‘ජනපති අරමුදලෙන්’ කෝටි ගණනින් මුදල් ගත් හිටපු මැති ඇමතිවරු මෙන්න

‘ජනපති අරමුදලෙන්’ කෝටි ගණනින් මුදල් ගත් හිටපු මැති ඇමතිවරු මෙන්න


‘ජනපති අරමුදලෙන්’ කෝටි ගණනින් මුදල් ගත් හිටපු මැති ඇමතිවරු මෙන්න

(17.12.2024 – 18:13 +0530 – hirunews.lk/sinhala)

2005 -2024 කාලය තුළ ‘ජනාධිපති අරමුදලෙන්’ වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු පිළිබඳව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් ඔහු සඳහන් කළේ මෙවැනි අදහසක් :

“මේ රටේ දරුවන්ටත් උදව් කරන්න පුළුවන් විදිහට අරමුදලක් තිබෙනවා 1978 අංක හත (7) දරණ ජනාධිපතිවරයාගේ අරමුදල් පනත. මේ පනත 1978 නොවැම්බර් මාසයේ සම්මත කරනකොට බොහොම පැහැදිලිව කියලා තියෙනවා උදව් කළ යුතු කොටස් කිහිපයක්.

අරමුදලට අයත් මුදල් මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන ආකාරයට,

1 දරිද්‍රතාවයට සහන සැලසීම සඳහා
2 අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම සඳහා
3 ආගම නංවාලීම සඳහා
4 ජාතිය වෙනුවෙන් සේවයක් කර ඇති තැනැත්තන්ට ප්‍රදානයක් කිරීම සඳහා
5 ජනාධිපති හෝ ඇමති මණ්ඩලය තීරණය කරන ආකාරයට සුබසිද්ධිය හෝ යහපත සැලසීම සඳහා

ප්‍රධාන වශයෙන්ම දුප්පත්කම තුරන්කර සහන සලසන්න, අධ්‍යාපනයට, ආගම ඒ වගේම ජාතිය වෙනුවෙන් සේවය කළ අයට තමයි මේ ජනාධිපති අරමුදලෙන් මේ සහන සපයන්න පුළුවන්. මේ මගේ ළඟ තිබෙන්නේ දෙදාස් පහ (2005), දෙදාස් විසිහතර (2024), ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු. මට මේ තිබෙන වෙලාව අනුව .. ගොඩක් වෙලා කියවන්නේ නැති නිසා .. ඔබතුමන්ලා තෝරන්න මේ කොයි ‘කැටගරි’ එකෙන්ද දීලා ඇත්තේ කියලා. මම කියන්නම් නම් ටිකක්. මේකෙන් මේ ජනාධිපති අරමුදලෙන් ආධාර ලබාගත්ත කට්ටිය. දැන් අපේ ගම්වල හෘද සැත්කමක් හරි, පිළිකා රෝගයකට හරි, මොකක් හරි දේකට මේ ජනාධිපති අරමුදලෙන් ආධාර ගන්න ගියහම, කොච්චර දීලා තියෙනවද? ඒක කොච්චර දුෂ්කරද කියලා ඔබතුමන්ලා, ආණ්ඩුවේ හිටියත්, විපක්ෂයේ හිටියත්, මන්ත්‍රීවරු හැටියට දන්නවා.

මෙන්න මෙහෙමයි නම් ටික :

  • පී. හැරිසන්
  • පියසේන ගමගේ
  • සුමේධා ජයසේන
  • මනෝජ් සිරිසේන
  • පී. දයාරත්න
  • එස්.සී. මුතුකුමාරණ
  • වාසුදේව නානායක්කාර
  • සරත් අමුණුගම
  • එස්.බී. නාවින්න

මේ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත්ත අයගේ නම් වලින් කොටසක්.

මේ අයගේ නම් නම කෙලින්ම තියෙනවා. තව නම් තියෙනවා හොයාගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ.

එක්කෙනෙක් ජේ.පී.ඩී.පී.කේ. ජයසේකර එතන තියෙන්නේ ‘ෆෝමර් එම්.පී. කුරුණෑගල දිස්ත්‍රික්’. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආපු ජේ.පී.ඩී.පී.කේ. ජයසේකර කවුද? අපි දන්න ජයසේකර එක්කෙනයි ඉන්නේ. කවුද? ජේ.පී. දයාසිරි පද්මකුමාර ජයසේකර වෙන්න ඕනේ. හැබැයි මේකේ තියෙන්නේ ජේ.පී.ඩී.පී.කේ. ජයසේකර.

කළුතර දිස්ත්‍රික්කයේ එච්.එම්.පී.එන්.ඩී. සිල්වා. මෙහෙම නමක් ඡන්ද ව්‍යාපාරයේ තිබුනෙ නැහැ. හැබැයි ‘පියල් නිශාන්ත ද සිල්වා’ තිබ්බා. ඒ එයා තමයි මේ ‘පියල් නිශාන්ත ද සිල්වා’.

ඊළඟට එස්.ඒ.ඩී.එස්. ප්‍රේමජයන්ත. ලිපිනයේ තියෙන්නේ නුගේගොඩ. කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ප්‍රේමජයන්ත කවුද? සුසිල් ප්‍රේමජයන්ත.

මේ නම ටිකක් හොයාගන්න අමාරු වුණා. මේක තියෙන්නේ මෙහෙමයි. ඊ.ඒ.අයි.ඩී. පෙරේරා. බස්නාහිර පළාත් සභාවේ හිටපු මහ ඇමති – මම හිතනවා කාටත් මතක නැතුව ඇති කියලා – ඉසුර දේවප්‍රිය ධර්මසේන පෙරේරා.

තව කට්ටියක් ඉන්නවා. (රුපියල් වලින්)

එස්.ඒ. ජගත් කුමාර – ලක්ෂ 10 යි
කේ.පී.එස්. කුමාරසිරි – 953,430 යි
ජයලත් ජයවර්ධන – ලක්ෂ 10 යි

නාමල් ගුණවර්ධන – ලක්ෂ 10 යි
ධර්මදාස බණ්ඩා – ලක්ෂ 10 යි
විදුර වික්‍රමනායක – ලක්ෂ 15 යි

විමලවීර දිසානායක – ලක්ෂ 30 යි
ලකී ජයවර්ධන – ලක්ෂ 16.2 යි
පී. චන්ද්‍රසේකරන් – ලක්ෂ 14 යි

ජෝන් අමරතුංග – 2014 දී අරන් තියෙනවා ලක්ෂ 40 යි
ජෝසප් මයිකල් පෙරේරා – ලක්ෂ 27 යි
ටී.බී. ඒකනායක – ලක්ෂ 48 යි

ඩබ්ලිව්.එම්.එස්. ෆොන්සේකා – ලක්ෂ 55 යි (සරත් ෆොන්සේකා නොවෙයි)
නීතිඥ ජයන්ත වීරසිංහ – ලක්ෂ 90 යි
ඇලික් අලුවිහාරේ – ලක්ෂ 22 යි

රංජිත් අලුවිහාරේ – ලක්ෂ 8.6 යි
රාජිත සේනාරත්න – ලක්ෂ 100 යි
කෙහෙළිය රඹුක්වැල්ල – ලක්ෂ 110 යි

එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන – ලක්ෂ 112 යි
රංජිත් සොයිසා – ලක්ෂ 188 යි
දි.මු. ජයරත්න – ලක්ෂ 300 යි

+

+


බැසිල් හොරෙක් – ගෝඨා මිනීමරුවෙක් – මුන් නටනකන් මහින්ද බලන් හිටියා – මර්වින් සිල්වා (17.12.2024)

+


ආවේ විශ්වවිද්‍යාලයක් හදන්න – දැන් හොරු රැළක් ඉන්නේ – ආචාර්ය කියලා මුලින්ම කියපු තැන දොළවත්ත හෙළිකරයි (17.12.2024)

+


බොරු කී මන්ත්‍රීවරුන්ට ලොකු නඩුවක් – දඬුවම ගැන මධුර හෙළිකරයි – අපි කළින්ම කිව්වා මේවා කරන්න බෑ කියලා (17.12.2024)

+


ආශු මාරසිංහ අලුත් වැඩකට අත ගහයි | පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ටියුෂන් එකක් | මෙන්න ආශුගේ පළමු පාඩම (17.12.2024)

+


ජාතික සංවිධාන එකමුතුවෙන් ආන්දෝලනාත්මක හෙළිදරුවක – ජනපතිතුමනි පරිස්සමින් මේ එන්නේ හොදකට නෙමේ… (12.12.2024)

+


අනුර ඉන්දියාවේදී මෝදීට දනනමයි – අත්සන් කරපු බිහිසුනු ගිවිසුම ගැන වසන්ත මුදලිගේ හෙලිකරයි (17.12.2024)

+


රනිල් වගේම අනුරත් රට විකුණයි ද? (18.12.2024)

+


“ජනාධිපතිතුමනි බුද්ධගයාව වැඳගෙන එන්න… රටේ ස්වෛරීත්වය අත්හරින්න එපා” (17.12.2024)

+

මේ ආණ්ඩුව තාම වරද්දගෙන නෑ (17.12.2024)

+

ඉන්දියාවේ අගමැතිතුමනි අපේ රටේ ස්වෛරිත්වයට අත ගහන්න එපා (17.12.2024)

+


18.12.2024

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • About MPs and Ministers that fraudulently taken money from the Presidential Fund. I can only say to you lot and the Presidents that allowed this massive thieving campaign, in order for them to stay in power, what these Presidents have been doing was a massive scale bribery campaign …. bribing those that had the capability to vote in or vote out the crooked Presidents. The ones hat had taken money out at this scale, they are nothing but “white collar rogues”; selfish, ladelling themselves out of this fund, the purpose of which was to support the poor and the sick, religious establishment that had no income; they have raped the fund for personal gain, personal benefit, without giving the slightest thought and sympathy for the poor in the country. You lot, the only place that you deserve is hell: that is because we do not have the capability to take these vultures to court. But I hope that the new government will investigate and bring to justice these so called MPs and Ministers that represented themselves and not the people that they have deceived.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *