ඡන්ද විමසීම්වලදී නිවාඩු ලබාදීම – මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ඡන්ද විමසීම්වලදී නිවාඩු ලබාදීම – මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්


ඡන්ද විමසීම්වලදී නිවාඩු ලබාදීම – මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

(05.09.2024 – 17:08 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අය සඳහා ඡන්ද විමසීම්වලදී නිවාඩු ලබාදීම සම්බන්ධව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව සියලු සේවකයින් සඳහා ඡන්දය ලබාදීමට හැකිවන පරිදි නිවාඩු ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව යම් සේවකයෙකු සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යායුතු දුර කිලෝමිටර් 40 හෝ ඊට අඩු වේ නම් දින භාගයක (½) නිවාඩුවක්ද, කිලෝමීටර් 40-100 අතර වේ නම් දින 1 ක් බැගින් ද නිවාඩු හිමි වනු ඇති බව එම නිවේදනයේ සඳහන් වෙයි.

එමෙන්ම කිලෝමීටර් 100-150 ත් අතර වේ නම් දින 1½ ක නිවාඩුවක්ද කිලෝමීටර් 150 ට වැඩි නම් දින දෙකක (2) නිවාඩුවක් ලබා දිය යුතු බවත් එහි සඳහන් ව ඇත.

තවද ඇතැම් ඡන්දදායකයින්ට ස්වකීය ඡන්ද පොළට යෑමට හා ආපසු සේවා ස්ථාන කරා පැමිණීමට දින තුනක (3) කාලයක් ගතවන අවස්ථාද සැලකිය යුතු සංඛ්‍යාවක් ඇති හෙයින් එකී අවස්ථාවන් හිදී දින තුනක (3) නිවාඩුවක් ලබා දීම ද සිදුකළ යුතු බව දන්වා තිබේ.

මෙහිදී සේවා නියුක්තිකයන් විසින් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම් කළ යුතු බවත් සෑම සේවායෝජකයෙකු විසින්ම විශේෂ නිවාඩු ඉල්ලුම් කළ තැනැත්තන් හා නිවාඩු ප්‍රදානය කරන කාලසීමාව දැක්වෙන ලේඛනයක් පිළියෙල කර එය සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවද මැතිවරණ කොමිසම එම නිවේදනයේ සඳහන් කර තිබේ ෴


මගේ ජීවිතයේ හොඳම කාලය කැපකළ පක්ෂය විසින් රණවිරු ජයග්‍රහණ ඉතා නින්දිත ලෙස පාවාදුන්නා (01.09.2024)

+


BIG FOCUS | සර්වජන බලය ජාතික උපායමාර්ගික සැලැස්මේ ඇතුලාන්තය | 2024.09.05

+


05-09-2024

දළඳා වහන්සේ, ශ්‍රී මහා බෝධිය අනාරක්ෂිතයි |මාලිමාව බලයට ආවොත් බුදු දහම ඉවරයි |උලපනේ හිමි සැරටම අමතයි (05.09.2024)

+


රාජ්‍ය බිද වට්ටන නිරාගමික වර්ණ විප්ලව – Mohan Samaranayake (09.07.2024)

+


තරුණියකට හිස කෙස් අහිමි කළ මිනුවන්ගොඩ රූපලාවණ්‍යයාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

(06.09.2024 – 21:14 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක හිසකෙස් සැකසීමට පැමිණි කාන්තාවකගේ කෙස් කළඹ ගැලවී යාමේ සිදුවීමකට අදාලව එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එම රූපලාවන්‍යාගාරයේ භාවිත කරන ආලේපන වර්ග පිළිබඳ වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය පාරිභෝගික අධිකාරියට නියෝග කර ඇත්තේ.

උපන්දින සාදයක් සඳහා කොණ්ඩය සකසා ගැනීමට මිනුවන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක් එම නගරයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් වෙත පැමිණ තිබුණේ පසුගිය 30 වැනිදා පෙරවරුවේදීයි.

එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් දෙදෙනා (2) ඇයට යම්කිසි හිසකෙස් අලංකරණ ද්‍රව්‍යක් යොදා කොණ්ඩය සැකසීම ආරම්භ කර ඇති අතර අනතුරුව එහි හිමිකාරිය එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

කොණ්ඩය සැකසීම අතරතුර අදාල කාන්තාව තමාට යම් අපහසුවක් ඇති බවට සේවිකාවන් දෙදෙනාට (2) දන්වා ඇතත් ඒ පිළිබඳව සේවිකාවන් දෙදෙනා (2) තැකීමක් නොකර කොණ්ඩය සැකසීමේ කටයුතු සිදු කළ බවයි එම කාන්තාව පවසන්නේ.

එම කාන්තාවගේ හිසකෙස් ද ගැලවී ගොස් ඇති අතර එම අවස්ථාවේදී සේවිකාවන් දෙදෙනා (2) එම ස්ථානයෙන් පළාගොස් තිබුණා.

පසුව කාන්තාව මිනුවන්ගොඩ මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර අනතුරුව ඇය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබුණා.

මේ වන විට එම රෑපලාවන්‍යාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් දෙදෙනා (2) ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය විසින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, අදාළ රෑපලාවාන්‍යාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියොග කර තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *