CID අධ්‍යක්ෂ ශානි අබේසේකර තමා කෙරෙහි වෛරයකින් කටයුතු කිරීමේ ඉඩක් ඇති බව හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට දන්වයි

CID අධ්‍යක්ෂ ශානි අබේසේකර තමා කෙරෙහි වෛරයකින් කටයුතු කිරීමේ ඉඩක් ඇති බව හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට දන්වයි


CID අධ්‍යක්ෂ ශානි අබේසේකර තමා කෙරෙහි වෛරයකින් කටයුතු කිරීමේ ඉඩක් ඇති බව හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට දන්වයි

(16.06.2026 – 20:19 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට අද (16) රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ විමර්ශනය මෙහෙයවීමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ශානි අබේසේකර තමන් කෙරෙහි කිසියම් වෛරයකින් හෝ ද්වේශ සහගත අදහසකින් කටයුතු කිරීමට ඉඩකඩ තිබෙන බව හිටපු ජනාධිපතිවරයා සිය පෙත්සමෙන් පෙන්වාදී තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුගේ (2) විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ජුනි 03 වැනිදා නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමකින් පසුවයි.

එවන් පසුබිමක පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම්කර තිබේ.

මෙම පෙත්සමෙන් හිටපු ජනාධිපතිවරයා සඳහන්කර ඇත්තේ, ඉකුත්දා මාධ්‍ය මගින් පළ කළ වාර්තා ඔස්සේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය තමන්ට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා තිබෙන බවට කරුණු දැනගත් බවය.

ඒ අනුව, තම පුද්ගලික නිදහස අහිමිවීමේ හෝ තමන් අත්අඩංගුවට පත්වීමේ අවදානමක් මතුවී ඇති බවට විශ්වාසදායක තොරතුරු ලැබී තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වා දෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම විමර්ශනවලට අදාළව මේ දක්වා කිසිදු විමර්ශන ආයතනයකින් තමන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන නොමැති බවත් සඳහන්කර තිබේ.

රාජපක්ෂ මහතා පවසන්නේ, මෙම විමර්ශනයට අදාළව ඕනෑම අවස්ථාවක ප්‍රකාශයක් ලබාදීමට තමන් සූදානම් බවය.

තමා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීමේ පරීක්ෂණ කොමිසම මගින් වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට එරෙහිව නිර්දේශ කීපයක් නිකුත්කර තිබූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙත්සමේ දක්වා තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ විමර්ශනය මෙහෙයවීමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ශානි අබේසේකර එහි ප්‍රතිඵලයක් ලෙස තමන් කෙරෙහි කිසියම් වෛරයකින් හෝ ද්වේශ සහගත අදහසකින් කටයුතු කිරීමට ඉඩකඩ තිබෙන බවත් පෙත්සමේ සඳහන්ය.

ඒ අනුව ශානි අබේසේකර මහතාට මෙම විමර්ශනය ස්වාධීනව මෙහෙයවීමට හැකියාවක් නොමැති අතර තමන්ව ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන්ට බලපෑම් කිරීමට ඔහුට හැකියාව ඇති බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද කොමිෂන් සභා හෝ එම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රකාශයට පත් කර ඇති නඩු තීන්දුව තුළින් තමන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල කර නොමැති බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව, එම ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් පැවැත්වූ විමර්ශනයේ වාර්තාව සහ ‘අසාද් මවුලානා’ නමැත්තා ‘චැනල් 4 නාලිකාව’ට සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ කොමිසමේ වාර්තාව අධිකරණය හමුවට කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි හිටපු ජනාධිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සහ මෙම පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරනතුරු තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

+


පාස්කු ප්‍රහාරයේ දේශපාලනය වාසිය ගෝඨටද? සජිත්ටද? අනුරටද? (16.06.2026)

+


මෙන්න තවත් පැලවත්තේ නිර්-ප්‍රභූ කදිරගාමර් චරිතයක් (16.06.2026)

+

නීතිය නොදැනද CID කාරයො අධිකරණයේ සවුත්තු වුණේ… නැත්නම් තක්කඩිකම හින්දාද ? (16.06.2026)

+

එන්න, අපි මහින්ද ජයසිංහගෙන් ඉංගිරිසි ඉගෙන ගනිමු… ‘ලුක් අරවුන්ඩ් ඇන්ඩ් ගෙට් ලොස්ට්’ (16.06.2026)

+


‘ශානිව ශුවර් නෑ’ ගෝඨා කියයි! පල්ලේගම හාමුදුරුවෝ DNA වලට ලේ දෙයි! (16.06.2026)

+


සලේගෙ රහස් පෙට්ටියෙ යතුර (16.06.2026)

+


ටිල්වින් රජවෙන නීතියක් එනවද? පියල් ගුරුගේ සියල්ල හෙළි කරයි (16.06.2026)

+


වසර 25 ක් යනතෙක් ජවිපෙට විපක්ෂයට එන පාර වහපු ලංකාවේ විපක්ෂය (16.06.2026)

+


අන්තවාදියාව හමු වූයේ සලේ නොව මමයි, හමුදා බුද්ධි නිලධාරියෙකුගෙන් රට කළඹන හෙලිදරව්වක් (16.06.2026)

+


අද දෙරණ වාද පිටිය | නීතිය සැමට සමානව ක්‍රියාත්මක වෙනවාද ? | 2026.06.16

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *