රාජ්‍ය බුද්ධි සේවය මගේ ඔත්තුව යට ගැහුවා.. මේක තනිකරම කුමන්ත්‍රණයක්.. මට අද ආරක්ෂාවක් නැහැ.. – පාස්කු ප්‍රහාරයේ දෙවන රැල්ල වැළැක්වූ තොරතුරුකරුවා හෙළිකරන කතාව

රාජ්‍ය බුද්ධි සේවය මගේ ඔත්තුව යට ගැහුවා.. මේක තනිකරම කුමන්ත්‍රණයක්.. මට අද ආරක්ෂාවක් නැහැ.. – පාස්කු ප්‍රහාරයේ දෙවන රැල්ල වැළැක්වූ තොරතුරුකරුවා හෙළිකරන කතාව


රාජ්‍ය බුද්ධි සේවය මගේ ඔත්තුව යට ගැහුවා.. මේක තනිකරම කුමන්ත්‍රණයක්.. මට අද ආරක්ෂාවක් නැහැ.. – පාස්කු ප්‍රහාරයේ දෙවන රැල්ල වැළැක්වූ තොරතුරුකරුවා හෙළිකරන කතාව

(15.06.2026 – lankaleader.com)

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු, දිවයිනේ වෙනත් ප්‍රදේශ කිහිපයකට එල්ල කිරීමට සැලසුම් කර තිබූ දෙවන ප්‍රහාර රැල්ල ව්‍යර්ථ කිරීමට ප්‍රධානතම තොරතුරු සැපයූ ලොරි රථ රියදුරු විතානගේ ශාන්ත මහතා තමන්ට සහ තම පවුලේ අයට මේ වන විට කිසිදු ආරක්ෂාවක් නොමැති බව පවසයි.

යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, එදා බෝම්බකරුවන් විසින් කල්මුණේ සයින්දමරුදු සහ සමන්තුරේ ප්‍රදේශවලට ප්‍රවාහනය කළ පුපුරණ ද්‍රව්‍ය තොගය පිළිබඳව තමන් රාජ්‍ය බුද්ධි සේවයට (SIS) නිවැරදිව තොරතුරු ලබා දුන් බවයි. එමඟින් අනුරාධපුරය, නුවර සහ කැලණිය වැනි ප්‍රදේශවලට එල්ල වීමට තිබූ මහා විනාශයක් වැළකී ගිය ද, රාජ්‍ය බුද්ධි සේවය විසින් සිය තොරතුරු යටගැසීමට උත්සාහ කළ බවට ඔහු චෝදනා කරයි.

මේ වන විට තමන් දැඩි ජීවිත තර්ජනයකට මුහුණ දී සිටින බවත් ඔහු පවසයි.

සවිස්තරාත්මක වීඩියෝව :

+


ඉබ්‍රාහිම් නානාට ගෝඨාභය සැලකූ හැටි – ගම්මන්පිල හෙළිකරයි (15.06.2026)

+

උසස් පෙළ කල් නොදැම්මොත් නඩු දානවා ! දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගම්මන්පිල ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි (15.06.2026)

+


මිහින්තලේ හිමි තනියම ගේමට එන්ටර් වෙයි – “මන් දන්නේ නෑ ඇයි මෙහෙම කරන්නේ කියලා” (15.06.2026)

+


හිරුණිකා මාලිමාවට දුවන්නම දෙයි – මුන් ඇවිල්ලා රටට සාප – පන්නලා දාන්න ඕන (15.06.2026)

+


ලංකාවම මවිත කළ Port City ලොකුම Launch එක – Prime – Melwa එකතුවෙන් Port City හොල්ලයි (15.06.2026)

+


යාල ඇතුළේ නීති කැඩූ සංචාරකයින් 5 ක් අත්අඩංගුවට

(15.06.2026 – 12:33 +0530 – sinhala.adaderana.lk)

යාල ජාතික වනෝද්‍යානය තුළදී වනජීවී නීති උල්ලංඝනය කරමින් හැසිරුණු සංචාරකයින් පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ.

සිද්ධිය වාර්තා වී ඇත්තේ යාල ජාතික උද්‍යානයේ සුදු වැලිමුල්ල ප්‍රදේශයේදී වන අතර, සෆාරි සඳහා පැමිණි ජීප් රථ දෙකක (2) සිටි පිරිසක් උද්‍යානයේ නීති උල්ලංඝනය කරමින් ජීප් රථවලින් බැස ඇවිදිමින් සිට ඇති බව සඳහන් වේ.

එහිදී ඔවුන් වනජීවී නිලධාරීන්ට තර්ජනය කර ඇති අතර, පසුව අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර, යාල ජීප් රථ සංගම් එකමුතුව සඳහන් කරන්නේ යාල උද්‍යානය තුළ ජීප් රථ රියදුරෙකු හෝ වෙනත් පුද්ගලයෙකු නීති කඩ කළහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමටත්, අදාළ ජීප් රථවලට සෆාරි සේවා තහනමක් පැනවීමටත් කටයුතු කරන බවය.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට සම්බන්ධ ජීප් රථ සම්බන්ධයෙන් නිසි නීතිමය පියවර ගෙන නොමැති බවටත්, ජීප් රථ අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවටත් ඔවුන් චෝදනා කර තිබේ ෴


බුදු පිළිමයට මොකුත් වෙලා නෑ, බස් එකේ හිටි ගමන් බ්‍රේක් නැති වෙලා… බුදු මැදුරක් කඩාගෙන ගිහිං (15.06.2026)

+


එල් නීනෝවෙන් ලෝකෙම කැළඹෙද්දී ලෝක කාළගුණෙන් ලංකාවට දුන්න නිවේදනය මෙන්න | දකුණු ඉන්දියාවට ලොකු කෑමක් (15.06.2026)

+


මහින්ද ඉදිරියේ කියැවුණු අරචුනාගේ හෘදසාක්ෂිය.. ඔබතුමා ඉස්සරහ කතාකරන එක අමුතු ෆීලින්ග් එකක් (14.06.2026)

+

ජේවීපීකාරයො සුනිල් වටගලගෙන් මේ මනුස්සකම ඉගෙන ගනීද ? (14.06.2026)

+


රෝහල් ගත වූ සලේට දැන් මොකද වෙන්නේ? (13.06.2026)

+

අබුඩාබි සිට ලංකාවට ආ, කාලයක් කොළඹ කැළඹූ කවුද මේ බ්ලූමැන්ඩල් සංඛ? (14.06.2026)

+


ලේ හලන කුමන්ත්‍රණයක්? එහෙමද ආස? (14.06.2026)

+

ඉරාන්ගේ කෙටි ඉනිම අවසන් (14.06.2026)

+


කෝප්‍රල් කමලනාත්ගේ ඇත්ත කතාව සහ අර්ජුනට හමුවූ Gen Z ආදරය – අර්ජුන කමලනාත් (14.06.2026)

+


ශානි අබේසේකර ඇඟ හිරි වැටෙන පාදඩ කතා වස්තුව (14.06.2026)

+


ශ්‍රී මහා බෝධියේ අත්තක් කඩා වැටෙයි | මහනායක හිමිවරුන්ගේ තීරණය විහිළුවක් වෙයි (15.06.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *