විදේශගත ලාංකිකයින්ට පැමිණිලි කියන්න LankaKonect නමින් APP එකක්

විදේශගත ලාංකිකයින්ට පැමිණිලි කියන්න LankaKonect නමින් APP එකක්


විදේශගත ලාංකිකයින්ට පැමිණිලි කියන්න LankaKonect නමින් APP එකක්

(16.06.2026 – 21:39 +0530 – sinhala.adaderana.lk)

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින් හට ඉතා ඉක්මනින් හා පහසුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සම්බන්ධ වී සිය පැමිණිලි හා සේවා ස්ථානයේ ගැටලු යොමු කිරීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී තිබේ.

LankaKonect නම් වූ මෙම යෙදවුම නිල වශයෙන් අද (16) දින විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

මෙම යෙදවුම ඉංග්‍රීසි, සිංහල හා දමිල යන භාෂා ත්‍රිත්වයෙන්ම භාවිත කළ හැකි අතර විගමණික ශ්‍රමිකයින්ට තමා රැකියාව කරන ස්ථානයේ හෝ රැකියාවේ යම් ප්‍රශ්නයක් තිබේ නම් මෙම යෙදවුම වෙත පිවිස සෘජුවම විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිල්ලක් යොමු කළ හැකිය.

එසේම අධ්‍යාපනය හා පදිංචිය සඳහා විදේශ ගතවී සිටින ශ්‍රී ලාංකිකයෙකු නම් සෘජුවම විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත මෙම යෙදවුම ඔස්සේ පැමිණිල්ල යොමු කළ හැකි අතර පැමිණිල්ල ලිඛිතව පමණක් නොව හඬපට හා වීඩියෝ දර්ශන මගින්ද මෙම යෙදවුම හරහා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

මෙරට පමණක් නොව ලොව ඕනෑම රටකදී මෙම යෙදවුම එකලෙසම භාවිත කිරීමේ හැකියාව පවතින අතර තමන් ඉදිරිපත් කළ පැමිණිල්ලේ වර්තමාන තත්ත්වයද මෙම යෙදවුම හරහා ඉතා පහසුවෙන් පරීක්ෂා කිරීමට අවස්ථාව ලබා දී ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා එක්ව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූල්‍ය දායකත්වය යටතේ නිර්මාණය කර ඇති මෙම යෙදුම Google Play Store හා Apple App Store යන මාර්ගවලින් අද (16) සිට නොමිලයේ භාගත කළ හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය ෴

+


පොලිස් සේවය පිළිබඳ මහජන අදහස් ලබාගැනීමට QR කේතයක්

(16.06.2026 – 22:00 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොලිසිය මඟින් සපයනු ලබන සේවාවන් පිළිබඳ මහජන අදහස්, පැමිණිලි, ප්‍රශංසා සහ යෝජනා ලබා ගැනීම සඳහා නව QR කේත පද්ධතියක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථානවල සේවාවන් සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රතිචාර සෘජුව ලබා ගැනීම සඳහා ‘Sri Lanka Police Community Feedback Portal’ නමින් Online Digital Platform එකක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

මෙම ක්‍රමවේදය මඟින් පුරවැසියන්ට තම අදහස්, පැමිණිලි, ප්‍රශංසා හෝ යෝජනා පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකි වන අතර, එම තොරතුරු විශ්ලේෂණය කර ජනතාව කේන්ද්‍ර කරගත් වඩාත් කාර්යක්ෂම පොලිස් සේවාවක් සැපයීම මෙහි අරමුණ බව පොලිසිය සඳහන් කරයි.

QR කේතය භාවිත කිරීමේදී ජනතාවට අදහස, පැමිණිල්ල, ප්‍රශංසාව හෝ යෝජනාව යන අංශයන්ගෙන් අදාළ විකල්පය තෝරා ගැනීමට හැකි අතර, අවශ්‍ය නම් පුද්ගලික තොරතුරුද ඇතුළත් කළ හැකිය.

එමෙන්ම පොලිස් ස්ථානයට පැමිණි කාරණය, සිද්ධිය හෝ අදහස පිළිබඳ විස්තරද අදාළ පද්ධතියට ඇතුළත් කිරීමට පහසුකම් සලසා තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවියේ E-Services වෙත පිවිස Community Feedback Portal හරහාද මහජනතාවට සිය ප්‍රතිචාර ලබාදිය හැකි බව පොලිසිය පවසයි.

සියලුම පොලිස් ස්ථානවල මහජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථාන වන පිළිගැනීමේ අංශ සහ චෝදනාගාර ආසන්නයේ මෙම QR කේත පුවරු ස්ථාපිත කිරීමට නියමිතය.

මෙම සේවාව සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත පැමිණෙන ජනතාව දැනුවත් කරන ලෙසත්, අවශ්‍ය අවස්ථාවලදී එම පහසුකම භාවිත කිරීමට මඟ පෙන්වන ලෙසත් පොලිස්පතිවරයා විසින් සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.


වාහන මිල ඉහල යන හැටි මෙන්න – Wagon R එකක් රු. ලක්ෂ 90 කට එහා යනවා (17.06.2026)

+


මුදල් වංචාවකට මෙරට පුරවැසිභාවය ගත් ඉන්දියානුවෙක් අත්අඩංගුවට

(17.06.2026 – 05:28 +0530 – sinhala.adaderana.lk)

විදෙස් රටක රැකියාවක් සඳහා යවන බව පවසා පුද්ගලයෙකුගෙන් මුදල් රුපියල් 4,990,000 ක් වංචා කිරීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනයෙන් අනතුරුව ඊයේ (16) දහවල් මෙම අපරාධය සම්බන්ධයෙන් මෙරට පුරවැසිභාවය ලබාගත් ඉන්දියන් ජාතික සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 32 ක් වන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴


මහ බැංකුවේ අවසර අපිට අවශ්‍ය නෑ – කසාගල සභාපති මහ බැංකුවට රිදෙන්න කියයි (17.06.2026)

+


ශානි මේක පිළිගන්නවා | ප්‍රහාරය වෙන්න තිබුනේ ගෝඨාභයගේ කාලේ | මහින්ද පතිරණ අදත් එකක් පත්තු කරයි (16.06.2026)

+


යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

(17.06.2026 – hirunews.lk)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිෂම විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා එම කොමිසමට පැමිණි අවස්ථාවේදීයි.

ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ ආකාරය සහ බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයට සම්බන්ධ වූ ආකාරය සම්බන්ධව අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාලවයි මෙම කැඳවීම සිදුකර තිබුණේ.

ඊයේ (16) දිනයේ ඔහුට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත් මුදල් විශ්‍රද්ධිකරණය සම්බන්ධයෙන් වන නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ බැවින් ඊට පැමිණීමට නොහැකි බව ලිපියක් මගින් ඔහු දැනුම් දී තිබුණු බවයි වාර්තා වුණේ ෴

+++

+


විදේශීය කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කිරීමේ ව්‍යාජ ජාවාරමක් SEC විසින් හෙළිදරව් වෙයි

(17.06.2026 – lankacnews.com)

විදේශීය කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කිරීමේ ව්‍යාජ ජාවාරමක අලුත්ම තොරතුරු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් හෙළිදරව් කර තිබේ.

මේ පිළිබඳව මහජනතාව වෙත විශේෂ අවවාදයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තුෂාර ජයරත්න මහතා ප්‍රකාශ කරන්නේ, පෙර අවස්ථාවලදී ‘Copreus’ සහ ‘Gladius’ යන වෙළෙඳ නාමයන්ගෙන් පෙනී සිටිමින් වංචනික ලෙස මුදල් උපයන ලද කණ්ඩායමම, වර්තමානයේදී ‘Evolute’ යන නව නාමයෙන් වෙනත් ස්ථානයක සිට සිය මෙහෙයුම් නැවත ආරම්භ කර ඇති බවයි.

“නොහඳුනන පාර්ශ්වයන්ගෙන් ලැබෙන මෙවැනි දුරකතන ඇමතුම් විශ්වාස කර මුදල් ආයෝජනය කිරීමෙන් වළකින්න. එසේ කිරීමෙන් සිදුවන්නේ ඔබේ ධනය විනාශ වීම පමණි. එම නිසා, ලැබෙන ඇමතුම් පිළිබඳව දැඩි ලෙස සෝදිසි කර බලා, ඒවායේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කිරීමට කටයුතු කරන්න.”

ශ්‍රී ලාංකිකයන්ට ජාත්‍යන්තර කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දෙන බව පවසමින්, මෙම පිරිස දුරකතන ඇමතුම් මාර්ගයෙන් සිවිල් වැසියන් පොළඹවා ගැනීමට උත්සාහ කරති.

මෙහි පිටුපස සිටින්නේ කලින් කලට විවිධ වෙළෙඳ නාම සහ ස්වරූපයන් භාවිත කරමින් මහජනයා මුලා කළ එකම කණ්ඩායමකි.

මෙරට පුරවැසියන්ට විදේශීය කොටස් වෙළෙඳපොළවල ආයෝජනය කිරීමට පහසුකම් සැපයීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය හෝ ලියාපදිංචිය ලැබූ කිසිදු ආයතනයක් ලංකාව තුළ ක්‍රියාත්මක නොවේ ෴


සිනි නිසා ලාභ ලැබූ චාමර සහ පාඩු ලබන හඳුන් (17.06.2026)

+


සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

(17.06.2026 – 11:01 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා රඳවා සිටියදී නිරුවත් කර පරීක්ෂාවකට ලක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළිගත් බව සූරේෂ් සලේ මහතාගේ බිරිඳ, මනෝරි සලේ මහත්මිය පවසන්නීය.

අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, සූරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට අසාධ්‍ය මට්ටමකට පත්ව ඇති බවය.

ප්‍රශ්නය : කොහොමද දැන් එතුමගේ සෞඛ්‍ය තත්ත්වය?

“සුරේෂ් දිගින් දිගටම කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ. එයා උපවාසය අතඅරින්නේ නැහැ. දිනෙන් දින පිරිහෙනවා සෞඛ්‍ය තත්ත්වය එයාට එන්න එන්න අසාධ්‍ය වෙනවා. කතා කරන්නත් ටිකක් අමාරුයි. එක දිගට ඉඳගෙන ඉන්න බැහැ. මොකද දැන් අර කැනියුලා හින්දා අත් ඔක්කොම ඉදිමිච්ච හින්දා ඒවා ගලවලා දැන් දෙන්නේ එකක් දාලා පොඩ්ඩ පොඩ්ඩ දෙනවා දියර. ඒකෙන් තමයි ඉතින් කොහොමහරි ජීවත් කරවගෙන ඉන්නේ ඩොක්ටර්ස්ලා.”

ප්‍රශ්නය : එතකොට අපි දැක්කා ඊයේ (16) සී.සී.අයි.ඩී. එකේ නිලධාරීන් කැඳවලා තිබුණා. ඔබතුමිය කැඳවලා තිබුණා. මොකක්ද එතකොට වුණේ? මොකක්ද වධ හිංසා කරලා තිබුණද?

“ඔව්. ඊයේ කතා කරලා තිබ්බා. අපි දෙගොල්ලොටම. CID එකෙන් ගිය සැරේ එන්න බැරි උනා. මේ සැරේ තමයි ආවේ. ප්‍රථම වතාවට ඒගොල්ලෝ පිළිගත්තා සුරේෂ්ට අර කියපු විදියට. සෙල් එකෙන් එළියට අරගෙන, නිරුවත් කරලා. එකක් කරා කියන එක. ඔක්කොමලා ඉස්සරහ. ඉතින් මෙච්චර කල් පිළිගත්තේ නැහැනේ. ඉතින් දැන් කියනවා ඒක කළ බවට. ඒගොල්ලන් පිළිගත්තා.”

+


දිට්වා වැනසූ උඩරට දුම්රිය මාර්ගයේ දැන් තත්ත්වය, හැමෝම බැහැලාම වැඩ! පරීක්ෂණ දුම්රියක් ධාවනය වූ හැටි (17.06.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *