කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ තවත් යකඩ ආවරණ කොටසක් අදත් (10) කඩා වැටෙයි
කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ තවත් යකඩ ආවරණ කොටසක් අදත් (10) කඩා වැටෙයි
(10.11.2024 – 19:51 +0530 – hirunews.lk/sinhala)
කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අනාරක්ෂිත භාවය සම්බන්ධයෙන් හෙට (11) දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන බව කොටුව පොලිසිය පවසනවා.
ඒ, එම ගොඩනැගිල්ලේ යකඩ ආවරණ කොටසක් අදත් (10) කඩා වැටී තිබූ පසුබිමකයි.
කොළඹ – කොටුව ප්‍රදේශයේ පිහිටි මහල් 55 කින් සමන්විත ක්‍රිෂ් චතුරස්‍ර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් නොකර එය අත්හැර දමා ඇත්තේ ඒ ආශ්රිත ප්‍රදේශයේ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කරමින්.
අප මේ සම්බන්ධයෙන් අවස්ථා රැසකදී පෙන්වා දුන්නද තවමත් ඊට නිසි පිළියම් යෙදීමට බලධාරීන් කටයුතු කර නැහැ.
ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ඉහළ සවිකර තිබූ යකඩ ආවරණ කොටසක් අද (10) පස්වරුවේත් කඩා වැටුණා.
ගොඩනැගිල්ලේ පවතින අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් අප කොටුව පොලිස් ස්ථානය දැනුවත් කළ අතර ඒ අනුව හෙට (11) දින අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිසිය සඳහන් කළා.
ඉකුත් ඔක්තෝබර් මස 06 වැනිදා ද මෝටර් රථයක් මතට මෙහි යකඩ කොටසක් කඩාවැටී තිබූ ආකාරය ‘හිරු ප්රවෘත්ති’ ඔස්සේ අප පෙන්වා දුන්නා.
එමෙන්ම පසුගිය 07 වැනිදා එහි තවත් ඉදිකිරීම් ආධාරක කොටසක් යෝර්ක් විදියේ නතර කර තිබූ මෝටර් රථයක් මතට කඩාවැටී තිබූ අතර පසුගිය 08 වැනිදා රාත්‍රියේ ද එහි යකඩ කොටසක් කඩා වැටී තිබුණේ කාර්යාල සේවකයින් මෙන්ම රථවාහන ද එම ස්ථානයෙන් ගමන් ගත් අවස්ථාවකදීයී.
අද (10) කඩා වැටුණු යකඩ කොටසත් සමග මෙහි ඇති අවදානමේ තරම යළිත් පසක් වන අතර බලධාරීන් මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට කල් මරන්නේ වටිනා ජීවිතයක් ඊට බිලිවෙන තෙක්ද?
+
නීතිවිරෝධීව එකලස් කළ ඩිෆෙන්ඩර් රථයක් පල්ලේකැලේ නිවසක තිබී සොයාගනියි
(10.11.2024 – 11:34 +0530 – hirunews.lk/sinhala)
ලියාපදිංචි කිරීම සඳහා වන ලිපි ලේඛන කිසිත් නොමැති රක්ෂණ සහතිකය හෝ ආදායම් බලපත්‍රය පවා නොමැති ලෑන්ඩ් රෝවර් ඩිපෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් බලගොල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
බලගොල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් කුණ්ඩසාලේ, පල්ලෙකැලේ, ජය ශ්‍රී උයන පරදේශයේ නිවසක සඟවා තිබියදී ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව හදිසි වැටලීමක් සිදුකොට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව බලගොල්ල පොලිසිය පවසන්නේ.
මෙම සැක කටයුතු ජීප් රථයේ චැසි අංකය හෝ ඇන්ජින් අංකයක් පවා දක්නට නොමැති බවත් පොලිසිය පවසන අතර රජයේ උසස් නිලධාරියකු බව පැවසෙන ජිප් රථය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයා සඳහන් කරන්නේ ‘මෙම ජිප් රථය තමාගේ විනෝදාංශයක් වශයෙන් කොටස් එකලස් කොට නිර්මාණය කළ එකක්’ බවයි.
අදාළ සැකකටයුතු පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති අතර ජීප් රථය සම්බන්ධයෙන් මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හා රස පරීක්ෂක වාර්තා කැඳවීමට නියමිත බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴
අනන්‍යතාව තහවුරු නොවූ තවත් සුපිරි රියක් කඩ කාමරයකින් මතුවෙයි
(10.11.2024 – 13:43 +0530 – sinhala.adaderana.lk)
කිඹුලාපිටිය – ගුවන්තොටුපොළ මාර්ගයේ පිහිටි නිවසක තිබී අනන්‍යතාව තහවුරු කර නොගත් සුඛෝපභෝගී රථයක් සොයාගෙන තිබේ.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත එම රථය එම නිවසෙහි කඩ කාමරයක ගාල් කර තිබියදී සොයාගෙන ඇත.
අනතුරුව එම රථය කටාන පොලිස් ස්ථානය වෙත ගෙනැවිත් තිබේ.
එම සුඛෝපභෝගී රථය එකලස් කරන ලද වාහනයක් බවට පොලීසියට සැක මතුව ඇත.
ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු නියෝග කර ඇත්තේ, එම රථය රේගු දෙපාර්තමේන්තුවට හා රජයේ රස පරීක්ෂක වෙත යොමුකර පරීක්ෂා කිරීමෙන් පසු වාර්තා ඉදිරිපත් කරන ලෙසය.
කෙසේවෙතත් මෙහි හිමිකාරීත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත ෴
‘ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව කිසිසේත්ම වහන්න ඉඩ දෙන්නේ නෑ’ – සජිත් ප්‍රේමදාස
(10.11.2024 – 20:44 +0530 – hirunews.lk/sinhala)
නිර්ධන පන්තිය නියෝජනය කරනවා කියා සාමාන්‍ය ජනතාවගේ දුක හදුනනවා කියපු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනාධිපති වී සතියක් යාමටත් පෙර ත්‍රිපෝෂ කර්මාන්තශාලාව ඈවර කිරීමේ, වසා දැමීමේ කුමන්ත්රණයක නිරත වන බවත් රටේ දරුවන්ට මව්වරුන්ට විරුද්ධව කුමන්ත්‍රණයක් බවත් අප රටේ වසර 5 ට අඩු අඩු බර දරුවන්ටල නීරක්තියෙන් පෙළෙන ගැබිනි මව්වරුන්ට කිරිදෙන මව්වරුන්ට ත්‍රිපෝෂ ලැබෙන බවත් මාසෙකට පැකට් ලක්ෂ 16 ක් ලබා දෙන බවත් දැනට මව්වරුන් 664,920 ක් සහ දරුවන් 925,172 කට ලබා දෙන නමුත් වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වූ පසු 2024 සැප්තැම්බර් 27 අංක 2403/53 දරණ ගැසට් නිවේදනය හරහා ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්න හෝ වෙනත් සමාගමකට ඒකාබද්ධ කරන්න තීන්දු කර ඇති බවත් සජිත් ප්‍රේමදාස පවසනවා.
පාස්කු ප්‍රහාරය, කොරෝනා කෝවිඩ් සහ බංකොලොත්භාවය නිසා මව්වරුන්ගේ දරුවන්ගේ මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බව යුනිසෙෆ් ආයතනය, එක්සත් ජාතීන්ගේ සංවිධාන පවා පිළිගන්නා තත්ත්වයක් තුළ මෙරට පොඩි මිනිසා වෙනුවෙන් සටන් කරනවා කියපු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය ගැසට් පත්‍රයක් හරහා ත්‍රිපෝෂ කර්මාන්තශාලාව විනාශ කරන්න හදන බවත් එය රටට සම්පතක් බවත් එහි යන්ත්‍ර සූත්‍රවල ධාරිතාව ත්‍රිපෝෂ නිෂ්පාදනයටත් වඩා වැඩි නිසා අමතර සීරියල් නිෂ්පාදනය කරලා රජයට වාර්ෂිකව මිලියන 500 ක් ද ලබා දෙන බවත් මෙවැනි තත්ත්වයක් තුළ හිතක් පපුවක් ඇති ආණ්ඩුවකට අම්මලා දරුවන් වෙනුවෙන් ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදන කර්මාන්තශාලාව වහන්නේ කොහොමද කියා ප්‍රශ්න කරන බවත් ඔහු සඳහන් කරනවා.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අවිස්සාවේල්ලේ පැවැති ජන හමුවක් අමතමින්.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලය ලැබුනම බදු බර, තෙල් මිල, විදුලි බිල වැඩි කර රාජ්‍ය සේවයේ වැටුප් දීමනා වැඩි කරනවා කිව්වත් අද ඒ කිසිවක් ඉටු නොවු බවත් අද වන විට පාස්පෝට් පෝලිම හෝ අඩු වී නොමැති බවත් මෑත කාලයේ පොල් පෝලිම් ද ඇතිව තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා ජනාධිපති වේදිකාවක් වේදිකාවක් පාසා වරායෙන් තෙල් බාන්නේ එක මිලකට සහ එම තෙල් ජනතාවට විකුණන්නේ තව මිලකට බවත් එයට හේතුව අධික බදු බර, දූෂණය, වංචාව, හොරකම නිසා බවත් ඒවා නැති කර එම වාසිය ජනතාවට ලබා දෙන බවත් පැවසුවා. අද වන විට එම පොරොන්දුවත් පුස්සක් වී ඇත. අල්ලස් කොමිස් මුදල් වංචා සොයා ගත නොහැකි බව පවසන තෙල් සංස්ථාවේ සභාපතිවරයා තෙල් මිල අඩු කරන්නේ මුදල් අමාත්‍යාංශයේ තීන්දුව අනුව බවත් තෙල් අඩු කළොත් රට බංකොලොත් වන බවත් කියද්දි අනුර කුමාර දිසානායක ජනාධිපති ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල නායකයන් බොරු කියමින් යන බවයි ඔහු පැවසුවේ.
සජිත් ප්‍රේමදාස සඳහන් කළේ 33% කින් විදුලි බිල අඩු කරනවා යැයි කිව්වත් එයද අඩු නොවූ බවයි.
මේවා කරන්න පාර්ලිමේන්තුව රැස්වීම අවශ්‍ය නොවන බවත් මේවා කරන්න තවමත් ප්‍රමාද නොමැති බවත් බදු අඩු කිරීමේ හැකියාව තිබුනත් ජනාධිපතිවරයා අයි-එම්-එෆ් එක ඉදිරියේ දණ නමා වහලකු බවට පත්ව අයි-එම්-එෆ් එක කියන කියන පදයට නටනවා.
ඊට අමතරව පාස්පෝට් පොලිමට විසඳුමක් දෙනවා කිව්වත් අද වන විට පෝලිමට විසඳුමක් ලබා දී පාස්පෝට් පොලිම ඔන්ලයින් කර තිබෙන බවත් ඔන්ලයින් පාස්පෝට් ගන්න මාස ගණනාවක් යන බවයි.
මේ ආකාරයට ගියොත් 2028 ණය ගෙවා ගත නොහැකිව නැවතත් බංකොලොත් වන නිසා නව අයි-එම්-එෆ් ගිවිසුමකට ගොස් රටක් ලෙස නැවත ශක්තිමත් වීමට අවශ්‍ය බලය සහ කණ්ඩායම සමගි ජන බලවේගය සතු බැවින් සමගි ජන බලවේගයට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.
+
මැතිවරණයට පැමිණිලි 2,580 ක්
(10.11.2024 – 19:26 +0530 – hirunews.lk/sinhala)
මහ මැතිවරණයට අදාළව පැමිණිලි 2,580 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඊයේ (09) දිනය තුළ පමණක් පැමිණිලි 232 ක් ලැබී තිබෙන බව සඳහන්.
මේ අතර ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 20 ක් ලැබී තිබෙනවා.
ලැබී ඇති පැමිණිලි අතුරින් 1,999 ක් මේ වන විට විසඳා ඇති බවත් තව විසඳීමට ඇත්තේ පැමිණිලි 581 ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ ෴
දිලිත් ජයවීර ජනපතිට කළ යෝජනාව
(10.11.2024 – 22:07 +0530 – sinhala.adaderana.lk)
රෝහණ විජේවීර ඇතුළු ඉල් මහ විරුවන් ඝාතනය සම්බන්ධයෙන් සෙවීමට කොමිසමක් පත්කරන ලෙස සර්වජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යෝජනා කරයි.
ඔහු මේ අදහස් පළ කළේ අද (10) කඩවත පැවති ජන හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,
“අනුර කුමාර ජනාධිපතිතුමනි.. ඔබ තුමාගේ නායකයා ඒ ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා අමු අමුවේ කනත්තේ ආදාහනාගාරයට දාපු ඒ ඝාතනය කරපු එක ගැන ඔබතුමා ජනාධිපති වුණ දවසේ ඉදලා හොයයි කියලා අපේ ගමේ මිනිස්සු බලාගෙන ඉන්නවා.
අපේ විශ්වවිද්‍යාලයේ අපිත් එක්ක එකට හිටපු අය ඝාතනය වුණා. ඒ ඔක්කෝම අය ගමෙන් ආපු අහිංසක මිනිස්සු. ඒගොල්ලන්ට තිබුණේ නෑ කොළඹ හයිය. ඒ අයට තිබුණේ නෑ NGO හයිය. තාජුඩීන් ගැන තියෙන අමාරුව, ලසන්ත ගැන තියෙන අමාරුව, එක්නැලිගොඩ ගැන තියෙන අමාරුව තියෙන්න ඕනේ අපේ ඉල් මහ විරුවන් ගැනත්. අන්න ඒ ගැනයි ඔහුට මතක් කරලා දෙන්නට ඕනේ .
අපි එනවා පාර්ලිමේන්තුවට එඩිතර විපක්ෂය හැටියට. මේ රටේ අර අහිංසකව ඝාතනය වුණ සියලුදෙනා ගැන සොයන්නට කොමිසමක් දාන්නට අපි ගේනවා යෝජනාවක්. අපි හිටගන්නවා අනුර කුමාර සහෝදරයත් සමග”.
+
වනඅලියාගෙන් දිවි බේරා ගැනීමට ක්ෂණික නුවණ යෙදූ යතුරුපැදිකරු
(10.11.2024 – 13:24 +0530 – sinhala.adaderana.lk)
මහියංගනය ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙක් පිටුපස වනඅලියෙක් පන්නන අයුරු අසල පිහිටි CCTV කැමරාවට පටිගතව තිබේ.
පසුගිය 08 වැනි දින අළුයම මහියංගනය මාපාකඩවැව, 20 කණුව ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව තිබේ.
එහිදී යතුරුපැදිකරු මාර්ගයේ වනඅලියා පැමිණෙන අයුරු දුටු විට කඩිනමින් මාර්ගය අසල පිහිටි වෙළෙඳසැළක් අසල යතුරුපැදිය නවතා ඉන් දිව ගොස් තිබේ.
එහිදී යතුරුපැදිකරු පසුපස වනඅලියා පැන්නූ පසු යතුරුපැදිකරු විසින් සිය හෙල්මටය ගලවා බිමට දමා දිවගොස් තිබුණි.
එහිදී වනඅලියාගේ අවධානය ඒ වෙතට යොමුවීම හේතුවෙන් යතුරුපැදිකරු ජීවිතය බේරා ගැනීමට සමත්ව තිබේ.
එම සිද්ධිය අසල වූ වෙළඳසැළ තුළ වූ CCTV කැමරාවේ සටහන් වූයේ මෙලෙසිනි.
+
මලිමාවට ඉන්නේ L බෝඩ් ගහගත්ත ජනපති කෙනෙකුයි ඇමති මණ්ඩලයකුයි – Udaya Gammanpila | Hari tv (10.11.2024)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴