මහනුවර ඇසළ පෙරහැරේ ආසන විකිණීමේ ජාවාරමක්

මහනුවර ඇසළ පෙරහැරේ ආසන විකිණීමේ ජාවාරමක්


මහනුවර ඇසළ පෙරහැරේ ආසන විකිණීමේ ජාවාරමක්

(02.08.2024 – 20:59 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ඇසළ පෙරහැර සමයේ පෙරහැර මාවතේ ආසනයක් රුපියල් 40,000 – 50,000 වැනි ඉහළ මිලකට අලෙවි කෙරෙන බව වාර්තා වනවා.

ඇතැම් පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් පෙරහැර ආසන මෙසේ අළෙවි කරන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

මේ ආකාරයට ඉහළ මිල ගණන්වලට පෙරහැර ආසන අලෙවි කිරීමෙන් පෙරහැර සංවිධායකයින් දේශීය හා විදේශීය වශයෙන් අපකීර්තියට පත්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නමුත් සේවයක් සපයා සුදුසු සාධාරණ මිලක් ලබා ගැනීමට ක්‍රියාකිරීමට කිසිවකුගේ බාධාවක් නොමැති බවද පවසනවා.

එවැනි කටයුතුවලට දළඳා මාළිගාව හෝ සතර මහා දේවාලවල කිසිදු සම්බන්ධයක් නොමැති බවයි දියවඩන නිළමේවරයා අවධාරණය කරන්නේ.

මෙවැනි අසාධාරණ අය කිරීම් පිළිබඳ පැමිණිලි ඇත්නම් පෙරහැර භාරය වෙත දැනුම් දෙන්නැයි දියවඩන නිලමේවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඇසළ පෙරහර මංගල්‍යයේ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් දළදා මාලගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ පැවැති සාකච්ඡාවක දී දියවඩන නිලමේවරයා මේ බව පැවසුවා ෴


ඇප තැබූ අපේක්ෂකයින් සංඛ්‍යාව 14 දක්වා ඉහළට

(02.08.2024 – 18:29 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු 14 දෙනෙකු වෙනුවෙන් අද (02) දිනයවන විට ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත්තේ.

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වැනිදාත් ඊට අදාළ නාමයෝජනා කැඳවීම අගෝස්තු මස 15 වැනිදාත් සිදු කිරීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (02) දින නිකුත්කර තිබූ නිවේදනය පහතින් දැක්වේ :


විද්‍යුත් වීසා සැපයුම් ක්‍රමවේදයට අධිකරණයෙන් අතුරු තහනමක්

(02.08.2024 – 17:58 +0530 – hirunews.lk/sinhala)

විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට (2) ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

එසේම අදාළ සමාගම් සමග ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒම්.ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම නියෝග නිකුත් කර ඇති බවයි ‘හිරු අධිකරණ වාර්තාකරු’ කියා සිටියේ ෴


තැපැල් ඡන්ද අයදුම්පත් කාලසීමාව ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

(02.08.2024 – 15:55 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කර ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළා.

ඒ අනුව කළින් සඳහන් කළ පරිදි එම කටයුතු ලබන සඳුදා (05) අවසන් කෙරෙන බවයි එම කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.

තැපැල් ඡන්දදායකයන්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන මේ දිනවල අදාළ රාජ්‍ය කාර්යාලවල ප්‍රදර්ශනය කෙරෙනවා.

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය වන ලබන සඳුදා (05) හෝ එදිනට පෙර ලැබෙන සේ අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුයි.

ඊට පසු ලැබෙන අයදුම්පත්‍ර සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන අතර අවසන් දිනයේදී අයදුම්පත්‍ර තැපෑලට භාර දීම පමණක්, එම අයදුම්පත්‍ර පිළිගැනීම සඳහා හේතුවක් නොවන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

මේ අතර සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර විශේෂ සාකච්ඡාවක් මේ පැවැත්වුණේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදියි.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සහ ඊට අදාළව පොලිසියේ ක්‍රියාකාරීත්වය පිළිබදව සාකච්ඡා කෙරෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඉදිරි ජනාධිපතිවරණයට අදාළව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස් නිළධාරීන් සඳහා වූ මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

එමෙන්ම සියලු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්, සාකච්ඡාවක් සඳහා හෙට (03) පෙරවරු 09:30 ට මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මොහොතක මැතිවරණ නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය සහ ජනාධිපතිවරණයේ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබදව මෙහිදී දැනුවත් කෙරෙනු ඇති.

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් සභා ලේකම්වරුන්ද ලබන අඟහරුවාදා පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට කැදවා ඇත්තේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුම්දීම සදහායි ෴


2395/33 – 2024-07-31 – Ministry of Public administration, Home Affairs Provincial Council and Local Government – The Holidays Act, No 29 of 1971 Order under Section 04, The Public and bank Holidays for the Year – 2025 :

http://www.documents.gov.lk/files/egz/2024/7/2395-33_S.pdf


මැතිවරණ නීති ගැන සෞඛ්‍ය ලේකම්ට උපදෙස් දෙන්න – වෛද්‍ය චමල් ‘මැකෝ’ට ලියයි

(02.08.2024 – 14:57 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවාවේ ස්ථානමරු, රෝහල් විවෘත කිරිම්, පරිත්‍යාග සම්බන්ධයෙන් මැතිවරණ නීතියට අනුකුලව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට, උපදෙස් ලබා දෙන්නැයි ‘වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ’ සභාපති වෛද්‍ය චමල් සංජීව මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය මැතිවරණ කොමිසමට ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු කියා සිටියේ වෘත්තිය නායකයින් කොළඹ අවට ප්‍රදේශවල ස්ථානවල ස්ථාන මාරු කිරීමට හැකියාව තිබියදී ඔවුන් එකවර කොළඹින් පරිබාහිරව වෙනත් ස්ථානවලට මාරු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී මැතිවරණ කොමිසම දැනුවත් කල බවයි.

එමෙන්ම රෝහල් විවෘත කිරීම සඳහා දේශපාලනඥයින් ගෙන්වා ගැනීම අත්හිටුවන්නත්, සෞඛ්‍ය උපකරණ, ශල්‍ය උපකරණ බෙදා දීම සිදුවනවානම් ඒ සඳහා අමාත්‍යංශ රාජ්‍ය නිලධාරින් පමණක් සම්බන්ධ කර ගන්නා ලෙසත් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සෞඛ්‍ය පද්ධතියේ සම්බන්ධ කර නොගන්නා ලෙස සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් දෙන්නයැයි මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කරමින් වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් කියා සිටියා.

+


විශ්‍රාමිකයින්ගේ අන්තර්කාලීන දීමනාව රුපියල් 5500 දක්වා ඉහළට

(02.08.2024 – 13:16 +0530 – hirunews.lk/sinhala)

විශ්‍රාමික රාජ්‍ය සේවකයින් වෙත දැනට ලබාදෙන රුපියල් 2500 ක දීමනාවට අමතරව තවත් රුපියල් 3000 ක් එක්කොට රුපියල් 5500 ක අන්තර්කාලීන දීමනාවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මෙය එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට ලබාදීමට පියවර ගන්නා බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරන්නේ ෴


දරුවා හප්පා පළා ගිය ලොරි ඩ්‍රයිවර්, ලුහුබැඳ ගිය පියාවත් ලයිට් කණුවක හප්පලා – CCTV

(02.08.2024 – 16:33 +0530 – sinhala.adaderana.lk)

බලන්ගොඩ නගරයේදී යතුරුපැදියක් අනතුරට ලක්කර සත් (7) හැවිරිදි දැරියකට තුවාල සිදුකර පළාගිය ලොරි රථයක් ලුහුබැඳ ගිය පියාව ද අනතුරට ලක්කර ඝාතනය කරන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ.

අනතුරට ලක්වූ දැරියගේ පියා යතුරුපැදියෙන් ලොරිය ලුහුබැඳ ගොස් ලොරියේ රියදුරු අසුන පැත්තේ ඇති වීදුරුවේ එල්ලී රියදුරුව අල්ලා ගැනීමට උත්සාහ දරයි.

එහිදී ලොරි රථයේ රියදුරුව අල්ලා ගැනීමට දැරියගේ පියා උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ ලොරි රථයේ රියදුරු විසින් නොනවත්වා ලොරිය ඉදිරියට ධාවනය කරයි.

ඉන් අනතුරුව ලොරි රථයේ රියදුරු බලන්ගොඩ, කහටපිටිය මාර්ගයේ දී දැරියගේ පියාව විදුලි කණුවක හප්පා පළා ගොස් තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිලිණ රංගලාල් නැමති 32 හැවිරිදි පියෙකු බව පොලීසිය පැවසීය.

දැරියව බල්ලෙකු සපා කා ඇති අතර, පියා සහ මව යතුරුපැදියෙන් බලන්ගොඩ මුලික රෝහලට ගොස් නැවත එමින් සිටිය දී නෙල්ලි මිල දී ගැනීම සඳහා බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළ හරහා යතුරුපැදිය ධාවනය කරන අතරතුර මෙලෙස අනතුරට ලක්ව තිබේ.

තුවාල ලැබු දරුවා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කරන මෙන් පවසා සැමියා ලොරි රථය පිටුපස ලුහුබැඳ ගිය බව මියගිය පුද්ගලයාගේ බිරිඳ පැවසීය.

“ලොකු ලොරියක් ආවා. එන විදියටම මම කෑගැහුවා නවත්තන්න කියලා බයික් එක. ඒ ගමන නවත්තලා තියෙද්දිම ලොරිය වද්දගෙන ගියා. ලොරියේ මැද හරිය වදිනකොටම දරුවා කෑ ගැහුවා අප්පච්චි මගේ කකුල කියලා. ඒ කියනකොටම දරුවායි මායි බැස්සා. ගොඩක් අය වට වුණා. මහත්තයා කිව්වා ඔයා දරුවා අරන් හොස්පිටල් යන්න කියලා. මම ඉක්මනටම අරූ අල්ලගෙන එන්නම් කියලා. ඇහිපිල්ලම් ගහන පරක්කුවෙන් ඒ මිනිහා ගියා. හැරෙව්වා විතරයි එතැනින් එහාට මම දැක්කේ නෑ. මගේ මහත්තයාව ලයිට් කණුවේ හප්පලා මරලා දාලා ගිහින්. මට ඕනේ සාධාරණයක් වෙන්න. මගේ මහත්තයා කුලී වැඩ කරලා හම්බකරලා අපි දෙන්නට කන්න දෙන්නේ. දරුවාට අසීමිත ආදරයක් තියෙන්නේ. දරුවා වෙනුවෙන් මැරෙන්න වුණත් එයා ලෑස්තියි. මගේ දරුවාට තාත්තෙක් ගෙනත් දෙන්න.”

+


රු. 150,000 ක අල්ලසක් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට

(02.08.2024 – 21:18 +0530 – sinhala.adaderana.lk)

රුපියල් 150,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

උස්වැටකෙයියාව ප්‍රදේශයේ, පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිකරු ‘යුක්තියේ මෙහෙයුමේ’ දී ‘අයිස්’ විකුණන බවට නම ඇතුළත් බවට හා එම නම ලේඛනයෙන් ඉවත්කර දීමට මෙන්ම පැමිණිලිකරුගේ නිවස නිරන්තරයෙන් පොලීසිය පැමිණ පරීක්ෂා කිරීම නොකර සිටීමටත් සහ පැමිණිකරුට මින් ඉදිරියට කරදරයකින් තොරව ජීවත්වීමට ඉඩසලසා දීම වෙනුවෙනුත් එම මුදල ඉල්ලා තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහබාගේ පොලීසියේ රථ වාහන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.

අද (02) ප.ව 02:42 ට පමණ වත්තල, මහබාගේ අධිකරණයේ රථගාල ඉදිරිපිට මාර්ගයේ දී ‘අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ’ නිලධාරීන් විසින් එම සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබුණි ෴


පිර­මී­ඩ ජාවාරමෙන් මිලි­යන 800 ක් වංචා කළ ‘එරා මිර­කල්’ සමා­ග­ම­ට වැඩ වරදී

(02.08.2024 – gossiplankanews.com)

නීති විරෝධී තහ­නම් පිර­මී­ඩා­කාර ගනු­දෙ­නු­ව­ලින් රුපි­යල් මිලි­යන 800 කට අධික මුද­ලක් වංචා කළැයි කියන කුරු­ණෑ­ගල ඉබ්බා­ග­මුව ප්‍රදේ­ශයේ ‘එරා මිර­කල්’ පෞද්ග­ලික සමා­ග­මට අයත් ‘ජෙනි­සීස් ව්‍යාපා­රික පාසල’ විකි­ණීම, පැව­රීම, අන්සතු කිරීම වළ­කා­ල­මින් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය කුරු­ණෑ­ගල දිස්ත්‍රික් ඉඩම් රෙජි­ස්ට්‍රා­ර්ව­රි­යට ඊයේ (01) නියෝ­ග­යක් නිකුත් කළේය.‍

මෙම පෞද්ග­ලික පාසල රුපි­යල් ලක්ෂ 170 ක් පමණ වටි­නා­ක­ම­කින් යුක්ත දේපො­ළක් වන අතර, මෙහි සැක­ක­රු­වන් එම දේපොළ විකි­ණී­මට හෝ අන්සතු කිරීම සිදු කළ හොත් එය නඩු­වට අග­ති­යක් විය හැකි බැවින් එය වළ­ක්වා­ලන ලෙසට නියෝ­ග­යක් නිකුත් කර­න්නැයි රහස් පොලි­සිය කළ ඉල්ලී­මක් සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය මෙම නියෝග නිකුත් කළේය.

එම අධ්‍යා­පන ආය­ත­නයේ හිමි­කරු වූ කුරු­ණෑ­ගල ඉබ්බා­ග­මුවේ පදිංචි ‘රණ­සිංහ ආර­ච්චි­ලාගේ ධම්මික කුමාර රණ­සිංහ’ යන අයගේ විදෙස් ගමන් තහ­නම් කර­මින් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙන් මින් ඉහ­තදී නියෝ­ග­යක් නිකුත් කර තිබිණි.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු හා රක්ෂණ නිරා­ව­රණ දෙපා­ර්ත­මේ­න්තුව විසිනි.

පාසලේ හිමි­කරු ආචාර්ය උපා­ධි­යක් සහිත පුද්ග­ල­යකු වශ­යෙන් පෙනී සිටි­මින් කට­යුතු කර දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල තැන්ප­ත්ක­රු­ව­න්ගෙන් රුපි­යල් මිලි­යන 786,846,316.00 ක මුද­ලක් වංචා කර ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කර තිබිණි. මාර්ග­ගත අධ්‍යා­පන පැකේජ සප­යන පාස­ලක් ලෙස ප්‍රව­ර්ධ­නය කර­මින් ‘යූඑ­ස්ඩීටි 50’ පැකේ­ජ­යක් සඳහා මෙම පාසල පැකේජ දෙකක් (2) හෝ තුනක් (3) සප­යන බව කිය­මින් මෙම පාසලේ හිමි­කරු කට­යුතු කර ඇතැයි ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *