වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබූ අයෙකුට පහර දී මරාදමයි – වාද්දුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවක්

වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබූ අයෙකුට පහර දී මරාදමයි – වාද්දුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවක්


වාද්දුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවක්

(12.02.2025 – 11:11 +0530 – hirunews.lk/sinhala)

වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිසිය විසින් සිදු කළ පහර දීමකදී මිය ගියේ යැයි කියන සිද්ධියකට විරෝධය පළ කරමින් ඔහුගේ ඥතීන් සහ ගම්වාසීන් පිරිසක් ඊයේ (11) රාත්‍රියේ වාද්දුව පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

මෙලෙස මිය ගොස් තිබුණේ, වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එක්දරු පියෙක්.

මිය ගිය තැනැත්තා රිය අනතුරකට භාජනය වීමේන් පසු පොලිසිය අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු නිවසට යෑමෙන් පසු මිය ගොස් ඇති අතර මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිසිය කළ පහරදීමකින් පසු ඔහු මිය ගොස් ඇති බවයි.

ඊයේ (11) රාත්‍රියේ පැවති විරෝධතාවය අතර මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් සහ පොලිසිය අතර සංවාදයක් ද ඇති වුණා ෴

+

පොලිස් පහරදීමකින් එක්දරු පියෙක් මරුට | ගම්මු එකතුවෙලා වාද්දුව පොලිසිය වටකරයි | ගම්මු යකා නටයි (12.02.2025)

+

වැ.බ පොලිස්පතිගෙන් නියෝගයක් වාද්දුව රත්කළ සිද්ධිය ගැන පොලීසිය ගත් විශේෂ තීරණය මෙන්න (12.02.2025)

+

පොලිස් පහරදීමෙන් ජීවිතය අහිමි වුණු තරුණයාගේ බිරිඳ හැඬු කඳුලින් වෙච්චි සියල්ල හෙළිකරයි (12.02.2025)

+

සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසියේ කොස්තාපලයන් 4 ක් අත්අඩංගුවට

(12.02.2025 – 15:54 +0530 – hirunews.lk/sinhala)

වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් ඇපමත මුදාහැරීමෙන් පසු මියයාමේ සිද්ධියට අදාළව එම පොලිසියේ කොස්තාපලයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ පරීක්ෂණ අවසන් වන තෙක් ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර ඇති බවයි.

මෙලෙස මියගොස් තිබුණේ වාද්දුව – තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එක් දරු පියෙක්.

මියගිය පුද්ගලයාගේ බිරිද සහ ඥාතීන් චෝදනා කළේ, අත්අඩංගුවේ සිටියදී කළ පහර දීමක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවටයි.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියමය යටතේ විමර්ශනයක් ආරම්භ කෙරුණා ෴

+


ජනාධිපති ජාතිවාදය එපා කිව්වට මෙන්න වැඩේ | යාපනේ තිස්ස විහාරයට ප්‍රභල දේශපාලකයින් පිරිසක් කරන කැත වැඩක් (11.02.2025)

+


පරණ පොතක සිද්ධියක් යළි ඇදෙයි | ප්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගලට ගංගොඩවිල අධිකරණයෙන් විවෘත වරෙන්තු (11.02.2025)

+++

විවාදාත්මක ‘බුදුන්ගේ රස්තියාදුව’ පොත නිසා ප්‍රකාශක ‘උපුල් ශාන්ත සන්නස්ගල’ට වරෙන්තු

(12.02.2025 – 09:42 +0530 – gossiplankanews.com)

‘බුදුන්ගේ රස්තියාදුව’ නමැති විවාදාත්මක ග්‍රන්ථය සම්බන්ධයෙන් උද්ගත වූ නීතිමය ගැටලු හේතුවෙන් එහි ප්‍රකාශක ‘උපුල් ශාන්ත සන්නස්ගල’ අත්අඩංගුවට ගැනීම සඳහා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ. පෙබරවාරි 11 වන දින පැවැත්වීමට නියමිතව තිබූ නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

‘කේ.කේ. ශ්‍රීනාත් චතුරංග’ විසින් රචනා කර, ‘සංහිඳ ආයතනය’ මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම පොත පසුගිය කාලය පුරා සමාජ මාධ්‍ය ජාලා තුළ දැඩි විවේචනයට ලක්ව තිබේ. විශේෂයෙන්ම පොතේ නාමය සහ එහි අන්තර්ගතය සම්බන්ධයෙන් බෞද්ධ ප්‍රජාව තුළ දැඩි කලකිරීමක් ඇති වී තිබේ.

පොතේ පිටු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වීමත් සමඟ විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විවේචන එල්ල විය. විශේෂයෙන්ම පොතේ කතුවරයාගේ පුත්‍රයාගේ ඡායාරූපයක කතෝලික ආගමික සංකේත සහිත මාලයක් පැළඳ සිටීම සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍ය තුළ සංවාදයක් ඇති විය.

2018 වසරේදී, එවකට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජයදාස රාජපක්ෂ මෙම පොත සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පති පුජිත ජයසුන්දර වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කර තිබුණි.

එම ලිපියේ සඳහන් වූයේ මෙම කෘතිය බුදුන් වහන්සේට සහ බුදු දහමට අගෞරව වන ආකාරයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවත්, එමගින් ලෝකවාසී බෞද්ධ ජනතාව මානසික පීඩනයට ලක්ව ඇති බවත්ය.

අමාත්‍යවරයාගේ ලිපිය අනුව, මෙම පොතේ කර්තෘ, මුද්‍රණකරු, ප්‍රකාශක, බෙදාහරින්නන් සහ අලෙවිකරුවන් දණ්ඩ නීති සංග්‍රහයේ 290, 290 ඒ සහ 291-ඕ වගන්ති යටතේ වරදකරුවන් වන බව පෙන්වා දී තිබුණි.

සාහිත්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ ‘සැප්තැම්බර් සාහිත්‍ය මාසය’ ඉලක්ක කරගනිමින් අවධානය දිනා ගැනීමේ උපක්‍රමයක් ලෙස මෙම නම යොදාගෙන ඇති බවයි. කෙසේ වෙතත්, බුදු සමයේ ගෞරවය වාණිජ අරමුණු වෙනුවෙන් යොදා ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනා කනගාටුව පළ කර තිබේ.

පොතේ ‘පීඩීඑෆ් පිටපතක්’ අන්තර්ජාලයේ සංසරණය වීමත් සමඟ එය කියවූ පාඨකයින් විසින් පොතේ සාහිත්‍යමය වටිනාකම සහ හරය පිළිබඳව ප්‍රශ්න මතු කර තිබේ.

දැනට පවතින නීතිමය තත්ත්වය අනුව, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තුව මත උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට ගැනීමට නියමිතය.

‘සංහිඳ ප්‍රකාශන ආයතනය’ දැන් සක්‍රීය මට්ටමේ නැති නමුත් 2018 වසරේ එම ආයතනය සක්‍රීයව පැවති වකවානුවේ මෙම පොත පළ කර තිබුණි.

මෙම සිද්ධිය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නිදහස් අභිව්‍යක්තිය සහ ආගමික සංවේදීතාව අතර ඇති සීමා මායිම් පිළිබඳ සංවාදයක් ඇති කර තිබේ ෴

අදාළ නඩුව ඊයේ (11) දිනයේ දී කැඳවූ අවස්ථාවේදී ‘එම ග්‍රන්ථයේ ප්‍රකාශන හිමිකරු වන උපුල් ශාන්ත සන්නස්ගල’ අදාළ නඩුවට පෙනී සිටියේ නැහැ. ඒ හේතුවෙනුයි ඔහුට එරෙහිව අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කළේ. (todaynewslk.com)


මංගල ගමන ආරම්භ කල ‘ඇල්ල ඔඩීසි’ | Ella Odyssey Train (12.02.2025)

+


මළගෙදරක බූරුපොළේ ගැටුමෙන් තුන්දෙනෙක් (3) රෝහලේ

(12.02.2025 – 14:12 +0530 – hirunews.lk/sinhala)

මළගෙදරක පැවැත්වූ ඛූරු පිටියක දෙපිරිසක් අතර වූ ආරවුලක් දුරදිග යාම නිසා සිදුකල පහරදීමකින් තුවාල ලැබූ තිදෙදෙනෙකු (3) ඊයේ (11) මාරස්සන රෝහලට හා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට ඇති බව තලාතුඔය පොලීසිය පවසනවා.

තලාතුඔය, අගලවෙල ප්‍රදේශයෙන් සිදුවීම වාර්තා වන අතර තුවාල ලැබූවන් අතර කාන්තාවකද වන බව පැවසෙනවා.

මළගෙදර පැවති නිවසට ආසන්න ස්ථානයක රාත්‍රී කාලයේ බූරු පිටියක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

එහි වූ ආරවුලක් මත පුද්ගලයන් දෙදෙනෙකු (2) අතර ගුටිබැට හුවමාරුවකින් සිදුව ඇති බවයි පැවසෙන්නේ.

පසුව පහරකෑමට ලක්වූ පුද්ගලයා තමන්ට පහරදුන් අනෙක් පුද්ගලයාගේ නිවසට ගොස් එම නිවසේ දේපලවලට හානි කර පහරදුන් පුද්ගලයාගේ පියාට ද පහරදී තිබෙන බව පොලිසිය පවසනවා.

එහිදී එම නිවසේ රැඳී සිටි අය විසින් එම පුද්ගලයාගේ හිසට එල්ල කල පහරදීමකින් කැපුම් තුවාලයක් සිදුව ඇති බව පැවසෙනවා.

ඒ හේතුවෙන් තුවාලකරු මාරස්සන රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

තලාතුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴


කුළුබඩු අපනයනයෙන් වාර්තාගත ආදායමක්

(12.02.2025 – 15:38 +0530 – hirunews.lk/sinhala)

කෘෂි භෝග අපනයන හරහා 2024 වසරේදී රුපියල් මිලියන 89,217 ක වාර්තාගත විදේශ විනිමය ආදායමක් උපයාගෙන ඇති බව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

එහි සංවර්ධන අධ්‍යක්ෂ උපුල් රණවීර ප්‍රකාශ කළේ, මෙම අපනයන ආදායම ඉතිහාසයේ කුළුබඩු අපනයනය මගින් ලබා ගත් වැඩිම ආදායම බවයි.

මෑත ඉතිහාසයේ කෘෂි භෝග අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ලබාගත් වැඩිම ආදායම වන රුපියල් මිලියන 89,217 පසුගිය වසරේදී ලබාගෙන ඇත්තේ, කුළුබඩු මෙට්‍රික් ටොන් 44,262ක් අපනයනය කිරීමෙන්.

ඉන් වැඩිම ආදායමක් උපයාගෙන ඇත්තේ ගම්මිරිස් අපනයනයෙන් වන අතර, ඒ රුපියල් මිලියන 51,524 ක්.

ගම්මිරිස් වැඩි වශයෙන් ඉන්දියාවට අපනයනය කර ඇති අතර එය මෙට්‍රික් ටොන් 23,932 ක් බවත්, එමගින් රුපියල් මිලියන 47,436ක් උපයාගෙන ඇති බවත් ඉතිරි ආදායම ලබාගෙන ඇත්තේ, ජර්මනිය, නෙදර්ලන්තය වැනි රටවලට ගම්මිරිස් අපනයනය කිරීමෙන් බවත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පුවක් මෙට්‍රික් ටොන් 8,852 ක් අපනයනය කිරීමෙන් රුපියල් මිලියන 11,598 ක් උපයාගෙන තිබෙනවා.

සාදික්කා මෙට්‍රික් ටොන් 2,317 ක් අපනයනය කර ඇති අතර එමගින් උපයාගත් විදේශ විනිමය ප්‍රමාණය රුපියල් මිලියන 4,648 ක්.

මීට අමතරව කහ, ඉගුරු, කෝපි, එනසාල්, කරාඹු නැටි, වැනිලා, බුලත්, ගොරකා, කොකෝවා ඇතුළු අනෙකුත් භෝග අපනයනයෙන් රුපියල් මිලියන 20,526 ක ආදායමක් උපයාගෙන තිබෙනවා.

+


පිටකොටුවේ ගබඩාවක සඟවා තිබූ සහල් උර 3,000 ක් සොයාගනී

(12.02.2025 – 15:52 +0530 – sinhala.adaderana.lk)

වැඩි මිලට අළෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ සහල් තොගයක් පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් විසින් අද (12) සියභාරයට ගෙන ඇත.

මෙම සහල් තොගය පිටකොටුව ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.

වෙළෙඳසැල තුළ කිලෝ පහ (5) බැගින් වු සහල් උර 3,000 ක් පමණ සඟවා තිබියදී පාරිභෝගික අධිකාරිය සිය භාරයට ගෙන තිබේ.

මෙම සහල් ඉදිරියේදී පැවැත්වෙන රාමසාන් උත්සව සමයේ දී වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *