කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් බදුල්ල ප්‍රදේශයේදී පෙරළීමෙන් සිසුවියන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට, 35 කට තුවාල
(01.11.2024 – 09:30 +0530 – hirunews.lk/sinhala)
ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේදී පෙරළී ගොස් තිබෙනවා.
අනතුරට ලක්වූ ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයේ සිටි දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ ආසන්න වශයෙන් 41 දෙනෙකු පමණ පිරිසක් සිට තිබෙන බව බදුල්ල රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.
මෙම අනතුර හේතුවෙන් පුද්ගලයින් 35 දෙනෙකුට වැඩි පිරිසක් බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
+
+
+++++++
බදුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන (3) හා හතරවන (4) කිලෝමීටර් කණු අතර දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින් පිහිටි මාර්ගයේදී ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් මාර්ගයේ පසෙකට පෙරලීයෑමෙන් අද (01) උදෑසන 07:45 ට පමණ සිදුවූ අනතුරකින් එහි ගමන්කල සිසුන් 35 ක පමන පිරිසක්තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුලත් කෙරුනා. ඉන් කිහිපදෙනෙකු ගේ තත්ත්වය බරපතළ බව වාර්තා වනවා.
(01.11.2024 – facebook.com/accident1stofficial/)
+++++
දුන්හිඳ අසළ සරසවි සිසු බසය පෙරැළී තිදෙනෙකු (3) මරුට 35 කට තුවාල
(01.11.2024 – 10:05 +0530 – gossiplankanews.com)
10.05 am update
බදුල්ලේ සිදුවූ බස් රථ අනතුරින් තවත් එක් (1) අයෙකු මියගොස් ඇති අතර මුලදී හඳුනාගත් සිසුවියන්ගේ මරණ දෙක (2) සමග එකතුව මේ වනවිට තිදෙනෙක් (3) මියගොස් ඇති බව වාර්තා වෙයි.
තුවාල ලැබූවන්ගෙන් තවත් හය දෙනෙක් (6) බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි සඳහන් කරයි.
හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පිහිටි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය (KDU) දක්ෂිණ මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටින සිසුන් පිරිසක් මෙම චාරිකාවට එක්ව තිබුණ බව වාර්තා විය.
දුන්හිද ඇල්ල ක්ෂෙත්ර චාරිකාවක් සඳහා සිසුන් පිරිස ගමන් කර තිබූ බවත් වංගුවේදී ‘බ්රේක් වැඩ නොකළ’ බවත් බස් රථය පැදවූ අය දන්වා ඇත ෴
+
+
+
+
මහින්දගේ මවිලකටවත් හානි වුණොත් බලාගෙනයි – නීතීඥ මනෝජ් ගමගේ
(31.10.2024 – lankadeepa.lk)
හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.
ඔහු මේ බව පැවැසූවේ හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව අඩුකිරීමට එරෙහිව රොස්මිඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අද (31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගමගේ මහතා කියා සිටියේ මේ රටේ තිස් වසරක යුද්ධය නිමා කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සදහා ලබාදී ඇත්තේ ජීප් රථ 2 ක්, යතුරුපැදි 2 ක් සහ ත්‍රිරෝද රථයක් බවද කී ගමගේ මහතා ප්‍රශ්න කළේ මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව සලසා දෙනුයේ ත්‍රිරෝද රථයකින්දැයි ප්‍රශ්න කළේය.
මෙරට වැඩිම තර්ජනයක් ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරනුයේ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ මනදොළ පිනවීමට දැයි ඇසූ ගමගේ මහතා කියා සිටියේ කිසියම් පිරිසකගේ උවමනාව මත හිටපු ජනාධිපතවරයාගේ ආරක්ෂාව අඩුකර ඇති බවය.
2020 මාර්තු මස 19 වැනි දින නිසි ආරක්ෂක තක්සේරුවක් මගින් ගත් කැබිනට් තීන්දුවකින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබූ අතර ජනාධිපතිවරයා හෝ කිසියම් අයකු විසින් පත්කරන ලද අනු කමිටුවක් මගින් කැබිනට් තීරණ වෙනස් කිරීම නීති විරෝධී බවද නීතීඥ මනෝජ් ගමගේ මහතා පැවැසීය ෴
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා අඩු කර ඇත.
ප්‍රභූ ආරක්ෂක නිලධරයන් අනුයුක්ත කිරීමේ කමිටුව විසින් ගන්නා ලද තීරණයට අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස් පරිදි විශේෂ ආරක්ෂ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිර්දේශ සහිතව චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා නිලධාරීන් 60 දෙනෙකු, ජීප් රථ 2 ක්, යතුරුපැදි 2 ක් සහ ත්‍රිරෝද රථයක් (1) ලබාදී ඇත.
චක්‍ර ලේඛයට අනුව අතිරික්ත නිලධරයන්ග් නාම ලේඛනය හෙට (2) දිනට පෙර කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබීමට සැලැස්විය යුතු අතර අනිද්දා (3) දිනට පෙර රදවාගත යුතු වාහන සංඛ්‍යාවට වඩා වැඩියෙන් ඇති වාහන පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට බාරදිය යුතු බවද එම චක්‍ර ලේඛයේ සදහන්වේ ෴
++++++
+
ලොහාන් රත්වත්තේගේ තවත් හොර ජීප් රියක් අත්අඩංගුවට.. එක අංකයෙන් ජීප් රථ දෙකක්..
(01.11.2024 – 10:42 +0530 – lankacnews.com)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළ බව කියන ව්‍යාජ අංක තහඩු යෙදු තවත් ජීප් රථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ තෙල්දෙණිය පොලිස් වසමේ අයි.සී.සී. නිවාස සංකීර්ණයේ පාළු නිවසක ගරාජයක් තුළ එම ජීප් රථය නවතා තිබියදී ය.
එහි ව්‍යාජ අංක තහඩුවක් සවිකොට තිබී ඇති අතර ඒ ඔස්සේ සිදු කරන ලද විමර්ශනවලදී එම අංකය හිමි තවත් ජීප් රථයක් පොලිසිය විසින් හඳුනාගෙන ඇත.
අදාල රථය පිළවල ප්‍රදේශයේ කාන්තාවකට අයත් එකක් බවද පොලිසිය කියයි ෴
වෘත්තිය ක්‍රියාමාර්ග හෙට (02) සිට යළි අරඹනවා – දුම්රිය ස්ථානාධිපති සංගමය
(01.11.2024 – aruna.lk)
තම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවලංගු කළේ දිපාවලි උත්සවය හා තැපැල් ඡන්දය නිසා බවත් වෘත්තිය ක්‍රියාමාර්ගය හෙට (02 වැනිදා) සිට ක්‍රියාත්මක කරන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසීය.
සිය උසස් වීම් හා බඳවා ගැනීම් ගැටලුවලට විසඳුම් නොදීම මත දුම්රිය ස්ථානාධිපතිවරුන් පෙරේදා (30 වැනිදා) සවස 04:30 සිට ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම්, ආසන වෙන් නොකිරීම් ඇතුළු සේවාවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි. ඒ වනවිට දිපාවලී උත්සවය වෙනුවෙන් මගීන්ට ආසන වෙන්කරදීම් සියල්ලම අවසන්ව තිබූ බවත් තම සංගමයට දමිළ ප්‍රජාවගෙන් මහජන විරෝධයක් මතු කිරීමේ අරමුණින් දුම්රිය මූලස්ථානය කන්කසන්තුරේ දක්වා අතිරේක දුම්රියක් දැමූ බවත් කී දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපතිවරයා ඒ හේතුව මතම තම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවත් ප්‍රවාහන අමාත්‍යංශයත් එමගින් උත්සහා දරා තිබුණේ තම වැරදි යටගසා ගැනීම බවත් එම උත්සහායට හසු නොවී තම සංගමය ආරක්ෂිත උපක්‍රමයක් ලෙස වර්ජනය අවලංගු කළ බවද කීවේය ෴
රාජගිරිය, ඔබේසේකරපුර වාහන සේවා සපයන ස්ථානයක ගින්නක්
(01.11.2024 – 14:49 +0530 – sinhala.adaderana.lk)
රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබේ.
‘අද දෙරණ’ කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ වාහන සේවා සපයන ස්ථානයක මෙම ගින්න හටගෙන ඇති බවය.
ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ නගර සභාව, ගිනි නිවීමේ ඒකකයෙන් ගිනි නිවීම් රථ 03 ක් සහ සිය දෙපාර්තමේන්තුවෙන් ගිනි නිවීම් රථ 02 ක් යොදවා ඇති බවය.
කර්මාන්තශාලාව තුළ හටගත් ගින්න ඒ අසල පිහිටි ‘නිවාස සංකීර්ණයක්’ වෙතද පැතිරගොස් ඇති බවද ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ගින්න ඇතිවීමට හේතුව හෝ සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණය වී නොමැත.
+++++++
+
+
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴