සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහයක් වෙත මුදාහැරීම : ටියුෂන් ගුරෙකුට වැඩ වරදී

සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහයක් වෙත මුදාහැරීම : ටියුෂන් ගුරෙකුට වැඩ වරදී


සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහයක් වෙත මුදාහැරීම : ටියුෂන් ගුරෙකුට වැඩ වරදී

(12.05.2024 – divaina.lk)

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහයක් වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් අද (12) එම සැකකරු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අදාළ වට්ස්ඇප් සමූහයේ සාමාජිකයින් 1,025 දෙනකු සිටින බවටද මූලික විමර්ශනවලින් හෙළි වී තිබේ ෴


කුලි­යා­පි­ටියේ අතු­රු­දන් තරු­ණ­යාගේ මර­ණ­යට හේතුව කියන්න සති 6 ක් යාවි – හලා­වත දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ

(11.05.2024 – dinamina.lk)

මාදම්පේ පනි­රෙ­න්ඩාව රක්ෂි­ත­යෙන් හමු වූ කුලි­යා­පි­ටියේ අතු­රු­දන් තරු­ණ­යාගේ මර­ණ­යට හේතුව කුම­ක්දැයි නිශ්චිත වශ­යෙන් ප්‍රකාශ කිරී­මට සති හයක (6) පමණ කාල­යක් ගත වනු ඇති බව හලා­වත දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එස්. ඇන්ටන් ප්‍රනාන්දු මහතා සඳ­හන් කළේය.

හලා­වත රෝහලේ විශේෂ අධි­ක­රණ වෛද්‍ය වරුණ වන්නි­ආ­රච්චි මහතා විසින් මේ සිරුර සම්බ­න්ධ­යෙන් මූලික පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යක් සිදු කර ඇතත් තව­දු­ර­ටත් විද්‍යා­ත්මක පරී­ක්ෂණ කිහි­ප­යක් පවත්වා මර­ණ­යට හේතුව නිශ්චිත ලෙස තහ­වුරු කර­ගැ­නී­මට ඇති බැවින් මෙප­මණ කාල­යක් ගත වන බවද රෝහල් අධ්‍ය­ක්ෂ­ව­රයා පැව­සීය.

සිය පෙම්ව­ති­යගේ පියා­ගෙන් ලද කැඳ­වී­ම­කට අනුව පසු­ගිය අප්‍රේල් 22 දා උදෑ­සන කුලි­යා­පි­ටිය වස්සා­වුල්ලේ පිහිටි පෙම්ව­ති­යගේ නිවෙ­සට ගිය මොහොතේ සිට අතු­රු­දන්ව සිටි ‘සුසිත් ජය­වංශ’ (31) නමැති තරු­ණ­යාගේ මළ සිරුර පොලි­සිය විසින් සොයා­ගනු ලබන්නේ පසු­ගිය 07 දාය. පෙම්ව­ති­යගේ පියාගේ සහෝ­ද­රි­යගේ සැමියා අත්අ­ඩං­ගු­වට ගෙන කළ ප්‍රශ්න කිරී­මේදී හෙළි වූ තොර­තුරු මත සිරුර සොයා­ගනු ලබන්නේ පනි­රෙ­න්ඩාව රක්ෂි­තය තුළ­දීය.

සිරුර සොයා ගන්නා විට එය බොහෝ සේ නරක්ව තිබී ඇත. අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු පවසා ඇත්තේ පහර දී ගෙල සිර කර මේ ඝාත­නය කළ බවයි. සොයා­ගන්නා විට මස් දිය වී බොහෝ සේ මළ සිරුර නරක් වී තිබීම හේතු­වෙන් මර­ණය සිදුව ඇති ආකා­රය ගැන සිදු කරන පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යට යම් සැල­කිය යුතු කාල­යක් ගත වනු ඇති බව සඳ­හන්ය. මෙහිදී මර­ණය සිදුව ඇත්තේ සැබෑ ලෙසම ගෙල සිර කිරී­ම­කින්ද? පහ­ර­දී­ම්ව­ලින් අස්ථි බිඳීම් සිදුව තිබේද? වසක් විෂක් ශරී­ර­ගත කර තිබේද? ආදි බොහෝ සැක සහිත අවස්ථා පරීක්ෂා කිරී­මට වෛද්‍ය­ව­රුන්ට සිදුව ඇත.

මේ ඝාත­නය සම්බ­න්ධ­යෙන් මේ වන විට කුලි­යා­පි­ටිය පොලි­සිය සැක­ක­රු­වන් 8 දෙනකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඒ අය අතර ඝාත­නය වූ තරු­ණ­යාගේ පෙම්ව­ති­යගේ මවු­පි­යන්ද, පියාගේ මවු­පි­යන්ද සිටින බව කුලි­යා­පි­ටිය පොලී­සිය කියයි ෴

++++++++++

+

+


කලු පාට වෙස්මුහුණු දාගෙන ආපු කල්ලියක් කටුගස්තොට ව්‍යාපාරික ස්ථානයකට කඩා පනී (12.05.2024)

+


ලෝක මව්වරුන්ගේ දිනය : මං වගේ දුක්විඳින වෙන ගෑනියෙක් මේ ලෝකෙ තව නැතුවැති සර් | දරුවන් ජීවත් කරවන්න අනේක දුක්විඳින අම්මා (12.05.2024)

+


කට්ටිය ගහන ගැහිලි එකින් එක වසන්ත හෙළිකරයි | ඇඟ හිරිවැටෙන වසන්ත කළ හෙළිදරව්ව (12.05.2024)

+


ඇල්ල – කරඳගොල්ල නායයෑම් සක්‍රීය වූ ස්ථානයේ පොළව අභ්‍යන්තරයේ ජලය ඉවත් කිරීම අරඹයි

(12.05.2024 – 10:15 +0530 – hirunews.lk/sinhala)

ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයේ නායයෑම් සක්‍රීය වී ඇති ස්ථානයේ පොළව අභ්‍යන්තරයේ රැදී ඇති ජලය ඉවත් කිරීම සාර්ථකව ආරම්භ කළ බව ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය’ ප්‍රකාශ කළා.

එහි නායයාම් පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ, ආචාර්ය ගාමිණි ජයතිස්ස සඳහන් කළේ යන්ත්‍රයකින් විද එහි ජලය ඉවත් කිරීම ආරම්භ කළ බවයි.

ඇල්ල – කරඳගොල්ල නායයාම පසුගිය 25 වැනිදා අලු‍යම් කාලයේ ආරම්භ වූ අතර ‘හිරු ප්‍රවෘත්ති’ මගින් එය පළමු වරට අනාවරණය කළා.

කරඳගොල්ල සහ මලිත්තගොල්ල ප්‍රදේශවාසීන් දිගින් දිගටම චෝදනා කළේ මෙම නායයාමේ අවදානම සහ ‘උමා ඔය ව්‍යාපෘතියේ’ සම්බන්ධයක් ඇති බවටයි.

එවන් පසුබිමක ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය’ පසුගිය 01 වැනිදා මෙම ස්ථානයේ විද්‍යාත්මක පරීක්ෂණයක් ආරම්භ කළා.

ඒ, මෙම නායයාමේ අවදානම සහ ‘උමා ඔය ව්‍යාපෘතිය’ අතර යම් සම්බන්ධයක් ඇත්ද යන්න පිළිබඳව අනාවරණ කර ගැනීම සඳහායි.

ඒ අනුව පරීක්ෂණයේ මූලික වාර්තාවෙන් සඳහන් කළේ මීට පෙර අවස්ථා ගණනාවකදී නායයාමට ලක්වූ ස්ථාන කිහිපයක් යළි සුළු වශයෙන් සක්‍රීය වීම මෙහිදී සිදුව ඇති බවයි.

ඒ අනුවයි එම ප්‍රදේශයේ අභ්‍යන්තරයේ පිහිටි ජලය ඉවත් කිරීම සිදු කර ඇත්තේ ෴


ළදරු කිරි බෝතලෙන් මතුවූ භයානක දේ

(12.05.2024 – 10:14 +0530 – hirunews.lk/sinhala)

ළදරු කිරිබෝතල් බහාලුමක සඟවා තිබූ අත් බෝම්බ දෙකක් (2) සහ පතුරම් තොගයක් සමග සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ රියැදුරුකු වැලිපැන්න සිරිසඳ, කොලැහැකඩ, නවුත්තුඩුවේ නිවෙසකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

වැලිපැන්න පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි නිලධාරියාට ලැබුණු තොරතුරක් අනුව වැලිපැන්න පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙවා සොයාගත් බව වැලිපැන්න පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් (2), ටී.56 වර්ගයේ පතුරම් 16 ක්, මිලිමීටර් 9 වර්ගයේ පතුරම් 2 ක් ,බෝර 12 පතුරම් 2 ක් සැකකරු සන්තකයේ තිබී මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(12.05.2024 – 10:49 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ලෙස ළඟ තබාගත් රත්තරන් බවට සැක කරන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පුත්තලම පොලිස් කොට්ඨාශ විමර්ශන කාර්යාංශය එක්ව සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදි මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 34 ක් වන අතර ඔහු කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු සමඟ පොලිස් භාරයට ගත් පුරාවස්තු තොගය නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් කොට්‌ඨාස අපරාධ විමර්ෂණ කාර්යාංශය වෙත බාර දීමට කටයුතු කර තිබුණා ෴


මෛත්‍රී ඉල්ලා අස් වෙයි; සභාපතිකම විජේදාසට, වැඩබලන ලේකම්කම කීර්තිට

(12.05.2024 – 12:09 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ’ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.

අද (12) කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයක පැවැති පක්ෂයේ විධායක සභාවේ දී ඒ බව දැනුම් දී ඇති අතර, ඔහුගෙන් පුරප්පාඩු වූ පක්ෂයේ සභාපති ධුරය සඳහා අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පත් කිරීමට එම විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

මේ අතර එම පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා ලෙස නීතීඥ කීර්ති උඩවත්ත පත් කිරීමට පක්ෂයේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් මෙම විධායක සභාව කැඳවා තිබුණේ අර්බුදයට මුහුණ දී ඇති ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය’ විසින්.

+


මධ්‍යම පළාතේ රෝහල් හෙට (13) වර්ජනයක්

(12.05.2024 – 13:29 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම පළාතේ සියලු රෝහල් කේන්ද්‍ර කරගනිමින් හෙට (13) දිනයේ වර්ජනයක් සිදුකිරීමට සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් තීරණය කර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය වෘත්තිකයින්ට ලබාදෙන දීමනා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් මුල්කර ගනිමින්.

වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000 කින් ඉහළ දැමූ ‘ප්‍රදාන හා නිර්බාධක දීමනාව’ හෙවත් ‘ඩැට් දීමනාව’ තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් ඒකාබද්ධව අවස්ථා කිහිපයකදී වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වුණා.

එහි ආසන්නතම වර්ජනය ක්‍රියාත්මක කෙරුණේ උතුරුමැද පළාත කේන්ද්‍ර කරගනිමින්.

එහි මීළග පියවර ලෙස හෙට (13) දිනයේදී මධ්‍යම පළාතේ රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කළේ ෴


ත්‍රීවිල් රථයක් උස්සපු 15 වේ දරුවා පොලිසියට කොටුවෙයි

(12.05.2024 – 15:24 +0530 – hirunews.lk/sinhala)

ත්‍රීරෝද රථයක් ඇතුළු සොරකම් ගණනාවක් සම්බන්ධ‍යෙන් වයස අවුරුදු 15 යි මාස 06 ක පිරිමි දරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගත්තේ සොරා ගත් ත්‍රීරෝද රථයෙන්ම යමින් සිටියදී බවයි පොලිසිය පවසන්නේ.

ඉකුත් 10 වැනිදා ත්‍රීරෝද රථය සොරාගෙන තිබූ අතර පසු දින (11 වැනිදා) මොරටුව කටුකුරුන්ද ප්‍රදේශයේ වැටලීමකදී අත්අඩංගුවට ගත් බවයි එගොඩඋයන පොලීසිය වාර්තා කාළේ.

සැකකාර දරුවා පාසල් නොයන අයකු බවද තහවුරු වී තිබෙනවා.

ත්‍රීරෝද රථයේ රියදුරු වශයෙන් සිටි තැනැත්තා සතුව තිබූ ‘අයිස්’ මත්ද්‍රව්‍ය මිලිගෑම් 5,200 ක් සොයා ගැනීමටද එගොඩඋයන පොලීසියේ අපරාධ අංශය සමත් වුණා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී නිවෙස් තුනකින් (3) සොරාගත් වාහන කැසට් යන්ත්‍රයක් හා නවීන ජංගම දුරකථන දෙකක් (2) පුද්ගලයින් දෙදෙනකුට (2) අඩු මුදලකට විකුණා තිබියදී සොයාගත් බව පොලිසිය පවසනවා.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය පවත්වනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *