයි.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට එම ප්‍රදේශයට ඇතුළු වීමද තහනම් කොට තිබියදී ඔහු පිරිසක් සමග පැමිණ කළු කොඩි ඔසවා තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතවයක් පවත්වා තිබෙනවා.

මේ කාරණය සම්බන්ධයෙන් අධිකරණයට වග උත්තර බැඳීම පිණිසයි මන්ත්‍රීවරයාව අධිකරණයට කැඳවා ඇත්තේ ෴


අද (13) පස්වරු 5 සිට රාත්‍රී 09:30 දක්වා කාලය තුළ පැයක (1) විදුලි කප්පාදුවක්

(13.02.2025 – 08:55 +0530 – hirunews.lk/sinhala)

අද (13) පස්වරු 5 සිට රාත්‍රී 09:30 දක්වා පැයක (1) විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

පසුගිය ඉරිදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වුණා.

මේ නිසා ඊයේ (12) දිනයේ හැර ඊට පෙර දින දෙකේම (2) දිවයින පුරා පැය එකහමාර (1½) බැගින් විදුලි කප්පාදුවක් සිදුකරනු ලැබුවා ෴


ටෙලිනාට්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් රජයෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක්

(12.02.2025 – dinamina.lk)

හරවත් සහ ගුණාත්මක ටෙලි නාට්‍ය නිර්මාණ ප්‍රේක්ෂකයන්ට දායාද කිරීම අරමුණ කර එම ක්ෂේත්‍රයේ නිරත වුවන්ගේ දැනුම, හැකියාව සහ නිර්මාණශීලීත්වය ප්‍රවර්ධනය කිරීමට වැඩසටහන් සම්පාදනය කිරීම මෙන් ම, ටෙලිනාට්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් සේවා උපරිම අයුරින් සම්පාදනය කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මෙම කරුණූ අනාවරණය කළේ ‘ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ’ (ටෙ.ලි.නි.ස) විධායක සභිකයින් සමග පසුගිය දා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවක දී ය. 1993 වර්ෂයේ දී ආරම්භ කර ඇති ‘ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය’ එම ක්ෂේත්‍රයේ නිරත රංගන, නිර්මාණ සහ කාර්මික ශිල්පීන් දහස (1000) ඉක්ම වු පිරිසක් සාමාජිකත්වය දරන මෙරට ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රබලම සංවිධානයකි.

දේශීය ටෙලිනාට්‍ය නිර්මාණවේදීන් සහ එම ක්ෂේත්‍රයේ නිරත වු නිෂ්පාදන පාර්ශවය වර්තමානය වන විට මුහුණ දී සිටින ගැටලු පිළිබඳ විධිමත් ව විමසා බැලීමත්, එම ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා දීමත්, එමෙන් ම දේශීය ටෙලි නාට්‍ය නිර්මාණ ක්ෂේත්‍රයට අදාළ ව රජයේ නව යෝජනා සහ සැලසුම් දියත් කිරීම පිළිබඳ ව අදහස් හා යෝජනා ලබා ගැනීමත් අරමුණු කර දේශීය ටෙලි නාට්‍ය නිර්මාණවේදීන්ගේ සංවිධාන සමඟ පවත්වනු ලබන සාකච්ජා මාලාව යටතේ මෙම සාකච්ඡාව පැවැත්විණි.

ජන මනස පුබුදුවාලන, අර්ථවත්, ගුණාත්මක ටෙලි නාට්‍ය නිර්මාණ බිහිකිරීම උදෙසා මෙහි දී අමාත්‍යවරයා සහ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ විධායක සභිකයින් අතර ඉතා දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර එහි දී ටෙලි නිර්මාණ නියාමනය කිරීමට ආයතනයක් පිහිටුවීම, සියළුම නිෂ්පාදන ආයතනය ප්‍රමිතිගත ක්‍රියාදාමයක් තුළට ගෙන ඒම සහ යම් අධිකාරියක් යටතේ මෙම සියළු කටයුතු අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සැකසීම මෙහි දී මුලික වශයෙන් සාකච්ඡා විය.

මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්, ටෙලි නාට්‍ය රූපගත කිරීමේ දී අවශ්‍ය වන රාජ්‍ය ආයතන සතු දර්ශන තලයන් ඉතා සහනදායී ගාස්තුවකට ලබා දීම, ටෙලි නාට්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භයේ සිට ම යම් ප්‍රමිතිගත ක්‍රමවේදයකට සිදු කිරීම සහ ටෙලි නාට්‍ය සමාජ මාධ්‍ය තුළින් විකාශය කිරීමේ දී උපයන ආදායමෙන් යම් සාධාරණ ප්‍රතිශතයක් නිෂ්පාදන පාර්ශවය වෙත ලබාදීම යන කරුණූ ක්‍රියාත්මක කිරීමට අදාළ ව කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බව සඳහන් කළේ ය.

එමෙන් ම කොළඹට නුදුරු තදාසන්න ප්‍රදේශයක අලුතින් ටෙලි සිනමා දර්ශන තල ගම්මානයක් ඉදිකිරීමට අදාළ ව ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය ගෙන ආ යෝජනාව පිළිගත් අමාත්‍යවරයා ඒ සඳහා ඉතා කඩිනමින් ක්‍රියාත්මක වන බව පැවසී ය. තව ද, ටෙලි නාට්‍ය කර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සහ ටෙලිනාට්‍ය නිර්මාණ ක්ෂේත්‍රයේ නිරතවුවන්ගේ වෘත්තිකත්වය බල ගැන්වීම උදෙසා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ක්‍රමවේදයකට නිර්මාණ සහ කාර්මික ශිල්පීන් ඇතුළත් කර ගැනීම යන කරුණු පිළිබඳ මෙහි දී ඉතා දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර එම කරුණු ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අදාළ කඩිනම් සැලැස්මක් සකස් කිරීම සඳහා අමාත්‍යවරයා එම මොහොතේ දී ම නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා ලොව නවීන තාක්ෂණ ප්‍රවණතා හමුවේ මෙරටට සුදුසු සහ යෝග්‍යතම තාක්ෂණ ක්‍රියාදාමයක් තුළට මෙරට රූපවාහිනී විකාශන සහ අනෙකුත් නිර්මාණ ක්‍රියාදාමයන් ඇතුළත් කිරීමට රජය මේ වන විටත් සැලසුම් කර ඇති බව සඳහන් කළේ ය.

එමෙන් ම, ටෙලි නාට්‍ය නිර්මාණ ක්ෂේත්‍රයට අදාළ සියළු සැලසුම් සකස් කිරීමේ දී, ප්‍රේක්ෂක රසඥතාවය වර්ධනය කරමින් ඉහළ රසාස්වාදයක් ප්‍රේක්ෂකයන්ට ලබාදීම ප්‍රමුඛ කාර්යය වියයුතු බවත්, ඒ සඳහා සියළුම නිර්මාණවේදීන් තම උපරිම කැපවීම සහ දායකත්වය ලබාදීය යුතු බව ද මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

මෙම සාකච්ඡාව සඳහා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ වත්මන් සභාපති චන්දන ලියනගුණවර්ධන, ප්‍රධාන ලේකම් සුනිල් කොස්තා, ප්‍රධාන සංවිධායක රාජා රණසිංහ, උප සභාපති පරාක්‍රම නිරිඇල්ල, විධායක සභිකයින් වන රවීන්ද්‍ර ගුරුගේ මහතා ඇතුළු නිර්මාණවේදීන් පිරිසක් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් සහභාගී වුහ ෴


දේශීයව වාහන එකලස් කිරීම දැවැන්ත පෙරළියක් කළ කර්මාන්තයක් – නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ

(12.02.2025 – dinamina.lk)

පසුගිය වසර කිහිපයේ දේශීයව වාහන එකලස් කිරීමේ කර්මාන්තය ඩොලර් මිලියන 450 ක විදේශ විනිමයක් උපයා දැවැන්ත පෙරළියක් කළ කර්මාන්තයක් බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (08) ජා-ඇල, උතුරු බටගම පිහිටි දේශීයව එකලස් කෙරෙන යතුරුපැදි සඳහා ‘වයර් හානස්’ (Wire Harness) නිපදවන ‘ඇකොලේඩ් වෙන්චර්ස්’ (Accolade Ventures) කර්මාන්ත ශාලාව, ‘මෝටර් රථ සඳහා අමතර උපාංග’ නිපදවන එෆ්.ආර්.පී. ටෙක්නොලොජීස් (FRP Technologies) කර්මාන්තශාලාව, ‘මෝටර් රථ හා යතුරුපැදි සඳහා ආසන සහ කවර ඇතුළත් උපාංග’ නිපදවන ‘ඔටෝ ෆෝම්’ (Auto Foam) කර්මාන්ත ශාලාව යන ත්‍රිත්වය නිරීක්ෂණයට එක් වෙමිනි.

එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය :

“මේ වන විට දේශීය වශයෙන් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලා 17 ක්, වාහන උපාංග නිපදවන කර්මාන්ත 78 ක් පවතිනවා. එම කර්මාන්ත හරහා ඍජු හා වක්‍ර රැකියා 20,000 කට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය වී තිබෙනවා.

මේ වන විට මෝටර් බයිසිකල් එකලස් කිරීමේදී 60% ක පමණ අගයක් දේශීයව එකතු වෙනවා. මෝටර් රථවලට 25% ක පමණ අගයක් එකතු වෙනවා. TVS, BAJAJ, Hyundai, Proton, Cherry, JMC, Beijing වැනි ජාත්‍යන්තර සන්නාම රැසක් මෙරට මේ වන විට එකලස් වෙනවා. එමඟින් ඩොලර් මිලියන 450 ක පමණ විදේශ විනිමයක් ලැබෙනවා”.

මේ අවස්ථාවට ‘ඇකොලේඩ් වෙන්චර්ස් සමූහ සමාගමේ’ උප සභාපති ආචාර්ය ජෙරී ජයවර්ධන, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චමත් තෙන්නකෝන්, ‘එෆ්.ආර්.පී. ටෙක්නොලොජීස් සමාගමේ’ සාමාන්‍යාධිකාරී දයාන් පීරිස්, ‘අයිඩියල් ඉන්ඩස්ට්‍රීස්’ (Ideal Industries Limited) සමාගමේ සාමාන්‍යාධිකාරී ආසිරි විජයසේන, ‘ටී.වී.එස්. සමාගමේ’ (TVS Lanka Private Limited) ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනී සහ ‘තන්ත්‍රී ට්‍රේලර්ස්’ (Tantri Trailers) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අතුල හපුතන්ත්‍රී මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ ෴


අද (13) පස්වරු 5 සිට රාත්‍රී 09:30 දක්වා කාලය තුළ පැයක (1) විදුලි කප්පාදුවක්

(13.02.2025 – 08:55 +0530 – hirunews.lk/sinhala)

අද (13) පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා පැයක (1) විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව කලාප 20 ක් යටතේ පස්වරු 5 සිට රාත්‍රී 09:30 දක්වා පැය (1) බැගින් කාණ්ඩ 4 කට යටත්ව මෙම විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.

ඒ යටතේ I,J,K,L යන කලාපවලට පස්වරු 05:00 සිට පස්වරු 06:30 අතර කාලය තුළ පැයක (1) විදුලි කප්පාදුවක් සිදුකරෙනු ඇති.

R,S,T,W,U,V යන කලාපවලට පැයක් (1) විදුලිය කප්පාදු කෙරෙන්නේ පස්වරු 06:00 ත් රාත්‍රී 07:30 ත් අතර කාලය තුළ යි.

A,B,C,D,P,Q යන කලාපවල රාත්‍රී 07:00 ත් රාත්‍රී 08:30 ත් අතර පැයක (1) කාලයක් විදුලිය කප්පාදු කෙරෙණු ඇති.

E,F,G,H යන කලාපවලට රාත්‍රී 08:00 ත් රාත්‍රී 09:30 ත් අතර පැයක (1) කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර ඇති අතර මෙලෙස විදුලිය විසන්ධි කරන වේලාව සහ විදුලිය යථා තත්ත්වයට පත් වන වේලාව නියමිත වේලාවේ සිට මිනිත්තු 30 ක් ඇතුළත වෙනස් වීමට ඉඩ පවතින බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

මේ අතර පසුගිය ඉරිදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වුණා.

මේ නිසා ඊයේ (12) දිනයේ හැර ඊට පෙර දින දෙකේම (2) දිවයින පුරා පැය එකහමාර (1½) බැගින් විදුලි කප්පාදුවක් සිදුකරනු ලැබුවා.

‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමකදී එම අමාත්‍යාංශය කියා සිටියේ නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කරමින් සිටින බවයි.


හොරණ, බොරළුගොඩ ආයෝජන කලාපයේ ගින්නක්

(13.02.2025 – 18:21 +0530 – hirunews.lk/sinhala)

හොරණ, බොරළුගොඩ ආයෝජන කලාපයේ කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් (3) පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන හමුදාව සඳහන් කළේ.

+

+

+++

හොරණ කර්මාන්ත ශාලාවේ ගින්නට හසු වූ ගිනි නිවීමේ නිලධාරියෙක් රෝහලට

(13.02.2025 – 23:07 +0530 – hirunews.lk/sinhala)

හොරණ, බොරළුගොඩ ආයෝජන කලාපය තුළ පිහිටි සුවඳ විලවුන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ඇති වූ ගින්න නිවීමට ගිය ගිනි නිවීමේ නිලධාරියෙක් ගින්නට හසු වී තුවාල ලබා තිබෙනවා.

අදාළ නිලධාරියා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 08 ක් යෙදවූ බවයි ‘හොරණ ගිනි නිවීමේ ඒකකය’ පවසන්නේ.

+

+


රටම දන්න සුපිරිවෙළඳසලක් ගැන බය හිතෙන අනාවරණයක් ! (13.02.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *