ජල පිරිපහදුව සදහා පිළිකාකාරක අඩංගු රසායනිකයක් ගෙන්වා ඇතැයි ඩී.වී. චානක ගෙන් චෝදනා
ජල පිරිපහදුව සදහා පිළිකාකාරක අඩංගු රසායනිකයක් ගෙන්වා ඇතැයි ඩී.වී. චානක ගෙන් චෝදනා
(06.02.2025 – 22:10 +0530 – hirunews.lk/sinhala)
ජල පිරිපහදුව සදහා ජල සම්පාදන මණ්ඩලය විසින් ගෙන්වන ලද ‘හයිඩ්‍රේටඩ් ලයිම්’ නැමති රසායනික ද්‍රව්‍යයේ පිළිකා කාරක අඩංගු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක අද (06) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා.
එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමේ දී මූල්‍ය වංචාවක් ද සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල සහ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රතිචාර දැක්වුවා.
ඒ අනුව වසන්ත සමරසිංහ අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා හෙට (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරනු ඇති බවයි.
+
+
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව වෛද්‍ය සිසුන් කොටුවේ විරෝධතා පා ගමනක
(06.02.2025 – 20:33 +0530 – hirunews.lk/sinhala)
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (06) කොළඹදී විරෝධතා පා ගමනක නිරත වුණා.
කොටුව දුම්රියපළ ඉදිරිපිට සිට මුදල් අමාත්‍යංශය දක්වා ඔවුන් පා ගමණින් පැමිණීමත් සමග ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුම අසළින් වසා දැමීමටයි පොලිසිය පියවර ගත්තේ.
පාගමන හේතුවෙන් ඕල්කට් මාවතේ කොළඹින් පිටවන මංතීරුවේ රථ වාහන තදබදයක් ද හට ගත්තා. පසුව විරෝධතාකරුවන් 05 දෙනෙකුට සාකච්ඡාවක් ලබාදීමටයි බලධාරීන් කටයුතු කළේ.
+
+
පුත්තලමෙන් නීතිවිරෝධීව එකලස් කරන ලද ජීප් රථයක් සොයාගැනේ
(06.02.2025 – 20:24 +0530 – hirunews.lk/sinhala)
පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර භාවිත කළ බව කියන නීතිවිරෝධීව එකලස් කරන ලද ජීප් රථයක් කොටස් කර සඟවා තිබියදී ‘නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය’ සිය භාරයට ගෙන තිබෙනවා.
හිටපු මන්ත්‍රීවරයාට අයත් පුත්තලමේ පිහිටි ඉඩමක සහ ඔහුගේ නිවසට ආසන්නයේ පිහිටි වෙනත් නිවසක සගවා තිබියදී මේවා සොයාගත් නමුත් එම කොටස් දැඩි ලෙස දිරාපත්වී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
අදාළ රථය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් භාවිත කරන ලද වාහනයක එංජින් හා චැසි අංක භාවිත කරමින් නිතිවිරෝධි ලෙස එකලස් කරන ලද ජීප් රථය ලියාපදිංචි කර තිබෙනවා.
දේශපාලඥයින් සන්තකයේ තිබූ නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථ කිහිපයක් පොලීසිය විසින් පසුගිය කාලයේ සිය භාරයට ගැනීමත් සමග හිටපු මන්ත්‍රිවරයා මෙම රථය කොටස් කර සඟවා තිබී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මේ පිළිබදව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකරගෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් උත්සහ කළද එය ව්‍යාර්ථ වී ඇත්තේ ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොමැති වීම හේතුවෙන්.
+
රජයේ මිල ඉක්මවා පෞද්ගලික වෙළඳුන් වී මිලට ගැනීම අරඹයි
(06.02.2025 – 20:11 +0530 – hirunews.lk/sinhala)
පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ වී මෝල් හිමියන් රජය විසින් නියම කළ මිලට වඩා වැඩියෙන් වී මිළදී ගන්නා බවට වාර්තා වනවා.
ඒ අනුව සහතික මිලට වඩා රුපියල් 05 ත් 10 ත් අතර වැඩි මුදලක් ඔවුන් මෙලෙස ගොවීන්ට ලබා දෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
වී අලෙවි මණ්ඩලය විසින් නාඩු වී කිලෝවක් රුපියල් 120 කටත්, සම්බා කිලෝවක් රුපියල් 125 කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කටත් මිල දී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ඊයේ (05) ප්‍රකාශ කළා.
ඒ අනුව ගොවීන්ගේ වී මිළදී ගැනීම සදහා අද සිට ගබඩා විවෘත කර ඇති බවයි වී අලෙවි මණ්ඩලය සදහන් කළේ.
ඇතැම් ප්‍රදේශවල සිය අස්වනු විකුණා ගැනීමට වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවලට ගිය ගොවීන්ට ආපසු හැරී යාමට සිදුවුණේ ගබඩා පහසුකම් තවමත් සූදානම් කර නොතිබීම හේතුවෙන්.
වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට අවම වශයෙන් රුපියල් 114 ත් 120 ත් අතර පිරිවැයක් දැරීමට සිදුවන බැවින් අවම වශයෙන් වී කිලෝවක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 140 ක් දක්වා වැඩි කළ යුතු බවයි ගොවීන් පවසන්නේ.
කෙසේ වෙතත්, වී මිළදී ගැනීමට සුදානම් වුවත් ඊට අවශ්‍ය ඇතැම් පහසුකම් වී අලෙවි මණ්ඩලය සතුව නොමැති බවයි එහි සභාපති මංජුල පින්නලන්ද කියා සිටියේ.
වී මිළදී ගැනීමේ කටයුතු සදහා මණ්ඩලය සතුව ඇත්තේ එක් ලොරියක් පමණක් බව ඔහු සදහන් කළා ෴
කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්
(06.02.2025 – 20:02 +0530 – hirunews.lk/sinhala)
කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ උඩු මහලේ ගින්නක් හට ගෙන තිබෙනවා.
මේ වන විට ගිනි නිවීමේ රථ 3 ක් උපයෝගී කර ගනිමින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
+
+
+
+
ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ් ගොඩනැගිල්ල’ රජයේ රස පරීක්ෂකගේ පරීක්ෂාවට
(07.02.2025 – 08:05 +0530 – hirunews.lk/sinhala)
ගින්නක් හටගත් ආන්දෝලනාත්මක කොළඹ කොටුවේ පිහිටි ‘ක්‍රිෂ් ගොඩනැගිල්ල’ රජයේ රස පරීක්ෂකවරයා විසින් අද (07) පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව තිබෙනවා.
එහි 33 වන මහලේ ඊයේ (06) පස්වරුවේ මෙම ගින්න හටගත් අතර එය මැඩ පැවැත්වීම සදහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 8 ක් සහ ගිනි නිවීමේ භටයින් තිස් දෙදෙනෙකු (30) කැදවීමට සිදු වුණා.
ගොඩනැගිල්ලේ තිබූ ලී පුවරු කිහිපයකට ගිනි ඇවිලි තිබූ අතර ගින්න හටගත් ආකාරය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි පොලිසිය කියා සිටියේ ෴
හිටපු නාගරික කොමසාරිස්ව කොල්ලකයි. පවුම් 5ක රන් මාලය කඩාගෙන පැන්න හොරු CCTV කැමරාවේ (06.02.2025)
+
CID යැයි පවසා කාන්තාවන් රවටා මුදල් ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
(06.02.2025 – 10:38 +0530 – hirunews.lk/sinhala)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවන් රවටා මුදල් ලබාගත් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු මහනුවර පිලිමලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු නාවික හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයෙක් වන අතර පුවත්පත්වල මංගල දැන්වීම් පළ කරන කාන්තාවන්ට දුරකතන ඇමතුම් ලබාදී තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස හදුන්වා ඇති බවයි පොලිසිය සදහන් කළේ.
ඒ අනුව සැකකරු අදාළ කාන්තාවන්ට පවසා ඇත්තේ තමාට හමුවූ ජංගම දුරකතනයක එම කාන්තාවගේ නිරුවන් ඡායාරූප ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු නොකිරීමට නම් මුදල් අවශ්‍ය බවයි.
ඇතැම් අවස්ථාවලදී සැකකරු කාන්තාවන් බියගන්වා රුපියල් 45,000 සිට ලක්ෂ 02 දක්වා මුදල් ලබාගෙන තිබෙනවා ෴
+
නිරුවත් ඡායාරූප ගැන කාන්තාවන් බිය වැද්දූ හොර IP අතටම මාට්ටු (05.02.2025)
+
බොරුකීම කලාව මැනවින් ප්‍රගුණ කළ මාලිමා මන්ත්‍රීන්.. (06.02.2025)
+
නීතිපති නිර්දේශය ගැන ලසන්තගේ දියණියගෙන් අගමැතිනියට ලිපියක්
(06.02.2025 – 13:38 +0530 – sinhala.adaderana.lk)
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාඩු නඩු විභාගයට අදාළව නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අගමැතිනිය වෙත ලිපියක් යොමු කර තිබේ.
ඒ නීතිපතිවරයා බලය අයුතු ලෙස භාවිත කිරීම හා රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙනි.
පසුගිය දා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විමර්ශනයේ දී සැකකරුවන් ලෙස නම් කර තිබූ තිදෙනෙකු (3) නිදහස් කිරීමට නීතිපතිවරයා ලබාදුන් නිර්දේශය පිළිබඳ තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇතැයි ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන ‘අහිම්සා වික්‍රමතුංග’ අදාළ ලිපියේ සඳහන් කර තිබේ.

මේ අතර ඊයේ (05) දිනයේ දී මාධ්‍යවේදීන් විසින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු පවසා සිටියේ, නීතිපතිවරයා විසින් ලබාදුන් නිර්දේශය පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බවය.
ඒ අනුව අදාළ තීන්දුව සම්බන්ධයෙන් ඉදිරියේ දී ප්‍රකාශයක් සිදුකරන බව ද අමාත්‍යවරයා පැවසීය.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර ඇති හමුදා බුද්ධි නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු (3) නිදහස් කිරීමට පවතින හැකියාව පිළිබඳ නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය නීතිමය මතය ලබා දී තිබුණි.
පසුගිය ජනවාරි 27 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත යොමු කරන ලද ලිපියක මේ බව සදහන්ය.
අහිම්සා වික්‍රමතුංග, අගමැතිනියට යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින් :
පෞද්ගලික දත්ත සොරා ගැනීමේ ඡාවාරමක් ගැන තොරතුරු
(06.02.2025 – 09:49 +0530 – hirunews.lk/sinhala)
රජයේ ආයතනවල ලාංඡන යොදා ගනිමින්, රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පෞද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි සිදුවීම් රැසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි ෴
අමු මිරිස් කිලෝව 1,200 යි – මාළු මිරිස් කිලෝව රුපියල් 1000 යි
(06.02.2025 – 10:28 +0530 – hirunews.lk/sinhala)
වෙළදපොලේ එළවලු මිල ගණන් මේ වන විට ඉහළ යමින් පවතින බවට වාර්තා වනවා.
ඒ අනුව අමුමිරිස් කිලෝවක මිල රුපියල් 1200 ක් දක්වාත් මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 1000 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි වෙළදපොල ආරංචිමාර්ග සදහන් කළේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴