අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්
අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්
(15.06.2026 – 14:22 +0530 – sinhala.adaderana.lk)
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම මුදල් හෝ කාඩ්පත් මගින් මෙන්ම ETC (Electronic Toll Collection) මගින් සිදු කිරීමේදී සේවාව ලබා ගැනීම තව දුරටත් පසු කිරීමට මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙම පහසුකම් පිළිබඳව දැනුවත් කිරීම් අද (15) දිනයේදී සිදුවිය.
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම මුදල් හෝ කාඩ්පත් මගින් මෙන්ම ETCමගින්ද සිදුකිරීමේ පහසුකම් ලබාදී ඇති අතර ETC පහසුකම් භාවිත කරන්නන් සඳහා ඇතුළුවීමට සහ පිටවීමට වෙන්වූ වෙනමම ස්ථානයක් ඇති අතර, එය භාවිතයෙන් ප්‍රමාදයකින් තොරව ඇතුළුවීමේ සහ පිටවීමේ පහසුකම් ද සලසා දී ඇත.
එසේම ETC පහසුකම් භාවිත කරන්නන්ට සෑම ගමන් වාරයක් සඳහාම නියමිත ගාස්තුවෙන් 10% ක වට්ටමක් ද මෙහිදී ලබාදේ.
මේ වනවිට පෑලියගොඩ, කෙරවලපිටිය, ජා-ඇල සහ කටුනායක හුවමාරු මධ්‍යස්ථානවලදී ETC මගින් ගෙවීම් කල හැකි අතර, ඉදිරියේදී කඩවත සිට පිටත වටරවුම් මාර්ගය හරහා කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන වාහන සඳහා ද කඩවත අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී මෙම පහසුකම ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙතෙක් ETC පහසුකම ලබාගැනීමේදී වාහන හිමිකරුවන් විවිධ අපහසුතාවන්ට පත්වූ අතර, ඔවුන් ඒ සදහා ස්ථාන කිහිපයකටම ගමන් කලයුතු විය.
මේ කෙරෙහි විශේෂ අවධානය යොමුකල ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය
https://exway.rda.gov.lk/ වෙබ් අඩවිය හරහා ඉතා පහසුවෙන් ETC සදහා ලියාපදිංචි වීමට පහසුකම් සලසා දී තිබේ.
ලියාපදිංචි වීමෙන් අනතුරුව පහසු හුවමාරු මධ්‍යස්ථානයකින් RFID Tag එක ලබාගෙන මෙම වෙබ් අඩවිය හෝ Govpay හරහා සිය බැංකු කාඩ්පත මගින් තමාගේ ETC ගිණුමට මුදල් බැර කිරීම හෙවත් Top up කරගැනීමෙන් පසුව කිසිදු බාධාවකින් තොරව අධිවේගී මාර්ගයේ අදාළ ගමන් ගාස්තුව ස්වයංක්‍රීයව අයවී බාධාවකින් සහ අවහිරයකින් තොරව පිටවිය හැකි බවද අමාතශාංශය සඳහන් කළේය.
මේ අතර අවහිරතාවයකින් තොරව ETC පහසුකම භාවිත කිරීම සඳහා ඇතුළුවීමේ සහ පිටවීමේ ස්ථානවලදී පැයට කිලෝමීටර් 15 ක වේගයක් පවත්වා ගන්නා ලෙසත් ඉදිරියෙන් ඇති වාහනය සමග මීටර් 20 ක පරතරයක් තබාගැනීමට කටයුතු කරන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුන් වෙත දන්වා සිටියි ෴
පාස්කු ප්‍රහාරය මාලිමාවේ වැඩක්? නීතිඥ උදය ගම්මන්පිල දැවැන්ත හෙළිදරව්වක (15.06.2026)
+
පංච පුද්ගල ඝාතනයකට පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු (2) රිමාන්ඩ්
(15.06.2026 – hirunews.lk)
නැගෙනහිර පළාතේ කල්අඩි, කාත්තන්කුඩි සහ කන්නන්කුඩා යන ප්‍රදේශවලදී පුද්ගලයන් පස්දෙනෙකු (5) වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්ට අදාලව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කර තිබෙනවා.
මෙම සිද්ධියේ තෙවැනි (3) සැකකරු ලෙස නම් කර සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ‘සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්’ හෙවත් ‘පිල්ලෙයාන්’ යන අය මේ වන විට රක්ෂිත භාරයේ පසුවෙයි.
අධිකරණ නියෝග ප්‍රකාරව බන්ධනාගාරය අද (15) මෙම සැකකරු මඩකලපුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් වුණා.
මෙම සැකකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත ව සිටින්නේ, මඩකලපුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධවයි.
මෙම ඝාතන සිද්ධියට අදාල පළමු සැකකරු මේ වන විට මෙරටින් පලා ගොස් ඇති බවත් දෙවැනි (2) සැකකරු රැඳවුම් නියෝග මත තම දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර අද (15) දින අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
පොලිස් තොරතුරුවලට අනුව, පළමු සිදුවීම වාර්තා වන්නේ ඉකුත් 2008 ජනවාරි 09 වැනිදායි. ඒ, කල්අඩි ප්‍රදේශයේ මුරුගන් කෝවිල අසල ක්‍රීඩාංගණයේදී ටී-56 ගිනිඅවියකින් වෙඩි තබා හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු (2) ඝාතනය කිරීමයි.
මෙම සැකකරුවන් විසින් ඉකුත් 2008 මැයි 22 වනදා කාත්තන්කුඩි පොලිස් වසමේ ප්‍රධාන වීදියේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු (2) වෙඩි තබා ඝාතනය කර ඇති අතර, ඉකුත් 2008 අගෝස්තු 20 වැනිදා රාත්‍රී කාලයේදී වව්නතිවු පොලිස් වසමට අයත් කොන්තියාපොල, කන්නන්කුඩා ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු (1) වෙඩි තබා ඝාතනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම අපරාධයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් තිදෙනෙකු (3) නම් කර ඇති අතර ඉන් පළමු (1) සැකකරු මේ වන විට විදේශගතව සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
නඩුවේ දෙවන (2) සැකකරු ලෙස නම් කර සිටින පුද්ගලයා ඉකුත් 2025 අගෝස්තු 13 වැනිදා සහ 2025 නොවැම්බර් 13 වනදා සිට පිළිවෙළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගනිමින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
මෙම පස්පුද්ගල ඝාතන සිද්ධීන්වල තුන්වන (3) සැකකරු ලෙස නම් කර සිටින්නේ ‘ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්’ හෙවත් ‘පිල්ලෙයාන්’ නැමැත්තායි.
මෙම නඩුව නැවත කැඳවන දිනකදී ඔහුව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට අධිකරණය විසින් නියෝග කර තිබුණා ෴
පාස්කු ප්‍රහාර විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල, වීරවංශ සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහිව CID විමර්ශනයක් ඇරඹෙයි
(15.06.2026 – hirunews.lk)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයට බාධා වන අයුරින් සහ අධිකරණයට අපහාස වන අයුරින් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් විද්‍යුත් හා සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ සිදු කළ උදය ගම්මන්පිල, මිවල් වීරවංශ, දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කරුණු වාර්තා කළා.
හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන පිරිස විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශ සම්බන්ධයෙන් මෙලෙස විමර්ශන ආරම්භ කළ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එලෙස විද්‍යුත් මාධ්‍ය හරහා අධිකරණයට අපහාස කරමින් ප්‍රකාශ නිකුත් කරන ලද අදාල පුද්ගලයන්ට එළැඹෙන ජූලි මස 01 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ මෙම අධිකරණය මඟින් ඔවුන්ට නොතීසි නිකුත් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් මෙම සිද්ධියට අදාල පුද්ගලයින් සම්බන්ධයෙන් වන කරුණු අභියාචනාධිකරණය වෙත යොමු කළ හැකි බවත් ය.
මෙම සිද්ධියට අදාල තුන්වැනි (3) සැකකරු වන හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නිරීක්ෂණය කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ ජාතික රෝහල අයත්වන බල ප්‍රදේශයට අදාල අධිකරණය වන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරියට ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ලබන 20 වන දිනට පෙර සැකකරුව නිරීක්ෂණයට ලක් කරන ලෙසයි.
සිද්ධියට අදාලව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් මෙලෙස කරුණු දැක්වූවා.
“ස්වාමීනි අද මෙම සිද්ධියට අදාලව පිටු දාහතරකින් (14) යුතු වැඩිදුර වාර්තාවක් අධිකරණයට යොමු කරනවා. එහි නියෝග කිහිපයක් ලබා ගැනීමට තිබෙනවා. මෙම සිද්ධියට අදාළ තුන්වන (3) සැකකරු මේ වනවිට රැඳවුන් නියෝග මත සිටින්නේ. ඔහු 2026/6/5 සිට රාත්‍රී ආහාරය ප්‍රතික්ෂේප කර තිබෙනවා. දැන් ඔහු සිටින්නේ ජාතික රෝහලේ 42 වාට්ටුවේ. විශේෂඥ වෛද්‍යවරු සිව් දෙනෙකු (4) යටතේ ප්‍රතිකාර ලබනවා.”
“ස්වාමීනි මොහුගේ මෙම ක්‍රියා කලාපය තවදුරටත් තහවුරු කර ගැනීමට දේශපාලන සංවිධානාත්මක කණ්ඩායමක් කටයුතු කරනවා. අධිකරණයේ යුක්තිය ක්‍රියාත්මක වීමට බාධා වන අයුරින් සහ මහ ජනතාවට අධිකරණය කෙරෙහි අපකීර්තියක් ඇති කරවන අයුරින් සහ මහජන විරෝධයක් ඇතිවෙන ලෙස එම කණ්ඩායම කටයුතු කරනවා.”
“ඔවුන් විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන මෙම විමර්ශනයට අදාලව විවිධ ප්‍රකාශ ප්‍රචාරණය කර තිබෙනවා. අද දින ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවේ ඒ සම්බන්ධයෙන් තොරතුරු දක්වා තිබෙනවා පින්තූරත් සමඟ. ඔවුන් විසින් කරන ලද ප්‍රකාශවලින් කොටසක්ද ඉදිරිපත් කර තිබෙනවා.”
“එලෙස අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන අය විසින්. මහින්ද පතිරණ යන අය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයක් සිදු කර ඇති අතර අනෙක් පුද්ගලයන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කර තිබෙනවා.”
“ස්වාමීනි 2024 අංක 8 දරණ පනතේ අංක 3(1)අ යටතේ තිබෙන 1,2,3 වගන්ති අනුව මෙලෙස ප්‍රකාශ නිකුත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්” ෴
සලේගේ ලැප්ටොප් එකේ පාස්වර්ඩ් එක ශානිටයි රවීටයි කොහොමටවත් දෙන්නේ නෑ – සරත් වීරසේකර (15.06.2026)
+
“2020 ට සැළසුම් කළ පාස්කු ප්‍රහාරය 2019ට ගෙනාවේ CIDය නිසා” | මහින්දගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් (15.06.2026)
+
ආණ්ඩුව කරගන්න බැරුව මරු කියවන ජේවීපීකාරයෝ (15.06.2026)
+
ඉස්සර විදියටම ඉස්සරහට යන්න පුළුවන් ද රත්තරන් ? (15.06.2026)
+
සලේ ගැන ශානිට කියන්ඩ තියෙන්නෙ, පිං පව් එනවා අප පසුපස්සේ (15.06.2026)
+
සලේගේ බිරිඳගේ ඉල්ලීමට ශානි බෑ කියයි! (15.06.2026)
+
විපක්ෂයේ පොදු වේදිකාවට සමාජ මාධ්‍ය ජනමාධ්‍යවේදීන්ගෙන් පාඩමක් (15.06.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴