“පාස්කු ප්‍රහාර පරීක්ෂණ යට ගසා ඇත්තේ ගෝඨාභයයි…” – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

“පාස්කු ප්‍රහාර පරීක්ෂණ යට ගසා ඇත්තේ ගෝඨාභයයි…” – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්


“පාස්කු ප්‍රහාර පරීක්ෂණ යට ගසා ඇත්තේ ගෝඨාභයයි…” – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

(18.05.2024 – 14:10 +0530 – lankacnews.com)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල ඉදිරියට යාම වළක්වාලමින් කටයුතු කරනු ලැබ ඇත්තේ ‘හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ’ විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම කරුණු අනාවරණය කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ විසින් බලය ලබාගත් විගස ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත් වූ නිලධාරින් තිස් දෙනෙකු (30) මාරුකර යවා ඇති බව ඔහු මෙහිදී හෙළිකරයි.

මින් ඇතැම් නිලධාරීන් මාරුකර යවා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ පවා දිවුරුම් දීමට පෙර බව ඔහු පවසයි.

මේ අතර පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ රැඳී සිටිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ‘සහරාන් හෂීම්’ රැඳී සිටි කාමරයේ ඔහුට පෙර නවාතැන් ගෙන සිටි අමුත්තන් සම්බන්ධ තොරතුරු සියල්ල අතුරුදන් වීමේ සිදුවීමක් පිළිබඳ ද ඔහු මෙහිදී කරුණු හෙළිකර තිබේ.

+


ඩයනාගේ රෙදි ලෙෆ්ට්! ඕෂල සියල්ල එළියට අදිමින් මාධ්‍ය ඉදිරියේ විශේෂ අනාවරණයක (18.05.2024)

+


වෙල්ලමුල්ලි වයික්කාල් සැමරුම වැල්ලවත්ත උණුසුම් කරයි

(18.05.2024 – 15:13 +0530 – hirunews.lk/sinhala)

මෙරට පැවැති යුද්ධයේ අවසානය සිදු වු වෙල්ලමුල්ලි වයික්කාල් සටන සිහිකරමින් වැල්ලවත්ත වෙරළ තීරයේ දි පිරිසක් සැමරුමක් ආරම්භ කර තිබෙනවා.

ඊට සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් පිරිසක් විරෝධය පළ කළා.

එහිදී පොලිසිය සමග ඇතිවූ උණුසුම් තත්ත්වයකින් අනතුරුව විරෝධය පළ කළ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

++++++++++

+


බාල ඖෂධ ගෙන්වීමට පියවර ගත් සියලු නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක්

(18.05.2024 – 15:26 +0530 – hirunews.lk/sinhala)

චේතනාන්විතව තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීමට පියවර ගත් ‘ඖෂධ නියාමන අධිකාරියේ’ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්’ ඉල්ලා සිටිනවා.

ඒ, 2022 – 2023 වසරවල රටේ ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කළ ‘විශේෂ විගණන වාර්තාව’ පදනම් කරගනිමින් පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේයි.

2022 – 2023 වසරවල රටේ ඖෂධ අවශ්‍යතාව, ප්‍රසම්පාදනය, සැපයුම, බෙදාහැරීම හා නියාමනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවක් පසුගියදා විගණකාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබූවා.

මෙම විගණන වාර්තාව පිටු 850 කට අධික සංඛ්‍යාවකින් යුක්ත වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් පද්ධතියක් සම්බන්ධව විගණකාධිපතිවරයෙක් නිකුත් කළ විශාලතම විගණන වාර්තාව මෙය බවයි වාර්තා වන්නේ.

පසුගිය කාලය තුළ ලංකාවට ගෙන්වන ලද හෝ ලංකාවේ නිෂ්පාදනය කළ, භාවිතයෙන් ඉවත් කළ තත්ත්වයෙන් බාල ඖෂධවල වටිනාකම රුපියල් මිලියන 25,000 කට අධික බව මෙම විගණන වාර්තාවේ දැක්වෙනවා.

ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාවලදී ඖෂධ 11 ක් සඳහා පමණක් රටට අහිමි වී ඇති මුදල රුපියල් මිලියන 709 ක් බවත්, තවත් ඖෂධ 4 ක් නිසා අහිමි වී ඇති මුදල රුපියල් මිලියන 187 ක් බවත් වාර්තාවේ සඳහන්.

රට තුළට ගෙන්වන ඖෂධවලින් 95% ක් නියමිත තත්ත්ව රසායනාගාරවලදී පරීක්ෂණයට ලක් නොවන අතර පරීක්ෂණයට ලක්කරන ඖෂධවලිනුත් 5 න් 1කට (1/5) තත්ත්ව හානි සිදුවන බව විගණන වාර්තාවේ දැක්වෙනවා.

එසේම පසුගිය කාලය තුළ රෝගීන්ට ලබා දුන් ඖෂධ තත්ත්වයෙන් බාල බව දැනගන්නා විට බොහෝ ඖෂධ වර්ගවලින් 50% ක් ඉක්මවා රෝගීන්ට ලබා දී අවසන් බව විගණන වාර්තාව මගින් අනාවරණ කරනවා.

+


ආපදාවට පත් මෙරට ධීවරයින් පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

(18.05.2024 – 15:33 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර මුහුදේදී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් මුදා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී, ආපදාවට ලක් වූ ‘අස්වර්’ නමැති මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් බේරා ගැනීමට ඊයේ (17) දින නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුම මඟින් ධීවරයින් තිදෙනෙකු (3) මුදා ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඉන් එක් (1) ධීවරයෙකු ත්‍රිකුණාමලය වරාය වෙතත්, අනෙක් දෙදෙනා (2) වාලච්චේන ධීවර වරාය වෙතත් ගෙන ඒමට කටයුතු කළ බවයි.

ධීවරයින් 05 දෙනෙකු රැගත් ‘අස්වර්’ නම් මෙම බහුදින ධීවර යාත්‍රාව වාලච්චේන ධීවර වරායෙන් මැයි මස 12 වැනිදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, මෙරටට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී ආපදාවට ලක් වී තිබෙනවා.

මෙලෙස නිරුපද්‍රිතව බේරා ගත් ධීවරයින් තිදෙනා (3) ගෙන් එක් (1) අයෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටි බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමුකර තිබෙනවා.

ආපදාවට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 05 දෙනාගෙන් එක් (1) ධීවරයෙකුගේ මෘත දේහය මේ වනවිට හමුවී ඇති බවත්, අනෙක් ධීවරයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් නාවික හමුදාව සඳහන් කළා.

+


ඊශ්‍රායලයේ රැකියා පෙන්වා ගමන් බලපත්‍ර එකතු කළ දෙදෙනෙක් (2) රිමාන්ඩ්

(18.05.2024 – 16:30 +0530 – hirunews.lk/sinhala)

රැකියා ඇණවුමක් නොමැතිව ඊශ්‍රායලයේ රැකියා දෙන බව පවසා විදේශ ගමන් බලපත්‍ර 178 ක් සහ ඊට අදාල ලියකියවිලි ලග තබා ගත් පෞද්ගලික විදේශ රැකියා ආයතනයක සේවකයන් දෙදෙනෙකු (2) අනිද්දා (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

‘විදේශ සේවා නියුක්ති කාර්යංශයේ’ නිලදාරීන් විසින් සිදු කළ වැටලීමක දී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ ඉසිපතන මාවතේ පිහිටි විදේශ රැකියා ආයතනයක සේවකයින් දෙදෙනෙක් (2) ෴


දුම්රියෙන් සිරිපා යන ගමන් සිසුවියකට හිරිහැර කළ 6 ක් අත්අඩංගුවට

(18.05.2024 – 17:51 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් සයදෙනෙකු (6) ඊයේ (17) පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසුවා.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරමින් සිටි තරුණයන් සයදෙනෙක් (6), එම දුම්රියේම ගමන් කරමින් සිටි හැටන් ප්‍රදේශයේ පදිංචි විශ්වවිද්‍යාල සිසුවියකට හිරිහැර කර තිබෙනවා.

එම තරුණයින් අවස්ථා කිහිපයකදි සිදුකල හිරිහැර දරාගත නොහැකිව සිසුවිය විසින් දෙමව්පියන්ට දුරකථනයෙන් ඒ පිලිබඳව කළ දැනුම්දීමට අනුවයි සිසුවියගේ දෙමව්පියන් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

එම පැමිණිල්ල මත හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකකාර තරුණයන් හයදෙනා (6) හැටන් දුම්රිය ස්ථානයේදි අත්අඩංගුවට ගනු ලැබුවා ෴


ට්‍රාන්ස්ෆෝමරයක් ආසන්නයේ නාඳුනන මළ සිරුරක්

(18.05.2024 – 18:01 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ, ඉහළ යාගොඩ, ශෛල බිම්බාරාම පන්සල පාර අසල විදුලි ට්‍රාන්ස්ෆෝමර ආසන්නයේ වැටී සිටි නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් (1) පොලීසිය විසින් අද (18) සොයාගෙන තිබෙනවා.

එහිදී, වයස අවුරුදු 30 ක් පමණ වන බවට සැක කෙරෙන මෙම පුද්ගලයා සතුව අනන්‍යතාවය තහවුරු කරගැනීම පිණිස වූ කිසිවක් නොතිබුන බවත්, රෙදි බෑගයක් සහ බෙහෙත් වර්ග කිහිපයක් පමණක් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලිසිය සැකකරන්නේ මෙම පුද්ගලයා විදුලි රැහැන් කැපීමට ගොස් විදුලි සැර වැදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ගනේමුල්ල පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබනවා ෴

++++++++++

+


ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් (18) වැසේ

(18.05.2024 – 18:17 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගය අද (18) දිනයේද රාත්‍රී 08:00 සිට හෙට (19) උදෑසන 06:00 දක්වා වසා තැබෙන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

මේ වනවිට ඇල්ල – කරඳගොල්ල නායයෑමේ ප්‍රවණතාවයක් සක්‍රීය වී ඇති ප්‍රදේශයේ සිට විශාල වශයෙන් රොන්මඩ සහිත ජලය ගලා ඒම නිසා වාහන එම ස්ථානය පසු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින් මහජනයාගේ ආරක්ෂාව සලකා මෙම පියවර ගත් බවයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ෴


පාර්ලිමේන්තුව විසුරුවන දවස උදයංග වීරතුංග හෙළිකරයි (18.05.2024)

+


සාපකාරී ත්‍රස්තවාදය පරාජය කර අදට (18) වසර 15ක්… ඒක ආරම්භ වුණේ මෙහෙමයි…

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *