අම්බලන්තොට සිදුවූ ත්‍රිත්ව ඝාතනයට සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට

අම්බලන්තොට සිදුවූ ත්‍රිත්ව ඝාතනයට සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට


අම්බලන්තොට සිදුවූ ත්‍රිත්ව ඝාතනයට සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට

(03.02.2025 – 06:41 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේදී ඊයේ (02) පස්වරුවේ සිදුවූ ත්‍රිත්ව (3) ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු (6) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයින් තිදෙනෙකු (3) ඝාතනය කෙරුණු අතර, පොලිසිය සඳහන් කළේ 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ මෙම පිරිසට තියුණු ආයුධවලින් පහරදී ඇති බවයි.

ඒ අතරින් එක් (1) අයෙකු අම්බලන්තොට රෝහලට රැගෙනවිටත් මියගොස් තිබූ අතර සෙසු දෙදෙනා (2) රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඔවුන් තිදෙනාගේම (3) ගෙලට සහ මුහුණට බරපතල හානි සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය තිදෙනාම මාමඩල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 29, 34 සහ 45 යන වයස්වල පසුවූවන්.

නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් මුල්කරගනිමින් මෙම ඝාතන සිදුව ඇති බවටයි පොලිසිය සැක කරනු ලබන්නේ.

+


මාස 3 කින් මහපොළ ශිෂ්‍යාධාර නැති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියයි

(02.02.2025 – 23:20 +0530 – hirunews.lk/sinhala)

මාස තුනකින් (3) පමණ මහපොළ ශිෂ්‍යාධාර ලැබී නැතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පවසන්නේ ඇතැම් විශ්වවිද්‍යාලවලට මාස 3 ට වැඩි කාලයක් ශිෂ්‍යාධාර ලැබී නොමැති බවයි.

මේ අතර පසුගිය සමයේ රට තුළ පැවති ආර්ථික අර්බුදයත් සමඟ මහපොළ ශිෂ්‍යාධාර ගෙවීමේ ප්‍රමාදයක් සිදුව ඇති බවයි පැවසෙන්නෙ.

ඉදිරියේදී සාමාන්‍ය ක්‍රමවේදයට අනුව මාසිකව මහපොළ ශිෂ්‍යාධාර ගෙවීම් කිරීමට පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ ෴


කල්පිටියේ සුළං බලාගාරයක තට්ටක් කඩාවැටී නිවාසවලට හානි

(03.02.2025 – 07:31 +0530 – hirunews.lk/sinhala)

සුළං විදුලි උත්පාදන කුලු‍නක තට්ටක් කඩාවැටීමෙන් කල්පිටිය – කන්දකුලිය කුඩාව පාර ප්‍රදේශයේ නිවාස තුනකට (3) හානි සිදුව තිබෙනවා.

පුද්ගලික විදුලි නිෂ්පාදන සමාගමට අයත් සුළං විදුලි කුලු‍නක තට්ටක් කඩා වැටීමෙනුයි ඊයේ (02) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ.

තට්ට කඩාවැටීමෙන් එක් (1) නිවසක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර ඒ ආසන්නයේ පිහිටි තවත් නිවාස දෙකකට (2) හානි සිදුව ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

කෙසේවෙතත් මෙම සුළං තට්ට කඩා වැටීම සිදුවන අවස්ථාවේ අදාළ නිවාසවල කිසිවකු සිට නොමැති බවටයි වාර්තා වන්නේ.

+


තරගයට යතුරුපැදි ධාවනය කළ පිරිසක් අත්අඩංගුවට

(03.02.2025 – 08:04 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල සිට වැල්ලවත්ත දෙසට මුහුදුබඩ මාර්ගයේ තරගයට යතුරුපැදි ධාවනයේ නිරත වූ අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි 10 ක් සමග පුද්ගලයින් දස දෙනෙකු (10) ඊයේ (02) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය පවසනවා.

එහිදී සෑම දිනකම අලුයම 02:30 ත් 04:30 ත් අතර වාහන හිමියන්ට හා ප්‍රදේශවාසීන්ට බාධා වන පරිදි අධික ශබ්දයෙන් හා විවිධ නළා ශබ්ද පිට කරමින් අපරික්ෂාරී ලෙස යතුරු පැදි ධාවනයේ නිරත වන බවට පොලීසියට ලද පැමිණිල්ලකට අනුව නිලධාරි කණ්ඩායම් කිහිපයක් ස්ථාන කිහිපයකින් වටලා මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොරටුව, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, බොරලැස්ගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචි 18 ත් 25 ත් අතර වයසේ පසුවන්නන්.

+


දුරකථන කුලුණකින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(03.02.2025 – 08:58 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව, මහරම්බකුලම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් දුරකථන කුලුණකින් ඇද වැටී පුද්ගලයෙකු ඊයේ (02) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සුදේශ් චතුරංග නමැති නිකවැරටිය, මහගරිල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.

එම දුරකථන සමාගමේ සේවකයෙකු වන ඔහු මෙම දුරකථන කුළුණෙහි නඩත්තු කටයුත්තක් සිදුකරමින් සිටියදී බිමට ඇද වැටී තිබෙනවා.

අනතුරුව එම ස්ථානයේ සිටි පිරිස ඔහුව කඩිනමින් රෝහල්ගත කළද, එම අවස්ථාව වනවිටද ඔහු ජීවිතක්ෂයට පත්ව සිට තිබෙනවා ෴


ඩීසල් කාන්දුවක් මාතර මුහුදට කළ විනාශයක් (02.02.2025)

+


මහින්දට විජේරාමේ ගෙදර දෙන්න අනුරත් හවුල් (01.02.2025)

+


වාහන ආනයන ගැසට්ටුව අවුලක්

(03.02.2025 – mawbima.lk)

වාහන ආනයනයට අවසර දෙන ගැසට් නිවේදනය නිකුත් වුවද එහි වාහනයේ නිෂ්පාදිත දිනයේ සිට ආනයන කරන වසර ප්‍රමාණය නිර්ණය කළ යුතු වීම හේතුවෙන් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති.

වාහන නිෂ්පාදකයන් සාමාන්‍යයෙන් නිෂ්පාදිත වර්ෂය සඳහන් කළත් නිශ්චිත නිෂ්පාදිත දිනයක් ප්‍රකාශයට පත් නොකරන පසුබිමක නිකුත් කළ ගැසට් නිවේදනයේ මඟ පෙන්වීම්වලට අනුකූල වන ලෙසින් වාහන ගෙන්වීමේදී ප්‍රායෝගික ගැටලු නිර්මාණය විය හැකි බැවින් මෙම ගැසට් නිවේදනය හැකි ඉක්මනින් සංශෝධනය කරදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මේ පිළිබඳව ‘මව්බිම’ට අදහස් දැක්වූ ‘ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ’ සභාපති ‘ප්‍රසාද් මානගේ’ සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් අංශයේ නිලධාරියෙක් මෙම ගැටලුකාරී තත්ත්වයට වගකිවයුතු බවට තමන් චෝදනා කරන බවයි. එම නිලධාරියා වාහන ආනයනය සම්බන්ධයෙන් ප්‍රායෝගික නොවන තර්ක ඉදිරිපත් කළ බවද ඔහු පෙන්වා දුන්නේය.

වාහනයක් යනු කේක් එකක් වැනි දෙයක් නොව එම නිෂ්පාදනය සම්පූර්ණ වීමට මාස 4 ක් 5 ක් යන බවත් කී ඔහු මේ අනුව නිෂ්පාදනය කළ දිනය යනු එන්ජිම නිපදවන දිනයද බොඩිය හදන දිනයද ටයර් සවි කරන දිනයද යන්න හොයා ගැනීමට නොහැකි බවත් නිෂ්පාදිත වර්ෂය පමණක් සොයා ගැනීමට නොහැකි බව ඔහු කීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ වාහනයක් ආනයනයේදී සුඛෝපභෝගී බද්ද, රේගු බද්ද, සියයට 18 ක වැට් බද්ද ආදී බදු ඇතුළත් වන අතර 2019 දී රු. ලක්ෂ 35 ක්ව පැවැති සුඛෝපභෝගී බද්ද රු. ලක්ෂ 50 ත් 55 ත් දක්වා වැඩි කර තිබේ.

ඒ අනුව එන්ජින් ධාරිතාව 1800 කාර් හා ජීප් සඳහා මීට පෙර තිබූ රු. ලක්ෂ 35 ක සුඛෝපභෝගී බද්ද පෙට්රල් වාහන සඳහා රු. ලක්ෂ 50 කුත් දෙමුහුන් වාහන සඳහා රු. ලක්ෂ 55 දක්වාත් වැඩි කර ඇත.

මේ අතර වාහන බදු එකතු වීම සිතා ගැනීමට හෝ නොහැකි තරම් සංකීර්ණ කර ඇති බවත් එය නූල් බෝලයක් ලෙස පටලවා ඇති බවත් රේගුවේ නිලධාරීන්ට බදු එකතු වෙන ආකාරය ගැන නිසි අදහසක් තවම නැති බවත් වාහන ආනයනකරුවෙක් කීවේය.

එසේම වෑන් ආනයනය කිරීමට නොහැකි වන ලෙස විශාල ලෙස බදු පනවා ඇති බවත් ඔහු පැවැසුවේය.

අවුරුදු 5 ක් පැරණි වාහන ගෙන්වීමට රජය ඉඩ නොදීම සාමාන්‍ය මධ්‍යම ජනතාවට අඩු මිලට වාහනයක් ගැනීමට වූ අවස්ථාව අහිමි කර ඇති බවත් ජනතාව පීඩනයට පත් වූ බවත් ‘ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ’ සභාපති ‘ඉන්දික සම්පත් මෙරෙන්චිගේ’ මහතා පැවැසීය.

මේ අතර වර්තමානයේ රු. ලක්ෂ 50 ත් 70 ත් අතර මිලකට අලෙවි වන ‘වැගන්-ආර්’ වර්ගයේ මෝටර් රථයක් රු. ලක්ෂ 20 කින් පමණ ඉහළ යා හැකි බවත් ඒ අනුව එහි නව මිල රු. ලක්ෂ 75 ත් 90 ත් අතර වනු ඇති බව වාහන ආනයනකරුවන් ඔවුහු පවසයි.

පෞද්ගලික මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුන් මෝටර් රථ ආනයනය සඳහා වසර 5 කට අධික කාලයක් පනවා තිබූ තහනම ඉවත් කර ඇත. ඊට අදාළව මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ අස්සනින් යුතුව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ අනුව කාර් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ආනයනයට අද සිට අවසර හිමිවේ.

ඒ අනුව කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන සඳහා යොදාගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රිරෝද රථ යතුරුපැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිත නොවන වාහන ආනයනයට අවසර හිමිව තිබේ. එම වාහන ආනයනයට අදාළව ආනයන අපනයන පාලකවරයා වෙත විශේෂ රෙගුලාසිද නිකුත් කර තිබේ ෴

+

+


හමුදා කඳවුරේ ආයුධ හොරකමේ සාක්ෂි වහන්න … (02.02.2025)

+


ව්‍යාජ ලෙස එකලස් කළ මෝටර් රථ 05 ක් රත්නපුරයෙන් සොයා ගැනේ

(03.02.2025 – 11:08 +0530 – hirunews.lk/sinhala)

කූඨ ලේඛන සකස් කර එකලස් කරන ලද රු. කෝටි 07 ක් වටිනා මෝටර් රථ 05 ක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් රත්නපුර – කලවාන ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා.

ඒ, කලවාන – ‘පොල්කොටුවේ ගඩ්ඩා’ නමින් හදුන්වන කෝටිපති වාහන අලෙවිකරුවෙකු, ව්‍යාජ එන්ජින් අංක සහ චැසි අංක කොටා කූඨ ලේඛන සකස් කර වාහන අලෙවිකරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

අදාළ මෝටර් රථ 05 ස්ථාන තුනක (3) සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

වැටලීමේදී එම මෝටර් රථවල හිමිකරු බියට පත්වී ක්ලාන්ත වී ඇඳ වැටී ඇති අතර අනතුරුව ඔහු රත්නපුර මූලික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *