‘රඳවා තබා ගැනීමේ බද්ද’ 5% සිට 10% දක්වා ඉහළට

‘රඳවා තබා ගැනීමේ බද්ද’ 5% සිට 10% දක්වා ඉහළට


‘රඳවා තබා ගැනීමේ බද්ද’ 5% සිට 10% දක්වා ඉහළට

(18.12.2024 – 15:13 +0530 – hirunews.lk/sinhala)

රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (18) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.

එමෙන්ම ජනපතිවරයා එහිදී පවසා සිටියේ පසුගිය රජය සමයේ සේවා අපනයනය සඳහා බද්ද 30% ක් ලෙස සඳහන් කළද එය 15% දක්වා අඩු කිරීමට එකඟතාවයකට පැමිණි බවයි.

එහිදී ජනපතිවරයා පවසා සිටියේ මෙවැනි අදහසක් :

+

ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කළ විශේෂ කතාව (18.12.2024)

+

+

+

+


2024 සාමාන්‍ය පෙළ විභාගය පවත්වන දිනයන් ගැන දැනුම්දීමක්

(18.12.2024 – 17:49 +0530 – hirunews.lk/sinhala)

2024 (2025) – අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය පවත්වන දිනයන් පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

ඒ අනුව 2025 මාර්තු මිස 17 වන දින සිට 2025 මාර්තු මස 26 දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක හා විද්‍යුත් තැපෑල ලිපිනයක්ද විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇත.

  • සෘජු දුරකථන අංක : 1911, 011 278 4208, 011 278 4537, 011 278 6616
  • ෆැක්ස් අංකය : 011 278 4422
  • පොදු දුරකථන අංක : 011 278 6200, 011 278 4201, 011 278 5202
  • විද්‍යුත් තැපැල් ලිපිනය : gceolexamsl@gmail.com

සබරගමුව සරසවි සිසුන් රෝහල්ගතවීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් කැඳවයි

(18.12.2024 – 16:11 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම අධ්‍යාපන පීඨයේ දෙවන වසර සිසුන් 07 දෙනෙකු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ඖෂධ හා එන්නත් ලබාගැනීමෙන් අනතුරුව බෙලිහුල්ඔය ප්‍රාදේශීය රෝහලෙන් නැවත ප්‍රතිකාර ලබාගැනීමට යොමු වූ බවට සැලවූ පුවත කෙරෙහි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සේනාරත්නගේ ක්ෂණික අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව, මේ පිළිබඳ දැනුවත් වූ වහාම විශ්වවිද්‍යාල කොමිසමේ සභාපති, සබරගමු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති සහ බලන්ගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීතුමන් වෙතින් අදාළ සරසවි ශිෂ්‍යයන්ගේ තත්වය විමසා බලා, මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මණින් විමර්ශන වාර්තාවක් ලබාදීමට කටයුතු සලස්වන ලෙස අග්‍රාමාත්‍යතුමිය විසින් අදාළ බලධාරීන් වෙත උපදෙස් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර ඉගනුම ලබන සිසුසිසුවියන් 07දෙනෙකු සදහා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා දුන් එන්නත් හේතුවෙන් සිසුවියන් 06 කු සහ එක් සිසුවෙකු හදිසි අසනිප තත්ත්වයකට ලක්ව ඊයේ (17) දා දහවල් බෙලිහුල්ඔය ප්‍රදේශිය රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

විශ්වවිද්‍යාලයේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මාස දෙකක් (2) පමණ කල් ඉකුත් වි ඇති එන්නත් ඊයේ (17) දා දහවල් ලබා දිම හේතුවෙන් මෙම රෝග තත්ත්වය ඇති වි තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කිෂ්ණක නෙරන්ජින් පැවසූවේ මෙවැනි අදහසක්.

“සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිඨයට අදාලව දෙවැනි (2) වසර සහෝදරියන් හය (6) දෙනෙකුට සහ එක් (1) සහෝදරයෙකුට පිට ගැස්මට සදහා ලබා දෙන මාස දෙකක් (2) කල් ඉකුත් වු බෙහෙත් ප්‍රමානයක් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් අද ලබා දිලා ඔවුන්ට හදිසි අසනිප තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ හේතුවෙන් ඔවුන් බෙලිහුල්ඔය රෝහලට සහ බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ ගැටලුකාරි තත්ත්වය තිබෙනවා. මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබෙන ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් මීට පෙර ආචාර්යවරයෙකු සහ සිසුන් දෙදෙනකු (2) ජිවිතක්ෂයට පත් වුනා.”

බෙලිහුල්ඔය ප්‍රදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන සිසු සිසුවියන් බැලිම සදහා සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත පැමිණ ඇති අතර මේ සම්බන්ධයෙන් කළ විමසිමකදී පැවැසුවේ ඇති වි තිබෙන සිද්ධිය සමිබන්ධයෙන් විශ්වවිද්‍යාලය තුළින් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

+

+


කොවිඩ් කාලේ NMRA අනුමැතිය නැතිව ගෙනා රු. මිලියන 2200 ක ඇන්ටිජන් තොගයක් ගැන හෙළිදරව්වක්

(18.12.2024 – 13:48 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වෛරස ව්‍යාප්ති සමයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය නොමැති සමාගමකින්, රුපියල් මිලියන 2200 කට අධික වටිනාකමකින් යුත් ‘රැපිඩ් ඇන්ටිජන් කට්ටල’ මිලදී ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (18) පාර්ලිමේන්තුවට අනාවරණය කළා.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාදී නොමැති ‘දිවැස ෆාමා කලම්බු’ නම් සමාගමකින් ‘රැපිඩ් ඇන්ටිජන් කට්ටල’ මිලියන 2 ක සංඛ්‍යාවක් මිලදීගෙ ඇති බවයි.

එහි දී අදාළ සමාගම එක් ‘ඇන්ටිජන් කට්ටලයක්’ සඳහා රුපියල් 1146 සිට 937 දක්වා මුදලකට මිල දී ගෙන තිබෙන බව අමාත්‍යවරයා පැවසුවා.

මෙම ‘රැපිඩ් ඇන්ටිජන් කට්ටල’ තොගය වෙනුවෙන් වැයකර ඇති මුදල රුපියල් මිලියන 2200 ක් බව සඳහන් කළ අමාත්‍යවරයා පැවසුවේ, අදාළ සමාගම 2021 ජුනි 01 වැනි දා අදාළ සමාගම ලියාපදිංචියට අවසර ඉල්ලා තිබුණත් ඒ සඳහා වන සුදුසුකම් සපුරා නැති හෙයින් එය ලියාපදිංචි කර නොමැති සමාගමක් බවයි.

ඒ අනුව මෙම අයථා ක්‍රියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමත්‍යංශය මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බව ද ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් පැවසුවා.

කෙසේ නමුත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට අනාවරණය කළේ, අදාළ කාල වකවානුවේ දී රුපියල් මිලියන 6442 ක් වැයකරමින් PCR සහ ‘රැපිඩ් ඇන්ටිජන් කට්ටල’ මෙරටට ආනයනය කර ඇති බවයි.

+


මහා පරිමාණ විදෙස් රැකියා ජාවාරමක්

(18.12.2024 – 07:47 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කර විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මූල්‍ය වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, සිය කාර්යාංශයේ උසස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් වට්ස්ඇප් සබැඳි නිර්මාණය කර ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මෙම මූල්‍ය ජාවාරම සිදුකෙරෙන බවයි.

කාර්යාංශයේ නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ඡායාරූප අවභාවිත කරමින් මෙම මූල්‍ය වංචාවල නිරත වන බවට මේ වන විට පැමිණිලි කිහිපයක් ද ලැබී තිබේ.

ඒ අනුව මෙවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙවැනි වංචනික කටයුතු පිළිබඳ තොරතුරු කාර්යාංශයේ 1989 කෙටි දුරකථන අංකයට හෝ 071 759 3593 යන වට්ස්ඇප් අංකයට ලබා දෙන ලෙස ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය ෴


ජනාධිපති අරමුදලට කට්ටිය සුද්දෙ දාපු හැටි | තවත් කට්ටියකට වැඩ වරදින්න නියමිතයි | සංජය මහවත්ත හෙළිකරයි (18.12.2024)

+


සාසනය වනසන තෙක් බලාසිටින මාලිමා පොලීසිය (18.12.2024)

+

බුද්ධ ශාසන ඇමති හා මහනායක හිමිවරු මේ සදහා මැදිහත් වෙන්න ඕන (18.12.2024)

+

+


නාමල් රාජපක්ෂගේ නීති උපාධිය ප්‍රශ්න කළ තුෂාරට වෙච්චි දේ | මුල්වරට විශේෂ කරුණක් හෙළිකරයි (18.12.2024)

+

නාමල්ගේ පෙරකදොරු පට්ටම ගැලවෙන සීන් එකේ අලුත්ම වීඩියෝව – මම සාක්කි දෙන්න ලංකාවට එනවා (18.12.2024)

+

18-12-2024

+


කොළඹ කඩ ගොඩක් පාරිභෝගික අධිකාරියේ පරික්ෂාවට

(18.12.2024 – 21:58 +0530 – hirunews.lk/sinhala)

මිනිස් පරිභෝජනයට නුසුදුසු පලතුරු, මස් ඇතුළු විවිධ ආහාර ගබඩා කර තිබූ කොළඹ නගරයේ ප්‍රදේශ රැසක වෙළෙඳසැල් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ පරික්ෂාවට ලක් කෙරුණා.

එහිදී පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග විනාශ කිරීමටත් අදාළ වෙළෙඳසැල් හිමියන්ට අවවාද කිරීමටත් ඔවුන් කටයුතු කළා.

උත්සව සමයේ තෑගි බෝග ඇතුළු නිවෙස්වලට අවශ්‍ය දෑ මිලදී ගැනීම සඳහා ජනතාව වැඩි වශයෙන් මේ දිනවල සාප්පු සවාරියේ නිරත වනු දැක ගත හැකියි.

එහිදී ඔවුන් මහා මාර්ගය දෙපස තිබෙන වෙළෙඳසැල්වලින් ආහාර පාන ලබා ගැනීම සුලබ දසුනක්.

නමුත් කූඨ වෙළෙඳුන් පරිභෝජනයට නුසුදුසු ආහාර ජනතාවට අලෙවි කිරීමට මෙම තත්ත්වය යොදා ගන්නවා.

එවන් පසුබිමක කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය පරීක්ෂකවරුන් එලෙස පරිභෝජනයට නුසුදුසු ආහාර කූඨ ලෙස අලෙවි කරන වෙළෙඳුන් සොයා කොළඹ ප්‍රදේශ කිහිපයක වැටලීම් ක්‍රියාත්මක කළා.

එහදී පරිභෝජනයට නුසුදුසු පලතුරු, රස කැවිලි ඇතුළු විවිධ ආහාර වර්ග අලෙවි කිරීම සඳහා තබා තිබූ වෙළෙඳුන්ට අවවාද කිරීම සහ අදාළ ආහාර වර්ග විනාශ කිරීමද සිදු කෙරුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *