අමෙරිකාවෙන් සල්ලි පොම්ප කරන ලංකාවේ දේශපාලකයෝ – විමල් වීරවංශ
(10.02.2025 – 21:18 +0530 – hirunews.lk/sinhala)
USAID ආයතනය මෙරට දේශපාලනඥයින් රැසකට මුදල් පොම්ප කර ඇති බවත් එම දේශපාලනඥයින් පිළිබඳව ඉදිරියේදී කරුණු අනාවරණය කරන බවත් ‘ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ’ පවසනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු අවධාරණය කළේ එලෙස මුදල් ලබාගත් දේශපාලනඥයින් පිළිබඳව විමර්ශනය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍ය බවයි.
ලොව විශාලතම ආධාර සපයන ආයතනය වන USAID හෙවත් ‘ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ’ කටයුතු අත්හිටුවීමට ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති තීරණය මේ වනවිට ලොව පුරා දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.
2023 මූල්‍ය වර්ෂය තුළ පමණක් ලොව පුරා රටවල් රැසකට අමෙරිකානු ඩොලර් බිලියන 72 ක් USAID ආයතනය පරිත්‍යාග කර තිබූ අතර ගෙවුණු වසර කිහිපය තුළ ඔවුන් මුදල් වැයකළ ව්‍යාපෘති සම්බන්ධ වාර්තාවක් ද ට්‍රම්ප් පරිපාලනය පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කළා.
එහි එක් ව්‍යාපෘතියක් ලෙස මෙරට තුළ ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව වැඩමුළු’ පැවැත්වීමට අමෙරිකානු ඩොලර් මිලියන 7.9 ක මුදලක් වැය කර ඇති බව ද අනාවරණ වුණා.
‘ජාතික නිදහස් පෙරමුණ’ අවධාරණය කළේ USAID ආයතනයේ අරමුදල් මෙරට භාවිත වූ ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා විමර්ශනය කළ යුතු බවයි.
+
+
වඳුරා නිසා විදුලිය බිඳ වැටුණා කියපු සිද්ධියට ගම්මන්පිලගෙන් සත්තු බේරෙන කතාවක් | කරනවා නම් මෙන්න වැඩේ (10.02.2025)
+
ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා | ගම්මන්පිල අදත් සිරිල් පියතුමා එක්ක පැටලෙයි (10.02.2025)
+
අනුර කොහොමද නීතිපති ප්‍රශ්න කරන්නේ..? | අනුර – නීතිපති හමුව ගැන ගම්මන්පිල රෙදි ගැලවෙන්න අමතයි (10.02.2025)
+
දැන් පැලවත්තේ අරමුදල ශක්තිමත් | නිවාසවලට ගෙවපු වන්දි කතාව ගම්මන්පිල කවුරුත් නොහිතපු තැනකට උස්සයි (10.02.2025)
+
මෙන්න මුළු රටේම විදුලිය ඇණ හිටීමට හේතුව – ඒක යටගහන්න බැහැ – හිටපු බලශක්ති ඇමති පාඨලි කරපු හෙළිදරව්ව (10.02.2025)
+
හිටපු ප්‍රභලයෙකුගෙන් රටම ගැස්සෙන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් | විදුලි බිඳ වැටිල්ලේ ඇත්තම හේතුව මෙන්න (10.02.2025)
+
පානදුර උපපොළේ ඇත්තටම මොකද වුණේ.? | ඊයේ (09) රටම අඳුරු කළ සිද්ධිය ගැන විදුලි බල මණ්ඩලයෙන් විශේෂ ප්‍රකාශයක් (10.02.2025)
+
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ලබන සිකුරාදා (14) විදුලිබල පද්ධතියට
(10.02.2025 – 20:45 +0530 – hirunews.lk/sinhala)
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ලබන සිකුරාදා (14) වන විට විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලය පවසයි ෴
+
+
දරුවෙක් අපහරණය කළැයි අශේන් හා උෂාන්ට එරෙහිව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි පොලීසියට පැමිණිලිකරයි (10.02.2025)
+
Derana 360 | විමල් වීරවංශ සමග | With Wimal Weerawansa (10.02.2025)
+
කොටහේනේ වෙඩි තැබීමකින් අයෙක් (1) මරුට
(10.02.2025 – 20:22 +0530 – hirunews.lk/sinhala)
කොටහේන, බෙනඩික්ට් මාවතේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
අද (10) රාත්‍රී 07:30 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) ගෙන් එක් (1) අයෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, රෝහල් ගත කිරීමනේ පසුවයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 43 හැවිරිදි පිරිමියෙක් බවයි පොලිසිය පවසන්නේ ෴
+
+
පේරාදෙණිය ගලහ ප්‍රදේශයේ කඳු යායක ගින්නක්
(10.02.2025 – 21:04 +0530 – sinhala.adaderana.lk)
පේරාදෙණිය ගලහ මාර්ගයේ කඳු යායක ගින්නක් හට ගෙන තිබේ.
පේරාදෙණිය පොලිස් වසමට අයත් ගලහ මහනුවර ප්‍රධාන මාර්ගයේ අල්ඔය 9 කණුව ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇත.
එම ප්‍රදේශයේ ෆයිනස් කැලෑවක මෙම ගින්න හට ගෙන ඇති අතර මේ වන විට එම ගින්න විශාල වශයෙන් හටගෙන ඇතැයිද වාර්තා වේ.
+
මහින්ද එළියට දාන වැඩේට සිවිල් සංවිධාන නියෝජිතයෝත් අත දායි | කට්ටියම ඇවිත් ලියුමකුත් බාර දීලා ඉල්ලපු දේ (10.02.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴