යාපනයේ පේදුරුතුඩුව ආණ්ඩියන් ගම්මානයේ පදිංචි කාන්තාවකට බලෙන් මත් එන්නතක් දී සමූහ දූෂණයට ලක් කරලා

යාපනයේ පේදුරුතුඩුව ආණ්ඩියන් ගම්මානයේ පදිංචි කාන්තාවකට බලෙන් මත් එන්නතක් දී සමූහ දූෂණයට ලක් කරලා


යාපනයේ පේදුරුතුඩුව ආණ්ඩියන් ගම්මානයේ පදිංචි කාන්තාවකට බලෙන් මත් එන්නතක් දී සමූහ දූෂණයට ලක් කරලා

(24.04.2024 – 13:12 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ පේදුරුතුඩුව ආණ්ඩියන් ගම්මානයේ පදිංචි කාන්තාවකට මත්ද්‍රව්‍ය එන්නත් කොට තරුණයින් දස දෙනෙකු (10) පමණ ඇයව සමූහ දූෂණයකට ලක්කළ බවට පේදුරුතුඩුව පොලිසියට ඊයේ (23) පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පැමිණිල්ල ඔස්සේ පරීක්ෂණ පවත්වන පොලිසියට හෙළි වී ඇත්තේ මීට පෙර අවස්ථාවන්වලදී ද ඇය දූෂණය කර ඇතත් ඇයට මේ ගැන කිසිවෙකුට හෝ නොපවසන ලෙස බලකොට ඇයට මරණීය තර්ජන එල්ල කළ බවයි.

මව හා පියා මියගිය පසුව ඇය සිය වැඩිමල් සහෝදරිය යටතේ ජීවත් වී ඇති අතර ඇයද පසුගිය වසරේදී මියයාමෙන් පසුව එම කාන්තාව නිවසේ තනිවම ජීවත් වී ඇති බවයි වාර්තා වන්නේ.

තරුණයින් පිරිස මුල්ම වරට ඇයව දූෂණය කර ඇත්තේ ඇය තනිවම නිවසේ සිටින අවස්ථාවකදී බවද සඳහන්.

මෙවරද ඇයගේ නිවසට පැමිණි තරුණයින් පිරිසක් ‘සිහිමද වන්නට කිසියම් මත්ද්‍රව්‍යයක් බලහත්කාරයෙන් ඇයට එන්නත් කොට’ ඇයව බලහත්කාරයෙන් සමූහ දූෂණයකට ලක් ක‍ර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ සමූහ දූෂණයට ලක් වීමෙන් පසුව බරපතල ලෙස රෝගී වූ මෙම කාන්තාව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් සියලුම තොරතුරු හෙළි වී ඇති බවයි.

දූෂණයට ලක් වූ කාන්තාවගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද සඳහන් ෴


පාස්කු කොමිසමේ ප්‍රබලතම සාක්ෂිකරුගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව : ‘රාසික් මොහොමඩ් කාදිර් කාන්’ සමග ‘චමුදිත සමරවික්‍රම’ (24.04.2024)

+


මින්නේරියේ මසුන් ඇල්ලූ ධීවරයෙක් තියුණු ආයුධකින් පහර දී ඝාතනය කෙරේ

(24.04.2024 – 13:49 +0530 – hirunews.lk/sinhala)

මින්නේරිය ජලාශයේ තහනම් දැල් භාවිත කරමින් මසුන් මැරීමට එරෙහි වූ ධීවරයක් තවත් ධිවරයින් දෙදෙනෙකු (2) විසින් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කරනු ලැබීමත් සමග උණුසුම් තත්වයක් හට ගැණුනා.

ඒ ප්‍රදේශවාසීන් විසින් ඝාතනය සිදු කළ පුද්ගලයෙකුගේ නිවසට සහ දේපළවලට හානි කිරීමත් සමගයි.

අනතුරුව පොලිසිය මැදිහත් වී තත්ත්වය සමතයකට පත් කර සැකකරුවන්ගේ දරුවන් මින්නේරිය පොලිසියට රැගෙන ආ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

මින්නේරිය වැව් බැම්ම මතින් ගමන් කිරීමට පැමිණ සිටියදී ඊයේ (23) පස්වරුවේදී මෙලෙස ඝාතනයට ලක් වූයේ මින්නේරිය – හේන්යාය – මිහිදුමාවත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි එක් දරු පියෙක්.

මීට පෙරද තහනම් දැල් භාවිත කිරීම සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයා සහ සැකකරුවන් අතර ආරවුල් හටගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඝාතනයෙන් පසු ඊට සම්බන්ධ ධීවරයින් දෙදෙනා (2) ප්‍රදේශයෙන් පළා ගොස් සිටි අතර ඊයේ (23) රාත්‍රියේදී පොලිසිය මොවුන්ව අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කළේ.

+


දියතලාවේ අනතුරට අත්අඩංගුවට ගත් ධාවකයින්ට ඇප

(24.04.2024 – 14:02 +0530 – hirunews.lk/sinhala)

දියතලාව ‘ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්’ ධාවන තරගය අතරතුර සිදු වූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනො (2) ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

මෙම අනතුරින් පුද්ගලයින් 07 දෙදෙනෙකු මිය ගොස් 19 දෙනෙකු තුවාල ලැබූවා ෴


ශ්‍රිලනිප වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්

(24.04.2024 – 14:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එසේම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන්.

එමෙන් ම වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා විසින් ගනු ලැබුණත් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද අධිකරණය නිකුත් කරනු ලැබුවා.

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසාවෙන් සුරු සඳුන්විතාන විසින් මෙම වාරණ නියෝග නිකුත් කළා

මෙම වාරණ නියෝගය මැයි මස 08 දක්වා බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණා.

+

+


ඉරාන තාක්ෂණය සමග උමා ඔය ව්‍යාපෘතිය සාර්ථක වුණ බව ජනපති කියයි

(24.04.2024 – 14:33 +0530 – hirunews.lk/sinhala)

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසුවා.

ඉරාන ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව කියා සිටියා.

ඉරාන තාක්ෂණය සමග උමා ඔය ව්‍යාපෘතිය සාර්ථකව ඉටුකර ගැනීමට හැකි වුණ බව පැවසු ජනපතිවරයා ඉරානයේ සහය නොමැතිව ශ්‍රී ලංකාවට උමා ඔය අතු ගංගා කිරිඳි ඔයට හරවා යැවිය නොහැකි බවයි අවධාරණය කළේ ෴

+

ඉරාන ජනපතිගෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

(24.04.2024 – 14:57 +0530 – hirunews.lk/sinhala)

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

එම අවස්ථාවට සහභාගී වූ ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි පවසා සිටියේ ඉරානය ශ්‍රී ලංකාව සමඟ සිය දැනුම, විශේෂඥතාවය හා අත්දැකීම් බෙදා ගැනීමට සූදානම් බවයි.

එමෙන් ම ශ්‍රී ලංකාවේ ප්‍රගතිය උදෙසා ඉරානය ඕනෑම මොහොතක පෙනී සිටින බවයි ඉරාන ජනාධිපතිවරයා පවසා සිටියේ ෴

+


යල කන්නයේ වී වගාවට රජයේ මුල්‍යමය සහනාධාරය ගොවි ගිණුම්වලට

(24.04.2024 – 15:31 +0530 – hirunews.lk/sinhala)

මෙවර යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ගොවි ගිණුම්වලටම බැර කිරීම ලබන සතියේ සිට ආරම්භ කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් 15,000 ක් මුදලක් ගොවීන්ට හිමි වන අතර එම මුදල පොහොර මිල දී ගැනීම හෝ වී වගාව සඳහා වූ වෙනත් කාර්යන් සදහා යොදාගත හැකි බව සදහන්.

මේ සදහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 7.5 ක් ෴


‘කැලිප්සෝ සංචාරක දුම්රිය’ට වෙච්ච දෙයක්

(24.04.2024 – 15:41 +0530 – hirunews.lk/sinhala)

ඇතැම් සංවර්ධන කටයුතු වචනවලට මෙන්ම අතරමැද නවතින බවට වූ චෝදනා මෙරට සුලබව දක්නට ලැබෙන තත්ත්වයක්.

සංචාරක ආකර්ෂණය දිනාගත් ‘නැරඹුම් මැදිරි සහිත කැලිප්සෝ සංචාරක දුම්රිය’ පසුගියදා ආරම්භ කෙරුණද මේ වන විට කැලිප්සෝ ඇතුළු තවත් පහසුකම් එහි දක්නට නොමැති බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

සංචාරකයින් පවසන්නේ මේ පිළිබඳ බලධාරීන්ගේ අවදානය කඩිනමින් යොමු විය යුතු බවයි.

ලොව ආකර්ෂණීයම දුම්රිය ගමනාන්තයක් ලෙස සැලකෙන බදුල්ල දක්වා දුම්රිය ගමනාගමනය ආරම්භ වී පසුගිය 05 වැනිදාට වසර 100 ක් සපිරුණා.

ලොව ආරක්ෂණීයම දුම්රිය ගමනාන්තයක් බවට පත්ව ඇති බදුල්ල කොළඹ දුම්රිය ගමනට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් ‘දුන්හිඳ ඔඩිසි’ නමින් එදින නව දුම්රියක් ධාවනයට එක් කිරීම මෙන්ම ‘කැලිප්සෝ සංචාරක දුම්රියක්’ ද ආරම්භ කෙරුණේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

‘ගැලැක්සි ෂෝ’ නමින් නැරඹුම් මැදිරි සහිත දුම්රියක් බණ්ඩාරවෙල සිට දෙමෝදර දක්වා ගමන් කරවීමටත් දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබූ පසුබිමක එය මංගල ගමනට පමණක් සීමා වූවක් බවයි.

‘දුන්හිඳ ඔඩිසි’ නව සුඛෝපභෝගී දුම්රිය සහ සංචාරක ආකර්ෂණය දිනාගත් නැරඹුම් මැදිරි සහිත ලී වලින් සකස් කළ ‘කැලිප්සෝ සංචාරක දුම්රිය’ මෙරට සංචාරක කර්මාන්තයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇති බවට විශ්වාස කළද මේ වන විට පවතින්නේ එම තත්ත්වය ගිලිහී යන පසුබිමක්.

මේ පිළිබඳ බලධාරීන්ගේ අවදානය යොමුකළ යුතු බවයි දුම්රිය මගීන් පෙන්වා දෙන්නේ.

+


කොළඹ කොටුවේ බෝ අත්තක් කඩාවැටී වාහනවලට හානි

(24.04.2024 – 17:07 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සංඝරාජ මාවත අසළ ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

බෝ ගසේ අත්ත කඩාවැටීමෙන් ලොරි රථයකට සහ ත්‍රිරෝද රථයකට හානි සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම අනතුර හේතුවෙන් සංඝරාජ මාවත ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ එක් (1) අයෙක් රෝහල්ගත කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලීසිය පවසන්නේ ෴


අවලෝකිතේෂ්වර ලෙස පෙනී සිටි පුද්ගලයාට මානසික රෝගී තත්ත්වයක්

(24.04.2024 – 17:09 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ‘අවලෝකිතේෂ්වර බෝධිසත්වයන්’ ලෙස පෙනී සිටිමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ‘මහින්ද කොඩිතුවක්කු’ නැමැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට වෛද්‍ය වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

ඒ ඔහුට එරෙරිව ඇති නඩුව අද (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

කොටුව මහේස්ත්‍රාත් කෝසළ සේනාදීර මෙහිදී සඳහන් කළේ අදාළ විත්තිකරු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට මානසික වෛද්‍ය විශේෂඥයින් විසින් අධිකරණය හමුවට වාර්තාවක් මගින් කරුණු දක්වා ඇති බවයි.

එම වාර්තාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ජුනි මස 19 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *