ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්ට විදෙස් ගත වීමට අනුබල දුන් කොස්තාපලයෙකු අත්අඩංගුවට
ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්ට විදෙස් ගත වීමට අනුබල දුන් කොස්තාපලයෙකු අත්අඩංගුවට
(11.02.2025 – 07:33 +0530 – hirunews.lk/sinhala)
ගල්කිස්ස පොලිස් ස්ථානයේ කොස්තාපලයෙකු ටී-56 ගිනි අවියක් සමග පළායාමේ සිද්ධියට අධාර අනුබල දුන් එම පොලිස් ස්ථානයේම තවත් කොස්තාපලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපලයෙක්.
මොහු පළාගිය කොස්තාපලයාගේ යතුරුපැදිය රැගෙනවිත් සඟවා තැබීම සහ අපරාධය සිදුකරන අවස්ථාවේ සිට පළායන මොහොත දක්වා දුරකතනයෙන් සබඳතා පවත්වා ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම, සිද්ධියට අදාළව පළාගිය කොස්තාපලයාගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන දින 2 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
පසුගිය 08 වැනිදා ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කළ මෙම කොස්තාපලයා ටී-56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 30 ක් සමග පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇත්තේ, මාර්ග බාධක රාජකාරී සඳහායි.
එහෙත් ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොමැති වීමත් සමග සිදු කළ විමර්ශන වලදී අනාවරණ වූයේ, මොහු ද ඩුබායි වෙත පළාගොස් ඇති බවටයි.
පොලිසිය සැක කරනනේ, සැකකාර පොලිස් කොස්තාපලයා අදාළ ගිනි අවිය පාතාල කල්ලි සාමාජිකයෙකුට ලබා දී ඇති බවටයි ෴
+
+
පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු වෙළෙඳ පොළට නිකුත් කිරීමට තැත් කළ අයෙකුට දඩ
(11.02.2025 – 09:29 +0530 – sinhala.adaderana.lk)
ගුල්ලන් සහිත මනුෂ්‍යය පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු කිලෝ 3,000 ක් වෙළඳපළට නිකුත් කිරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් පෑලියගොඩ ගබඩා භාරකරුවෙකුට රුපියල් 20,000 ක දඩයක් නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සජීවනී පතිරාජ මහත්මිය නියෝග කළාය.
එමෙන්ම අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝගය නිකුත් කරමින් එම පරිප්පු තොගය අධිකරණ නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ විනාශ කරන ලෙසත් නියෝග කළාය.
පෑලියගොඩ ගබඩාවක භාරකරුවෙකු වන වේලු අත්පුදරාජ් නැමැත්තෙකුට අධිකරණයෙන් එසේ දඩ නියම කෙරුණි.
විත්තිකාර පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කළ පෑලියගොඩ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.වී. ලක්මාල් ද සිල්වා මහතා සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය පවසා ඇත්තේ ඉහත සඳහන් ගබඩාව පරීක්ෂා කිරීමේදී එහි තිබී ගුල්ලන් සහිත මිනිස් පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු කිලෝග්‍රෑම් 30,000 ක් සොයා ගැනීමට හැකි වූ බවය.
කල් ඉකුත් වීමේ දිනය 2026 ජූලි මස ලෙස බහාලුම් තුළ සඳහන් කරමින් එම පරිප්පු තොගය මහජන පරිභෝජනය සඳහා වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබූ බවද මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා අධිකරණයට දැන්වීය.
අත්අඩංගුවට ගෙන තිබෙන එම පරිප්පු තොගය විනාශ කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙස ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මමහෙස්ත්‍රාත්වරිය අධිකරණ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ එම පරිප්පු තොගය විනාශ කරන ලෙසද නියෝග කළාය ෴
කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
(10.02.2025 – 22:26 +0530 – sinhala.adaderana.lk)
කොටහේන, බෙනඩික් මාවතේ අද (10) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීම අපරාධ කල්ලි දෙකක් (2) අතර කලක සිට පවතින ආරවුලක් දුරදිග යාමේ ප්‍රතිඵලයක් බව පොලීසිය සැක පළකරයි.
එම වෙඩිතැබීම රාත්‍රී 7 ට පමණ සිදුව තිබුණි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) T-56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් එම වෙඩිතැබීම සිදුකර තිබූ බව මූලික විමර්ශනවලින් හෙළිව ඇති බව පොලීසිය පවසයි.
වෙඩික්කරුවන් වෙඩිතැබීම සිදුකර පළායන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.
වෙඩි වැදීමෙන් වයස අවුරුදු 43 ක පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබූ අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 13 ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි ‘කැනිස්ටන් නේටෝ’ නමැති පුද්ගලයෙකි.
මෙම වෙඩිතැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘පලනි ශිරාන් ක්ලෝරියන්’ යන අයගේ පාර්ශවය විසින් සිදුකර ඇති බවට අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බාලචන්ද්‍රන් පුෂ්පරාජි’ හෙවත් ‘පූකුඩුකන්නා’ගේ සමීපතමයෙකු බව පැවසේ.
දෙපාර්ශ්වය අතර පැවති ආරවුලක ප්‍රතිඵලයක් මත වෙඩිතැබීම සිදුවූ බවට පොලීසිය සැක පළකරන අතර වෙඩික්කරුවන් සොයා පොලිස් කණ්ඩායම් 4 ක් විමර්ශන ආරම්භකර තිබේ.
+
නාවික හමුදා නිවාඩු නිකේතනයක ගෑස් පිපිරීමක්
(11.02.2025 – 11:34 +0530 – hirunews.lk/sinhala)
කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනය තුළ අද (11) උදෑසන ගෑස් පිපිරීමක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.
තුවාල ලැබූ දෙදෙනා දෙබරවැව රෝහලට මාරුකර යවා ඇති බව සඳහන්.
හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ අදාළ සිදුවීම වාර්තා කිරීමට ගිය මාධ්‍යයට එහිදී ඉඩක් නොලැබුණු බවයි ෴
+
+
යෝෂිත රාජපක්ෂට හා ඩේසි ආච්චිට එරෙහිව ‘මුදල් විශුද්ධීකරණ පනත’ යටතේ නඩු පවරයි
(11.02.2025 – 11:22 +0530 – sinhala.adaderana.lk)
2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව ‘යෝෂිත රාජපක්ෂ’ට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව ‘මුදල් විශුද්ධීකරණ පනත’ යටතේ නඩු පැවරීමට පොලීසිය කටයුතු කර කර තිබේ.
සිදුකල විමර්ශන අනුව මෙම මුදල් ‘ස්ථීර තැන්පතු සහ බැංකු තැන්පතුවල’ යොදවා තිබී ඇති අතර එහිදී ‘ඩේසි ෆොරස්ට්’ නම් තැනැත්තිය සමග හවුල් ගිණුම් වශයෙන් මෙම ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.
ඒ අනුව නීතිපතිවරයා විසින් ‘ඩේසි ෆොරස්ට්’ නම් කාන්තාවත් මේ සඳහා සැකකාරියක් වශයෙන් නම් කිරීමට පොලීසියට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව අද (11) දින ‘යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් නම් කාන්තාව’ට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේදී සැකකරුවන් වශයෙන් නම් කර ‘මුදල් විශුද්ධීකරණ පනත’ යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබේ.
ඒ අනුව අදාළ කාන්තාවට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති අතර මේ සම්බන්ධ සියලු සැකකරුවන්ට අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා කියා සිටියේය.
රත්මලාන – සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34 ක් වටිනා නිවසක් සහිත ඉඩමක් මිල දී ගැනීමේ සිද්ධියකට අදාළව මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය ජනවාරි 27 වැනිදා අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ දින 02 කට පසු ඇප මත මුදාහැරුණා ෴
+
+
හෙට (12) විදුලි කප්පාදුවක් නෑ – අද (11) විදුලි කප්පාදුවේ වෙනසක්
(11.02.2025 – 12:48 +0530 – hirunews.lk/sinhala)
හෙට (12) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
නමුත් අද (11) දිනයේ විදුලි කප්පාදුවේ වේලාවන් වෙනස් වී ඇති බවයි එම මණ්ඩලය පවසන්නේ.
ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් එක් කරන නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියේ.
පානදුර විදුලි උප පොළේ ඇති වූ හදිසි දෝෂයක් සමග පසුගිය 09 වැනිදා දහවල් 11:15 ට පමණ සමස්ත දිවයිනේම විදුලි සැපයුම බිඳවැටුණු අතර බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කළේ පානදුර විදුලි උප පොළේ ට්‍රාන්ස්ෆෝමරයක වඳුරෙකු ගැටීම මෙම විදුලිය බිඳවැටීමට හේතුවූ බවයි.
වඳුරෙකු ගැටීම නිසා ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පද්ධතිය බිඳවැටීමේ ප්‍රවෘත්තිය විදෙස් මාධ්‍ය රැසකම වාර්තාකරනු ලැබුවා.
දිවයින පුරා විදුලිය බිඳවැටීමත් සමග නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක වීම හේතුවෙන් එහි ජනන යන්ත්‍ර 3 ම අක්‍රිය වුණා.
එම ජනන යන්ත්‍ර 3 සක්‍රිය කරගැනීමට දින 04 ක් පමණ ගතවීම හේතුවෙන් එතෙක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඊයේ (10) දහවල් පැවැති සාකච්ඡාවකදී තීරණය කළා.
ඒ අනුව ඊට අදාළ විදුලි කප්පාදු යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට යොමු කෙරුණු අතර එම කොමිසම ඊට අනුමැතිය ලබාදී තිබෙනවා ෴
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකල සැත්කමකින් පසු මියගිය දරුවාගේ නඩු විභාගය කල්යයි
(11.02.2025 – 13:13 +0530 – hirunews.lk/sinhala)
මෑතකදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කමක් සඳහා ඇතුළත් කෙරුණු තුන් හැවිරිදි (3) දරුවකුගේ වකුගඩුවක් ඉවත් කිරීමේ සිද්ධියට අදාළ නඩුකරය ලබන 25 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම නඩුව අද (11) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී මෙම දරුවාට සැත්කම සිදුකළ බව කියන මේ වන විට විදේශගත වී සිටින ‘වෛද්‍ය නවීන් විජේකෝන්’ගේ ප්‍රකාශයද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
ඉන් අනතුරුව මෙම දරුවාගේ මරණයට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 25 වැනිදා දක්වා කල් තැබීමටද මහේස්ත්‍රාත්වරයා නියම කළා ෴
අපරාධ විසඳන්න පොලිසියට අලුත් කාර්යාංශයක් : ‘මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය’ (CCIB)
(11.02.2025 – 16:07 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා පොලීසිය ‘මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක්’ (CCIB) පිහිටවීමට තීරණය කර තිබෙනවා.
රටතුළ ක්‍රියාත්මක වන සහ පසුගිය දිනවල සිදුවූ අපරාධ විසදාගැනීම සඳහා ‘මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය’ නමින් නව කාර්යාංශය පිහිටුවන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.
නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව යටතේ එම කාර්යාංශය ක්‍රියාත්මක කෙරෙනු ඇති.
එමෙන්ම එහි අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කටයුතු කිරීමට නියමිතයි.
නීති විරෝධී වත්කම් විමර්ශන අංශය, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය, පරිගණක අපරාධ විමර්ශන අංශය, තැනැත්තන් වෙළෙදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය, අපරාධ බුද්ධි හා බුද්ධි විශ්ලේෂණ අංශය වශයෙන් අංශ 6 ක් එම කාර්යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙනවා.
ඉහත විමර්ශන අංශවලින් මේවනවිටත් සිදුකෙරෙන විමර්ශන ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ හරහා සිදුකෙරෙනවා.
යම් විමර්ශනයක තිබෙන බරපතළකම සලකා බලා ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ මගින් හෝ ‘මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය’ මගින් එහි විමර්ශන සිදුකෙරෙන්නේ ද යන්න පිළිබදව වැඩබලන පොලිස්පතිවරයා තීරණය කරනු ලබනවා.
මේ අයුරින් පොලිසියේ පාලන ව්‍යුහය විමධ්‍යගත කිරීමේ අරමුණ වනුයේ මෙතෙක් ක්‍රියාත්මක වූ විමර්ශන කටයුතු ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කර අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ ෴
කැනඩාවේ රැකියාවකට මුදල් වංචා කළ නිතිඥවරයෙක් අත්අඩංගුවට ගන්න නියෝග
(11.02.2025 – 18:15 +0530 – hirunews.lk/sinhala)
කැනඩාවේ රැකියා බලපත්‍රයක් ලබා දෙන බව පවසා නිතිඥවරයෙකුගෙන් රුපියල් ලක්ෂ පනස් අටක් (58,00,000) වංචා කළ බව කියන නිතිඥවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (11) නියෝග කළා.
2017 වසරේ සිදු වූ සිද්ධයක් සම්බ්නධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළා.
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරනු ලැබුවේ දැනට කැනඩාවේ පදිංචි බව කියන ‘නිතිඥ අසේල රූපසිංහ’ නැමැති අයෙක්.
නඩුව කැඳවූ අවස්ථාවේදී වසර 07 ක් වැනි කාලයක් ඉක්ම ගොස් තිබියදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන නැතැයි අගතියට පත් ‘නිතිඥ අමිල ඉන්දික මාවෙලගෙදර’ වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සංජිව ඇන්තනි කළ කරුණු දැක්වීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරු අවුරුදු 07 ක් ඉක්ම යනතෙක් අත්අඩංගුවට නොගැනිම සම්බන්ධයෙන් වංචා විමර්ශන කොට්ඨාසයෙන් කරුණු විමසූ මහේස්ත්‍රාත්වරිය නඩුව කෙටි වේලාවකට කල් දමමින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට දැනුම් දුන්නා.
ඒ අනුව පොලිසිය වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
සැකකාර නිතිඥවරයා 2011 වසරේ සිට කැනඩා රටේ පදිංචිව සිටින බව කී අගිතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ නිතිඥවරයා කියා සිටියේ මෙවැනිම මුදල් වංචා සිද්ධි 80 ක් පමණ ඇති බවත් රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සැකකරුවන් සිදු කර ඇති බවයි.
මේ මුදල් අවස්ථා දෙකකදී (2) සැකකරුගේ ඉල්ලීම පරිදි ‘පලිහක්කාර’ යන අයෙකුටත් සැකකරුගේ සහෝදරයෙකු වන ‘ඩී.එස්. රූපසිංහ’ යන අයෙග් ගිණුම්වලටත් බැර කළ බව අගතියට පත් පාර්ශ්වය අධිකරණයට දන්වා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් මුදල් තැන්පතු ලබාගත් එක් අයෙක් (1) පමණත් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති බවත් අගතියට පත් පාර්ශ්වය අධිකරණයට දැන්වූවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති උපකාරක පන්ති ගුරුවරයෙකු බව කියන ‘එස්.එම්. පලිහක්කාර’ යන අය අධිකරණයේ පෙනී සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඉදිරි දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ man stocking time-ex split-gram dhal, a fine of Rs 20,000 far too small and is not likely to be a deterrent to stop this kind of crooked business. It should have been increased to at least two million, but would have been preferable to 20 million.