කොල්ලුපිටිය ලැගුම්හලේ දී රෝගී වූ අනෙක් (දෙවැනි) විදෙස් කතත් මිය යයි

කොල්ලුපිටිය ලැගුම්හලේ දී රෝගී වූ අනෙක් (දෙවැනි) විදෙස් කතත් මිය යයි


කොල්ලුපිටිය ලැගුම්හලේ දී රෝගී වූ අනෙක් (දෙවැනි) විදෙස් කතත් මිය යයි

(03.02.2025 – 19:48 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටියේ ලැගුම්හලක සිටියදී රෝගී වී රෝහල්ගත කළ අනෙක් කාන්තාව ද මියගොස් තිබෙනවා.

ඇය සමග සිට රෝගී වී රෝහල්ගත කළ එංගලන්ත කාන්තාවක ඊයේ (02) මිය ගිය අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කොල්ලුපිටිය පොලිසිය අද (03) කරුණු වාර්තා කළා.

කොල්ලුපිටිය ආර්.ඒ. ද මැල් මාවතේ පිහිටි ලැගුම්හලක සිටියදී ඇති වූ හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කර සිටි 27 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය ඊයේ (02) දින සිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

විදෙස් ජාතිකයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු (2) හදිසියේ රෝගී වීම හේතුවෙන් පසුගිය 01 වැනිදා රෝහල්ගත කර තිබුණා.

30 හැවිරිදි ජර්මාන් ජාතිකයෙක්, ඔහුගේ 27 හැවිරිදි බිරිඳ සහ 24 හැවිරිදි වියේ පසුවන තවත් එංගලන්ත ජාතික කාන්තාවක් ඒ අතර සිට තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් අතර සිටි ‘සින්ටොෂ් ඊබොනි ලොයිස්’ නමැති එංගලන්ත ජාතික කාන්තාව රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ජීවිතක්ෂයට පත්වුණා.

ඇගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඇය සමග සිටි ජර්මන් කාන්තාව ද අද (03) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වූ බව කොල්ලුපිටිය පොලිසිය සඳහන් කළා.

ඔවුන් නවාතැන් ගත් කාමරයට යාබද කාමරය පසුගිය 30 වැනිදා ‘ෆොස්ෆීන්’ වායුව යොදා ධූමකරණය කර ඇති අතර, කෘමීන් මර්දනය සඳහා භාවිතා කරන එම වායුව කාමරයකට ඉසීමෙන් පසු පැය 72 ක් අදාළ ස්ථානය වසා තැබිය යුතු බව පොලිසිය සඳහන් කළා.

එම කාමරය වසා තැබීමට ලැගුම්හලේ සේවකයින් පියවර ගෙන තිබුණත් යම් හෙයකින් එය ආඝ්‍රාණය වීමෙන් විදෙස් ජාතිකයින් තිදෙනාට මෙම රෝගී තත්ත්වය හටගෙන ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

අදාළ විදෙස් ජාතිකයින් තිදෙනා (3) ආහාර ගත් හෝටලය පරීක්ෂා කිරීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා.

මෙම සිද්ධියට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ආහාර විෂවීමකින් මෙම මරණය සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලැගුම්හලේ හිමිකරුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අලුත්කඩේ අංක 02 වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙතද කරුණු වාර්තා කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන වාර්තාවක් කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (03) ඉදිරිපත් කළා.

රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂණයෙන් අනතුරුව, අදාළ ලැගුම්හලේ රැඳී සිටීමේ යෝග්‍යතාව වාර්තා කර නිසි බලපත්‍රයක් ලබා ගැනීමෙන් පසු පමණක් ලැගුම්හල විවෘත කරන ලෙස එහිදී කොටුව අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය නියෝග කළා.

ඒ අනුව, එහි කළමනාකාරීත්වයට දැනුම් දුන්නේ එතෙක් ලැගුම්හල වසා තැබීමටයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක අතර, මියගිය විදෙස් කාන්තාවන්ගේ ඥාතීන් පැමිණ මෘත ශරීර හඳුනා ගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

+


මියන්මාරයේ කොටුවූ ලාංකිකයින් 18 ක් යළි ගෙන්වා ගන්න සාකච්ඡා

(03.02.2025 – 20:38 +0530 – hirunews.lk/sinhala)

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ මෙරට සරණාගතයින් බේරා ගැනීම සම්බන්ධ ගැටළු විසඳීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (03) මියන්මාර නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඌ තන් ස්වේ සමඟ දුරකථන සංවාදයක නිරතව තිබෙනවා.

සයිබර් අපරාධ මධ්‍යස්ථානවල සේවය කිරීම සඳහා මියන්මාරයේ මයාවාඩි ප්‍රදේශයට ජාවාරම් මගින් යවා ඇති ශ්‍රී ලාංකික ජාතිකයින් 18 දෙනෙකු ඉක්මනින් බේරා ගැනීමට සහ ආරක්ෂිතව නැවත මෙරටට ගෙන්වා ගැනීමට පහසුකම් සැලසීම සඳහා මියන්මාර රජයේ හදිසි සහාය ලබා දෙන ලෙසයි අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේ.

මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකික වින්දිතයින් මයාවාඩි කලාපයෙන් මුදා ගැනීමට සහ නැවත මෙරටට ගෙන්වා ගැනීමට මියන්මාර රජය දක්වන අඛණ්ඩ සහයෝගය පිළිබඳව අමාත්‍ය වරයා කෘතඥතාව පළ කර තිබෙනවා.

2022 සහ 2024 අතර කාලය තුළ, ශ්‍රී ලාංකිකයින් 91 දෙනෙකු බේරා ගැනීමට සහ නැවත මෙරටට ගෙන්වා ගැනීමට මියන්මාරය සහාය දක්වා තිබෙනවා.

බලහත්කාරයෙන් රඳවාගෙන සිටින සහ මයාවාඩි හි ජාවාරම් කරුවන් විසින් වධහිංසා පැමිණවීමට සහ පීඩාවට ලක්ව ඇති බව වාර්තා වන ඉතිරි ශ්‍රී ලාංකිකයින් 18 දෙනා වහාම බේරා ගැනීමට සහ නැවත මෙරටට ගෙන්වා ගැනීමට පහසුකම් සැලසීම සඳහා මියන්මාරයේ කඩිනම් සහයෝගය ඉල්ලා තිබෙනවා.

වසර 75 කට අධික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ථෙරවාද බෞද්ධ උරුමයන් මගින් තහවුරු වූ ශක්තිමත් සම්බන්ධතා තුළ මුල් බැසගත් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අමාත්‍යවරුන් දෙදෙනාගේ (2) කැපවීම තුළින් යළිත් තහවුරු වනවා.

ශ්‍රී ලංකා-මියන්මාර ඒකාබද්ධ ද්විපාර්ශ්වික සහයෝගීතා කොමිසමේ (JCBC) 4 වන වටය නැවත කැඳවීමේ හැකියාව සොයා බැලීමට ද අමාත්‍යවරුන් දෙදෙනා එකඟව තිබෙනවා.

මේ අතර මියන්මාර රජයේ සහාය ඇතිව මියාවඩි ප්‍රදේශයේ සිරවී සිටින ඉතිරි ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සහ නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අඛණ්ඩව කටයුතු කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ෴


ත්‍රීවිල්, බයික් මිලත් ඉහළ යන ලකුණු

(03.02.2025 – 21:59 +0530 – hirunews.lk/sinhala)

නව බදු සංශෝධනයත් සමග අලුතින් ආනයනය කරන ත්‍රිරෝද රථ සහ යතුරු පැදිවල මිල ඉහළ යනු ඇතැයි වාර්තා වනවා.

ඒ අනූව නව ත්‍රිරෝද රථයක මිල රුපියල් 650,000 ක් දක්වා ඉහළ යන බවයි පැවසෙන්නේ.

එමෙන්ම අලුතින් ආනයනය කරන යතුරු පැදියක මිල රුපියල් ලක්ෂ 7 ක් දක්වා ඉහළ යනු ඇති බවද පැවසෙනවා.

සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ඇසෝෂියේෂන්හි සභාපති ඇන්ඩෘ පෙරේරා විසිනුයි ඒ බව කියා ඇත්තේ.

ආනයනික වාහන සම්බන්ධයෙන් බොහෝ පුවත් වාර්තා වූ පසුබිමක ආනයනික ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සම්බන්ධයෙන් වාර්තා වූයේ කළකට පසුවයි.

+


77 වැනි නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 285 දෙනෙකු හෙට (04) නිදහස් කරයි

(03.02.2025 – 18:08 +0530 – hirunews.lk/sinhala)

77 වැනි නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 285 දෙනෙකු හෙට (04) නිදහස් කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂ රාජ්‍ය සමාවක් යටතේ මෙම සිරකරුවන් නිදහස් කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴


මඩ පැහැයෙන් යාපනයට බෙදන පානීය ජලය

(03.02.2025 – 18:21 +0530 – hirunews.lk/sinhala)

යාපනය මහ නගර සභාව මගින් පසුගිය දින තුන (3) පුරාවට ලබා දෙන ලද පානීය ජලය සමග රතුපස් මිශ්‍ර වීම නිසා ජලය රතුපැහැ ගැන්වී තිබෙන බව අප වාර්තාකරු පවසනවා.

මේ පිළිබදව ජල පාරිභෝගිකයින් යාපනය මහ නගර සභාවේ වගකිවයුත්තන් දැණුවත් කර ඇතත් ප්‍රශ්නයට මෙතෙක් විසදුමක් ලැබී නොමැති අතර ජනතාවට දිගින් දිගටම මෙලෙස රතුපැහැති පානීය ජලය බෙදාහරින බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

මෙම ජලය කිසිසේත්ම පානය කිරීමට නොහැකි බවත් සෙසු සේදීම් කටයුතු වලට හා ආහාර පිසීමට පවා ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් යාපනයේ ජනතාව පවසනවා.

මේ පිළිබදව අප වාර්තාකරු යාපනය මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගෙන් විමසූ විට ඔහු සඳහන්කර ඇත්තේ යාපනයේ ජලනළ පද්ධතියේ වූ දෝෂයක් යථා තත්ත්වයට පත් කිරීම පිණිස සිදු කළ අලුත්වැඩියා කිරීමකින් පසුව මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

ජනනළ පද්ධතියට රතු පස් එකතු වීම නිසා මේ තත්ත්වයහට ගෙන ඇති බවට සැකකරන බවත් වහාම මේ තත්ත්වයට පිලියම් යොදන ලෙස අදාල නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් කොමසාරිස්වරයා සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් යාපනයේ වැසියන්ට දැනට දින තුනක් (3) තිස්සේ පිරිසිඳු පානිය ජලය නොලැබී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴


ගෝඨාභය සහ සලේ අත්අඩංගුවට ? (03.02.2025)

+

පාස්කු ප්‍රහාරයේ රහස් හෙළිකරන මවුලානගේ රටම නොදන්න පැටිකිරිය | දෙවනි කසාඳේ කරගන්නෙ බොරු නමකින් (03.02.2025)

+


බිහිසුණු රෝගයක් ගැන බය හිතෙන ආරංචියක් ‍| දරුවන්ගේ මේ රෝග ලක්ෂණ තිබුණොත් | හැකි ඉක්මණින් උපදෙස් ගන්න (03.02.2025)

+


ඩොලර් මිලියන ගණන් ලංකාවට ගෙනාපු වාෂ්ප දුම්රිය විනාශ කරලා දාන්නයි මුන් හදන්නේ (29.01.2025)

+


අනුර ජනාධිපති; රට පාලනය කරන්නේ ටිල්වින් | රට ගැන තීරණ ගන්නේ පැලවත්ත අපාට්මන්ට් එකේ දෙන්නා උදේට කනකොට (04.02.2025)

+


ඉන්දියාවට රට පාවා දෙන පරගැති … (05.02.2025)

+


මහනාහිමිවරු විසින් බුදුසසුන නඟා සිටුවීමට නලින්දට දියයුතු අනුශාසනාව (05.02.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *