අධ්‍යයන පොදු සහතික පත්‍ර සා.පෙළ 10,000 කට අයදුම් නොකළ විෂයක් ඇවිත්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සා.පෙළ 10,000 කට අයදුම් නොකළ විෂයක් ඇවිත්
(03.05.2024 – 20:15 +0530 – sinhala.adaderana.lk)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර (2) අයදුම්කරුවන් එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000 කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබීමෙන් දුෂ්කරතාවට පත්ව තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, තාක්ෂණික කරුණක් හේතුවෙන් පැනනැගුණු එම ගැටලුව නිරාකරණය කර ඇති බවය.
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 වනදා ආරම්භවීමට නියමිතය.
මෙවර විභාගය සඳහා 452,979 දෙනෙකු අයදුම්කර ඇති අතර ඉන් 65,331 දෙනකු පෞද්ගලික අයදුම්කරුවන් වේ.
අදදෙරණ BIG FOCUS වැඩසටහනේදී විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් අප මේ පිළිබඳ විමසූ විට ඔහු පැවසුවේ මේ වන විට එම පැනනැගුණු ගැටලුව නිරාකරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ පාසල්වලට දැනුම් දී ඇති බවත් විභාගයෙන් පසුව කිසිවිටෙකත් අයදුම්කරුවන් විභාගයට පෙනී නොසිටි බවට සලකුණු නොවන බවත්ය.
මේ අතර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන පවතින පාසල් අතුරින් 35% කට ආසන්න ප්‍රමාණයක ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ එලෙස මදුරුවන් සිටින බවට හඳුනාගත් පාසල් පිරිසිදු කිරීමට හෙට (04) සහ අනිද්දා (05) නිවාඩු දින දෙකෙහි (2) අවශ්‍ය පියවර ගන්නා ලෙසට පාසල් බලධාරීන්ට සහ දෙමාපියන්ට දැනුම් දී ඇති බවය.
+++++++
O/L ප්‍රශ්න පත්‍රයේ මතු වූ තාක්ෂණික ගැටලුව – කවුද වගකියන්නේ මේකට? මේක බරපතල තත්ත්වයක් (03.05.2024)
+
ලාල් කාන්තගේ අන්දෝලනාත්මක ප්‍රකාශයට විරෝධයක් – “මාක්ස්වාදීන්ගේ දැවැන්ත පුවරු මෙවර නැහැ” (03.05.2024)
+
මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරි නිෂ්පාදනාගාරයකටත් සීල් (03.05.2024)
+
රඹුක්කන කතක් ජලභීතිකාවෙන් ජීවිතක්ෂයට
(03.05.2024 – dinamina.lk)
බල්ලකු වම් අතේ ඇඟිල්ලක් සපා කෑමෙන් ජලභීතිකාව සෑදී කාන්තාවක් පෙරේදා (01) මිය ගොස් ඇතැයි රඹුක්කන පොලිසිය පැවැසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ රඹුක්කන, අසෝකපුර, අංක 42 නිවෙසේ පදිංචිව සිටි 61 හැවිරිදි පස්යාල ආචාරිගේ චන්ද්‍රාවතී නමැති එක් දරු මවකි. ඇයට පිරිමි දරුවෙක් සිටින බවත් එම දරුවා ඔහුගේ බිරිය, දරුවන් සමඟ මහගෙදර පදිංචිව සිට ඇති බවත් පොලිසිය පැවැසීය. මෙම කාන්තාව වසරක පමණ කාලයක සිට නිවෙසේ මීටර් 300 ක් පමණ ඈතින් තනිවම පදිංචිව සිටින අවිවාහක වයෝවෘද්ධ කාන්තාවකගේ තනි නොතනියට රාත්‍රි කාලයේ ගොස් පසුදා යළි නිවෙසට පැමිණෙන බවත් පොලිසිය පැවැසීය.
මීට මාස දෙක හමාරකට (2½) පමණ ඉහතදී දිනක පෙරවරුවේ වයෝවෘද්ධ කාන්තාවගේ නිවෙසේ සිටියදී බලු පැටියෙක් එම නිවෙසට පැමිණ ඇති බවත්, ‘එම බලු පැටවා ලස්සනයි හදා වඩා ගැනීමට හොඳයි’ යැයි පවසා ඇය විසින් බලු පැටවා අල්ලා ඇති බවත් පොලිසිය පැවැසීය. පසුව නිවෙසේ හිමිකාරිය වෙළෙඳසලට යන බව පවසා පිටව ගොස් ඇති බවත්, එම අවස්ථාවේදී ඇය බලු පැටවා නෑවීමට ගිය විට වම් අතේ ‘ඇඟිල්ලක් සපා කා පැනගොස් ඇති’ බවත් පොලිසිය පැවැසීය.
පසුව කාන්තාවට කෑම සහ ජලය පානය කිරීමට නොහැකිවී ඇති අතර ඇති වූ අසනීප තත්ත්වය හේතුවෙන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවැසීය. කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඇය පෙරේදා (01) මියගොස් ඇති බව පොලිසිය කියයි.
මිය ගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (02) කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය බණ්ඩාරගේ සංජය බණ්ඩාර විසින් සිදු කරන ලද අතර, ‘බල්ලකු සපා කෑමෙන් ජලභීතිකා රෝගය වැලදී සිදු වූ මරණයක්’ බවට කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය තීන්දු කළාය. එහිදී හදිසි මරණ පරීක්ෂකවරිය මිය ගිය තැනැත්තියගේ පිරිමි දරුවාට කියා සිටියේ මිය ගොස් ඇති මවට කිසිම අසනීප තත්ත්වයක් නොමැති බවත් ජලභීතිකාව පමණක් සෑදී මරණය සිදුව ඇති බවත්ය. මිය ගිය කාන්තාවගේ අවසන් කටයුතු ඊයේ (02) රඹුක්කන දී සිදු කිරීමට නියමිතව තිබුණි.
රඹුක්කන පොලිසියේ පොලිස් සැරයන් ලලිත් (46709) නිලධාරියා විමර්ශන කටයුතු සිදු කළේය ෴
මම සජිත් ආශ්‍රය කරන්නේ යාළුවෙක් විදිහට, වැඳගෙන ඉන්න බැතිමතෙක් නෙමෙයි – දමිතාට වංචා කරන්න ඕන නෑ – පේෂල මනෝජ් (03.04.2024)
+
දෙමාපියන් හා ගුරුවරුන්ගේ කර මතින් ගොස් ගෞරවය ලැබු විදුහල්පතිනිය
(04.05.2024 – 09:38 +0530 – hirunews.lk/sinhala)
වවුනියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කළ කමලඅම්බිගෙයි සොක්කලිංගම්ගේ විශ්‍රාම යෑම නිමිත්තෙන් විදුහල්පතිනිය වෙත ගෞරවය පිරිනැමීමේ උත්සවයක් ඊයේ (03) විද්‍යාලයේදී පවත්වා තිබෙනවා.
විදුහල්පතිනිය විද්‍යාලීය දරුවන්ගේ දෙමාපියන් හා ගුරුවරුන් විසින් කරමතින් රැගෙන ගොස් ගෞරවය පිරිනැමීම එහිදි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
පැරණි දෝලාවක් වැනි පුටුවක් සකස් කොට ඒ මතින් විදුහල්පතිනිය පාසල වටා රැගෙන ගොස් ගෞරව දැක්වීමට විද්‍යාලීය දරුවන්ගේ දෙමාපියන් කටයුතු කර ඇති බවද සඳහන්.
විදුහල්පතිනිය විද්‍යාලයේ සේවය කළ අවස්ථා කිහිපයකදීම වවුනියාව දිස්ත්‍රික්කයේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල විද්‍යාලයට ලබාදීමට කටයුතු කළ බවයි දෙමාපියන් පැවසුවේ.
කිසිදු අතිරේක ආර්ථික ප්‍රතිලාභයක් නොලබා විද්‍යාලීය දරුවන් අධ්‍යාපනය නංවාලීමට විදුහල්පතිනිය නිරතුරුව කටයුතු කළ බැවින් විදුහල්පතිනිය විශ්‍රාම යන දිනයේ තමන්ගේ කර මතින් රැගෙන යාමට කටයුතු කළ බවද දෙමාපියන් වැඩිදුරටත් සඳහන් කර සිටියා.
දෙමාපියන් පැවසූවේ මුදල මතම යැපෙන සමාජයක තම වැටුපෙන් කොටසක්ද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට විදුහල්පතිනිය ඇතැම් අවස්ථාවල කටයුතු කර ඇති බවයි.
+++++++++++
+
පුද්ගලයින් 100 කට ෆෝන් 142% ක්
(04.05.2024 – 11:25 +0530 – hirunews.lk/sinhala)
මෙරට ස්ථාවර දුරකතන භාවිතාකරන පුද්ගලයින් මෙන් 14 ගුණයකට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකථන භාවිතාකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කළ 2023 ආර්ථික විවරණ වාර්තා මගින් අනාවරණය වෙනවා.
ඒ අනුව, ස්ථාවර දුරකතන භාවිත කරන පුද්ගලයින් 10.5% ක් වන අතර, ජංගම දුරකතන භවිත කරන පුද්ගලයින් 142% ක් වන බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.
එමෙන්ම, මෙරට අන්තර්ජාල සබඳතා ඝනත්වය පුද්ගලයින් 103% ක් බවද මේ වාර්තාවල දැක්වෙනවා ෴
අමාත්‍යංශ දෙකක (2) විෂය පථ වෙනස් වෙයි
(04.05.2024 – 11:21 +0530 – hirunews.lk/sinhala)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යංශ දෙකක (2) විෂය පථ වෙනස් කරමින් ‘අති විශේෂ ගැසට් නිවේදනයක්’ නිකුත් කර තිබෙනවා.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහුට පැවරී ඇති බලතල අනුවයි.
ඒ අනුව ‘ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත’ යටතට ‘ජාතික ජල ශාස්ත්‍රීය පනත’ අන්තර්ගත කර තිබෙනවා.
එමෙන්ම ‘පෙර පාසල් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාතමක කිරීම’, ‘අධ්‍යාපන අමාත්‍යංශය’ ශීර්ෂයට යටතට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම ගැසට් නිවේදනය මැයි මස 03 වැනිදා සිට ක්‍රියාත්මකයි.
රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලබා නොදීම ගැටලුවක්
(04.05.2024 – 13:57 +0530 – hirunews.lk/sinhala)
ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලබා නොදීම ගැටලු සහගත බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.
ඔහු සඳහන් කළේ පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු බලධාරීන් ඒ සඳහා මැදිහත් විය යුතු බවයි.
මේ අතර, ආසියානු සංවර්ධන බැංකුවේ 57 වැනි වාර්ෂිත රැස්වීමට සහභාගී වීම සඳහා ජෝර්ජියාවට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, අමෙරිකානු භාණ්ඩාගාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් ඊයේ (03) හමු වී තිබෙනවා.
එහිදී ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සාකච්ඡාවේදී රොබට් කප්රොත් කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට ඇමරිකාව සිය උපරිම සහය ලබාදෙන බවයි.
එමෙන්ම චීන නියෝජ්‍ය මුදල් අමාත්‍ය ලියෝ මින්ග් සමඟ ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සාකච්ඡාවක නිරතවී තිබෙනවා. එහිදී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා චීනයේ සම්පූර්ණ සහය ලබාදෙන බවයි චීන නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ෴
වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන්ට වැඩ වරදින ලකුණු
(04.05.2024 – 16:06 +0530 – hirunews.lk/sinhala)
ව්‍යාජ සහතික භාවිත කරමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන ව්‍යාජ වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් පිරිසක් සමඟ ඊයේ (03) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබුණා.
වෛද්‍යවරුන් වෙත නිකුත් කර ඇති නිල ලාංජනය සහිත ස්ටිකරය වාහනවල ප්‍රදර්ශනය කරමින් ඇතැම් පුද්ගලයින් එය අවභාවිතා කරන බව ද රජයේ වෛද්‍ය නිළධාරී සංගමය විසින් මෙහිදී පෙන්වා දී තිබෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴