පාස්පෝට් ගන්න ඔන්ලයින් ක්‍රමයට දින වෙන් කිරීම අද (06) සිට

පාස්පෝට් ගන්න ඔන්ලයින් ක්‍රමයට දින වෙන් කිරීම අද (06) සිට


පාස්පෝට් ගන්න ඔන්ලයින් ක්‍රමයට දින වෙන් කිරීම අද (06) සිට

(06.11.2024 – 07:58 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට දිනයක් වෙන් කර ගැනීමට අද (06) දින සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

විදෙස් ගමන් බලපත්‍ර හිඟවීම හේතුවෙන් දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමා කිරීමත් සමග එම දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල අසල පසුගිය මාස කිහිපය තුළ දිගු පෝලිම් දක්නට ලැබුණා.

මේ මාසයට අදාළව දින වෙන් කිරීම මේ වනවිට අවසන් වී ඇති බැවින් අද (06) සිට මාර්ගගත ක්‍රමයට දින වෙන්කර ගන්නා පුද්ගලයින්ට දින ලබා දිය හැක්කේ ලබන මස මුල සිට බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය කියා සිටියේ.

මෙවන් පසුබිමක ඊයේත් (05) කොළඹ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ජනතාව පෝලිම්වල රැඳී සිටි අයුරු දැකගත හැකි වුණා ෴

+

From https://www.immigration.gov.lk/index_s.php :

= විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට, එක්දින හෝ සාමන්‍ය සේවය වෙනුවෙන් දිනයක් වෙන්කර ගැනීම =

2024.11.06 දින සිට ගමන් බලපත් අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත් අයදුම් කිරිම සඳහා ලියපදිංචි වීමට නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ.

  1. ඒ අනුව 2024.11.06 දින සිට ශ්‍රී ලංකා ගමන් බලපත් අයදුම්කිරීම සඳහා https://www.immigration.gov.lk සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදුකල යුතුය. එදින සිට ලියාපදිංචි වන අයදුම්කරුවන්ගේ, අයදුම්පත් භාරගැනීම ආරම්භ වනුයේ 2024.12.04 වනදා බදාදා දින සිටය.
  2. එබැවින් 2024.12.03 වනදා අඟහරුවදා දින දක්වා මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව දින ලබාගත් අනුපිළිවෙලට ගමන් බලපත් අයදුම්පත් භාරදීමට හැකිවේ.
  3. නව ගමන් බලපත් අයදුම්කරුවන් / දැනටමත් ගමන් බලපත්‍රක් හිමි / නැතිවු ගමන් බලපත් සඳහා ද නව ක්‍රමවේද‍ය ඔස්සේ ලියාපදිංචි විය හැක.
  4. පූර්ව ලියාපදිංචි ක්‍රමවේදය එක් දින සේවය සහ සාමාන්‍ය සේවය යන දෙවර්ගය සඳහාම වලංගු වේ.
  5. ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම්කරුගේ වලංගු ජාතික හැඳුනුම්පත් අංකය හා වලංගු ජංගම දුරකථන අංකය අවශ්‍ය වන අතර ගමන් බලපත් අයදුම්පත් භාරදීමේදී එම ජාතික හැඳුනුම්පත් අංකය ඉල්ලුම්කරු සතු විය යුතුය.
  6. වයස අවුරුදු 16 අඩු දරුවන් ගමන් බලපත් ලබා ගැනීමට ලියාපදිංචි වීමේදී මවගේ හෝ පියාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කල යුතුය.
  7. ඉහත අවශ්‍යතා සම්පූර්ණ කළ ඔබට, අදාළ අනුමත ඡායාරූපාගාරයකින් ලබා ගත් ඡායාරූපය ඇතුලත් රිසිට්පත සමඟ https://www.immigration.gov.lk වෙබ් අඩවියට ප්‍රවේශ වී ‘විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගැනීම’ යන අයිකනයට පිවිස එක් දින සේවය සහ සාමාන්‍ය සේවය සඳහා ලියාපදිංචිය සිදු කළ හැක.
  8. ඔබගේ ලියාපදිංචිය සාර්ථක වුවහොත් අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ඔබට SMS පණිවුඩයක් හරහා දැනුම් දෙනු ලැබේ. අදාළ SMS පණිවුඩයට අනුව ඔබ විසින් තෝරා ගත් ස්ථානයට (ප්‍රධානකාර්‍යාලය, මාතර, මහනුවර, කුරුණැගල හා වව්නියාව යන ප්‍රාදේශීය කාර්‍යාල) නියමිත දිනයට අයදුම්පත හා අදාළ සියළු ලියකියවිලි වල මුල් පිටපත් රැගෙන මධ්‍යහ්න 12:00 ට පෙර පැමිණීම අනිවාර්යය වේ. එදිනට පැමිණීමට නොහැකි වන්නේ නම් ඔබට වෙන්කර ඇති අවස්ථාව අහිමි වන අතර වෙනත් දිනයක් සඳහා නැවත ලියාපදිංචි විය යුතුය.
  9. දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමෙන් තොරව දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ඔබට හැකියාවක් නොමැති බව කාරුණිකව දන්වමි.

සැඩ දිය පහරට හසු වු කැබ් රියේ ගමන් ගත් දෙදෙනෙකු (2) මරුට

(06.11.2024 – 07:12 +0530 – hirunews.lk/sinhala)

කොස්ගම, ඇස්වත්ත මානකඩ මාර්ගයේ රබුකේවත්ත අතුරු මාර්ගයේ තුම්මෝදර ඇලෙන් එගොඩවීමට ගිය කැබ් රථයක් ඇලේ තිබු සැඩ පහර හේතුවෙන් ගසාගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඊයේ (05) පස්වරුවේ මෙම සිදු වීම සිදු ව ඇති බවයි.

පොලිසිය කළ මුළික විමර්ශනවලදී හෙළිව ඇත්තේ රබුකේවත්ත අතුරු මාර්ගයේ තුම්මෝදර ඇලෙන් එගොඩවීමට ගිය කැබ් රථය මිටර් 50 ක් පමණ ගසාගෙන ගොස් ඇති බවයි.

එම සිද්ධිය වු අවස්ථාවේ කැබ් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු ගමන් කර තිබෙනවා.

දියේ ගිලීමෙන් කැබ් රථයේ රියදුරු සහ එහි හිමිකරු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 27 සහ වයස අවුරුදු 69 වයස්වල පසුවන බලල්කොටුව හා කිරිබත්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴


නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ පලකරන බව පවසා මුදල් ගත් අයෙක් අත්අඩංගුවට

(06.11.2024 – 07:09 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී නිරුවත් ඡායාරූප ගෙන්වා ගෙන අන්තර් ජාලයේ ප්‍රචාරයට කරන බවට පවසා මුදල් ලබා ගත් සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිරිමි පුද්ගලයෙකු සමග සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් සංවාද ගොඩ නගා ගෙන නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන එම ඡායාරූප හා වීඩියෝ අන්තර් ජාලයේ පල කරන බවට පවසා එම පුද්ගලයාගෙන් මුදල් රුපියල් ලක්ෂ 07 ක මුදලක් මෙසේ බලෙන් ලබා ගෙන ඇති බවට පසුගියදා (04) එම ඒකකයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් එම ඒකකය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, අදාළ සැකකරු ඊයේ (05) එම ඒකකයේ නිලධාරීන් විසින් දෙහිවල, කවුන්සිල් ඇවිනිවු පෙදෙසේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

එසේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20 ක් වන තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


සමේ පිළිකා වැඩිවීමට ආලේපන හේතුවන බවට අනාවරණයක්

(06.11.2024 – 16:44 +0530 – sinhala.adaderana.lk)

පසුගිය අවුරුදු කිහිපය ඇතුළත මෙරට සමේ පිළිකා ඇති රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පැවසුවාය.

අද (06) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, සමේ ආලේප කරනු ලබන විවිධ ආලේපන ඊට එක හේතුවක් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය :

“ඕන කෙනෙකුට තමන්ගේ සම ලස්සනට තියාගන්න නම් …. කළ යුතු පළමු දේ තමයි … ඔබේ සමේ මොකක් හෝ රෝග තත්ත්වයක් තිබේ නම් ඒ රෝග තත්ත්වයට ප්‍රතිකාර කරගත යුතුයි. උදාහරණයක් විදියට කුරුලෑ වගේ දෙයක් තියෙනවා නම්, මහත නිසා බෙල්ල කළු වෙනවා නම් බල්ල කළු වෙන එක සූරලා මොනවා හරි ගාලා හරියන්නේ නැහැ. මහත් වෙන්න හේතුව බලලා ඒකට ප්‍රතිකාර කරගන්න ඕනේ. නැතුව බෙල්ලට මොනවා හරි ගාල හරියන්නේ නැහැ.

අනිවාර්යෙන් සමේ රෝගයක් තියෙනවා නම් අදාළ රෝගයට නියම අවස්ථාවේ ප්‍රතිකාර අරගන්න ඕනේ. වියළි සමක් තියෙන අය ඉන්නවා නම් ඒ අය වියළි සම අඩුවෙන්න ‍Moisturizers Cream ගාන්න ඕනේ. නෑමෙන් මිනිත්තු 05 ක් ඇතුළත ඒ ‍Moisturizers Cream එක ගාන්න ඕනේ.

ඊට අමතරව අපේ රටේ තියෙන එළවළු, පළතුරු ඒවාගේ හොඳ ප්‍රතිඵල තියෙනවා. සමබල ආහාර වේලක් කියන්නේ ඉතාම වැදගත් සම හොඳට තියාගන්න. ඒ කියන්නේ හොඳට පළතුරු සහ එළවළු ගන්න ඕනේ. ඇත්තටම අව්වෙන් ආරක්ෂා වෙනවා නම් ඇත්තටම කළු වෙන එක අඩුවෙනවා. එහෙම කියලා දවසට පැය 06 ක් ක්‍රීඩා කරන ළමයෙකුට සම සුදුවෙන්න ක්‍රීම් ගාල වැඩක් නැහැ. මොකද එයාගේ සම බාගෙට සුදු කරලා ඊළඟට අව්වට නිරාවරණය වීමෙන් වෙන හානිය ඊට වඩා වැඩියි.

sun block cream ගාලා තද අව්වට ගිහින් ක්‍රීඩාවක් කළොත්, අපේ රටේ තියෙන අව් රශ්මිය හැටියට ඒ sun block එකෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් නැහැ. හැබැයි අව්වට සමේ ‘රෑෂ්’ එකක් එනවා … සමහර අභ්‍යන්තර රෝගී තත්ත්වයන් එනවා … සමහර ඖෂධ පාවිච්කරන අය ඉන්නවා ඒ වගේ අය සම අව්වෙන් පරිස්සම් කරගන්න ඕනේ. ඒ අය sun block පාවිච්චි කරන්න ඕනේ, Moisturizers Cream පාවිච්චි කරන්න ඕනේ. නියමිත ආහාරයක් ගන්න ඕනේ.

අනිත් එක තමයි කොන්ඩේ…. අපි එක පාරට Diet control කලොත්, ඒ කියන්නේ එක පාරට කිලෝ 05 ක් 06 ක් අඩු කරගන්න යනවා … එතකොට කොන්ඩෙත් බාගෙට අඩුවෙනවා. අපි ක්‍රමාණුකූලව තමයි බර අඩුකරගන්න ඕනේ. එක පාරට අපි බර අඩුකරන්න ගියොත් අනිවාර්යෙන් අපේ ‘හෙයාර් ලොස්’ එක නොවැළැක්විය හැකියි.

ඒ වගේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රතිකාර අරගෙන, පෝෂණය තියෙන ආහාර අරගෙන Moisturizers Cream පාවිච්චි කරලා, සුදුසු වෙලාවට sun block පාවිච්ච කරලා අපි හැමෝට හොඳ සමක් තියාගන්න පුළුවන්. සමේ පාට නෙමෙයි වැදගත්; සම කොච්චර නිරෝගිද? කියන එක තමයි වැදගත්. අපිට කොච්චර සුදු සමක් තිබුණත් වැඩක් නැහැ අපි රෝගී නම්.

ගොඩක් Glutathione ගාලා සුදු වෙන අයට එළියට ගිය ගමන්ම Sun damage වැඩියි. ඒ අයට ලංකාව වගේ අව්ව ගොඩක් තියෙන රටක සමේ පිළිකා වැඩියි. ආසියානුකරයේ තද අව්ව තියෙන පරිසරයක සිටින අපිට ස්වභාවධර්මයෙන් තදපාට සමක් ලැබිලා තියෙන්නේ පිළිකා අඩුකරලා ජීවත් වෙන්න පුළුවන් වෙන්න. ඒක තමයි අව්ව තියෙන රටවල ජීවත් වෙන අයගේ ස්වභාවයෙන් dark සම තියෙන්නේ. ඒක නැති කර ගත්තාම එකේ අහිතකර ප්‍රතිඵල අපිට ලැබෙනවා.

දැනට සමේ පිළිකා කියන එකේ ඇතිවෙන ප්‍රමාණය පසුගිය අවුරුදු කිහිපය ඇතුළත සංඛ්‍යාත්මක වශයෙන් වැඩිවීමක් තියෙනවා. අපි විශ්වාස කරනවා යම් ප්‍රමාණයක් දුරට අපි ගාන ආලේපන ඒකට හේතුවෙනවා කියලා. නමුත් නියම ප්‍රතිඵලය අපිට බලාගන්න පුළුවන් තව ටිකක් කල් ගියාම.”


මෙවර ශ්‍රි පාද වන්දනා වාරය දෙසැම්බර් 14 ඇරඹෙයි

(06.11.2024 – 16:57 +0530 – hirunews.lk/sinhala)

2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය ලබන දෙසැම්බර් (14) දිනට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

මාර්ග 4 ක් ඔස්සේ වැඩම කරවන සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පුජා භාණ්ඩ (14) දින ශ්‍රි පාද උඩ මළුව වෙත වැඩම කරවීම සිදුකරනවා.

අනතුරුව ශ්‍රි පාද පත්මය සුවද පැණින් දෝවනය කිරිමෙන් අනතුරුව පැවැත්වෙන ආගමික චාරිත්‍රවලින් පසුව 2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරන බවයි ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු සහ රත්නපුර දිසා සංඝ නායක, ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසන්නේ.

මෙවර ශ්‍රි පාද වන්දනා වාරයේදි නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවි කිරිම, රැගෙන යාම සහ දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවිය සපුරා තහනම් කිරිමට ශ්‍රි පාද කම්ටු රැස්විමේදි ඊයේ (05) දින තිරණය කළ බවයි නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ පැවසුවේ.

අවාරයේ පැලමඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පුජා භාණ්ඩ දෙසැම්බර් (12) දින පිටතට වඩමම්මවා විශේෂ ආගමික වාතවත් සිදුකරනවා.

එම පුජාවන්වලින් අනතුරුව (13) දින අලුයම රත්නපුර, අවිස්සාවේල්ල, හැටන් මාර්ගය ඔස්සේ නල්ලතන්නිය දක්වා එක් පෙරහැරක් ගමන් කරනවා.

රත්නපුර, පලාබද්දල මාර්ගයේ එක් පෙරහැරක් ද තවත් පෙරහැරක් කුරුවිට, එරත්න මාර්ගය ඔස්සේ සහ අනෙක් පෙරහැර බලංගොඩ, බගවන්තලාව මාර්ගය ඔස්සේ ගමන් කිරීමට නියමිතයි ෴


ගුරු නිවාසයේ ‘අයිස්’ ගැසූ ගුරුවරයෙකු ඇතුලු 03 දෙනෙකු අත්අඩංගුවට

(06.11.2024 – 16:29 +0530 – hirunews.lk/sinhala)

ගුරු නිවාසයේ ‘අයිස් මත්ද්‍රව්‍ය’ භාවිත කරමින් සිටි කහටගස්දිගිලිය – පඬරැල්ලෑව ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි අයෙක්.

සිද්ධියට අදාළව එම ස්ථානයේ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි යුද හමුදා සෙබලෙකු සහ අයිස්ක්‍රිම් අලෙවි කරන වෙළෙන්දෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර සෙබලා වවුනියාවේ යුධ හමුදා කදවුරකට අනුයුක්තව සේවය කරන බවයි පොලිසිය පැවසුවේ ෴


මේ කිසිම මාධ්‍යක නොගිය කතාවක් – මේ දේ නොකලොත් මේ ආණ්ඩුවටත් මේකම වෙනවා (06.11.2024)

+


වෛද්‍ය චමල් සංජීව ගෙන් විශේෂ හෙළිදරවුවක් – ලංකාවේ HIV ආසාදිතයන් හා සමළිංගිකයන් වැඩිවෙලා (06.11.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *