උසස් පෙල පොදු පරීක්ෂණ විභාගයට මාලිමාවට සම්බන්ධ ප්‍රශ්ණ පහක් (5) – උදය ගම්මන්පිල
උසස් පෙල පොදු පරීක්ෂණ විභාගයට මාලිමාවට සම්බන්ධ ප්‍රශ්ණ පහක් (5) – උදය ගම්මන්පිල
(11.11.2024 – 14:10 +0530 – lankacnews.com)
මාලිමාවේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉගෙන ගත් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍යම මහ විද්‍යාලයේ දෙවන (2) වාර පරීක්ෂණයේ දී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට ‘ජාතික ජන බලවේගය’ට සම්බන්ධ ප්‍රශ්න 5 ක් අන්තර්ග කර ඇති බවත්, පාසල් දරුවන් දේශපාලනීකරණය කිරීමේ ආණ්ඩුවේ පළමු පියවර මෙයදැයි තමන් ප්‍රශ්න කරණ බවත් පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (11) ‘පිවිතුරු හෙළ උරුමය’ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක් වීය :
මාලිමා දේශපාලනය පාසල් ඇතුළට රිංගවයි
මාලිමාවේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉගෙන ගත් පාසල තමයි මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍යම මහ විද්‍යාලය. මේ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේ දී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රය තමයි මේ තිබෙන්නේ. පළමු ප්රශ්නය : ජනපති අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නම කුමක්ද? දෙවන ප්රශ්නය : ජනපතිවරණයේ දී ජනපති අනුර ලබා ගත් ඡන්ද ප්‍රතිශතය. තුන්වන ප්රශ්නය : ජනපති අනුරගේ ලේකම්වරයා කවුද? හතරවන ප්රශ්නය : අගමැතිවරියගේ විෂය පථය ගැන. පස්වන ප්රශ්නය : ජවිපෙ ආරම්භ කළ වර්ෂය කුමක්ද. පළමු ප්‍රශ්න පහම (5) වෙන් කරලා තිබෙන්නේ මාලිමාවට.
මේ තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ ප්‍රශ්න පත්‍රය සැකසීමේ මාර්ගෝපදේශ. පලමු ප්‍රශ්න 10 කාලීන සිදුවීම් ආශ්රිත තොරතුරු වෙනුවෙන් වෙන් වෙනවා. ඒකෙන් 50% ක්ම මාලිමාව නැතිනම් 10 යෙන් 5 ක් ම මාලිමාව ගැන ප්‍රශ්න. කිසිම ආණ්ඩුවක් දේශපාලනය පාසල් ඇතුලට මේ වගේ රිංගවාලා දරුවන්ගේ ඔළුව කන්න හැදුවේ නෑ කියලා අද දෙමව්පියන් කියනවා. පාසලේ ආදිශිෂ්‍යයින් අපට කිව්වේ කොටි ත්‍රස්තවාදය පරාජය කරලා යුද ජයග්‍රහණය ලබපු වෙලාවේ වත් මෙවැනි ප්‍රශ්න මාලාවක් දරුවන්ට ඉදිරිපත් කලේ නෑ කියලා.
මාලිමාව රාජ්‍ය බලය අවභාවිතා කරලා පාසල් දරුවන් දේශපාලනිකරණය කිරීමේ පළමු පියවර මේකදැයි අපට ප්‍රශ්න කරන්න වෙනවා. අපි පාසල් යන කාලයේ ජවිපෙ අපට කිව්වේ ‘පළමුව මව්බිම – දෙවනුව ඉගෙනුම’ ඒ නිසා අධ්‍යාපනය අත් හැරලා ආණ්ඩුවට එරෙහිව දේශපාලනය කරන්න එන්න කියලා. අපිත් ඒ ලණුව කාලා අධ්‍යාපනය අත් හැරලා දේශපාලනය කරන්න ගියා. මොකක්ද පූරුවේ වාසනාවකට විභාග ඉහළින්ම සමත් වෙන්න අපට පුළුවන් වුණා. නමුත් හැමෝම එතරම් වාසනාවන්ත වුණේ නෑ.
‘විශ්ව විද්‍යාල දරුවන් ගවේශනශීලි විමර්ශනශීලී පිරිසක් වෙන්න ඕනේ’ කියලා සෝරත හාමුදුරුවෝ කිව්වත් අද විශ්ව විද්‍යාල දරුවන් ජවිපෙ දුරස්ථ පාලකයෙන් ක්‍රියාත්මක වන රොබෝ යන්ත්‍ර බවට පත් වෙලා. රාජ්‍ය බලය අවභාවිතා කරලා පක්ෂ දේශපාලනය පාසල් ඇතුලට අරගෙන ගිහින් පාසල් දරුවන් විනාශ කරන්න එපා කියලා ජනාධිපතිතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
උසස් පෙළ විභාගය මාසයකින් කල්දමන්නැයි කෙරෙන ඉල්ලීම
උසස් පෙළ දරුවන් තමන්ගේ පාසල්වල විෂය නිර්දේශ නිසි පරිදි ආවරණය කරලා නැති නිසා නොවැම්බර් මස පැවැත්වීමට නියමිත විභාගය මාසයකින් කල් දමා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. උසස් පෙළ විභාගය ලංකාවේ පළමුවැන්නා ලෙස සමත් වී දේශපාලනයේ සිටින කෙනෙකු හැටියට ඒ ඉල්ලීම ඉටු කර දෙන්න අපි මැදිහත් වේවි කියන විශ්වාසයෙන් ඒ දරුවන් කටයුතු කරනවා. මගේ ජීවිතයේ තීරණාත්මක කඩඉම උසස් පෙළ විභාගය. මම එදා ලංකාවේ පළමුවැන්නාට උසස් පෙළ සමත් නොවුණා නම් මගේ ජීවිතය මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මට එදා ලැබුණු සාධාරණ අවස්ථාව මේ රටේ සෑම දරුවෙකුටම ලැබිය යුතුයි කියලා අපි කල්පනා කරනවා.
විභාගය කල් දමා දෙන්න කියා උසස් පෙළ දරුවන් කරන ඉල්ලීම සාධාරණ ද? මේ අය කියන්නේ බොහෝ පාසල්වල විෂය නිර්දේශ ආවරණය කර නැති නිසා විභාගයේ දී අසාධාරණයක් වෙනවා කියන එකයි. බැලු බැල්මට මේ ඉල්ලීමේ සාධාරණයක් පේනවා. මොකද සාමාන්‍යයෙන් උසස් පෙළ දරුවෙකුට අවම වශයෙන් වසර දෙකක (2) කාලයක් ලැබෙනවා උසස් පෙළ සඳහා අධ්‍යාපනය ලබන්න. නමුත් මේ දරුවන්ට ඒ කාලය ලැබිලා නෑ. ඒ නිසා වෙනත් දරුවන්ට ලැබුණු කාලය මේ දරුවන්ටත් ලැබිය යුතුය කියන එක සාධාරණ ඉල්ලීමක්. අයිතිවාසිකමක්. තමන්ගේ අනාගත වෘත්තිය තීරණය කරන ජීවිතයේ වැදගත්ම කඩඉම වන උසස් පෙළ විභාගය සඳහා තවත් මාසයක කාලයක් දරුවන්ට ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
වෙනදා අපි මේ පිළිබඳ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නේ පාර්ලිමේන්තුවේ දී. පාර්ලිමේන්තුවේ අපේ ඉදිරිපිට ආණ්ඩුවේ විෂය භාර ඇමතිවරයා ඉන්නවා. දැන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා පමණක් නොවේ. ජනාධිපති සහ අධ්‍යාපන ඇමතිනිය දුරකතනයට සම්බන්ධ කර ගන්නත් බෑ. ඒ නිසා අපට ජනපති සහ අධ්‍යාපන ඇමතිනි අමතන්න තිබෙන එකම ක්‍රමය ජනමාධ්‍ය පමණයි. ඒ නිසා මේ දරුවන්ට උසස් පෙළට සූදානම් වෙන්න සාධාරණ කාලයක් ලබා දෙන්න කියලා ජනාධිපතිතුමාගෙනුත් අධ්‍යාපන ඇමතිතුමියගෙනුත් ඉල්ලා සිටිනවා.
+
+
රන්ජන්ගේ කතාව අවසන් – සැඟවූ කතාව එළියට – මෙන්න සතියේ ආන්දෝලනය (10.11.2024)
+++++++++
රන්ජන් රාමනායක අවුල් ජාලයක පැටලෙයි | මහරෑ සුපිරි හෝටලයට පොලිසිය පනී | හෝටල් කාමරයේ සිදුවූ සියල්ල මෙන්න (11.11.2024)
+
අල්ලිරාජාගේ සල්ලිවලින් නැටවුණු ලොක්කෝ මෙන්න – නම් ගම් එක්ක මාධ්‍ය හමුවේ එළියට (10.11.2024)
+
කතානායක විජිතගෙ මූණ බලලා නැහැ – පුබුදු ජාගොඩ (11.11.2024)
+
අවසන් මොහොතේ මාලිමාවට එල්ලවූ කුඩ ප්‍රහාරය – ආන්දෝලනාත්මක අනාවරණයෙන් බුකිය කැලඹෙයි (11.11.2024)
+
ලේක්හවුස් ආයතනයේ ආරක්ෂක වැටේ මෝටර් රථයක් ගැටේ
(11.11.2024 – 09:55 +0530 – hirunews.lk/sinhala)
කොළඹ ලේක්හවුස් ආයතනයේ ආරක්ෂක වැටේ අද (11) අලුයම් කාලයේ දී මෝටර් රථයක් වැදී අනතුරට පත්ව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ රියදුරු පමණක් රථයේ සිට ඇති අතර, ඔහුට තුවාල සිදුවී නොමැති බවයි කොළඹ කොටුව පොලිසිය පවසන්නේ.
රියදුරුට නින්දයෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලිසිය සඳහන් කරන්නේ.
එම අනතුරින් ආරක්ෂක වැටට දැඩි හානි සිදුව ඇති බවටයි වාර්තා වෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
+
පියාගේ රථයටම යටවී අවුරුදු 03 ක දරුවෙක් ජීවිතක්ෂයට
(11.11.2024 – 07:38 +0530 – hirunews.lk/sinhala)
මරදාන පොලිස් වසමේ දුම්රිය නිල නිවාස ඉදිරිපිට දී ජිප් රථයක් නිවස අසල ගාල් කිරීමට යන අවස්ථාවේදී කුඩා දරුවෙකු එම රථයට යට වීමෙන් ඊයේ (10) මිය ගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 03ක දරුවෙක්.
පියා විසින් ජීප් රථය ගාල් කිරීම සඳහා රථය පිටු පසට ගැනීමේදී පිටුපස සිටි දරුවා එම රථයට යට වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි විමර්ශණයේදී අනාවරණය වී තිබෙන්නේ.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
වීසා ගැටලුවකින් කොරියානු රැකියා අපේක්ෂකයින් පිරිසක් අර්බුදයක
(11.11.2024 – 13:19 +0530 – hirunews.lk/sinhala)
කොරියානු E-8 වීසා ක්‍රමය යටතේ ලැබී ඇති වීසා 107ක් සදහා නිසි ලියාපදිංචියක් නොලැබීම හමුවේ තමන් පීඩාවට පත්ව ඇති බව කොරියානු රැකියා අපේක්ෂකයින් කිහිප දෙනෙකු ප්‍රකාශ කළා.
ඒ අනුව, සිය ගැටලු සදහා රජය කඩිනම් විසදුමක් ලබා දිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
දකුණු කොරියාව විසින් ලබාදෙන රැකියා දස දහසක් මෙරටට අහිමිවීමේ අවදානමක් මතුව ඇති බවට ‘හිරු ප්රවෘත්ති’ මගින් ප්‍රථම වරට අනාවරණයක් සිදු කළා.
මෙම ‘කොරියානු ඊ එයිට් වීසා ක්‍රමය’ විදේශීය ඍතුමය සේවකයින් හදුන්වා දීම පිළිබද වූ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් නව රජය සැලකිලිමත් නොවීම හමුවේ එම රැකියා දස දහසේ (10,000) කෝටාව වෙනත් රටකට ලබා දීමට දකුණු කොරියානු රජයේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වීසා ක්‍රමය යටතේ ධීවර සහ කෘෂිකාර්මික අංශ සදහා කෙටි කාලීන වීසා නිකුතුවක් සිදු කරන අතර මේ වන විට මෙරටට එම රැකියා අවස්ථා 107 ක් සදහා වීසා පහසුකම් ලැබී තිබෙනවා.
එලෙස ලැබී ඇති වීසා 40 ක් මේවන විට කල් ඉකුත් වී ඇති බවද වීසා අපේක්ෂකයින් පෙන්වා දෙනවා.
එසේම වීසා පහසුකම ලැබී විදේශගත වීමට නොහැකිව සිටින අපේක්ෂකයින් පිරිසක් ද මෙහිදී අදහස් පළ කළා.
මේ අතර, පැන නැගී ඇති වීසා ගැටලුවට විසදුම් ඉල්ලා මේ වන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට අගතියට පත් වීසා අපේක්ෂකයින් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා ෴
කොළඹ මැද මාරකයක් වූ ‘ක්‍රිෂ්’ට එරෙහිව පොලිසිය අධිකරණයට යයි
(11.11.2024 – 15:29 +0530 – hirunews.lk/sinhala)
කොළඹ කොටුවේ ඉදිකරමින් පවතින ‘ක්‍රිෂ් ගොඩනැගිල්ල’ අනාරක්ෂිත බවත් ඉන් විශාල මහජන පීඩාවක් සිදුවන බවත් සඳහන් කරමින් කොටුව පොලිසිය අද (11) කොටුව මහේස්ත්‍රාත් තණූජා ලක්මාලි හමුවේ කරුණු දැක්වුවා.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 98 වගන්තිය යටතේ කරුණු දැක්වූ කොටුව පොලිසිය එම ආයතනයේ අධ්යක්ෂ මණ්ඩයට නොතිසි නිකුත් කරන ලෙස කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනිද්දා (13) අදාළ සාක්ෂි කැඳවන ලෙසද නියෝග කළා.
කොටුව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පසුගිය ඔක්තෝම්බර් මස 06 වනදා එම ස්ථානයට ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් මතට එම ගොඩනැගිල්ලේ යකඩ කොටසක් කඩා වැටුණු බවත් පසුගිය 08 වනදා රාත්‍රියේද එහි තිබූ යකඩ කොටසක් කඩා වුටුණු බවත් එම අවස්ථාවේ කාර්යාල සේවකයින් මෙන්ම රථ වාහනද එම ස්ථානයෙන් ගමන් ගත් බවත් අධීකරණයට දන්වා සිටියා.
මේ ගොඩනැල්ල හේතුවෙන් විශාල මහජන පීඩාවක් සිදුවන බව පෙන්වා දෙමින්, සුදුසු අධීකරණ නියෝග ලබා දෙන්නැයි කොටුව පොලිසිය දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් ඉල්ලා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ලබන 13 වනදා යළි කැඳවීමට නියමිතයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ Gommanpila. This man is struggling against a deluge of public opinion in favor of NPP. Trying to trawl mud in fast flowing flood water is futile. He has no intelligence to figure it out. What a brain dead lawyer!