භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මාස 8 ක් ගියත් වාර්තා සභාගත කර නෑ – ෆ්‍රී-ලෝයර්ස්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මාස 8 ක් ගියත් වාර්තා සභාගත කර නෑ – ෆ්‍රී-ලෝයර්ස්


භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මාස 8 ක් ගියත් වාර්තා සභාගත කර නෑ – ෆ්‍රී-ලෝයර්ස්

(13.06.2026 – 16:06 +0530 – sinhala.adaderana.lk)

මහ භාණ්ඩාගරයෙන් අතුරුදන්වූ ඩොලර් මිලියන 2.5ක මුදල් වංචාව සම්බන්ධව මේ වන විට මාස 8 කට වැඩි කාලයක් ගතවි ඇතත් ඒ පිළිබඳව කිසිදු නිල වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ව්‍යවස්ථාදායකය අසමත් වී ඇති බව Free Lawyers සංවිධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධව මීළඟ පාර්ලිමේන්තු දිනයේදී හෝ අදාළ වාර්තා සභාගත කිරීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බවය.

ශ්‍රී ලංකාව මේ වන විටත් පසුවන්නේ දැඩි ආර්ථික අර්බුදයකින් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ අතිශය තීරණාත්මක සමයක බවත් අදාළ නිවේදනය මගින් පෙන්වා දී ඇති එම සංවිධානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනෙහි කොන්දේසියක් මත මෙතෙක් කල් මහ බැංකු විසින් සිදුකළ රජයේ ණය කළමනාකරණය කිරීමේ කටයුතු මහා භාණ්ඩාගරය යටතේ පිහිටුවන ලද නව ආයතනයක් වන රාජ්‍ය ණය කළමනාකරණය කාර්යාලය වෙත පැවරීම සිදුව ඇති බවය.

ණය කළමනාකරණය යනු සරලවම රජය විසින් ලබා ගෙන ඇති විදේශ සහ විදේශීය ණය නිසි කලට නිවැරදි පාර්ශ්වයන් වෙත ආපදු ගෙවීම් සහ ඒවායේ වාර්තා පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය බවත් මෙම රාජකාරිය මහ බැංකුවෙන් භාණ්ඩාගාරයට මාරු වන සංක්‍රාන්ති සමයේදී නිසි පාලන ක්‍රමවේද අනුගමන නොකිරීම හේතුවෙන් ආයතන දෙක අතර ඇතිවූ ගැටුම් මත අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් වංචනිකයින් විසින් විදෙස් ගිණුම් වෙත හරවා ගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

ඒ අනුව මෙය හුදෙක් තාක්ෂණික දෝශයක් නොව පාලන තන්ත්‍රයේ ඇති බරපතළ අඩුපාඩුවල සෘජු ප්‍රතිඵලයක් බව පෙන්වා දී ඇති එම සංවිධානය සඳහන් කර ඇත්තේ එක් නිලධාරිවරයෙකුගේ ජීවිතය පවා අහිමි කළ මෙම ඛේදවාචකය මූල්‍ය පාඩුවකට පමණක් සීමා වූවක්ද නොවන බවය.

එම සංවිධානය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් :

ජූනි 13 භාණ්ඩාගාර මංකෝල්ලය පූර්ණ වාර්තාව by poornima

+


නමක් ගමක් නැති ‘චීන කෑම’ සුපිරි වෙළෙඳසැලක් වටලයි

(13.06.2026 – 14:54 +0530 – sinhala.adaderana.lk)

මෙරට පාරිභෝගික නීති උල්ලංඝණය කරමින් නිෂ්පාදිත දිනයක්, කල් ඉකුත්වීමේ දිනයක් හෝ බෙදාහරින්නෙකුගේ තොරතුරු සහ අනෙකුත් දත්ත ඇතුළත් නොකර භාණ්ඩ අලෙවි කළ චීන සමාගමකට අයත් සුපිරි වෙළෙඳසැලක් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කර තිබේ.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබූ අදාළ අලෙවිසැල තුළ දේශීය පාරිභෝගිකයින්ට ද භාණ්ඩ අලෙවිකර ඇතත් ඒවායෙහි අන්තරගතයන් පිළිබඳ දැනුම්වත් වීම සඳහා සුදුසු භාෂාවක් හෝ යොදා නොමැති බවද සඳහන්.

එමෙන්ම මෙම වැටලීමේදී චීන ආහාර, ශ්‍රී ලාංකික පුද්ගලයින් නිෂ්පාදනය කර අලෙවි කර ඇති බවටත් නිරීක්ෂණය වී ඇත.

නඩු භාණ්ඩ මාලිගාකන්ද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කර සිටී ෴


මෙයාලා දැන් සංවිධානාත්මක විදිහට අපේ බුදු දහමට මඩ ගහන්න පටන් අරගෙන (13.06.2026)

+


ආණ්ඩුව සමාජ මාධ්‍ය හිමිකරුවෝ බාගෙන එයාලට හොඳට සල්ලි වියදම් කරනවා (13.06.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *