මුරකරු ඝාතනය කර නුවරඑළිය ලංගම ඩිපෝවේ රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකති

මුරකරු ඝාතනය කර නුවරඑළිය ලංගම ඩිපෝවේ රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකති


මුරකරු ඝාතනය කර නුවරඑළිය ලංගම ඩිපෝවේ රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකති

(06.12.2024 – 11:11 +0530 – hirunews.lk/sinhala)

නුවරඑලිය ලංගම ඩිපෝවේ සේවය කල මුරකරුවෙකු තියුණු අයුධයකින් පහර දී ඝාතනය කර ඩිපෝව තුළ තිබූ රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක බවයි නුවරඑළිය පොලිසිය සදහන් කළේ.

ඩිපෝවේ මුරකරුවෙකු වශයෙන් සේවය කල 85 හැවිරිදි අයෙකුයි මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ.

ඔහු නුවරඑලිය ගල්පාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

+


සමාජ මාධ්‍ය මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අවුරුදු 22 ක තරුණයෙකු අත්අඩංගුවට

(06.12.2024 – 11:28 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් වංචා කළ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දිගන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 ක තරුණයෙක්.

මෙම තරුණයා අන්තර් ජාලය ඔස්සේ මුදල් උපයාගත හැකි බවට පවසා සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වූ පුද්ගලයෙකු රවටා ලක්ෂ 05 කට අධික මුදලක් ගිණුම් ගත කරවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වංචාවට හසු වූ පුද්ගලයා පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වෙත සිදුකරන ලද පැමිණිල්ලක් මතයි මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ.

පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


ක්‍රිෂ් ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

(06.12.2024 – 11:03 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුවේ ඉදිකිරීම් අතහැර දමා ඇති මහල් 60 යුත් The One Trans works, (ක්‍රිෂ්) ගොඩනැගිල්ල මහජන පීඩාවක් සිදු නොවන ලෙස කඩා වැටෙන අනතුරුදායක කොටස් සති දෙකක් (2) තුළ ඉවත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය එම සමාගමේ අධයක්ෂ මණ්ඩලයට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරමින් මේ බව කියා සිටි මහේස්ත්‍රාත්වරිය කිසිදු ද්‍රව්‍යයක් පහලට නොවැටෙන අයුරින් සහ මහජන ඵීඩාවක් නොවන අයුරින් එම ගොඩනැගිල්ල පවත්වාගෙන යා යුතු වන බවත් පහතට වැටෙන සහ වැටිය හැකි අබලි දිරා ගිය ද්‍රව්‍ය ඇත්නම් එම ද්‍රව්‍ය ඉවත් කරන ලෙසයි.

යම් දේපලක් පහතට වැටිමෙන් මහජනතාව පීඩාවට පත්විය හැකි තතත්වයක් තිබේනම් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් යොදන ලෙසත් මේ කොන්දේසි සහිත ආඥාව නිකුත් කරමින් එම සමාගමේ අධයක්ෂ මණ්ඩලයට මහේස්ත්‍රාත්වරිය දන්වා සිටියා.

එහිදී එම සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියේ දින 55 තුළ එම කොටස් ඉවත් කරලීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති බවත් පසුගිය 02 දා සිට 10 දක්වා මහාමාර්ගයේ ගමන් ගන්නා අයවලුන්ට අවම පීඩාවක් වන පරිදි රාත්‍රි කාලයේ එම කොටස් ගලවා ඉවත් කරන බවත් නීතිඥ මඩුල්ල කරුණු දක්වමින් පවසා සිටියා.

එම සමාගම වෙනුවෙන් නිතිඥ හෂිනි ඈපා ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියේ ඒ සම්බන්ධයෙන් දැනටමත් කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම මහපාරට මුහුණ ලා ඇති කොටස ආවරණය වන පරිදි දැලක් දමා ඇතැයිද නීතිඥ මඩුල්ල ඡායාරූප ඉදිරිපත් කරමින් පවසා සිටියා.

එම සමාගමේ පරිපාලන නිලධාරිනිය ඇතුළු පිරිසක් නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනි සිටියා.

එම ගොඩනැගිල්ල අනාරක්ෂිත බවට කොටුව පොලීසිය අධිකරණයට කළ කරුණු දැක්වීමට අනුව නඩුව කැඳවූ අතර එහිදී ප්‍රශ්නගත එම සමාගමේ ගොඩනැගිල්ල හේතුවෙන් විශාල මහජන පීඩාවක් සිදු වන බවත් දින 55 වැනි කාලයක් මේ සදහා යොදා ගැනීම නුසුදුසු බැවින් අවම කාලයකින් එම කටයුතු අවසන් කිරීමට කටයුතු කරන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න අධිකරණයට දන්වා සිටියා.

එමෙන්ම මෙම කටයුතු අධීක්ෂණය සදහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මැදිහත් වීම යොමු කරන ලෙස අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමටද අවසර ලැබී තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් මස 06 වනදා එම ස්ථානයට ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් මතට එම ගොඩනැගිල්ලේ යකඩ කොටසක් කඩා වැටුණු බවත් පසුගිය 08 වනදා රාත්‍රියේ ද එහි තිබූ යකඩ කොටසක් කඩා වුටුණු බවත් හිල්ටන් හෝටලය වෙතටද කොටසක් කඩා වැටූණු බවත් එම අවස්ථාවේ කාර්යාල සේවකයින් මෙන්ම රථ වාහනද එම ස්ථානයෙන් ගමන් ගත් බවත් පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට දන්වා ඇති බව සඳහන් ෴


‘ලොකු පැටී’ තවමත් බෙලරූස් රාජ්‍යයේ අත්අඩංගුවේ

(05.12.2024 – 19:56 +0530 – sinhala.adaderana.lk)

‘සුජීව රුවන් කුමාර’ නොහොත් ‘ලොකු පැටී’ තවමත් බෙලරූස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන බව නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග මහතා පැවසීය.

අභිනව තනතුරේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අද (05) කන්තලේ දී පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.

‘ලොකු පැටී’ නොහොත් ‘සුජීව රුවන් කුමාර’ නැමැත්තා එම බෙලාරූස් බලධාරීන් විසින් නිදහස් කර ඇති බවත් එය සමරමින් නොයෙකුත් සාද පවත්වා ඇති බවත් පසුගියදා වාර්තා විය.

“මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව බෙලරූස්හි ජාත්‍යන්තර පොලිස් ඒකකය හරහා විමසීමක් සිදුකිරීමෙන් පසුව ඔවුන් විසින් ඊයේ (04) දිනයේදී අප වෙත දන්වා තිබෙනවා එම සැකකරු තවදුරටත් අත්අඩංගුවේ සිටින බවටත්, ඔහු කිසිසේත්ම නිදහස් කිරීමක් සිදුකර නොමැති බවට. ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා උදර්පන නීතිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට අවශ්‍යකරන ක්‍රියාමාර්ග ගෙන අවසන්” ෴


ප්‍රමිතියෙන් තොර ජල බෝතල් නිෂ්පාදනය කෙරූ ආයතනයක් වටලයි

(06.12.2024 – 16:03 +0530 – sinhala.adaderana.lk)

තොරතුරු වෙනස් කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් පානීය ජල බෝතල් නිෂ්පාදනය කළ ආයතනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.

ලද පැමිණිල්ලකට අනුව එම අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් මාවනැල්ල හෙන්මාතගම ප්‍රදේශයේදී අදාළ වැටලීම සිදුකර තිබේ.

එහිදී සෞඛ්‍ය අමාත්‍යංශය ලබාගත් ලියාපදිංචි සහතිකය කල් ඉකුත්ව තිබියදී එම තොරතුරු ව්‍යාජ ලෙස යොදා ගනිමින් අදාළ පානීය ජල බෝතල් නිෂ්පාදනය කර ඇති බව හෙළිව තිබේ.

මෙහිදී නිෂ්පාදනය කර බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ මිලිලීටර් 500 ජල බෝතල් 1,904 ක්, ලීටරයේ ජල බෝතල් 484 ක්, ලීටර් එකහමාර (1½) ජල බෝතල් 576 ක් හා ලීටර් 19 ජල බෝතල් 34 ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ පනතට අනුව තමන්ට නොමැති ප්‍රමිතියක් හෝ අනුග්‍රාහකත්වයක් ඇති බවට ව්‍යාජ ලෙස හුවා දැක්වීම වරදක් වන බැවින් අදාළ ව්‍යාපාරික ආයතනයට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බවය ෴


වයස අවුරුදු 14 ක දැරියක් ඝාතනය කර සිරුර වැසිකිළි වළකට දමලා

(06.12.2024 – 11:26 +0530 – sinhala.adaderana.lk)

වයස අවුරුදු 14 ක දැරියක් ඝාතනය කර සිරුර ඉදිකරමින් තිබෙන වැසිකිළි වලකට දමා තිබියදී සොයාගත් බව පොලීසිය පවසයි.

ගම්පහ, අකරවිට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඊයේ (5) රාත්‍රියේ වයස අවුරුදු 14 ක් වන තම දියණිය දෙසැම්බර් 02 වනදා සිට අතුරුදන්ව ඇති බවට ගම්පහ පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම ඝාතනයේ සුලමුල සොයාගැනීමට පොලීසියට හැකිව ඇත.

දැරියගේ මව විසින් මෙම ඝාතනයට තම දෙවන සැමියා සැකකරන බවට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අනාවරණය කරගත් තොරතුරු අනුව පැමිණිලිකාරියගේ දෙවන සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව දැරිය ඝාතනය කර සිරුර ඉදිකරමින් පවතින නිවසේ පිටුපස වැසිකිළිවලට දමා සැකකරු විසින් කොන්ක්‍රීට් ලෑල්ලකින් වසා ඇති බව හෙළි වී තිබේ.

සිද්ධිය වූ ස්ථානයේ මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර, ගම්පහ මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

+

+


දිලිත් මංගල කතාවේදීම ආණ්ඩුවේ පලු අරී – ආයතන 80 ක් ජනාධිපති යටතේ…”කොහොමද නිදහසේ හිතන්නේ” (06.12.2024)

+


“අනුර සහෝදරයා… ඔබ පොරොන්දු වූ පුනරුදයද මේ?” ලාල්කාන්තගේ කතාවෙන් පරිසර සංවිධාන රත්වෙයි… (06.12.2024)

+


රෙදිගැලවෙන කථා ගොඩක් එක්ක නාමල් කුමාර පොලිස්මුලස්ථානයට (06.12.2024)

+


ලොහාන් රත්වත්තේ යළි අත්අඩංගුවට

(06.12.2024 – lankadeepa.lk)

බීමතින් ජීප් රථයක් පදවා කොල්ලුපිටිය හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක හප්පා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (06) කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ලොහාන් රත්වත්තේ ඥාතී නිවසකට ගොස් නැවත කොටුව බලා ජීප් රථයෙන් ගමන් කිරීමේදී කොල්ලුපිටිය හන්දිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා කොට කලිසමක් ඇඳ සිටි බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

කොල්ලුපිටිය පොලිසියට ලද පැමිණිල්ලක් මත පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම අවස්ථාවට ගොස් සිදුකළ විමර්ශන වලදී ලොහාන් රත්වත්තේ බීමතින් සිට ඇති බව අනාවරණය වී ඇත.

ඒ අනුව ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගත් බවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවත් පොලිසිය පවසයි.

කොළඹ දකුණ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරිය බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.සී. දුෂ්මන්ත මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති ෴


ලෝකයේ සුපිරිම ධනපතියන් 12 න් 8 දෙනෙක්ම IT වලින් ආපු අය – මම මෘදුකාංග ඉංජිනේරුවන් ඍජුවම බිහිකරන කෙනෙක් (03.12.2024)

+


අනුරාධපුරෙත් නිධන් හාරයි ද? (07.12.2024)

+


2024 වසරේ මුල් මාස 10 දී ලාදුරු රෝගීන් 1,084 දෙනෙකු වාර්තා වෙයි

(07.12.2024 – 10:32 +0530 – hirunews.lk/sinhala)

2024 වසරේ මුල් මාස 10 දී ලාදුරු රෝගීන් 1,084 දෙනෙකු වාර්තා වී ඇති බව ‘ලාදුරු මර්දන ව්‍යාපාරය’ ප්‍රකාශ කළා.

එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත සදහන් කළේ, ඔවුන්ගෙන් සියයට 68 ක්ම ලාදුරු රෝගය තවත් අයෙකුට බෝ කළ හැකි බවයි.

ලාදුරු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වූ 115 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 113 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

2023 වසරේදී මෙරටින් ලාදුරු රෝගීන් 1500 දෙනෙකු පමණ වාර්තා වූ බවද ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත තවදුරටත් කියා සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ the robbery at Langama Depot. Managers that employ old, week and feeble people as guards need their heads examining. They keep the money in the premises overnight and put the weakest link in the security system as a guard. They employ such people to save money in wages. If not, they may be a party to the robbery by placing a weak link so that blame could be elsewhere while profiting from the robbery themselves. Either way these managers in general that are negligent in their management skills and lack of foresight are as bad as the criminals that commit these crimes.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *