හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ ලබන 07 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ ලබන 07 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරයි
(04.11.2024 – 12:29 +0530 – hirunews.lk/sinhala)
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ ලබන 07 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) දින නියෝග කර තිබෙනවා.
ඒ, මිරිහාන පිහිටි ඇයගේ නිවසේ නවතා තිබූ මෝටර් රථයක් අධිකරණයේ පෙනී සිටින ලෙස වට්ස්ඇප් මාර්ගයෙන් ලද නොතීසියට අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව ය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ කිසිඳු සම්බන්ධයක් නැති බව ඇය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ මංචනායක මහතා අධිකරණයට කරුණු දැක්වූවේ එය ප්‍රතික්ෂේප කරමින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
පොලීසිය විසින් නොතීසිය යොමු කර තිබූ අතර ඇයගේ නිවසේ තිබූ වාහනය ගැන දැනුවත් භාවයක් තිබූ බවට විමර්ශන ප්‍රගතිය දක්වමින් මිරිහාන පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර ගත කර ඇති අතර අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.
+++++++
මහනුවර කපුවගේ අමුතු වැඩ කරන වාහන යාඩ් එක මෙන්න| Neth Fm Balumgala (04.11.2024)
++++++++
+
“ජනාධිපතිතුමා බලය අයුතු ලෙස පාවිච්චි කිරීමේ විෂමාචාරය කරලා ” – උදය ගම්මන්පිල (04.11.2024)
+
+
වැටලීමට ගිය පොලිසියේ සහායෙන් චීන්නු හෝටලයෙන් පැනලා
(04.11.2024 – lankadeepa.lk)
බේරුවල සංචාරක හෝටලයක රැඳී සිට අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මුදල් වංචාවේ යෙදුණු බව කියන චීන ජාතික පිරිසක් උසස් පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ (2) ආශිර්වාදය මැද්දේ පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
චීන ජාතිකයන් පිරිසක් හෝටලයක රැඳී සිටින බවට ප්‍රදේශයේ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව අපරාධ අංශයක් බාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු කණ්ඩායමක් විමර්ශනයක් සඳහා එම ස්ථානය කරා යොමු කර ඇති අතර එම අවස්ථාවේදී එම ස්ථානයේ චීන ජාතික කාන්තාවක් ඇතුළු දස දෙනකු (10) සිට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එම හෝටලයේ කාමරයක ස්මාට් වර්ගයේ දුරකථන 70 – 80 අතර ප්‍රමාණයක් ලැෆ්ටොෆ් පරිගණක 10 කට අධික ප්‍රමාණයක්ද තිබී ඇති අතර පොලිසිය වැටලීමත් සමගම ඒවා මෙට්ටයක් යට සඟවා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එම අවස්ථාවේදී වැටලීම් භාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් එහි සිටි චීන ජාතිකයන් සතුව බලපත්‍ර තිබේදැයි පරීක්ෂා කිරීමේදී එයින් කිසිවකුටත් වීසා බලපත්‍ර නොතිබූ බවත් අතර කළුතර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු සහ එම ප්‍රදේශය භාර විදේශගතව සිටින තවත් උසස් පොලිස් නිලධාරියකුගෙන් වැටලීම භාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දුරකථන ඇමතුම් ලැබී ඇති අතර ඔහු එම චීන ජාතිකයන්ට කිසිදු පියවරක් නොගෙන එම ස්ථානයෙන් අනෙකුත් පොලිස් නිලධාරින්ද රැගෙන පිටවී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කරුණු වසංකර ඇති අතර ඒ සම්බන්ධයෙන් දැනගත් එම නියෝජ්‍ය පොලිස්පතිවරයා එම චීන ජාතිකයන් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග ලබාදී ඇත ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴