ඔක්තෝම්බර් – නොවැම්බර් ලංකාවට ලොකු ගංවතුරක්! – කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

ඔක්තෝම්බර් – නොවැම්බර් ලංකාවට ලොකු ගංවතුරක්! – කාලගුණයෙන් අනතුරු ඇඟවීම්


ඔක්තෝම්බර් – නොවැම්බර් ලංකාවට ලොකු ගංවතුරක්! – කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

(14.06.2026 – hirunews.lk)

‘එල් නිනෝ’ කාලගුණ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවල ලංකාවට ගංවතුරක් ඇතිවිය හැකි බවට පුරෝකතනය කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (අනාවැකි) අජිත් විජේමාන්න පවසනවා.

මේ වන විට ‘දුර්වල එල් නිනෝ’ තත්ත්වයක් පැවතුනද එය ක්‍රමයෙන් වර්ධනය වී නොවැම්බර් මාසයෙන් පසු ‘ප්‍රබල හෝ අති ප්‍රබල එල් නිනෝ’ තත්ත්වයකට පත්වනු ඇතැයි පුරෝකතන කරන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කාලයේදී ‘එල් නිනෝ’ තත්ත්වය අති ප්‍රබල තත්ත්වයකට යාමේ සම්භාවිතාව 60% කට වඩා වැඩිවනු ඇති බවද ඔහු පවසා සිටියා.

දුර්වල, මධ්‍යස්ථ, ප්‍රබල, ඉතා ප්‍රබල ආදී ලෙස එල් නිනෝ තත්ව වර්ග කර තිබෙන අතර, මේ වන විට පවතින්නේ ‘දුර්වල තත්ත්වයක එල් නිනෝ’ තත්ත්වයක් බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

+++

එල්-නිනෝ තත්ත්වයෙන් මෙරටට දරුණු බලපෑමක් ඇතිවීමේ ඉඩකඩ අවමයි

(14.06.2026 – 14:44 +0530 – sinhala.adaderana.lk)

ගෝලීය වශයෙන් ඇතිවන එල්-නිනෝ තත්ත්වයෙන් මෙරටට දරුණු බලපෑමක් ඇති වීමේ ඉඩකඩ ඉතා අවම බව දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලීල් රන්දෙණි මහතා පවසයි.

ඒ මහතා සඳහන් කරනුයේ පැසිපික් සාගරයේ නිවර්තන කලාපයේ උෂ්ණත්වය ඉහළ යාමෙන් ගෝලීය වශයෙන් ඇතිවන මෙම තත්ත්වය හේතුවෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යාමේ බලපෑම එළැඹෙන පෙබරවාරි මාසයෙන් පසුව ඇති විය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් මේ වන විට පුරෝකථනය කර ඇති බවය.

ශ්‍රි ලංකාවට මේ වන විට නිරිත දිග මෝසම් වැසි ලැබෙමින් පවතින අතර එය සැප්තැම්බර් දක්වා පවතිනු ඇති බව පැවසූ ඒ මහතා එළැඹෙන ජූලි සහ අගෝස්තු මාස දෙකෙහි විටින් විට වැසි ඇති විය හැකි නමුත් පොදුවේ මෝසම් වර්ෂාව අඩුවන බවද සඳහන් කළේය.

එමෙන්ම දෙවැනි අන්තර් මෝසම් වැසි ඔක්තෝම්බර් – නොවැම්බර් කාලවල ඇති වන බවත් එහිදී තරමක් ලොකු වර්ෂාපතනයක් ලැබෙන බව පෙන්වා දුන් ඒ මහතා ඉන් අනතුරුව ඊසාන මෝසම් වැසි ආරම්භ වී එය එළැඹෙන පෙබරවාරි දක්වා පවතිනු ඇති බවද පැවසීය.

ඉන් පසුව පළවෙනි අන්තර් මෝසම් වැසි සමය මාර්තු – අප්‍රේල් කාලසීමාවේදී ආරම්භ වන බැවින් මෙරටට වැඩි වර්ෂාපතනයක් ලැබෙනුයේ ඊසාන මෝසම් වැසි තුළින් බවද සඳහන් කළේය.

ජූලි – අගෝස්තු යම් වියලි කාලගුණයක් දක්නට ලැබෙන බවත් එල්-නිනෝ බලපෑමක් ඇති වුවවහොත් එය නිරිත දිග මෝසම් වැසිවලට හෝ අතරමැදි නොවැම්බර් මාසවල ලැබෙන වැසිවලට වඩා වැඩි බලපෑමක් ඇති කරනුයේ ඊසාන වැසි තත්ත්වය බව පෙන්වා දුන් ඒ මහතා එළැඹෙන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවල උෂ්ණත්වය ඉහළ යාම ඇතිවිය හැකි බව මේ වන විට පුරෝකථනය කර ඇති බවත් පැවසීය.

කෙසේ නමුත් පැසිෆික් සාගරයේ සිදුවන මෙම ගෝලීය කාලගුණික තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටා ඇති බැවින් ඉන්දියන් සාගරයේ ඇති ඉන්දියානු ද්වි ධ්‍රැවි යාන්‍ත්‍රණය මගින් මෙහි බටහිර ප්‍රදේශයන් හී උණුසුම ඉහළ යාමෙන් දේශගුණික විපර්යාසයක් සිදුවුවද මෙරට රට මැද කඳුකරය ප්‍රදේශයක් පැවතීම සහ ශ්‍රී ලංකාව දූපතක් බැවින් රට මුහුදෙන් වටවීම හේතුවෙන් ජල වාෂ්පවල අඩුවීමක් සිදුවිය නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් මෙරටට දරුණු එල්-නිනෝ තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ අඩු බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලීල් රන්දෙණි මහතා :

“පැසිෆික් සාගරයේ ඒ සිදුවන ගෝලීය කාලගුණික තත්ත්වය කෙසේ වෙතත් ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන නිසා ඉන්දියන් සාගරයේ තිබෙනවා ඉන්දියානු ද්වි ධ්‍රැවි යාන්ත්‍රණය කියලා එකක්. එකෙදි වෙන්නේ ඉන්දියානු සාගරයේ බටහිර ප්‍රදේශවල උණුසුම වැඩි වෙනවා, උණුසුම වැඩි වෙනකොට මුහුදු ජලය වාෂ්ප වෙනවා. මුහුදු ජලය වාෂ්ප වෙනකොට ඉහළ යන ප්‍රවාහ ධාරා නිසා ජල වාෂ්පවලින් වලාකුළු හැදෙනවා. ලංකාවේ භූ විෂමතාවය අනුව රට මැද තියෙන්නෙ කඳුකරය. සුළං හමාගෙන ඇවිල්ලා කඳුකරය ආශ්‍රිතව සීතල වෙලා වලාකුළු හැදිලා වහිනවා. ලංකාව දූපතක් නිසාත්, රට මැද කඳුකරයක් තියෙන නිසාත් රට වටේ ලොකු සාගරයක් තියෙන නිසාත් අපිට ජල වාෂ්ප හිඟ වීමක් වෙන්න විදිහක් නෑ. ඒ නිසා අපිට වර්ෂාව අඩුවෙයි කියලා හිතන්න බෑ. ඒ නිසා දරුණු එල්-නිනෝ තත්ත්වයක් ඇති නොවේවි කියලා තමයි අපිට පේන්නේ. දරුණු එල්-නිනෝ තත්ත්වයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ දෙසැම්බර් පහුවෙලා ජනවාරි, පෙබරවාරි කියන කාලවලදි. මොන විදිහේ තත්ත්වයක් ආවත් පෙර සූදානම ඉතා වැදගත් ඒනිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම, දරුණු එල්-නිනෝ තතත්වයක් ඇති වුණොත් ආහාර හිඟයක් ඇති වීම, අපි බලාපොරොත්තු වෙන අස්වනු අපිට බෝග වගාවෙන් බලාපොරොත්තු වෙන්න බැරි වෙනවා. වී අස්වනු අඩු වෙන්න පුළුවන්. යම් හෙයකින් අපිට මෙහි බලපෑමක් ඇති වුවහොත් එයට මුහුණ දීම සඳහා සූදානම් වීමත් වැදගත්”


කන්ටේනරයක් තුළ තිබී සොයාගත් ජපන් යතුරුපැදි චැසි හා එන්ජින්

(14.06.2026 – 14:09 +0530 – sinhala.adaderana.lk)

යතුරුපැදි චැසි හා එන්ජින් 42 ක් හා ජපානයේ නිෂ්පාදිත මිලෙන් ඉහළ මත්පැන් බෝතල් 190 ක් අඩංගු කන්ටේනරයක් සමග පුද්ගලයෙක් කුලියාපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජනක කරුණාසිංහ මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

ජපානයේ සිට යතුරුපැදි අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් මේවා මෙරටට රැගෙනවිත් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මෙම මෙහෙයුම සඳහා විශේෂ කාර්ය බළකායේ සහාය මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරින්ගේ සහාය ද ලැබී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

+++

+++

+


සාමාන්‍ය පෙළ ප්‍රතිඵල කල් යන ලකුණු

(14.06.2026 – 13:13 +0530 – sinhala.adaderana.lk)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජුනි මස 15 වන දින ප්‍රතිඵල නිකුත් කිරීමට මීට පෙර සැලසුම් කර තිබු බවය.

ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති අතර ඉදිරි සති දෙක (2) තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද විභාග දෙපාර්තමේන්තුව සදහන් කර සිටී.

2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වුණු අතර ඒ සඳහා අයදුම්කරුවන් 451,463 දෙනෙකු පෙනී සිට ඇත ෴


රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි (14)

(14.06.2026 – 12:25 +0530 – sinhala.adaderana.lk)

ලොව පුරා මිලියන සංඛ්‍යාත රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයකින් තොරව රුධිරය පරිත්‍යාග කරන මිනිසුන් ඇගයීම සඳහා වන ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදට (14) යෙදී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙවර ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සඳහා තෝරාගෙන ඇති තේමාව වන්නේ ‘මනුෂ්‍යත්වය වෙනුවෙන් එක් ලේ බිඳුවක්.. ලේ දන් දෙන්න. ජීවිත බේරා ගන්න.’ (One Drop of Humanity. Give Blood. Save Lives.) යන්නයි.

විද්‍යාව, පරීක්ෂණ ක්‍රමවේදයන් සහ රුධිර ආරක්ෂණ පද්ධතිවල දියුණුව හේතුවෙන් රුධිර පාරවිලයනය (Blood transfusion) පෙර කවරදාටත් වඩා ආරක්ෂිත වී තිබුණද, ආරක්ෂිත රුධිර සැපයුම තවමත් නිතිපතා සහ ස්වේච්ඡාවෙන් රුධිරය පරිත්‍යාග කිරීමට කැමති පුද්ගලයන් මත රඳා පවතී.

එහෙත්, විශේෂයෙන්ම අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල, ආරක්ෂිත රුධිරය සහ රුධිර නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් සැපයුමක් නොමැතිවීම හා ඒවාට සමාන ප්‍රවේශයක් නොලැබීමේ ගැටලු තවදුරටත් බොහෝ රටවල පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටී.

රුධිර වර්ගීකරණය සොයා ගනිමින් වෛද්‍ය විද්‍යාවේ විප්ලවීය වෙනසක් සිදු කර, 1930 වසරේදී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ ඔස්ට්‍රියානු ජාතික විද්‍යාඥ කාල් ලෑන්ඩ්ස්ටයිනර් මහතාගේ උපන්දිනය නිමිත්තෙන් සෑම වසරකම ජූනි 14 වැනිදා මෙම දිනය සමරනු ලබයි ෴

+++

National Blood Transfusion Service

https://nbts.health.gov.lk


භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන දෙක අතුරුදහන් වෙලා අදට මාස 08 ක් වෙනවා (14.06.2026)

+


අම්පාර දෙවනත් කරපු නාමල් රාජපක්ෂ – ගොයම් කාපු ගොයියගේ සායම ආච්චි යවයි (14.06.2026)

+


රු. ලක්ෂ 50 න් පොසොන් පෙරහැර කරන්න පුළුවන්ද ? උපන්දිනේ දවසේ මිහින්තලේ හිමි මාධ්‍ය කැඳවයි (14.06.2026)

+


පාඨලී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි – සාක්ෂි එක්කම නුවරදී සියල්ල එළියට දායි (14.06.2026)

+


මේ ආණ්ඩුව අපි ඉක්මණට එලවලා දානවා – අපි ඉක්මණට ආණ්ඩුවක් පිහිටවනවා (14.06.2026)

+


රෝහිත මාලිමාවට දුවන්න දෙයි – මරු බඩු 159 ක් තමයි දැන් ඉන්නේ (14.06.2026)

+


මේ යක්කු අපේ ඉතිහාසය කනවා – රටේ බුද්ධාගම විනාශ කරගෙන යනවා (14.06.2026)

+


නාමල් ආණ්ඩුවට ප්‍රසිද්ධියේ අභියෝග කරයි – අපි හොරකම් කරලා තියෙනවනම් නීතිය ක්‍රියාත්මක කරන්න (14.06.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *