දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අද (21) යි

දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අද (21) යි


දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අද (21) යි

(21.11.2024 – 07:10 +0530 – hirunews.lk/sinhala)

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට නියමිතයි.

ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී ඊයේ (20) පැවැත්වුණා.

අද (21) පෙරවරු 09:55 ට ගණපූර්ණ සීනුව නාදකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පෙ.ව. 10:00 ට රැස්වීමට නියමිත අතර සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වේලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව සඳහන් කළේ.

පළමුව කථානායකවරයා තෝරා ගැනීම සිදුවෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4, 5 සහ 6 හි විධි විධාන ප්‍රකාරව අනුපිළිවෙලින් කථානායකවරයා තෝරා පත්තර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කර ගැනීම සිදු කරන බවද සඳහන්.

පළමු දිනයේදී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමිවීම විශේෂත්වයක්.

මෙම මුලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33 ව්‍යවස්ථාවල විධිවිධාන ප්‍රකාරව පෙරවරු 11:30 ට ජනාධිපති අනුර කුමාර දිසානායක සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බවත් ඒ අනුව ජය මංගල ගාථා, ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී කුෂාන් ජයරත්න පවසනවා ෴

++++++++

10 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධුරය ආචාර්‍ය අසෝක සපුමල් රන්වලට

(21.11.2024 – 10:06 +0530 – hirunews.lk/sinhala)

10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්‍ය අසෝක සපුමල් රන්වල පත්කර තිබෙනවා.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5 සහ 6 හි සඳහන් විධිවිධාන පරිදියි.

ආචාර්‍ය අසෝක සපුමල් රංවල පත්කරන ලෙස අගමැතිනි හරිනි අමරසූරිය විසින් යෝජනා කළ අතර එම යෝජනාව සම්මත කරන ලද්දේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් ෴

10වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි පත්කර තිබෙනවා.

මොහොමඩ් රිස්වි පත්කරන ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස විසින් යෝජනා කළ අතර එම යෝජනාව සම්මත කරන ලද්දේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි විසින් ෴

++++++++

ජනපති අනුර මංගල පාර්ලිමේන්තු සැසිය අමතමින් කළ කතාව :

+


නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි

(21.11.2024 – 16:13 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව පත් වූ නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු :

  1. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
  2. නාමල් කරුණාරත්න මහතා – කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
  3. වසන්ත පියතිස්ස මහතා – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය
  4. නලින් හේවගේ මහතා – වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
  5. ආර්.එම්. ජයවර්ධන මහතා – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
  6. ගමගෙදර දිසානායක මහතා – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
  7. ටී.බී. සරත් මහතා – නිවාස නියෝජ්‍ය අමාත්‍ය
  8. රත්න ගමගේ මහතා – ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
  9. මහින්ද ජයසිංහ මහතා – කම්කරු නියෝජ්‍ය අමාත්‍ය
  10. අරුණ ජයසේකර මහතා – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
  11. අරුන් හේමචන්ද්‍ර මහතා – විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
  12. ඇන්ටන් ජයකොඩි මහතා – පරිසර නියෝජ්‍ය අමාත්‍ය
  13. මොහොමඩ් මුනීර් මහතා – ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය
  14. ඉංජිනේරු එරංග වීරරත්න මහතා – ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය
  15. එරංග ගුණසේකර මහතා – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
  16. චතුරංග අබේසිංහ මහතා – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
  17. ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා – වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය
  18. වෛද්‍ය නාමල් සුදර්ශන මහතා – කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
  19. රුවන් සෙනරත් මහතා – පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය
  20. වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා – ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
  21. වෛද්‍ය හංසක විජේමුණි මහතා – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
  22. උපාලි සමරසිංහ මහතා – සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
  23. රුවන් චමින්ද රණසිංහ මහතා – සංචාරක නියෝජ්‍ය අමාත්‍ය
  24. සුගත් තිලකරත්න මහතා – ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය
  25. සුන්දරලිංගම් ප්‍රදීප් මහතා – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
  26. නීතිඥ සුනිල් වටගල මහතා – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
  27. වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා – අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
  28. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා – මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
  29. වෛද්‍ය සුසිල් රණසිංහ මහතා – ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

159 ක් නිහඬව ජය සමරද්දි දිලිත් ජයවීර ජය මංගල ගාථා කියා පිළිගනී (21.11.2024)

+


රුපියල් කෝටි 500 කට අධික හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක් මාතරින් අල්ලයි

(21.11.2024 – lankadeepa.lk)

රුපියල් කෝටි 500 කට අධික හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක තොගයක් සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 10 දෙනකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

ගන්දර නූන්නවැල්ල ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් ධීවරයන් 06 දෙනකුගෙන් ප්‍රශ්න කිරිමේ දී හෙලි වු තොරතුරු මත ගාල්ල නාගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී එම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හා මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය එක්ව දියත් කල මෙම සාර්ථක වැටලීම පොලිස් ඉතිහාසයේ සාමාන්‍ය පොලිස් ඒකකයක් අත්අඩංගුවට ගත් වැඩීම මත්ද්‍රව්‍ය තොගය වන බව මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා පැවසීය.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පරික්ෂා කිරිම සදහා වැඩබලන පොලිස්පති ලලිත් පතිනායක මහතා අද (21) මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත පැමිණියේය.

මත්ද්‍රව්‍ය තොගය පරික්ෂා කිරිමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා වැටලීම සිදු කල පොලිස් නිලධාරීන් ප්‍රශංසාව ද ලක් කළේය.

එම අවස්ථාවට දකුණු පලාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, මාතර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණ, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද පැමිණ සිටියෝය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *