අල්ලස් කොමිසමේ ඉල්ලීමකට අනුව පිරිසකගේ බැංකු ගිණුම් තහනම්
(16.12.2024 – 13:21 +0530 – hirunews.lk/sinhala)
‘අල්ලස් කොමිසම’ විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ’ ලිපිකරුවෙකු සහ ඔහුගේ බිරිඳට අයත් බද්ධ බැංකු ගිණුමක් මාස තුනක (3) කාලයක් සඳහා අත්හිටුවන ලෙස කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කළා.
අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව එහි කාර්යාල කාර්ය සහායකයෙකු සහ ඔහුගේ බිරිඳට අයත් බැංකු ගිණුමක් සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බවයි.
ඒ අනුව අල්ලස් පනතේ විධිවිධාන ප්‍රකාරව අදාල බැංකු ගිණුම මාස තුනක (3) කාලයක් සඳහා එහි ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් මාස තුනක (3) කාලයක් සඳහා නිකුත් කරන ලෙසත් එම කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබුණා.
එම ඉල්ලීම පිළිගත් මහාධිකරණය අදාල බැංකු ගිණුම මාස තුනක (3) කාලයක් අත් හිටුවමින් නියෝගයක් නිකුත් කලා.
ඊට අමතරව මෙම සිද්ධියට අදාළව තවත් ව්‍යාපාරිකයෙකුගේ බැංකු ගිනුම් දෙකක් (2) ද අත් හිටුවන ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය විසින් තවත් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා ෴
ජනපතිගේ කතාව බොදුබලේ හිමි අනුමත කරයි. ඇඟ කිලිපොලායන හෙළිදරවුවක් මං ගෙනාවේ – බොදුබල හිමි කියයි (16.12.2024)
+
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීති උපාධියටත් ප්‍රශ්නයක්?
(16.12.2024 – 16:34 +0530 – hirunews.lk/sinhala)
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 2010 වසරේ නීති උපාධිය ලබා ගැනීමේදී වංචනිකව විභාග සඳහා පෙනී සිටීම පිළිබඳව පැමිණිලි කළ නීති ශිෂ්‍යයාට තර්ජනය කර වංචනිකව නීති උපාධිය ලබා ගැනීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා අද (16) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වුණා.
මෙලෙස පැමිණිල්ලක් සිදුකරනු ලැබුවේ අල්ලස දූෂණ නාස්තියට එරෙහි ‘පුරවැසි බලය සංවිධානයේ’ සභාපති ජාමුණි කමන්ත තුෂාර විසින්.
පැමිණිල්ල සිදු කිරීමට පැමිණි අවස්ථාවේ සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, නාමල් රාජපක්ෂගේ නීති විභාගය පිළිබඳව පැමිණිලි කිරීමට ගිය ශිෂ්‍යයෙකුට දිගින් දිගටම තර්ජන ගර්ජන සිදුව ඇති බවත් මේවන විට එම ශිෂ්‍යයා විදෙස්ගතව සිටින බවත් මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා තමන් පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් ය ෴
+
+
නාමල් රාජපක්ෂගේ නීති විභාග වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට කල වාචික පැමිණිල්ල (16.12.2024)
I’m D.M. Thushara Jayarathna and I studied at Ananda Sastralaya, Kotte. I’m working as an Investigative Web Journalist For my higher studies, I joined Sabaragamuwa University, Management Faculty as a management student, and after that, I joined Sri Lanka Law College as a Law student. I won the Gold medal addressing the Juri competition and as well as I was the Captain of the Law College Debating Team.
I’m the one who made the complaint against Mr. Namal Rajapaksha, son of former president Mr. Mahinda Rajapaksha regarding cheating in the Law College Examination. After that incident, I faced political problems and life threats. Due to this reason, In the year 2012, I left my country and currently, I’m living in Switzerland.
I dedicated my life to establishing Democracy and the Rule of Law.
+
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නව සභාපති, රත්න ශ්‍රී විජේසිංහ වැඩ භාරගනී
(16.12.2024 – 18:01 +0530 – hirunews.lk/sinhala)
‘ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ’ නව සභාපතිවරයා ලෙස ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ පත්කර තිබෙනවා.
ඒ අනූව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ 20 වැනි සභාපතිවරයා ලෙසයි ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ වැඩ භාරගෙන තිබෙන්නේ.
මේ අතර එහි පත්කර තිබෙන නව අධ්යක්ෂ මණ්ඩල සමාජිකයන් ගණන 06 ක්.
සුනේත්‍රා රාජකරුණානායක, අබ්දුල් රසාක් අබ්දුල් කරීම්, සිවසාමි රාජසිංහම්, ආචාර්ය වසන්තා සුබසිංහ, ආචාර්ය ආනන්ද තිස්ස හා පී. හේමචන්ද්‍ර යන අයයි අධ්යක්ෂ මණ්ඩල සමාජිකයන් ලෙස පත්කර ඇත්තේ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් ඔවුන්ගේ පත්වීම් ලිපි භාරදුන්නා.
ඒ අමාත්‍යංශ පරිශ්‍රයේදී අද (16) පෙරවරුවේ පැවති උත්සවයකදීයි.
අනතුරුව නව සභාපතිවරයා සහ අධ්යක්ෂ මණ්ඩල සමාජිකයන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා පරිශ්‍රයේදී සිය රාජකාරි කටයුතු අරම්භ කර තිබෙනවා.
+
+
මේක ලොකු අවුලක්!!! ජනපති හෙට ඉන්දියා යන්නේ ඇයි??? නාගානන්ද ගෙන් ආන්දෝලනයක්… (14.12.2024)
+
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා ඇප මත මුදා හරී
(16.12.2024 – 16:11 +0530 – hirunews.lk/sinhala)
යාපනය ශික්ෂණ රෝහලට පැමිණ එහි අධ්‍යක්ෂකවරයාට සහ නිළධාරීන්ට බැන තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ ‘පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා’ සහ ඔහු සමග සිටි කාන්තාවක ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ සිද්ධියට අදාළ නඩුව අද (16) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා දැඩි ලෙස අවවාද කොට මුදාහළ බවයි ‘හිරු වාර්තාකරු’ සදහන් කළේ.
තමන්ට බැන තර්ජනය කළ බවට පවසමින් යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති විසින් පසුගියදා යාපනය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා සම්බන්ධයෙන් පසුගිය දිනවල සංවාදයට බදුන් වූයේ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක අසුනේ අසුන් ගැනීම හේතුවෙන් ෴
ජනපති, ඉන්දීය අගමැති ඉදිරියේ කළ හඬ පැහැදිලි කතාව. මෝදිත් කතාකරයි (16.12.2024)
+
අභියෝගවලට අභියෝග කරන පුංචි කොන්දොස්තරවරියගේ කතාව
(16.12.2024 – 13:47 +0530 – hirunews.lk/sinhala)
ජීවන අරගලයට මුහුණදීම සඳහා වෙනස්ම රැකියාවක් තෝරාගත් 22 හැවිරිදි තරුණියක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා.
ඒ, රත්ගම මොන්රෝවියා වත්තේ පදිංචි 22 හැවිරිදි අශිකලා මධුවන්ති පිළිබඳවයි.
ඇය රැකියාව වශයෙන් තෝරා ගෙන ඇත්තේ, ‘බස් කොන්දොස්තර’ වෘත්තියයි.
උසස් පෙළ හදාරා මේවන විට බූස්ස වෘත්තීය පුහුණු ආයතනයේ මෝටර් කාර්මික ශිල්පය ද හදාරන අශිකලා සිය පවුලේ සහ අධ්‍යාපන කටයුතු සදහා වැයවන මුදල සොයා ගන්නේ බස් කොන්දොස්තොර වෘත්තිය හරහායි.
ගාල්ල සිට අම්බලන්ගොඩට ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරියක ලෙස රැකියාව කරන ඇයගේ අදහස දිනක ඇයගේම බස් රථයක් මිලදී ගැනීමයි.
+
දඹුල්ල ප්‍රදේශයේ අද (16) උදෑසන සිදු වූ මෝටර් රථ අනතුර
(16.12.2024 – 11:12 +0530 – hirunews.lk/sinhala)
හෙට්ටිපොළ – දඹුල්ල මාර්ගයේ වැල්ලවල ප්‍රදේශයේදී මෝටර් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව අද (16) උදෑසන අනතුරට ලක්ව තිබෙනවා.
මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පෙරලී බෝක්කුවක පිහිටි යකඩ බටයක රැදී නතරවී තිබෙනවා.
එම අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු රෝහල්ගත කර තිබුණා.
+
+
+
රූපලාවණ්‍යගාර සත්කාරයෙන් කාන්තාවකගේ කෙස් ගැලවී හිස තුවාල වෙලා : අධිකරණයෙන් පොලිසියට නියෝගයක්
(16.12.2024 – 19:54 +0530 – hirunews.lk/sinhala)
වැලිකඩ ප්‍රදේශයේ රූපලාවණ්‍ය ආයතනයකින් සේවාව ලබාගත් කාන්තාවකගේ හිසට ගල්වන ලද ප්‍රතිකාර වලින් අනතුරුව ඇගේ හිස කෙස් ගැලවී හිසට තුවාල සිදුව ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ‘කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්’ මංජුල රත්නායක වැලිකඩ පොලිසියට අද (16) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී ‘වැලිකඩ පොලිසිය’ දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.
එම ප්‍රදේශයේ කාන්තාවක් වැලිකඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුවයි එම විමර්ශන ආරම්භ කර තිබෙන්නේ.
පැමිණිලිකාර කාන්තාව සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පොලීසිය වෙත පවසා ඇත්තේ ඇය වැලිකඩ ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍ය ආයතනයකින් මීට පෙරද ප්‍රතිකාර ලබාගත් බවත් පසුගිය දිනක නැවත එහි ගොස් හිසට ප්‍රතිකාරයක් ලබා ගැනීමෙන් අනතුරුව හිසකෙස් ගැලවී තුවාල සිදුවූ බවයි.
මෙම සිද්ධියට අදාළව පැමිණිලිකාරියගේ වෛද්‍ය වාර්තාවක් ඉල්ලා ඇති නමුත් මෙතෙක් එය ලැබී නොමැති බවත් අදාළ වාර්තාව ලැබීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴